නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිලිබඳ කථිකාවක් මතු වෙලා තියනවා. ලංකාවේ පාසල් අධ්‍යාපයනයට නව ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. අපේ අධ්‍යාපනයේ මුල් තැන දෙන්නේ ස්මෘතියට. කට පාඩම් කරන ගිරව් තමයි ඉදිරියට යන්නේ. ළමයාගේ නිර්මාණශීලීතාව , වියුක්ත චින්තනය , අවුට්් ඔෆ් ද බොක්ස් සිතීම වගේ බුද්ධිමය හැකියාවන් මනින්නේ නෑ. එසේම අපේ අධ්‍යාපන ක්‍රමයේ ජාතීන් අතර සහයෝගිතාව , වාර්ගික ආවේග කළමනාකරණය, නීතිය පිලිබඳ මූලික දැණුම , පරිසරය කුනු නොදමා ආරක්‍ෂා කිරීම , මහා මාර්ග විනය වගේ ජීවිතයට අවශ්‍ය කරන එසේම ශ්‍රී ලාංකිකයා බෙහෙවින්ම නොදැනුවත් දේවල් ළමා පරපුරට කියලා දෙන්නේ නෑ.
මගේ පරම්පරාව එක්ක අධ්යාපන අමාත්යාංශයේ අධ්යාපන විශේසඥයෝ එක්ස්පෙරිමන්ට් කලා. අපිට සම්ප්රදායික අංක ගණිතය ඉවත් කරලා නව ගණිතය , මුව ගණිතය කියලා දෙයක් ඉගැන්නුවා. ඉස්සර ගුරුවරු ලමයින්ට මනෝමයෙන් ගනන් හදන්න දෙනවා 718 අඩු කිරීම 34, බෙදීම 7 උත්තරය කීයද කියලා අහනවා. අංක ගණිතය උගත් ලමයි මේ ගාන මනෝමයෙන් හදලා පටාස් ගාලා උත්තරය කියනවා. අපේ ජෙනරේශන් එකේ එවුන්ට මේ වගේ ගානක් හදන්න කැල් එක ඕනේ. අපේ ජෙනරේෂන් එක අංක ගණිතයට දුර්වලයි. කඩේ මුදලාලි බඩු වලට සල්ලි අරගෙන ඉතිරිය දුන්නම අපේ ජෙනරේෂන් එක ඉතිරි මුදල ගනන් නොකර සාක්කුවේ දාගන්නවා. මොකද අපිට මනෝමයෙන් ගනන් හදන්න අමාරු නිසා. මනෝමයෙන් ගනන් හදන එක මගින් මොලයේ නියුරෝන පරිපථ පුළුල් වෙනවා. ඒ පිලිබඳ අගනා විස්තරයක් මගේ ගුරුවරියක වූ ළමා මනෝ විද්‍යාඥ මචාහාර්‍ය හෙදර් ජෝඩ්න් වරක් අප වෙත ලබා දුන්නා. එවිට මම කිව්වා ලංකාවේ 1974 වගේ කාලයට පෙර මනෝමයෙන් ගනන් හදන එක පාසල් වල තිබ්බා කියලා. ඇයIt was a highly astute decision කියලා කිව්වාකෙසේ නමුත් නව ගණිතය පරිගනක වගේ විශයන් හදාරන කොට වැදගත් උනා. ඒ නිසා ඩැමේජ් එක යම් ප්රමාණයකට අඩුු උනා. අපේ ඉහල පරම්පරාවට NCGE කියලා මගුලක් ගෙනාවා. NCGE කාරයෝ අනාත උනා. බොහෝ දෙනෙක් ඊට පස්සේ පරණ ඕ ලෙවල් කියලා ආපසු අපොස. සා.පෙ විභාගය කලා. අධ්යාපන ප්රතිසංකරණ කල යුත්තේ ඉතා ප්රවේසමෙන් . පරම්පරා ගනනක් ඒකෙන් අනාත වෙන්න පුලුවන්. මේ කරුනු පිලිඳව මගේ " අධ්යාපන ප්රතිකාර " කියන පොතේ සඳහන් කරලා තියනවා.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කිරීමේදී අන්තර්ජාතික ලෝකයට ඉදිරිපත් කරන්න පුලුවන් අන්තර්ජාතික ලෝකය සමග තරඟ කරන්න පුලුවන් ළමයෙකු නිර්මාණය කිරීම වැදගත්. බටහිර ලෝකයේ කම්පටිෂන් එක ඉහලයි වසරින් වසර ඔවුන් මේ කම්පටිෂන් එක තව තවත් වැැඩි කරනවා. බටහිර ලෝකයේ අධ්‍යාපනය සහ කම්පටිෂන් එක පිලිබඳ මා දුටු දේවල් සඳහන් කරන්නම්
බටහිර ලෝකයේ ඉන්දියානු පවුල් වල ලමයි හාඩ් වර්කිං උදේ රෑ පොත පතේ පුස්තකාල වල අධ්‍යනය ලබනවා. ඔවුන්ව දෙමාපියන් මෝටිවේට් කරනවා සම්පත් සපයනවා. චීන පවුල් වල ලමයිනුත් හාඩ් වර්කිං උදේ රෑ පොත පතේ පුස්තකාල වල අධ්‍යනය ලබනවා.ඔවුන්ව දෙමාපියන් මෝටිවේට් කරනවා සම්පත් සපයනවා. සුදු පවුල් වල ලමුන් ඉගන ගන්නවා බාහිර ක්‍රියාකාරකම් කරනවා ට්‍රිප් යනවා, වසර 2-3 එක දිගට ඉගන ගෙන වසරක් පමණ වැකේෂන් ගන්නවා. ගෙවල් වලින් ලොකු මෝටිවේෂන් එකක් ලැබෙන්නේ නෑ. අප්‍රිකානු ඇමරිකානු සහ කැරිබියන් පවුල් වල ලමයි එතරම් අධ්‍යාපනය කෙරෙහි මැරී ගෙන වැඩ කරන්නේ නෑ. බිඳුනු පවුල් වල එන ලමුන් බහුතරය ඩේරොප් අවුට්ස්ලා වෙනවා.
ඉන්දයානු පවුල් වල ලමයි ස්මරණයේ දක්‍ෂයි. එංගලන්තයේ ගෙයක් කුලියට අරගෙන ඉන් දියානු වෛද්‍ය සිසුන් පිරිසක් හිටියා මම දැනගෙන සිටි. ඔවුන් සෑම දිනකම සවස වාඩිවී විශාල ඇනටමි පොත් කටපාඩම් කරනවා අර වේද ග්‍රන්ථ කට පාඩම් කරනවා වගේ. ඔවුන් ගේ ජාන වල අර බමුණන් වේද ග්‍රන්ථ කට පාඩම් කල ස්කිල් එක තියනවා වෙන්න ඇති. විභාගයට ගිය විට තයිරොයිඩ් ග්‍රන්ථියට රුධිර / ස්නායු සැපයුම විස්තර කරන්න කියූ විට ඔවුන් සුදු මහාචාර්‍යවරුන් මවිත කරමින් A-Z සියල්ල කියනවා. මේ නිසා සුදු අධ්‍යාපන අධිකාරිය කෙලින්ම කට පාඩම් කොට උත්තර දිය හැකි ප්‍රශ්න වෙනුවට තර්කනය , ආදිය යොදමින් ප්‍රශ්න කොම්ප්ලෙක්ස් කලා. නමුත් ඉන්දියානුවන් සහ චීන සිසුන් මේ කඩඉමත් පැන්නා. සුදු සිසුන් සමහරක් මේ නිසා එරුනා. ඉන් පසු ගෙනාවා ඉංග්‍රීසි කථනය නිරවුල් විය යුතු බව සහ ඔවුන් ගේ ඉංග්‍රීසි විදේශීය ඇක්සන්ට් තොර විය යුතු බව. මේක ගෙනාවේ සමහර රෝගීන්ට සුදු නොවන දොස්තරලා කතා කරන ඉංග්‍රීසි තේරුම් ගත නොහැකියි කියන තර්කය මත. ඒකෙන් සුදු සිසුන් උඩින්ම පාස්. නමුත් කුඩා කාලයේ සිට බටහිර පාසල් වලට ගිය ඉන් දීය චීන සිසුන් වහාම ඇක්සන්ට් එක අල්ල ගත්තා. ඔවුන් විදේශීය ඇක්සන්ට් තොර ව නිරවුල්ව කතා කරනවා. ඒ නිසා ඒ මාර්ග බාධකයත් කඩා ගෙන ගියා.
මා අධ්‍යාපනය ලැබූ යෝක් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා අධ්‍යනයන් වල ලීඩ් කරන්නේ සුදු සිසුන්. මේ විශයට ගොඩක් ලැංවේජ් ස්කිල්ස් අවශ්‍යයි එසේම හොඳට එසයිමන්ට් ලියන්නත් ඕනේ. නමුත් ඉන්දීය චීන සිසුන් ඉන්නවා ඒ ස්කිල් එක තියන. ඒත් ලීඩ් කරන්නේ සුදු පිරිස්. ඉංග්‍රීසි කථනය නිරවුල් විය යුතු බව සහ ඉංග්‍රීසි විදේශීය ඇක්සන්ට් තොර විය යුතු බව කිව්වත් යෝක් විශ්ව විද්‍යාලයේ අපට ස්ටැටිස්ටික්ස් විශය ඉගැන්වූ මහාචාර්‍ය වොල්ෆෑම්ට තද ජර්මන් ඇක්සන්ට් එකක් තිබ්බා. මගේ පුතා ඉගන ගත් අර්ල් හේග් හයි ස්කූල් එකට පීඑච්ඩී එකක් තිබූ ඉන්දීය ගුරුවරයෙකු ආවා බයලොජි උගන්වන්න. මාස 3 තුල පාලන අධිකාරිය ඔහුව ඉවත් කලා ඔහු ඉංග්‍රීසි කතා කරන්නේ ඉන්දීය ඇක්සන්ට් එකක් එක්ක කියලා.අධ්‍යාපන ක්ශේත්‍රයේත් වර්ගවාදය තියනවා. වරක් මැක් මාස්ටර් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ සුදු වෛද්‍යවරයෙක් මට කිව්වා ඔබ එන්නේ ශ්‍රී ලංකාවෙන් . ඔබට තියෙන්නේ තුන්වන ලෝකයේ වෛද්‍ය උපාධියක් කියලා. මේ නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කිරීමේදී ග්ලෝබල් ප්‍රඩක්ට් එකක් නිර්මානය කිරීමට අප උත්සහ ගත යුතුයි.
No comments:
Post a Comment
Appreciate your constructive and meaningful comments