Monday, June 5, 2023

සූවස් ඇළ අර්බුධය



 


ඊජිප්තු ජනාධිපති නසාර් සූවස් ඇළ ජනසතු කරනවා. එහිදී බ්‍රිතාන්‍ය , ප්‍රංශය සහ ඊශ්‍රායලය ඊජිප්තුවට පහර දීලා  සූවස් ඇළ අල්ල ගන්නවා.  නිකිතා කෘශෙව් චෙකස්ලෝවේකියාව හරහා ඊජිප්තුවට ප්‍රහාරක යානා යුද ටැංකි දෙනවා. නමුත් යුද්ධයේදී අරාබීන්ට සෝවියට් ආයුධ සමග සටන් කරන්න පුහුණුවක් නෑ. සමහරු ආයුධ දාලා දුවනවා.  බ්‍රිතාන්‍ය , ප්‍රංශය සහ ඊශ්‍රායලය ප්‍රහාරය සාර්ථක කර ගන්නවා. නමුත් දේශපාලනික වශයෙන් ඔවුන් පරාදයි.   බ්‍රිතාන්‍ය , ප්‍රංශය සහ ඊශ්‍රායලය  මේ මෙහෙයුම කරන්නේ ඇමරිකාව දැණුවත් නොකර. මේ නිසා ඇමරිකානු ජනාධිපති අයිසන්හවර් කෝපයට පත් වෙනවා. ප්‍රථම වතාවට ඇමරිකාව සහ රුසියාව එක්සත් ජාතීන් ගේ සංගමයේදී එකට එක්වී මේ ප්‍රහාරය හෙලා දැකලා බ්‍රිතාන්‍ය , ප්‍රංශ සහ ඊශ්‍රායල හමුදා සූවස් ඇළ කළාපයෙන් ඉවත් වෙන්න කියනවා. මේ නිසා   බ්‍රිතාන්‍ය , ප්‍රංශ සහ ඊශ්‍රායල හමුදා සූවස් ඇළ කළාපයෙන් ඉවත් වෙනවා. 

එක්සත් ජාතීන් හරහා ඩේනිෂ් සාම සාධක හමුදාවක් සූවස් ඇළ කළාපයට එනවා.  ඊජිප්තු හමුදා සූවස් ඇළ තුල තිබ්බ නැව් ගිල්වලා සූවස් ඇළ බ්ලොක් කරලා තිබ්බේ. මේ නිසා මාස 7 විතර කාලයක් සූවස් ඇළ අක්‍රියයි. යුද්ධය නිසා බ්‍රිතාන්‍ය ආර්ථිකය වැටිලා.  බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඇන්තනි ඊඩ්න් IMF එක හරහා ලොකු ණයක් ගන්න යනවා. ඒකටත් ඇමරිකානු ජනාධිපති අයිසන්හවර් බාධා කරනවා. අයිසන්හවර් දෙන පණිවිඩය තමයි ඉදිරි කාලයේ ලෝක මෙහෙයවුම් කරන විට ඇමරිකාවේ උපදෙස් ගතයුතු බව. ඒ වගේම අයිසන්හවර් දුර දිග දකිනවා. මේ මෙහෙයුම නිසා අරාබි ලෝකය සෝවියට් දේශය දෙසට තල්ලු වෙනවා කියා ඔහු තේරුම් ගන්නවා.  

සූවස් ඇළ අර්බුධයෙන් පසු ගමාල් නසාර් ඊජිප්තුව සහ අරාබි ලෝකය තුල වීරයෙක් වෙනවා. ඔහු ගඩාෆි , සදාම් හුසේන් වගේ මෝඩයෙක් නෙවෙයි. ඔහු තම මරණය දක්වා ඊජිප්තුව පාළනය කරනවා.  ඇමරිකානු ජනාධිපති අයිසන්හවර් කෝපයට ලක්වූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඇන්තනි ඊඩ්න් ඊලඟ චන්දයෙන් පරාජය වෙනවා. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන් ගූරියන් මේ ගැටුමෙන් යමක් තේරුම් ගන්නවා. එනම් ඊශ්‍රායලයට ඊජිප්තු හමුදාව සමග සටන් කිරීමෙ හැකියාව තියන බව. බ්‍රිතාන්‍ය තේරුම් ගන්නවා ඔවුන් සියවස් කීපයක් දරපු ලෝක බලවතා ධූරය දැන් තියෙන්නේ ඇමරිකාවේ බව. සෝවියට් දේශය අරාබි ලෝකය තුල ඊශ්‍රායල විරෝධී මිතුරෙකු ලෙස ස්ථාපනය වෙනවා.   

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook