Wednesday, June 21, 2023

විරු සිසුන් ද ? බිලි බෝයිස්ලා ද ?







නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් රජයේ මර්ධන යාන්ත්‍රණයට ගොදුරු වූ ත්‍රීමා විතාණ, වෙනුර​, කොල්ලූරේ , නිශ්මි වැනි සිසුන් සිසු විරුවන් ද නැතහොත් කපටින්ට රැවටුන මුග්ධයන් ද කියා ප්‍රශ්නයක් පැන නැගෙයි. එදා ඔවුන්ව ෆෝම් කරන ලද පුද්ගලයෝ බොහෝ දෙනෙකු තම ජීවිත බේරාගෙන ධනපති පංතිය සමග සංධානවී මිය ගිය සිසුන්ට කොකා පෙන්වති.  

71 පරම්පරාව මෙන් 89 පරම්පරාව ලෝකයට විවෘත නොවීය​. වුන්ට අන්තර්ජාලය ගෝලීය දැණුමට විවෘත වීමට ඉඩකඩ නොවීය​. ඔවුන් දැණුම ලබාගත්තේ මූලිකවම සිංහල පොතපත පුවත්පත් හරහාය​. ඔවුන් දැණුම උකහා ගත්තේ රැඩිකල් පක්‍ෂ හරහාය​. එහිදී ප්‍රශ්න කිරීම් හෝ බුද්ධිමය සංවාද වලට ඔවුනට ඉඩක් නොවීය​. නායකයෝ කියන දෑ දේව භාෂිතයන් මෙන් ඔවුන් පිලිගත් හ​.  මේ අනුව රැඩිකල් පක්‍ෂ විසින් ඔවුන්ව උපකරණ මෙන් භාවිතා කලේද ? ඔවුන් කපටීන්ට රැවටුණු හිත හොඳ අවංක මෝඩයෝ  ද​? 

ත්‍රීමා විතාණ පිලිබඳ කතා කිරීමේදී ඔහු රත්නපුරයේදී සුසන්ත පුංචිනිලමේ ඝාතනය කරන බව  ප්‍රසිද්ධ වේදිකාවේ කී බව ඇතැමෙකු කියති. එසේම පරාළ ඇණ ඔහුගේ ඔළුවට ගසන ලද්දේ මිය යාමෙන් පසුව බව මරණ පරීක්‍ෂණයේදී හෙළි වූ බව සඳහන් වෙයි. මෙම කරුණු සංවාදයට භාජනය කොට සත්‍ය අසත්‍යතාව සොයා ගත යුතුය​. එසේ නොමැතිව ඔවුන් ගේ මරණ රොමෑන්තීකරණය සඳහා මෙම කතා යොදා ගැනීම මගින් වන්නේ අනාගතයේ තවත් බිලි බෝයිස්ලා ඇති කිරීම සඳහා පාර කැපීමකි. තවද ඔවුන් ගේ මරණයන් උත්කර්ශයට පත් කිරීම සුදුසුද යන්න මැදහත් සිතින් විමසා බැලිය යුතු කරුණකි.  

නිෂ්මි පිලිබඳව කතා කිරීමේදී ඔහු සමරිසියෙකු බවත් ඔහුගේ සමරිසි යොමුව ඇමක් ලෙස දා ආරක්‍ෂක අංශ ඔහුව අත් අඩංගුවට ගත් අයුරු  රංජිත් පීරීස් විසින්   ලියා ඇති බව .මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය පවසයි. විජේවීර සහ ජවිපෙ මුල් කාලයේ සිට සමරිසි විරෝධයක් පෙන්වා සිටියද නිෂ්මි සමරිසියෙකු බව ඔවුන් නොදැන සිටි බව පිලිගත හැකි කරුණක් නොවේ. මේ අනුව පක්‍ෂය නිෂ්මි ගේ ඇතැම් ක්‍රියාවන් පිලිබඳ මුණිවත රැක්කේ ඔහු හරහා වැඩ කරගන්නා තෙක් පමණද​? පසුව ජවිපෙ සාමාජික විල්ෆ්‍රඩ් රංජිත් පීරිස් සමරිසි සබඳතා නිසා ඉවත් කලාක් මෙන් නිෂ්මිවද ඉවත් කිරීමට සලසුම් තිබුනේද ? 

පහත දැක්වෙන්නේ ඝාතනය වූ සිසුන් ගේ සමකාලීනයන් සමහරක් විසින් මුහුණු පොතේ දක්වන ලද කරුණුය​. මේ කරුණු කියවීමේදී මෙම විරු සිසුන් පිලිබඳ නව මානයකින් කියවීමට දොරවල් විවෘත වෙයි 

Priyashantha Rajapaksha   ·  මියගිය සිසු විරුවන් ජීවතුන් අතර අද සිටියේ නම් වර්තමාන දේශපාලන පසුබිම මීටවඩා වෙනස්වීමට ඉඩ තිබිනිද? වර්තමානයේ ඉතිහාස විරු සිසුවන් සමරන ශිෂ්‍යයන්ගේ අදහස එදා දිවි දුන් බාලේ නිෂ්මි වැන්නවුන් සුවිශේෂී හැකියාවන් හා ධාරිතාවන් තිබූ ඓතිහාසික චරිත වන අතර ඔවුන් අද ජීවතුන් අතර සිටියේ නම් වර්තමාන දේශපාලනය පිටිය මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබින යැයි යන්නය.... නමුත් මගේ අතීතය මතකයන්ට අනුව නම් මම එය විස්වාස නොකරමි.. 89දී නිශ්මි කැම්පස් එකේ ශිෂ්‍ය සංවිධායකයා ලෙස සිටින කාලවකවානුවේදී ශිෂ්‍ය අංශයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායකයා ලෙස සිටියේ "දසේ" ය.. (දැන් ජීවතුන් අතර නැත.) එසේම තාම ජීවතුන් අතර සිටින සහ ඒ වකවානුවේදී නුවර ශිෂ්‍ය අංශයේ දිස්ත්‍රික් කමිටුවේ සිටි "මිලාන්" ද මමද නිෂ්මි සහ අනෙකුත් මියගිය අය පුත්ගලයන් ලෙසද පක්ෂයේ සගයන් ලෙසද ලඟින් ඇසුරු කර ඇත්තෙමි.. ඔවුන් හොඳ මිනිසුන් බව අවිවාදිතය නමුත් පක්ෂයේ ඉහලින් එන දේශපාලන විග්‍රහය එලෙසම පහලට පොම්ප කිරීමේ වාග් චාතුර්‍යය සහ ශිෂ්‍ය වයසටම ආවේණික නොමේරූ රැඩිකල්බව මිසක් ඔවුන් තුල තිබූ සුවිශේෂී විබවයන් හෝ දර්ශනයක් මා එදාද දුටුවේ නැත. එසේම ඔවුන් තුල එදා එවන් බුද්ධිමය විබවයන් තිබිනි නම් සමූලඝාතයකට ගොදුරුව වැසිරැල්වී යෑම පූර්වයෙන්ම අධිනිශ්ච්චය වී තිබූ අරගලයකට ඔවුන් කරගසන්නේ නැත.. අපෝකව බැලූ කල අද මට ඔවුන්ව පෙනෙන්නෙ විමුක්තියේ ආවේශයකින් මෝහනය වී සිටි බාලවයස්කාර සිසු දරුවන් පිරිසක් ලෙසය.... (මීට සතියකට පමණ පෙර මේ ගැන මා සමඟ සංවාද කල දැනට දසක පහයි දසම හයක් වියැති මිලාන්ගේ අදහසද එයමය) ඒ අනුව මාගේ දේශපාලන මතය නම් එදා ඔවුන් මිය නොගොස් අද ජීවත්ව සිටියේ නම් ඔවුන්ද මේ දේශපාලන අලා මුලාව තුලම සිටින්නට තිබින..නැත්නම් ඔවුන්ගේ වැඩක් කරගෙන පැත්තටවී සිටින්නටද ඉඩ තිබින..

Priyanjith Perera  මේ සියලුම සිසු විරුවන් එකල පැවති ජවිපෙට සම්බන්දධ වී සිටියා නේද? එතකොට ඒ කාලේ ජවිපේ විසින් කරන ලද මනුෂය ඝාතන පිලිිිබදව මේ විරුවන්ට වගකීමක් නැතිද? . ජවිපේ විසින් එකල දියත් කරන ලද විප්ලවයට මම සහභාගි නොවුනේ එයින් වැඩක් නොවන බව දැනගෙනය හා මගේ ආත්මාරථකාමී බව නිසාය. ඔය සිසුවිරුවන්ගෙන් එක්කෙනෙක් මගේ අතිජාත මිත්‍රයෙකි. ඔහු මාව සංවිධානයට බදවා ගැනීමට ‌සෑහෙන වෙහෙසක් ගත්තත් මා ඔහු සමග ඔවුන් වැරදි බව තර්ක කලා. ඔහුගේ මරණයත් සමග අතරමං උනේ ඔහුගේ නංගිලාත් 80 වැඩ වර්ජනයෙන් රස්සාව නැති කරගත් තාත්තා ඇතුලු පවුලයි. මගේ ආත්මාර්තයත් ඔහුගේ පරාරත්යත් අතරින් වඩා බුද්ධිමත් කුමක්ද? . මේ බුද්ධිමත්, දේශපාලනිකව සංවේදී, අපේ හිතමිතුරන් ජෙවීපී කැරල්ලේ උච්චතම අවස්තාවේ හැසුරුනේ දැනටම ජයග්‍රහනය කර ඇති පරිද්දෙනි. මගේ මිතුරා අපව හංවඩු ගැහැව්වේ අපතයෝ යන නමිනි. මට එදත් සිතුනේ, මේ අවංක දක්ෂ සංවේදි කොල්ලන්ව ජවිපේ හෝ ඊටත් ඉහල ජවිපේ පාලනය කරන ලද බලවේගයක් විසින් රවට්ටා තමන්ගේ වැඩය කර ගැනීමට ඔවුන් යෙදවූ බවයි. . ඒ වගේම මේ සිසුවිරුවන් ඝාතනය වෙන විට ඔවුන් ලගින්ම සිටි ඔවුන්ගේ සගයන් එයින් බේරුනේ කොහොමද? සමහර උන් අද ඉතාම හොද ධනවතුන්ය. සමහර මේ සිසුවිරුවන්ගේ පෙම්වතියන් ඔවුන් සමග හරි හරියට විප්ලව කලත් ඔවුන්ට වූ දෙයක් නැත. ඒකෙන්ම පේනවා නේද මෙතැන වෙනත් ගේමක් තිබුනු බව. මේ සිසුවිරුවන් ඇත්තටම මෝඩයි නේද?. මේ සිසු විරුවන්ගේ දිවි පිදීමෙන් පලක් උනාද? අද රාගම ‌පවුද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් බිහිවූ ‌කන්සල්ටන්ලා, මහාචාර්ය වරු කොපමණ රටට සේවය කරනවාද? ලංකාවේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල නැතත් නැතත් කොපමණ දෙනෙක් පිටරට ගොස් වෛද්‍යවරු වෙනවාද? ලංකාවේ කොපමණ පුද්ගලික විශ්ව විද්යාල තිබෙනවාද? අඩුම ගානේ ලංකවේ දේශපාලනයවත් හොද තත්වයට පත්වුනාද? සයිටම් එකට මොකද උනේ? දැන් ඒ සියල්ලම කේඩියු එක හරහා වෛද්‍ය වරු නේද?  ඔවුන් මේ මෝඩ වැඩය නොකර අපි වගේ තමන්ගේ වැඩක් බලාගෙන ජිවත් උනානම් අදත් රටටත් වැඩක් කරන දොස්තරලා තමන්ගේ අම්මලා තාත්තලාත් ගොඩ. මෙතරම් ජේවිපී ඒකේ කොල්ලෝ මැරෙන්නේත් නැහැ. ජේවිපි එකෙන් මේචචර අනිත් මිනිස්සු මැරන්නේත් නැහැ.

සංවාදයට විවෘතය


No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook