Tuesday, June 13, 2023

මනෝජ් ඔබට සුභ උපන් දිනයක්





මාගේ මිත්‍ර වෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු ගේ උපන් දිනය නිසා මේ සටහන ලියමි. වෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු මහාචාර්‍ය දියනාත් සමරසිංහ යටතේ පුහුණුව ලබා දුම් වැටි , මත් පැන් සහ මත් ද්‍රව්‍ය නිවාරණය පිලිබඳව කටයුතු කරන්නෙකි. ඔහු විසින් වසර ගනනාවක්  කොලඹ මැල් මැදුරේ සේවය කලේය​. වර්තමානයේ ඔහු රජරට විශ්ව විද්‍යාලයේ කථිකාචාර්‍යවරයෙකි.  

මා පුත්තලම දිස්ත්‍රික්  මානසික සෞඛ්‍යය  සම්බන්ධීකරණ වෛද්‍ය නිලධාරී  ලෙස සේවය කරන කාලයේදී වෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු අපගේ වෛද්‍යවරු , හෙදියන් සහ පී.එච්.අයිවරු දුම් වැටි , මත් පැන් සහ මත් ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන්  පුහුණු කිරීමෙන් අගනා සේවයක් කලේය​.  ඔහු නිහතමානී චරිතයකි. දක්‍ෂ දේශකයෙකි. 

මෑතකදී මා ලංකාවට පැමිණි අවස්ථාවේදී කොලඹ විශ්ව විද්‍යාලයේ ආරාධිත දේශනයක් කලෙමි. මාගේ දේශනයට සවන් දීම සඳහා මනෝජ් පැමිණි අතර එය මට මහත්  ගෞරවයක් විය​.  මා ඔහුව සලකන්නේ මාගේ අතිජාත මිත්‍රයෙකු ලෙස පමණක් නොවේ,  Addiction Medicine පිලිබඳව  මාගේ ගුරුවරයෙකු ලෙසිනි.  මනෝජ් සුන්දර මිනිසෙකි. දක්‍ෂ ගායකයෙකි. බෙලි කැපිලි , කුහකකම් ඔහු තුල නැත​. හිතේ කුඩුකේඩුකම් නොමැති ඔහු වයසට නොයන්නේය​. එදා මෙන් ඔහු තරුණය​. මෙවැනි  වෛද්‍යවරු අද ලංකාවේ විරළය​.  


මනෝජ් ඔබට සුභ උපන් දිනයක් 



No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook