Thursday, April 25, 2019

මරාගෙන මැරෙන බෝම්බ කරුවන්


වින්සන්ට් ලංකාතිලක වයින් බෝතලයේ පතුල පෙනෙන තෙක් පානය කලේය. ඔහුට වාලීඩ් ගේ වදන් මතක් විය. වාලීඩ් ඔහු එන තෙක් හයිෆා වල සිටියි. වාලීඩ් පිළිබඳව දාලියාට පැවසිය නොහැක. පලස්තීන ජාතිකයෙකු වූ වාලීඩ් හමාස් සංවිධානයේ සාමාජිකයෙකි. ඔහුගේ හමාස් සබඳතාවන් පිළිබඳව වින්සන්ට් ලංකාතිලක දැන සිටියද ඔහු ගැන උනන්දු නොවීය. ඊශ්රායිල සහ පලස්තීන ගැටුම ඔහුට අදාල නැත. එහෙත් වාලීඩ් විසින් ලබා දුන් මැස්ඩා -3 රථය වින්සන්ට් ලංකාතිලක  හයිෆා සිට ජෙරුසලම් දක්වා ධාවනය කරගෙන ආවේය. පැය දෙකකට ආසන්න කාලයක් ගිය මේ ගමන ඉක්මන් කිරීම සඳහා ඔහු හයිවේ -6 මාර්ගය ගත්තේය. හයිවේ -6  මාර්ගය හඳුන්වන්නේ ඊෂාක් රබීන් හයිවේ එක වශයෙනි. මෙම ධාවන මාර්ගයේ මාර්ග බාධක මෙන්ම පරික්ෂා කිරීම් සාපේක්ෂව අඩුය.

වාලීඩ් විසින් ලබා දුන් මැස්ඩා -3 රථයේ අභ්යන්තරයේ සඟවා තිබෙන්නේ කුමක්ද ? ආර්.ඩී.එක්ස් පිපුරුම් ද්රව්යද ? ගිනි අවිද ? සාමාන්යයෙන් හමාස් සාමාජිකයෝ ගිනි අවි සහ පිපුරුම් ද්රව් ගම්මිරිස් වල බහා රහසේ ප්රවාහනය  කරතිගම්මිරිස් සුවඳ නිසා බල්ලන් හට ගිනි අවි සහ පිපුරුම් ද්රව් වල සුවඳ දැනෙන්නේ නැත. වාලීඩ් මරාගෙන මැරෙන බෝම්බ කරුවෙක්ද ? වාලීඩ්ගේ කිට්ටු ඥාතීන් ෂටීලා කඳවුරේ සිටි බවත් ප්රහාරය නිසා ඔවුන් මිය ගිය බවත් වාලීඩ් වරක් වින්සන්ට් ලංකාතිලකට කීවේය. ඔහුට යුදෙව්වන් ගෙන් පළි ගැනීමට අවශ්යවීද ?

වාලීඩ් ආත්මාර්ථකාමී ලෙස තමාව අණතුරේ හෙලයිද ? වින්සන්ට් ලංකාතිලක රථය ධාවනය කරන අතරතුරේ කල්පනා කලේයවින්සන්ට් ලංකාතිලක වාලීඩ් හට බොහෝ උපකාර කලේය. ඕහායෝ විශ්ව විද්යාලයේ ඉගෙනුම ලබමින් සිටි වාලීඩ් ඔහුට හමු වන්නේ මිචිගන් වලදීය. ඉතා ප්රිය මනාප පෙනුමක් ඇති මෙම අරාබි සිසුවා වින්සන්ට් ලංකාතිලක සමග මිත් විය. ඔවුන් කිහිප විටක් ලෙබනන් අවන්හලකට ගොස් රාත්රී ආහාරය ගත්හ. ආර්ථික අපහසුතා තිබූ වාලීඩ්ට  වින්සන්ට් ලංකාතිලක මුදලින් උපකාර කලේය. වාලීඩ් යහපත් පුද්ගලයෙකි. ඔහු තම මිතුරෙකු අසීරුවේ නොහෙලන බව ඔහුට විශ්වාසය. එහෙත් මිනිසුන් ගේ අභ්යන්තරය ඉතා සංකීර්ණය.   ආත්මාර්ථකාමී හැඟීම් නිසා මිනිසුන් තම පවුලේ  සාමාජිකයන් වූවද  පාවා දෙති

මැස්ඩා -3 රථය හයිෆා සිට ජෙරුසලම් දක්වා පදවාගෙන ආවේ වින්සන්ට් ලංකාතිලක බව  ඊශ්රායල ආරක්ෂක වල සටහන් වී තිබේ. මේ වන විට රථය තිබෙන්නේ ජෙරුසලම් ගේට් හෝටලයේ රථ ගාලේය. එම රථයේ තවත් යතුරක් මොහොමඩ් අබ්දුල් රහමන් රවුෆ් හුසෙයිනී ලඟ තිබෙන බව වාලීඩ් කීවේය. මොහොමඩ් අබ්දුල් රහමන් රවුෆ්  හුසෙයිනී ජෙරුසලම් ගේට් හෝටලයේ සේවකයෙකි. ඔහු විසින් මෝටර් රථය ගෙන යනු ඇත. සමහරක් විට මරාගෙන මැරෙන බෝම්බකරුවා මොහොමඩ් අබ්දුල් රහමන් රවුෆ්  හුසෙයිනී විය හැක.

මොහොමඩ් අබ්දුල් රහමන් රවුෆ්  හුසෙයිනී තම කබාය යටින් තිබෙන මාරක බෝම්බ කට්ටලය සෙමෙන් අතගාමින් යුදෙව්වන් බහුල ප්රදේශයක අවන්හලකට හෝ බස් නැවතුම් ස්ථානයකට එනු ඇත. මිනිසුන් දෙස යටි ඇසින් බලන ඔහු මහ හඞින්  අල්ලහු අක්බාර් කියා බෝම්බයේ යතුර ක්රියාත්මක කරනු නියතය. එවිට විශාල ගිනි ගුලියක් සමග මොහොමඩ් අබ්දුල් රහමන් රවුෆ්  හුසෙයිනී කැබලි වී යයි. ස්ඵෝටනය සමග අවට සිටින යුදෙව්වෝ  රැසක්ද මිය යනු ඇත.

ඉන් පසු සිදු වන්නේ කුමක්ද ? ඊශ්රායල මොසාඩ් නියෝජිතයන් සහ ෂින් බෙත් ඒජන්තයන් මොහොමඩ් අබ්දුල් රහමන් රවුෆ් හුසෙයිනී ලඟ තිබූ මැස්ඩා -3 රථය සොයා ගනු ඇත. එම රථය හයිෆා සිට ජෙරුසලම් දක්වා පදවාගෙන ආවේ ශ්රී ලාංකිකයෙකු බව ඔවුන් අනාවරණය කර ගනිති. ඉන් පසු ඔවුන් තමාව සොයා ජෙසුසලමේ කප්ලාන් හෝටලයට පැමිනෙති.

ඊශ්රායල මොසාඩ් නියෝජිතයන් සහ ෂින් බෙත් ඒජන්තයන් තමා අරබයා කුමන වධ ක්රමයක් යොදා ගනීද කියා වින්සන්ට් ලංකාතිලක මොහොතක් කල්පනා කලේය. සමහරක් විට ඔවුන් තමාගේ හිස වතුර බේසමක ඔබාගෙන සිටිනු ඇත. නැතහොත් දෑත් වලින් එල්ලා පහර දෙනු ඇත. එසේත් නොමැති නම් අත පය ඉතා වේදනාකාරී ලෙස බැඳ දෑස් වැසෙන සේ අතිශයින් ගඳ ගහන රෙදිකඩක් හිසට පොරවා අඳුරු සිර කාමරයකට විසි කරනු ඇත. එම සිර මැදිරිය සොහොන් ගෙයක් සේ නිසලය. වධකයන් එම නිසලතාව බිඳ යන පරිදි ලෙනාඩ් කොහෙන් ගේ First we take Manhattan, then we take Berlin ගීතය නොකඩවා වාදනය කරන්නේ එම ශබ්දය සිරකරුවාට මානසික හිරිහැරයක් වීම සඳහාය.

වින්සන්ට් ලංකාතිලකට පකිස්ථානයේ මවුලානා අසිස්ව සිහිපත් විය. මවුලානා අසිස් රෙඩ් මොස්ක් හෙවත් රතු මුස්ලිම් පල්ලියේ නායකයාය. ඔහු අන්තවාදියෙකිඔහු දුප්පත් ළමුන් තම පල්ලියට ගෙන්වාගෙන ඔවුන්ට ඉස්ලාමයේ නාමයෙන් හිංසනය ඉගැන්වීය. ඔවුනට වෙනත් පොත් පත් කියවීම , රූපාවාහිනිය බැලීම යනාදිය ඔහු තහනම් කලේ මෙම ළමුන් ලෝකයට විවර නොකිරීම සඳහාය. මෙම ළමුන් ගේ විශ්වය වූයේ මවුලානා අසිස් සහ ඔහුගේ පල්ලියයිමුලදී ඔවුන් සංගීත භාණ්ඩ, කැසට් රේඩියෝ, රූපාවාහිනී , ඩීවීඩී ගිනි තැබූහ. පසු කාලයක  මවුලානා අසිස් මෙම මොළ සෝදන ලද ළමුන් හරහා මිනිසුන් මරා දැමුවේය. මවුලානා අසිස් ගේ ඉගැන්නුම පිට ඔහුගේ සිසුන් පාකිස්ථානයේ පාසල් වලට කඩා වැදී සිසුන් ඝාතනය කළහ. පාසල් පුපුරවා දැමූහ.

වින්සන්ට් ලංකාතිලක මවුලානා අසිස් සහ ඒරියල් ෂැරෝන් අතර වෙනස පිලිබඳව කල්පනා කලේය. ඔවුන් දෙදෙනා එකම කාසියේ දෙපැත්තදවින්සන්ට් ලංකාතිලකට  ලෙනාඩ් කොහෙන් ගේ  First we take Manhattan, then we take Berlin ගීතය ශ්රවණ භ්රාන්තියක් සේ ඉතා සෙමින් ඇසුනේය

                                               ***********************************************

...……….බොහෝ දුරක් ගමන් කිරීමෙන් පසුව වින්සන්ට් ලංකාතිලක මිටියාවතක් කරා සේන්දු විය. එම මිටියාවතේදී ඔහුට අනපේක්ෂිතව වාලීඩ්  සහ අබ්දුල් රහමන් රවුෆ් හුසෙයිනී හමු විය. තම පැරණි මිතුරා දුටු වාලීඩ් වින්සන්ට් ලංකාතිලකව බදා ගත්තේය.

“ හබීබී නුඹ තමයි මගේ ප්රාණ මිත්රයා. නුඹ තමයි මගේ ගැලවුම්කාරයා. නුඹ කිසි ප්රශ්නයක් නොඅසා වාහනය හයිෆා සිට ජෙරුසලම් දක්වා ගෙන ආවා. මම අපේ සහෝදරයන් කීප දෙනෙක් ගෙන්ම එම උපකාරය ඉල්ලුවා. උන් ගඳ ඌරන්. කිසිම කෙනෙක් එම උපකාරය කරන්න ඉදිරිපත් උනේ නෑ. නුඹ විතරයි අපිට උදව් කලේ කිසිම වාසියක් බලාපොරොත්තු නොවී. නුඹ ගේ උපකාරය නිසා අපි යුදෙව්වෝ දහ දෙනෙකු දෙනෙක් මේ ලෝකෙන් තුරන් කලා. ලෙයට ලය පලිය අපි ගත්තා” වාලීඩ් කුල්මත් වූ ස්වරයකින් කීවේය.

වින්සන්ට් ලංකාතිලකට සියල්ල වැටහුනේය.වාලීඩ්  තමාව බලල් අතක් ලෙස යොදාගනිමිනි පුපුරණ ද්රව් හයිෆා සිට ජෙරුසලම් දක්වා ප්රවාහනය කරගෙන තිබේ. මොවුන් ගේ ආඝාත පලිගැනීම් ලේ සෙලවීම් වලට තමන්ව යොදා ගැනීම වින්සන්ට් ලංකාතිලකට ඉවසුම් නොදෙන්නක් විය.

වින්සන්ට් ලංකාතිලක තරහින් පුපුරන්නට විය. කෝපය නිසා ඔහුගේ මුවින් වචන පිට නොවීය. ඔහුට මොසාඩ් හෝ ෂින් බෙත් ඒජන්තයන් කෙරෙහි බයක් නොමැත. එහෙත් නිරපරාදේ මිනිසුන් දහ දෙනෙකු  මරණයට තමාත් දායක වීම ඔහුට ඉවසුම් නොදේ. ඔහු ඉතා පහත් වචනයෙන් වාලීඩ්ට  සහ අබ්දුල් රහමන් රවුෆ් හුසෙයිනී හට බැණ වැදුනේය. සමගම වාලීඩ්ව පසෙකට තල්ලු කර දැමුවේය.

හබීබී නුඹ අපිත් එක්ක කෝප ගන්න එපා. යුදෙව්වන් ලෝකයට බරක්. උන් තමයි කවදා හරි ලෝකය විනාශ කර දමන්නේ. බලපන් ගාසා තීරයේ උන් කරන විනාශය. කුඩා දරුවන් පවා උන් මරා දානවා. අපි පළිය ගත්තා. අපේ දරුවනුත් මුන් ගෙන් පලි ගනීවි. වාලීඩ් කීවේය.

“ වින්සන්ට් මෙහෙ බලපන්” අබ්දුල් රහමන් රවුෆ් හුසෙයිනී සන්සුන්ව කීවේය 

අපි යුදෙව්වන් දස දෙනෙකු නිරයට අත ඇරියා. අපි දෙදෙනා දැන් ස්වර්ගයට යනවා. අපිට කන්යාවන් දහසය දෙනෙකු ලැබෙනවා. කිරි සහ මීපැණි අපි ස්වර්ගයේ අනුභව කරනවා. එහි තියෙන්නේ සදාකාලික ජීවිතයක් ”

වින්සන්ට් ලංකාතිලක ගේ කෝපය තවත් උග් විය .

“ නුඹලා දෙන්නා පල් මෝඩයෝ. නිරයක් හෝ ස්වර්ගයක් නෑ. මේ ඔක්කොම බොරුවක් , මුලාවක්. නුඹලා මූලධර්මවාදයේ ගොදුරු.  නුඹලාට කන්යාවන් දහසය දෙනෙකු සමග සයනය කරන්නට ලැබෙන්නේ නෑ. මිනිසුන් මරා දැමූ පසු  කාන්තාරයට විරළ කෑමක් වන කිරි , මීපැණි සහ කන්‍යාවන්  ලැබෙන බව   ඔටු සම් වල   ලිව්වේ මානසික විකෘතියෙන් පෙලෙන මූලධර්මවාදීන්. ඒවා ශුද්ධ වාක්‍ය නොවේ. මනස්ගාත , බොහෝම දරුණු මනස්ගාත . නුඹලාට උන්ට
රැවටුණා නුඹලා අහිංසක සිවිල් වැසියන්ව ඝාතනය කලා. ඉන් කවදාවත් නුඹලාට ගැලවීමක් ලැබෙන්නේ නෑ . ගාසා තීරයේ ළමුන්ව ඝාතනය කල මිනීමරුවන් සහ නුඹලා අතර වෙනසක් නෑ. නුඹලා සියළුදෙනා කෘර මිනී මරුවෝ ” වින්සන්ට් ලංකාතිලක මුරගා කීවේය.

වාලීඩ්  සහ අබ්දුල් රහමන් රවුෆ් හුසෙයිනී වින්සන්ට් ලංකාතිලක දෙස බලා සෙමින් මුමුණන්නට වූහ.

" ඔව් ඔහු  මිත්යාදෘෂ්ටිකයෙක් " ඔවුන් දෙදෙනා වින්සන්ට් ලංකාතිලක දෙස බලා කීවෝය.

" ඔව් මම  මිත්යාදෘෂ්ටිකයෙක්. නමුත් නුඹලා වගේ පාහර ඝාතකයන් නොවේවින්සන්ට් ලංකාතිලක කීවේය.

අබ්දුල් රහමන් රවුෆ් හුසෙයිනී  ඔහුගේ අත ලෝගුව තුලට දමා චීනයේ නිෂ්පාදිත සුදු පැහැති කුඩා පිස්තෝලයක් අතට ගත්තේය.

" තවත් මිත්යාදෘෂ්ටිකයෙක් " ඔහු සෙමින් කීවේය.

පිස්තෝලය දුටු වින්සන්ට් ලංකාතිලක බිය ගත්තේය. මේ ඝාතකයන්ට ඔහුව මරා දැමීම සුළු වැඩකි. පිලිබඳව ඔවුන් දෙවරක් නොසිතති. වින්සන්ට් ලංකාතිලක මිටියාවත හරහා දුවන්නට පටන් ගත්තේය. අතර අබ්දුල් රහමන් රවුෆ් හුසෙයිනී වෙඩි තැබුවේය. එක් උණ්ඩයක් වින්සන්ට් ලංකාතිලක ගේ කන අසලින් ගියේය. වින්සන්ට් ලංකාතිලක මිටියාවතේ තිබූ පඳුරු වලට මුවා වෙමින් දිව්වේය. ඝාතකයන් දෙදෙනා ඔහු පසුපස එලවාගෙන ආවද සැඳෑ අඳුර නිසා ඔවුන්ට  වින්සන්ට් ලංකාතිලක කොටු කර ගැනීමට හැකි වූයේ නැත.

 අඳුර නිසා තම ගොදුර මඟ හැරී ගියද වාලීඩ්  සහ අබ්දුල් රහමන් රවුෆ් හුසෙයිනී වින්සන්ට් ලංකාතිලක පසුපස ඒම අතහැර දැමුවේ නැත. ඔවුන් වින්සන්ට් ලංකාතිලක සොයමින් ඉදිරියටම ආවෝය

මරණීය භීතිය නිසා සිය ගතේ තිබූ සියළු වෙර යොදා දිව ගිය වින්සන්ට් ලංකාතිලක බෙහෙවින්ම වෙහෙසට පත් විය. හති අරිමින් ඔහු පඳුරක් අල්ලාගෙන සිටියේය. ඉන් පසු  යලිත් දුවන්නට පටන් ගත්තේය.    

මිටියාවත පසු කල වින්සන්ට් ලංකාතිලක කඳු සහ බෑවුම් ප්රදේශයකට අවතීර්ණ විය. වෙහෙස නිසා දැන් ඔහුගේ ගමන සෙමින්. දුම් කෝච්චියක් සේ හති දමමින් ඔහු ඉදිරියටම ගමන් කලේය. මිනීමරුවන් ගෙන් බේරීම සඳහා කන්ද උඩට නැගිය යුතු බව ඔහු තීරණය කලේය. නිසා ඔහු අසීරුවෙන් කටු පඳුරු සහ ගල් වැටි අල්ලාගෙන  කන්ද උඩට නැගීම ඇරඹීය.  

(වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ පරිකල්පනික අතික්‍රමණය  කෘතිය ඇසුරෙනි) 

1 comment:

  1. ගම්මිරිස් අස්සේ පුපුරණ ද්‍රව්‍ය. හිතට වැදුණුම තැන එතැන. මහා පරිමාණ කුළු බඩු ව්‍යාපාරිකයාගේ පුතුන්.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook