අපගේ වෛද්‍ය පීඨයේ ශ්‍රී ලාංකික සිසු සිසුවියන් 40 පමණ සිටියහ. උත්සව දින වල අප එකට එක්වී කෑම සදාගෙන කා විනෝද වූයෙමු. මේ සඳහා එක් එක් සිසුවාට හාල් , මස් , අර්තාපල් , තෙල් , පළතුරු යුෂ යනාදී අයිතමයන් ගෙන ඒමට බෙදා තිබුනේය.
වරක් මෙවැනි සාදයක් සඳහා මට සූරියකාන්ත තෙල් ලීටර් 5 ගේමට නියම විය . එදින මම තෙල් මිලට ගැනීමට ගියද තෙල් කඩයේ තෙල් අවසන් වී තිබුනේය. ඒ නිසා මම බටර් රාත්තල් 4 මිලදී ගෙන ඒවා උයන ස්ථාන (ගෑණු ළමයින් උයන රාජකාරී කළහ) වලට භාර දුන්නෙමි.
තෙල් වෙනුවට බටර් ගෙන ඒම පිලිබඳව රිස්වාන් මාව කෙල්ලන් ඉදිරියේ විවේචනය කල බව කොල්ලෙක් මට පණිවිඩයක් ගෙන ආවේය. තවද කුමාර වික්‍රමසිංහ සබැඳිවද රිස්වාන් යම් විවේචනයක් කොට තිබූ නිසා කුමාරද සිටියේ පහන් සිතිනි.
මේ සාදයෙන් දින තුනකට පමණ පසු රිස්වාන් අපගේ 4 නේවාසිකාගාරයට රාත්‍රියක ආවේය. කුමාර සහ මම රිස්වාන්ට ගේමක් සෙට් කලෙමු. අපගේ නේවාසිකාගාරය මහල් 9 යුක්ත විය. අප බාල්දියකට වතුර පුරවා 9 මහලේ බැල්කනියට වී සිටියෙමු. බැල්කනියෙන් පහළ කෙනින්ම ප්‍රධාන ද්වාරය තිබේ. රාත්‍රී 10 පමණ ඔත්තුකාරයා පැමින රිස්වාන් 6 මහලේ තිබූ නිල්මිණි විජේසූරියගේ උපන් දින සාදයට ඇවිත් ඇයට සුභ පතා දැන් යාමට සූදානමෙන් සිටින බව කීවේය. මමත් කුමාර වික්‍රමසිංහත් වතුර බාල්දිය අල්ලාගෙන ප්‍රධාන ද්වාරයෙන් රිස්වාන් එලියට එන තෙක් බලා සිටියෙමු.
අප ජීවත් වූ මහල් 9 කින් යුතු අංක 4 දරණ ශිෂ්‍ය නේවාසිකාගාරය
( මේ චායාරූපයේ සිටින්නේ වෛද්‍ය අජිත් තෙන්නකෝන් ය )
රාත්‍රී 10. 15 පමණ ප්‍රධාන ද්වාරය ඇරුනේය. නිල් පැහැති කබායකින් සහ කළු තොප්පියක් පැළඳ සිටි රිස්වාන්ව අප 9 වන මහලේ සිට දුටුවෙමු. ඒ සමගම කුමාර " මචං අන්න අරූ " කියා කීවේය. ඒ සමගම අප වතුර බාල්දිය 9 මහලේ සිට පහලට හැලුවෙමු. නයගරා ඇල්ල හිස උඩ කඩා වැටුනාක් මෙන් රිස්වාන් ගේ සියොලඟ තෙමී ගියේය. ඒ සමගම අප බැල්කනියෙන් ඉවත්වී තම තමන් ගේ කාමර වලට ගියෙමු. බඩපුරා නාගත් රිස්වාන් තෙමිච්ච කුකුලෙකු සේ මීටර් 700 පමණ ඈතින් තිබූ ඔහු ජීවත් වූ 5 වන නේවාසිකාගාරයට ගියේය.
පසු කාලයක රිස්වාන් කොලොම්බියානු තරුණියක් සමහ විවහා වී කොලොම්බියාවට ගියේය. කුමාර වික්‍රමසිංහ වර්තමානයේ කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයාය.
මේ කේස් එක සිදුවී වසර 29 ආසන්න කාලයක් ගතවී තිබේ. මේ සිදුවීම ගැන ලියන්නේ ඒ කාලයේ මුස්ලිම් සිසුන් සහ අප කිසිදු ජාති භේදයකින් තොරව එකිනෙකාට බාල්දි පෙරලාගත් ආකාරයයි. මේ බාල්දි කේස් මත මිස ජාතිවාදය මත පදනම්ව තිබුනේ නැත
මේ කේස් එක සිදුවී වසර 29 ආසන්න කාලයක් ගතවී තිබේ. මේ සිදුවීම ගැන ලියන්නේ ඒ කාලයේ මුස්ලිම් සිසුන් සහ අප කිසිදු ජාති භේදයකින් තොරව එකිනෙකාට බාල්දි පෙරලාගත් ආකාරයයි. මේ බාල්දි කේස් මත මිස ජාතිවාදය මත පදනම්ව තිබුනේ නැත
වෛද්‍ය රුවන් එම් ජයතුංග
රිස්වාන්ගේ බිරි මුස්ලිම් වුනාද?
ReplyDeleteළමයි මුස්ලිම්ද?