තලේබානියානු නිකායේ අන්තවාදීන් පිරිසක් විසින් ගෙන ගිය උද්ඝෝෂණයක ප්‍රතිඑලයක් ලෙස ලේඛක ශක්තික සත්කුමාර මේ වන විට සිටින්නේ රිමාන්ඩ් ගතවය. ඔහු විසින් ලියන ලද "අර්ධ "නම් කෙටි කතාව බෞද්ධ විරෝධී කතාවක් කියා මම නොසිතමි. එම කතාව අප ග්‍රහණය කල යුත්ත්‍යේ සාහිත්‍යමය ඇසකින් විනා තලේබාන් කන්නාඩියකින් නොවේ.
1970 දශකයේ මුල ගුණදාස ලියනගේ තෙවැනි සිල් පදය නොකඩමි කියා නවකතාවක් ලිවීය. එම නවකතාව හරහා ගුලි පෙන්වා දුන්නේ ඇතැම් දුසිල් මහණුන් ගේ ක්‍රියා කලාපයයි. අද වැනි කාලයක ගුණදාස ලියනගේ තෙවැනි සිල් පදය නොකඩමි පොත ලියුවේ නම් ඔහුද මේ වන විට සිටින්නේ බන්ධනාගාරයේය.
ජාතක කතා පොතේද භික්‍ෂූන් පිලිබඳ විවිධ කතා තිබේ. එක් කතාවක වැඳිරියක් සමග ලිංගිකව එකතු වූ භික්‍ෂුවක් පිලිබඳව දැක්වේ. මේ අඳබාල තලෙබාන් නඩය මේ කතා පුවත දන්නේ නම් ඔවුන් ජාතක කතා පොතද තහනම් කරනු කියා උසාවි යනු ඇත.
සාහිත්‍ය නිර්මාණ වල භික්‍ෂු චරිත සුලබය. පහත දැක්වෙන්නේ මා විසින් ලියන ලද අර්ධ මිනිසෙකුගේ කතා නම් කෙටි කතා සංග්‍රහයේ එන ගමක අසිරිය නම් කෙටි කතාවේ භික්‍ෂු චරිතයක් දක්වා ඇති ආකාරයය.
........සීතා අක්කාට ගමේ අය කිව්වේ පන්සල් සීතා කියලා. එකට හේතුව සීතා අක්කා නිතරම පන්සලට ගිය නිසා. පන්සලේ රතනසාර හාමුදුරුවෝ සීතක්කව තියගෙන්න ඉන්නවා කියලත් ගමේ කතාව ගියා. ඔය කතා වලට මම කට දාන්න ගියේ නැහැ. එත් දවසක් මම කරුවල වැටුණු වෙලාවක පන්සල් වත්ත මැදින් එනකොට දැක්කා ආවාස ගෙයි ඉදන් සීතා අක්කා එනවා . රතනසාර හාමුදුරුවෝ සරමක් ඇඳගෙන ඒ එක්කම එලියට අවා. දෙන්නම මාව දැක්කත් මම ඒ අය නොදැක්ක ගානට හිමීට ගියා. හාමුදුරුවෝ මට "විජේරත්න බන්ඩා ළමයෝ" කියලා කතා කලා. මම හාමුදුරුවෝ ලඟට ගිහිල්ල වැන්දේ යන්තමට වගේ. සරමක් ඇදගෙන ඉන්න කෙනෙක්ට පසඟ පිහිටවලා වඳින්න බැහැනේ.
ගමක අසිරිය
https://transyl2014.blogspot.com/2015/
පසුගිය දශක දෙකක තරම් කාලයක් තුල ලංකාව පාලනය කළ දේශපාලඥයිනට පින් සිදුවන්නට ලංකාවේ සමාජය මදාවිකරණය වී හමාරය. දැන් ඉන්නා වැඩි දෙනෙක් සමග කිසියම් දෙයක් ගැන මැදහත් සිතින් සාකච්චාවක් පවත්වන්නට බැරි තරමටම මේ තත්ත්වය මුහුකුරා ගොස් ඇත. සාකච්චා කරනවා වෙනුවට එන්නේ කඩු පොලු පිස්තෝල අමෝරාගෙන සුද්ධ සිංහලෙන් වහසිබස් කියනා මැරයන්ය. දැන් මේ රෝගය සිවුරු පොරවාගත් කොටසටද බෝවී හමාරය. ඊයේ පෙරේදා දවසක ලක්ෂමන් කිරිඇල්ල ඇමති හා දුරකතනයෙන් කතා කළ භික්ෂුව අසල සිටි තවත් භික්ෂුවක් ඔහුගේ කෝපය පිට කළේ කිරිඇල්ලගේ භාශාවද පරදවමිනි. කණගාටුවකට ඇත්තේ භික්ෂු සමාජයේ ඇතිවෙමින් තිබෙන මේ පිරිහීම ගිහියන් විසින්ද අනුමත කරන ප්‍රවණතාවයක් තිබෙනවා දකින්නට සිදුවීම ගැනය. ඒ කෙසේ වෙතත් භික්ෂුන්ගේ ශීලය ගැන කතා කරන්නට නැවත යොමු වෙනවා නම් මට සැනෙකින් මතක් වන කරුණු දෙකක් ඇත. පළමුවැන්න නම් මල්වත්තේ සහ අස්ගිරියේ නායක දෙපොළගේ ස්ත්‍රී සේවනය ගැන ඇත්ත කියන්නට ගොස් අන්තිමේදී දනින් වැටී සමාව ඉල්ලූ සමන්තබද්‍ර රහතන් වහන්සේට සිදුවූ අබග්ගයය. දෙවැන්න නම් අපේ ගමේ පන්සලේ වැඩසිටි නායක හිමියන්ගේ දේහය ආදාහනය සඳහා පන්සලෙන් ගෙන යන්නට සැරසෙද්දී පන්සල් භුමිය දෙකක් වෙන්නට විලාප දුන්නේ පන්සල අවට තිබෙන ගෙවල් කිහිපයක සිටින කාන්තාවන් කිහිපදෙනෙකු බව දැකීමය. මේ කාන්තාවන් පන්සල් වත්තේ වැටෙන පොල්, පොල් අතු, හනසු ආදිය සිත්සේ භාවිතයට ගත් අයවලුන්ය. එසේ කරන්නට නායක හාමුදුරුවන් ඉඩ දුන්නේ ඇයිදැයි ගමට කෙසේ වෙතත් උකුසු ඇසින් සියල්ලම දුටු අප වැනි කොලු කෙල්ලන්ට රහසක් නොවීය. පන්සලට දානය ගෙන ආ කාන්තාවක් බලවත් ලිංගික අපයෝජනයකට ලක්කොට රෝහලට යැවූ චීවරධාරියා ගැන මේ භික්ෂුන් යැයි කියා ගන්නා දාමරිකයන්ට කිසිදු ප්‍රශ්ණයක් නොමැත. එහෙත් පන්සල් වල සිදුවන රහස් කටයුතු ගැන කෙටිකතාවක් ලීවත් පෙළපාලි යන්නට නම් මේ බුද්ධ පුත්‍රයන් සූදානම්ය.
ReplyDeletepichcha mala by jayasena jayakodi ??? he is no more. but we can file case against dayawnsha jayakody the publisher.
ReplyDeleteඔය කියන කෙටිකථාව මම කියෙව්වා...ඔහු එහිදී තමන්ගෙ වස්තු බීජය කරගෙන තියෙන කථා වස්තුව වර්තමාන අපේ සමාජය ඇතුලෙ හරිම සුලභයි..හැබැයි කිසිම කෙනෙක් එළිපිට කථා කරන්න භයයි...හැංගි හැංගි කරන්න හොදයි..
ReplyDelete