ඔනරබල් ,වෙනරබල්  සහ  වල්නරබල් 
අපි ඔවුන්ට පඩි ගෙව්වෙමු  
නවීන වාහන අරන් දුන්නෙමු  
ඔවුන්ව නඩත්තු කලෙමු 
ඔවුන් ඔනරබල් ය   
අපි තව සමහරක්ට කන්නට දුන්නෙමු  
ඔවුන්ට සැප පහසු ගෙවල් සදා දුන්නෙමු  
දිව්‍ය ලෝක සැප පතා තුට්ටු දෙක පූජා කලෙමු  
ඒ අය වෙනරබල් වෙති   
අප දිවා රැය කඹුරන්නෝ වෙමු 
තුන්වේල කන්නේ නැත ලෙවකන්නෙමු  
වවුලන් මෙන් එල්ලී බස් කෝච්චි වල යමු  
අප වල්නරබල්  වන්නෙමු 
 
 
 
          
      
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
අපූරු පද ගැලපීමක්.
ReplyDelete++++++++++++++++++++
Deleteවල් න් රබල්
ReplyDeleteඑහෙමද ?
Delete