Monday, April 2, 2018

විශේෂඥ ප්‍රජා වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා පිළිබඳව සටහනක්


විශේෂඥ ප්‍රජා වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා ගේ අභාවය සිදු වන විට මා සිටියේ නිව් යෝක් නගරයට යමිනි. එම නිසා මට එතුමා පිළිබඳව සටහනක් කලට වේලාවට ලිවීමට නොහැකි විය​. ප්‍රමාද වූවද යම් සටහනක් වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා සබැඳිව තැබිය යුතු බව මම ඉටා ගත්තෙමි. මෙම කුඩා සටහන එතුමා පිලිබඳවය​. 

වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා ජාතිවාදය වර්ගවාදය බැහැර කල විද්වතෙකි. එසේම ශ්‍රී ලාංකික සමාජය වෙලාගෙන තිබෙන පසුගාමී මිත්‍යා අදහස් වලට අභියෝග කරන ලද ලේඛකයෙකි. සෞඛ්‍ය අධ්‍යාපනය ප්‍රචලිත කිරීම සඳහා වෙහෙස ගත් අයෙකි. වෛද්‍ය  ගමගේ මහතා විසින් සිදු කරන ලද සමාජ කාර්‍ය භාරය පිලිබඳව බොහෝ තොරතුරු ලියවී තිබේ. එම නිසා එතුමා පිලිබඳව සාමාන්‍ය ජනතාව මෙන්ම වෛද්‍ය වෘත්තිකයන්  නොදැන සිටි කරුණක් මම පෙන්වා දෙමි.

විශේෂඥ ප්‍රජා වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා යනු වෛද්‍ය පරිපාලනය යන විශය ලංකාවට හඳුන්වා දීම පිලිබඳව මූලිකත්වය ගත් අයෙකි. වර්තමානයේ වෛද්‍ය පරිපාලනය  හෙවත් Medical Administration අංශයේ සේවය කරන  වෛද්‍යවරු බොහෝ පිරිසක් රෝහල් වල සිටිති. එහෙත් මුල් කාලයේ පරිපාලන නිලධාරීන් මෙන්ම හණමිටිධාරී වෛද්‍යවරුන් ගේ බොහෝ බාධා මැද එතුමා වෛද්‍ය පරිපාලනය ලංකාවේ සෞඛ්‍ය ක්ශේත්‍රය වෙත  ගෙන ආවේය​. එතුමාද මුල් කාලීන වෛද්‍ය පරිපාලකයෙකු විය​. මෙකී මුල් කාලයේදී සමහර පරිපාලන නිලධාරීන් " දොස්තර මහත්තුරු ඉන්න ඕනේ ඉස්පිරිතාල වල නේද ? කියමින් එතුමාව උපහාසයට ලක් කල අයුරු වරක් වෛද්‍ය ගමගේ හෙලි කලේය​. නමුත් මේ වන විට වෛද්‍ය පරිපාලනය ලංකාවේ පිලිගත් ක්ශේත්‍රයකි. ඒ සඳහා වෛද්‍ය ගමගේ වැන්නවුන් දර දිය ඇද්දේය​. 

විශේෂඥ ප්‍රජා වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා අපගේ කාලයේ අසාමාන්‍ය වෛද්‍යවරයෙකි. එතුමාගේ අභාවය ලාංකික සමාජයට බලවත් පාඩුවකි 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

8 comments:

  1. හොඳ මහත්මයෙක්

    ReplyDelete
  2. විශේෂඥ ප්‍රජා වෛද්‍ය ආරියසේන යූ ගමගේ මම දකින්නේ ඉතා අවංක වෛද්‍යවරයෙක් ඔහු තමන්ගේ මුහුණු පොතේ තම පිළිකාවේ මුලික අවස්ථාවේ සිට අවසානය දක්වා පිළිකාව ක්රියාකරිවු හැටි පෙන්වන්න උත්සහ කළා (දැන්නම් එම සටහන් ඔහුගේ පවුලේ අය හෝ ඔහුගේ මුහුනුපොත යාවත්කාලීන කල අය ඉවත් කරලා ) කෙසේ වෙතත් ඔහුට උවමනා කලේ නවීන තාක්ෂනය මහින් පිළිකාව නිට්ටාවට සුවකළ හැකි බව ලොවට පෙන්වීමටයි.

    නමුත් ඔහුගේ "රජෙක් උනත් ලෙඩෙක් උනොත් " නමැති සටහන් මුහුණු පොතේ කියවා ඇති අය නම් දන්නවා ඒ ක්‍රියාවලිය අසාර්ථක වූ ආකාරය.

    බටහිර ප්‍රතිකාර කිමොතෙරපි මහින් පිළිකාව සුවකළ හැකි බව කිව්වත් එහෙම නොවෙන බව https://www.youtube.com/watch?v=81xnvgOlHaY බැලීමෙන් තේරුම්ගන්න පුළුවන් මෙහිදී ලෝක ප්‍රසිද්ධ Steve Jobs (ඇපල් පරිඝනක සමාගමේ නිර්මාතෘ ) පිළිකාවට මුහුණදුන් ආකාරය අපුරුවට පෙන්වාදෙනවා.

    එහෙදි Jobs ගේ පිළිකාව සදාහා සැත්කම් කරන්නේ මාස 10 ට පමණ පසුයි, නමුත් කලින් පිළිකාව හදුනාගන ඊට ඔහු පිළියම් නොකර සිටිනවා, ඔහු එළවලු පමණක් ආහාරයට ගනිමින් මාස 10 පමාකිරිම නිසා ඔහුව සුවපත් කළහැකිව තිබුන බවයි වෛද්‍යවරු පැවසුවේ නමුත් ඔහු කොතරම් දක්ෂයෙක් උනත් මේ කරුනේදී මෝඩයෙක් උන බවයි වෛද්‍යවරයකු 60 Minutes නමැති ඇමරිකානු වැඩසටහනේ සදහන් කලේ, මෙහිදී Dr. John McDougall පෙන්වාදෙනවා මේ මතය කොච්චර බොරුවක්ක්ද කියල.

    ඔහු අපුරු සදහනක් කරනවා මේ පිළිකාව වර්දනය වීමට වසර 24 පමණ කාලයක් ගතවන්නට ඇති බවත් ඔහු ශාක ආහාර ගැනීම නිසා පිළිකාවේ වර්දනය ඉතා සෙමින් සිදුවුනත් පසුව ඔහුට මාංශ ආහාර ලබාදීම නිසා එහි වර්දන වේගය වේගවත් උනබවත් මාස 10ට පෙර ඔහුව සැත්කමට ලක්කලත් බේරාගැනීමට නොකකි බවත් ඇත්ත වශයෙන් පිළිකාවට ප්‍රතිකාර කිරීම නිසා කාලයක් ජිවත් වීමට හැකිව තිබු ඔහු දුක්විද කලින් මියයාමට සිදුවූ බව තමයි දොස්තර John McDougall පෙන්වාදෙන්නේ.

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. කෙසේ වෙතත් ඔහුට උවමනා කලේ නවීන තාක්ෂනය මහින් පිළිකාව නිට්ටාවට සුවකළ හැකි බව ලොවට පෙන්වීමටයි.// මේ ඔබ සිතන හැටි නේද? මම කිව්වොත් ඔහුටඑ උවමනා වුයේ පිළිකාවකට නොසැලි මුහුන දෙන හැටි ලෝකට පෙන්වීමටයි කියල ? අනික රජෙක් අනත් ලෙඩෙක් උනොත් කියන්නේ ඔහු පිළිකාව වැළදෙන්නට පෙර ලියපු පොතක් නේද? පස්සේ එහෙම ලිපි පෙලක් ලිව්වද එයාගෙ පිලිකාව ගැන?

      Delete
  3. One of my favourite doctors....

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook