Wednesday, April 18, 2018

ගෝත්‍රික නායකයා


මේ චිත්‍රය දෙස බලන්නමේ චිත්‍රය මම මිලදී ගත්තේ කෙන්යාවේ මසායි මාකට් එකෙන්ඔබට පේනවාද එක් මිනිසෙක් සහ ඔහු වටා රැස් වූ  පිරිසක් මේ මිනිසා ම්ලේච්ඡ වනචාරී ගෝත්‍රික නායකයෙක්.  ගෝත්‍රික පසුගාමී රාජ්‍යයක් ඔහු පාලනය කරනවා.  ම්ලේච්ඡ වනචාරී ගෝත්‍රික නායකයා දෙස බලන්න​. ඔහු අධ්‍යාපනයෙන් නූගත්. නමුත් උගත් මිනිසුන් තමයි ඔහුගේ අසූචි අදින්නේ. මේ උගත් මිනිසුන් නායකයාගේ වටා දණගසාගෙන ඉන්නවා. ඔහුගේ දෙපතුල වටා ඉන්න නෙත් අන්ධ මීයන් තොගය දෙස බලන්න​.  මේ ම්ලේච්ඡ වනචාරී ගෝත්‍රිකයා සවන් දෙන්නේ ඔහුගේ දෙපතුල වටා ඉන්න නෙත් අන්ධ මීයන්ට පමණයි. මේ මීයන් වන්දි භට්ටයන් සේ ම්ලේච්ඡ වනචාරී ගෝත්‍රිකයාගේ නැති ගුණ ගයනවා. නමුත් මේ ම්ලේච්ඡ වනචාරී ගෝත්‍රික නායකයා  මිය ගිය දවසට මේ මීයන් ඔහුගේ නුගුණ වයා අළුත් නායකයාගේ දෙපා වටා  පොදි කනවා. 

ම්ලේච්ඡ වනචාරී ගෝත්‍රික නායකයා දෙපස ඉන්න හයිනාවුන් දෙස බලන්න මේ හයිනාවුන් තමයි නායකයා නියෝග කරන ඝාතන ඉටු කරන්නේ. ඔවුන් ගේ නිය දත් අහිංසකයන් ගේ සත්‍ය කතාකලවුන් ගේ රුධිරයෙන් තෙත් වෙලා. ගෝත්‍රික නායකයාගේ උරපත්තේ දෙපස ගිජු ලිහිණින් දෙදෙනෙකු ඉන්නවා ඔවුන් තමයි නායකයා වෙනුවෙන් මුදල් ගසාකන්නේ. මේ  ගිජු ලිහිණින්  ඉතා සූක්‍ෂමයි මුදල් තියන ස්ථාන පුද්ගලයන් ගිජු ලිහිණින් ගේ දෙනෙතට අසු වෙනවා. මේ ගිජු ලිහිණින් ගෙන් ගැලවීමක් නැහැ.

ම්ලේච්ඡ වනචාරී ගෝත්‍රිාක නායකයා ගේ හිස මත වසා සිටින කපුටා දුටුවාද​මේ කපුටා තමයි ගෝත්‍රික නායකයා ගේ  පූජා, යාග  ගුරුකම් කරන්නේ. ම්ලේච්ඡ වනචාරී ගෝත්‍රිාක නායකයා සහ පිරිවර මිත්‍යාවේ කර වටක් ගිලිලා. ඔවුන් අනාගතයට විචක්ශනශීලීව මුහුණ දීමට බයයි. ඒ නිසා මිත්‍යා ගුරුකම් වලින් තමයි තම දෛවයට මුහුණ දෙන්න උත්සහ කරන්නේ. කපුටා කපටියි. ගෝත්‍රික නායකයන් තුල තිබෙන අනිසි බිය ප්‍රයෝජයට ගෙන ඔවුන් තුලට අතුරු අන්තරා කිළි පිලිබඳ බිය ඇතුළු කරලා ගුරුකම් යාග හෝම වලින් බඩ වඩා ගන්නවා. මේ චිත්‍ර වලින් අතීතය වර්තමානය අනාගතය නියෝජනය වෙනවා

( පරිකල්පනික අතික්‍රමණය - වෛද්‍ය රුවන් එම් ජයතුංග) 

4 comments:

  1. මෙ චිත්‍රය දැහා බලන් ඉන්න පබයො ටික බලන්න උන්ට පබයො වගේ බලන්ඉන්නව හැර වනෙ කල හැකි යමක් නෑ

    ReplyDelete
  2. "පරිකල්පනික අතික්‍රමණය" print karalada ? publisher kawuda ? ruwan mahaththayo

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook