Saturday, April 21, 2018

බටහිර රටක දේශපාලන රැකවරණ ලබා ගැනීමට නම්

  


බටහිර රටක  දේශපාලන රැකවරණ (political asylum )ලබා ගැනීමට දැන් තරමක් අසීරුය. හේතුව අපේ අයියලා (ද්‍රවිඩ අයියලා මෙන්ම සිංහල අයියලා ) විසින් කරන ලද උප්පරවැට්ටි සහ අට මාගල් ගැන සුද්දාට දැන් තරමක අවබෝධයක් තිබීම නිසාය​. පහත දැක්වෙන්නේ අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද සටහනකි. මේ සටහනින්  බටහිර රටක  දේශපාලන රැකවරණ ලබා ගැනීමට අපේ අයියලා ගහන තුරුම්පු ගැන අවබෝධයක් ලබා ගත හැකිය​. 

..........කිසිදු රටක් ආවාට ගියාට දේශපාලන රැකවරණ දෙන්නේ නැත. ඒ සඳහා තමන් පෞද්ගලිකව අසාධාරණ මර්දනයකට ඉලක්ක වී ඇති බව පෙන්විය යුතු ය. බොරුකාරයන්ට එය ඔප්පු කිරීම ලෙහෙසි නැත. මේ සම්බන්ධ මගේ පෞද්ගලික අත්දැකීමක් තිබේ. එකල අපි හිරු පුවත්පත මහත් දුෂ්කර තත්වයන් යටතේ මාසිකව පවත්වාගෙන යමින් සිටියෙමු. අපගේ දේශපාලන කණ්ඩායමට සම්බන්ධව සිටි පල්ලියෙන් නෙරපා හරින ලද කතෝලික පූජකවරයකුට සිය සොයුරියගේ රස්තියාදුකාර පුතා මෙසේ විදේශ රටක දේශපාලන රැකවරණ සඳහා යැවීමට ඕනෑ විය. ඒ වෙනුවෙන් හිරු පුවත්පතේ කර්තෘ රෝහිත භාෂණ විසින් ව්‍යාජ හිරු පුවත්පතක් සැලසුම් කරන ලදී. එහි මුල් පිටුවේ උද්ඝෝෂණයක ඡායාරූපයක් පළ කරන ලදී. එම ඡායාරූපය කොළඹ පැවති සත්‍ය උද්ඝෝෂණයක ඡායාරූපයක් තුළට, එම උද්ඝෝෂණයට සම්බන්ධ නො වූ ඉහත කී පුද්ගලයා ෆොටෝෂොප් මගින් ඇතුළු කර සකස් කරන ලද්දකි. මා මෙය විවෘතව කියන්නේ මෑතදී පවා මෙම කණ්ඩායමේ සිටි එක්තරා පුද්ගලයකු මෙම පුවත්පතේ උත්තරීතරකම ගැන පම්පෝරි ගසමින් මට අවලාදයක් නැගූ හෙයිනි.

පසු කලෙක මෙම දේශපාලන කණ්ඩායමේ වැඩි දෙනෙක් විවිධ උප්පරවැට්ටි භාවිතා කරමින් යුරෝපා රටවලට සංක්‍රමණය වූ හ. ඒ අතරට ඉහත පූජකවරයා හා රෝහිත භාෂණ ද ඇතුළත් වූ හ. මෙම කණ්ඩායමේ තවත් අයෙකු දේශපාලනයෙන් අයින් වී යුරෝපයේ ස්ථාවර පදිංචිය ලබා ගැනීමට උත්සාහ කර අසාර්ථක වූ පසු, යළි දේශපාලනයට සම්බන්ධ වී වෙබ් අඩවියක් ආරම්භ කර, එයට තර්ජන ඇති බවට ව්‍යාජයක් මවා පා, එම වෙබ් අඩවිය වසා දමා, දේශපාලන රැකවරණ ලබා ගනිමින් ස්විට්සර්ලන්තයට පැන ගත්තේ ය.(Ajith Parakum Jayasinghe W3Lanka)

5 comments:

  1. ටික කාලයකට ඉස්සර මගේ යාලුවෙකුගෙ පරිවර්ථන සේවයකට සි#හල ඉංග්‍රිසි පරිවර්ථකයෙක් හැටියට ඉඳලා හිටලා වැඩකලා. ඒ කාලයේදි ලංකාවේ අයගේ කේස් කීපයකට ඉමිග්‍රේෂන් සොලිසිටර්ලා ලඟට යන්න උනා ඒ අයට පරිවර්ථකයෙක් හැටියට. ඒ විස්තර ප්‍රසිධියේ ලියන්න බෑ. නමුත් ඔය පත්තරවල බොරු නිව්ස් දාන එක හරිම ප්‍රසිද්ධයි. අනික තමයි තමන්ගේ ඇඟේ ටොර්චර් මාර්ක්ස් හදාගන්න එක. ඒවා හදන තැන් තියෙනවාලු.

    ReplyDelete
    Replies
    1. Please see this:
      http://www.dailymail.co.uk/news/article-4434446/Asylum-seeker-Sri-Lanka-let-tortured.html

      Delete
  2. ඔය කියන වෙබ් අඩවියට ගාමිණී වියන්ගොඩත් සම්බන්ධව සිටියා. මං කියන්නෙ බොරු නම් ඔහුගෙන් ඇත්ත අහගන්නට පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook