Tuesday, September 5, 2017

වෛද්‍ය ඇන්ටන් ජයසූරිය

  


මට මුලින්ම වෛද්‍ය ඇන්ටන් ජයසූරිය මුණ ගැසුනේ 1996 දීය​. කළුබෝවිල රෝහලේ වෛද්‍ය ඇන්ටනට් හමු වීමට ගිය මාව රෝහල් කම්කරුවා ගෙන ගියේ වෛද්‍ය ඇන්ටන් ජයසූරිය ලඟටය​. ඉතා දිගු කොන්ඩයක් වවාගෙන රෝගීන්ට චීන කටු ගසමින් සිටි වෛද්‍ය ඇන්ටන් ජයසූරිය මට  සිනහවකින් සංග්‍රහ කලේය​. 

1993 වසරේ දකුණු කොලඹ ශික්‍ෂණ රෝහල හෙවත් කළුබෝවිල රෝහලේ ෆැමීලියරයිසේෂන් කරන විට වෛද්‍ය ඇන්ටන් ජයසූරිය මහතා ගෙන් කටු වෙදකම ඉගෙන ගැනීමට එන විදේශිකයන් අප නිරන්තරයෙන් දුටුවෙමු. එසේම සමහරක් විටදී සුදු කබායක් ඇඳ සිටි වෛද්‍ය  ජයසූරියද දකින්නට ලැබේ. පසුව උතුරු කොලඹ ශික්‍ෂණ රෝහලේ අධිකාරීන් වෛද්‍ය ඇන්ටන් ජයසූරිය ගේ කටු චිකිත්සා සායනය රෝහලේ කටයුතු වලට බාධාවක් වන බව පවසා එය වසා දමන ලදි. ඉන් පසුව ඔහු තම සායනය වෙනත් ස්ථානයකට ගෙන ගියේය​. 

වෛද්‍ය සභාවේ සිටි සමහරක් ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරු වෛද්‍ය ඇන්ටන් ජයසූරිය සමග සිටියේ තරහෙනි. ඊට හේතු කීපයක් තිබුනේය​. ප්‍රථමයෙන් වෛද්‍ය ඇන්ටන් ජයසූරිය කෙරෙහි ඔවුන් තුල ඉරිසියාවක් තිබුණි. එයට හේතුව කටු වෙදකම විදේශිකයන්ට උගන්වා ඔහු විශාල ධනයක් උපයාගෙන තිබීමයි. ලංකාවේ රෝල්ස් රෝයිස් කාර් එකක් හිමිව තිබූ වෛද්‍යවරයා ඇන්ටන් ජයසූරිය විය​. එසේම විදෙස් වලදී ඔහු ප්‍රකට චරිතයක් විය​. ඔහු ගෙන් කටු චිකිත්සාව ඉගෙන ගැනීමට ලෝකයේ බොහෝ රටවලින් සිසු සිසුවියන් ආහ​. ඔහුව හඳුන්වන ලද්දේ වෛද්‍ය මහාචාර්‍ය සර් ඇන්ටන් ජයසූරිය කියාය​. 

දෙවන හේතුව සඳහා නම් යම් තරමක සාධාරන බවක් තිබුනේය​. වෛද්‍ය ඇන්ටන් ජයසූරිය අනුකල්පිත පාසලක් අරඹා මූලික අධ්‍යාපනයක් වත් නොමැති පුද්ගලන්ට පවා මුදලට ඩොක්ටර් සන්නාමය විකිනීය​. වෛද්‍ය ඇන්ටන් ජයසූරිය ගෙන් ඩොක්ටර් සන්නාමය ලැබූ පුද්ගලයෝ රැසක් මට හමුවී තිබේ. මොවුන් යන්තම් චීන කටු වෙදකම ඉගෙන ගෙන ඩිස්පෙන්සරි  ඇර හොරෙන් බටහිර වෙදකම කරති. සමහරක් ගොඩ වෙදකම් නොකරන මුත් ඩොක්ටර් සන්නාම අයථා ලෙස භාවිතා කරති. මේ හේතූන් නිසා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ඔහුගේ වෛද්‍ය ලියාපදිංචිය අවලංගු කරන ලදි. 

වරක් කැනඩාවේදී මට කටු චිකිත්සාවේ පතාකයෙකු වන වෛද්‍ය ෆ්‍රෙඩ්‍රික් හුයි හමු විය​. ඔහු ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්‍යවරයෙකු ලෙසටද සේවය කරන්නෙකි. ඔහුට වෛද්‍ය ඇන්ටන් ජයසූරිය වෛද්‍ය සම්මේලනයකදී හමුවී තිබේ. මෙම සමේලනයේදී කටු චිකිත්සාවේ සම්භවය ඇති වූයේ අතීත චීනයේ නොව අතීත ශ්‍රී ලංකාවේ බව වෛද්‍ය ඇන්ටන් ජයසූරිය ප්‍රසිද්ධියේ  පවසන ලදි. මේ බව වෛද්‍ය ෆ්‍රෙඩ්‍රික් හුයි මට කීවේ සිනාසෙමිනි.  මේ කාලය වන විට වෛද්‍ය ඇන්ටන් ජයසූරිය මිය  ගොස් වසර ගනනක් ඉක්මවා තිබුනේය​. 

වෛද්‍ය ඇන්ටන් ජයසූරිය යනු විචක්‍ෂණභාවයක් තිබූ පුද්ගලයෙකි.  ඔහු ශ්‍රී ලංකා කටු චිකිත්සාව ජාත්‍යන්තරයට ගෙන ගියේය​. නමුත් කටු චිකිත්සාව සඳහා කටු චිකිත්සාව ජාත්‍යන්තර පාසලක් අරඹා සුදුසුකම් ඇති පුද්ගලයන්ට ක්‍රමානුකූලව  දැණුම සමග අන්තර්ජාතිකව පිලි ගන්නා මට්ටමේ පුහුණුවක් සහිතව උපාධියක් දුන්නේ නම් ඔහුට වෘත්තාන්තයක් ලෙස ඉතිහාස ගත වීමට ඉඩ තිබුනේය​. එහෙත් ඊසි මනී සංකල්පය නිසා ඔහු මතභේදයට තුඩුදෙන පුද්ගලයෙකු බවට පත් විය​. එය ඛේදවාචකයකි. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග   

22 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. වෛද්‍ය රුවන්,

    දකුණු කොළඹ රෝහල, මෙහි උතුරු ලෙස සටහන්ව ඇත.

    ReplyDelete
  3. "Meanwhile, the Institute of Alternative Medicine, which awarded Minister Mervyn Silva a doctorate in 2003, defended its decision to bestow the title, saying it was given in recognition of Mr. Silva’s contribution to social service and his own rise in public life, despite coming from an underprivileged background. Minister Silva’s doctorate was awarded by the institute’s then president, the late Dr. Anton Jayasuriya.“He [Minister Silva] started out as a nobody,” said Dr. Geetanjana Mendis, who serves on the faculty of the Institute of Alternative Medicine. “He rose from being a town councillor to being a Provincial Council member, and then a Provincial Council minister, and then a Member of Parliament. He has also done a lot of work for the people.”

    Dr. Mendis dismissed allegations that the institute “sold” doctorate titles. “We don’t charge a cent for awarding a doctorate,” he said. “We have a panel of five governors who decide on a candidate’s suitability.”

    Others who have received honorary doctorates from the Institute of Alternative Medicine are the former chairman of Lake House, Janadasa Peiris, in recognition of his long years of service to the media, and Mrs. Sicile Kotalawala of Ceylinco Homes International."

    ReplyDelete
  4. මෙතුමා MBBS වෛද්‍යවරයෙක්ද ලියාපදිංචිය අවලංගු කරන්න?

    ReplyDelete
  5. ආචාර්ය මහාචාර්ය උපාධි ලබාදුන් හඳුනාගත් ආයතන 10 කට මින් ඉදිරියට එවැනි උපාධි ලබාදීම තහනම් කර තිබේ.

    නිල ආයතනවලින් හැර වෙනත් ආයතන මගින් විවිධ උපාධි ප්‍රදානය කිරීම පිළිබඳ සොයා බැලීමට පත් කෙරුණු උසස්‌ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා ඇතුළු අමාත්‍ය කමිටුව විසින් එම තීරණය ගෙන තිබේ. ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර ගුණ සමරු පදනම, ජාතික සම්මාන උපාධි සරසවි ආයතනය, ශ්‍රී ලංකා විශ්ව සමාධි පදනම, ධර්මපාල ඕල්කට්‌ ගුණ සමරු පදනම, විවෘත ජාත්‍යන්තර වෛකල්පිත විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා සමාජ සේවා සුබ සාධක සම්මේලනය, ශ්‍රී ජයවර්ධනපුර ලංකා ජාතික සංස්‌කෘතික පදනම, සියලු ජාතීන්ගේ සමගි සංවිධානය, සමාජ සුබ සාධන ආචාර්ය උපාධි ආයතනය, සාමදාන විනිශ්චයකාර මානව හිමිකම් සංවිධානය යන ආයතනයන්ට මෙම තහනම පැනවේ.

    ReplyDelete
  6. //මෙම සමේලනයේදී කටු චිකිත්සාවේ සම්භවය ඇති වූයේ අතීත චීනයේ නොව අතීත ශ්‍රී ලංකාවේ බව වෛද්‍ය ඇන්ටන් ජයසූරිය ප්‍රසිද්ධියේ පවසන ලදි.//
    A friend of mine got a doctorate awarded by Dr.Jayasuriya's outfit for a thesis on the relationship between archery and acupuncture. I think it was about a Chinese guy getting cured of an illness after getting shot.

    ReplyDelete
  7. මේ MBBS ජයසූරියගේ මුහුණ මා දන්නා වෙනත් MBBS ජයසූරිය කෙනෙකු ගේ මුහුණට ඉතාමත් සමානයි.

    ReplyDelete
  8. මේ ව්‍යාපාරය තවමත් ඉතා ජයට කෙරෙන බවත්, දැන් උපාධි දෙන්නේ එම විශ්වවිද්‍යාලයේ විදෙස් ශාක වලින් බවත්, ඇන්ටන් ජයසූරියට රෝල්ස් රොයිස් හයක් තිබූ බවත්, හෝටල් හතරක් තිබූ බවත් දැනට ලියා තියන්නම්.

    ReplyDelete
  9. මේ වගේ දේවලුත් වුනානේ මේ රටේ.


    //////මර්වින් සිල්වාට ආචාර්ය පදවියක් ලබා දීම පසුපසද සිටියේ වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස්‌ බව හෙළි වී තිබේ.# තමන්ට ආචාර්ය උපාධියක් ලැබුණු අන්දම මර්වින් සිල්වා අමාත්‍යවරයා විසින් රසදුන ටැබ්ලොයිඩ් පුවත්පත වෙත හෙළි කර ඇත්තේ මෙසේය
    “මං පසුගිය කාලයේ දොස්තර ඇන්ටන් ජයසූරිය කටු චිකිත්සාව පිළිබඳ ලොකුම දොස්තර සමඟ සාකච්ඡා වට කීපයක් පැවැත්වුවා. ඉතිහාසය, දර්ශනය, සමාජ විද්‍යාව, කටු චිකිත්සාව, සංස්කෘතිය,බුදුදහම, ආයුර්වේදය මේ හැම දෙයක් ගැනම සාකච්ඡා කළා. මේ සාකච්ඡාවලදි එතුමාත් දොස්තර ගීතාංජන මෙන්ඩිස් මහත්තයත් දොස්තර අශෝකාත් තේරුම් ගත්ත මා විවිධ විෂයයන් සම්බන්ධයෙන් ප්‍රඥාගෝචර බව. ඉස්කෝලෙ සහතිකේ එකක්. ප්‍රඥාව පිළිබඳ සහතිකය තව එකක්. චීන කටු චිකිත්සාව පිළිබඳ ඉතිහාසය මා ඒ අයට කියා දෙන විට ඔවුන් ඇසුවා ඔබ කොහින්ද මේ තරම් දැනුමක් ලැබුවෙ කියල. මා කීවා මැදමුලන වලව්වේ ඩී.ඒ.රාජපක්ෂයන් ඇසුරේ ඒ සම්භාවනීය පිරිස් මැද ජීවත් වන කාලේ ඉඳන්ම මාත් පොතපත කියෙව්වා. සාකච්ඡා සම්මන්ත්‍රණවලට ගියා, දැනුම ලැබුවා කියලා. මගේ යම් බලාපොරොත්තුවක් තිබුණේ නෑ මෙවැනි උපාධියක් ගැන. ඒත් දොස්තර ගීතාංජන මෙන්ඩිස් ප්‍රමුඛ ඒ කණ්ඩායම දොස්තර ඇන්ටන් ජයසූරිය වෙතින් මට ආචාර්ය උපාධිය පිරිනැමුවා.////////////////

    ReplyDelete
    Replies
    1. විනෝද සමය පිටපතකට නම් නියමයි

      Delete
  10. ඇන්ටන් ජයසූරිය මියයනවිට රොල්ස් රොයිස් 6ක හිමිකකරුවෙක්. ඒ වගේම ඔහු පදිංචිව සිටි නිවස (හෝ ඊට කලකට පෙර සිටි නිවසක්) ඔහුගේ කලකට පෙර අතිජාත මිතුරෙක්වූ රත්නාලෝක මුදලාලිට කොකා පෙන්වා අයිතිකරගත් එකක් යයි ඕපාදූපයක්ද අසා තිබේ. රත්නාලෝක මුදලාලි සහ ඇන්ටන් ජයසූරිය වටා ගෙතුන ඇත්තද බොරුද කීමට හරියට නොදන්නා කැත කතා රාශියක් මා කලුබෝවිල පදිංචිව සිටි කාලයේ අසා තිබේ. ඇන්ටන් ජයසූරිය නිසා ගොඩගිය ලිස්ට් එකේ ඉහලින්ම සිටින කිහිප දෙනා අතරට කලුබෝවිල ජයරත්න මල්ශාලාව ඉදිරිපස සිටින ලකී ටේලර්ස් එකතුවෙන්නේ කටු චිකිත්සාව ඉගෙන ගැනීමට එන සුද්දන්ට යුනිෆෝම් මැසීමෙනි.

    ReplyDelete
    Replies
    1. රත්නාලෝක මුදලාලි ගේ පුතා අපේ ඉස්කෝලෙ හිටියේ

      Delete
  11. චීන කටු වෛද්‍ය ක්‍රමවේද වලින් ප්‍රතිපල ලැබිය හැකිද ? ඇත්තටම රෝගීන් සුවකළ හැකිද ?

    ReplyDelete
    Replies
    1. සමහර රෝග සුව කරන්න පුලුවන්

      Delete
    2. ඒ කුමන රෝග දැ යි සඳහනෙක් කළ හැකි ද?

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook