Saturday, September 23, 2017

කොලඹ ආනන්දා මහා විද්‍යාලයේ පාසල් ගීතය කැප කොට තිබෙන්නේ බ්‍රිතාන්‍ය රොක් ගායක ඩේවිඩ් බෝවි (David Bowie ) වෙනුවෙන්ද ?



කොලඹ ආනන්දා මහා විද්‍යාලයේ පාසල් ගීතය කැප කොට තිබෙන්නේ බ්‍රිතාන්‍ය රොක් ගායක ඩේවිඩ් බෝවි (David Bowie ) වෙනුවෙන්. එම පාසල් ගීතය ආරම්භයේම මෙසේ කියවෙනවා. ..... දින දින කිතු ගොස බෝවී . එහි තේරුම නම දිනෙන් දින ඩේවිඩ් බෝවි ගේ කීර්තිය වැඩේවා කියාය​. එසේම ඩේවිඩ් බෝවි ගේ කීර්තිය මෙන්ම ආනන්දා මාතාවද වැජබේවා කියාය.
දින දින කිතු ගොස බෝවී -වැජබෙනු අනදප මාතා
සුදිලී - ජයවී -ලොවෙහී සාදා දීලා සිප්සත හා -
කල ද විනී ද පහදා එදිතර සින්හල දරු කැල සදලා
දින දින කිතු ගොස බෝවී - වැජබෙනු අනදප මාතා
ලකෙහි බෝ අනන්දේ පතුරා අනද තෙරුන් සේ ලෝ වැඩ සලසා
පේවී සේවේ නිසා වෙසේවා පමාද නොවෙමූ
තිලෝනා දෙසූසේ දින දින කිතු ගොස බෝවී -
වැජබෙනු අනදප මාතා.............

(ආනන්දා මහා විද්‍යාලයට අපහාස කලා කියා එකෙක්වත් කියන්න එපා . අයියලා 3 දෙනෙක් ආනන්දියන්ස්ලාය​. අම්මා ආනන්දේ වසර 10 ඉගැන්නුවේය​ )

එම ගීතය මෙතනින් ග්‍රවණය කල හැකිය https://www.youtube.com/watch?v=TP8Y9YrAYOw

8 comments:

  1. අම්මපල්ලා මොකද මේ දෙබර වලට ගල් ගහන්නේ?

    ReplyDelete
  2. ආනන්දා නෙවෙයි ආනන්ද නේද?

    නාලන්ද නෙවෙයි නාලන්දා හින්ද ආනන්දා කියල ලිව්වද?...:)

    ReplyDelete
  3. අපේ පාසැල් කාලෙට යන්නවත් හිතුනාද?...??

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook