Saturday, November 12, 2016

සෙංකොට්ටං - ග්‍රාමීය රෝහලකදී





මිනිපේ ප්‍රදේශයේ ග්‍රාමීය රෝහලක ස්ථාන භාර වෛද්‍යවරයා ලෙස සේවය කරමින් සිටියදී විවිධ අත්දැකීම් මම ලැබුවෙමි. මෙම රෝහලේ පිරිමි සහ ගැහැණු ලෙස නේවාසික වාට්ටු දෙකක් තිබූ අතර අතිරේක මාතෘ වාට්ටුවක් ද විය​. එම නිසා දළ වශයෙන් රෝගීන් 20 - 30 අතර ප්‍රමාණයක් මෙකී රෝහලේ දෛනිකව නේවාසිකව ප්‍රතිකාර ලැබූහ​. 

මම මේ රෝහලට පැමිණ මාස හයක් ගතවූ කල රෝහලේ රෙදි සේදීමේ කොන්ත්‍රාත්තුව කල හසලක ප්‍රදේශයේ පුද්ගලයා සෞඛ්‍යය අමාත්‍යාංශයෙන් ගෙවන මුදල මදියි කියමින් කොන්ත්‍රාත්තුව අවසන් කරන ලදි. ඔහු කරන ලද්දේ   මහ නුවර දෙයියන්නේ වෙළ ප්‍රදේශයේ රෝහල් රෙදි සෝදන මිනිසුන්ට අපගේ රෝහලේ රෙදි යවා සෝදා ගෙන්වීමයි. ඒ නයින් ඔහු අතරමැදියෙකු විය​. 

මේ නිසා අප මුහුණ දුන්නේ බරපතල ගැටළුවකටය​. රෝහලේ රෙදි නොසේදීම නිසා කිළිටි රෙදි ගොඩ ගැසෙන්නට විය​. මෙම හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් සෞඛ්‍යය සේවා අධ්‍යක්‍ෂකවරයා වූ පිළපිටිය මහතා 1995 වසරේ දිනෙක අපගේ ග්‍රාමීය රෝහල වෙත ආවේය​. 

පිළපිටිය මහතා  කාරුණික පුද්ගලයෙකි. එසේම ප්‍රායෝගිකව ගැටළු විසඳීමේ දක්‍ෂයෙකි. රෝහලට පැමිණි පිළපිටිය මහතා " ඩොක්ටර් රෙදි හෝදගන්න මේ ගමෙන් කවුරුවත් හොයා ගන්න බැරිද? කියා මගෙන් ඇසීය. ​රෝහලේ රෙදි සේදීමට ගමෙන් සොයා ගත හැකි පුද්ගලයා කවරෙකුද කියා මම රෝහල් කාර්‍ය මණ්ඩලයෙන් ඇසූ විට රෝහල් කම්කරු විජේරත්න බණ්ඩා සිමං නයිදේ වැනි නමක් තිබූ පුද්ගලයෙකු ගැන කීවේය​. ඔහු මීට වසර දහයකට පමණ උඩදී ලොන්ඩරියක්ද දමා තිබුනි. මේ නිසා මා විජේරත්න බණ්ඩා අමතා වහාම  සිමං නයිදේ රෝහලට කැඳවාගෙන එන ලෙස කීවෙමි. හිතවතෙකුගේ බයිසිකලයක් ඉල්ලාගත් විජේරත්න බණ්ඩා පියාඹා ගියේය​. 

පැය භාගයකට පමණ පසු විජේරත්න බණ්ඩා සිමං නයිදේ සමග මගේ කාර්‍යාලය ඉදිරිපිට පෙනී සිටියේය​. මම සිමං නයිදේ දෙස බලා මෙසේ කීවෙමි. " මේ අපේ අධ්‍යක්‍ෂකතුමා , මේ සර් හෝදන කෑල්ලකට දෙන ගාන රුපියල් දෙකකින් වැඩිකරන්න අනුමැතිය දුන්නා , සර් කියන්නෙ වෙන කාටවත් කොන්ත්‍රාත්තුව නොදී ගමේ කෙනෙක්ට දෙන්න කියලා. ඒකයි මම ඔයාට කතා කලේ , ඔයා ගමේ කෙනෙක් නිසා" 

මා මෙසේ කීවද අමුත්තා කිසිවක් නොකියා මා දෙසත් පිළපිටිය මහතා දෙසත් බලන්නට විය​. මොහුට මා කී දෙය නොතේරුනු බව සිතා මම යලිත් ඔහුට ඒ දෙයම කීවෙමි. එහෙත් ඔහු ගල් ගිල්ලාක් මෙන් සිටියි. මේ නිසා නොසන්සුන් වූ මා " මොකද කියන්නේ රෙදි හෝදන කොන්ත්‍රාත් එක භාර ගන්න කැමතිද ? කියා ඇසුවෙමි. 

" මොන රෙදිද සර් මම රෙදි හෝදන්නේ නෑ " කියා ඔහු කීවේය​. කොතන හෝ වැරැද්දක් වී ඇති බව සිතුනු මා " ඔයා සිමං නයිදේ නේද ? කියා ඇසුවෙමි. 

"නෑ මම ලෙව්කෙ බණ්ඩාර "කියා අමුත්තා කීවේය​. මම ඔහුව පිටත් කරවා විජේරත්න බණ්ඩාට ඩෝස් එකක් දීමට යත්ම " සර් ඔය සිමං නයිදේ තමයි දැන් නම වෙනස් කරගෙන "කියා විජේරත්න බණ්ඩා කීවේය​. 

දැන් කුමක් කරම් ද ? මම ගමේ පුද්ගලයෙකු මේ සඳහා සොයා ගැනීමට උත්සහ කරන බව පළාත් සෞඛ්‍යය සේවා අධ්‍යක්‍ෂකවරයාට කීවෙමි. මොහොතකට පෙර සිදුවූ අලකලංචිය සහ සුද්දෙන් තේරුම් ගත් පිළපිටිය මහතා මඳ සිනාවක් පා යන්නට ගියේය​. 

දින දෙකකට පසුව විජේරත්න බණ්ඩා අහිංසක පහේ පුද්ගලයෙකු කැඳවාගෙන ආවේය​. මම නම් ගම ඇසීමට ප්‍රථම ඔහු  රෝහලේ රෙදි සේදීමට කැමැත්ත ප්‍රකාශ කලේය​. එම නිසා මම ඔහුට රෙදි සේදීමේ කොන්ත්‍රාත්තුව දුන්නෙමි. 

මොහු සිමං නයිදේ ගේ ඤාතියෙකි. මේ පුද්ගලයා රෝහලේ රෙදි සේදීමට ගත් විගස එය නවතා දමන්න කියා සිමං නයිදේ ගෙන් බලපෑම් එන බව මට ආරංචි විය​. එහෙත් මේ දුගී පුද්ගලයා බැණුම් අසමින් රෝහලේ සැරව ලේ වැකුණු රෙදි පොට්ටනි කරෙන් ගෙනියමින් සෝදාගෙන ආවේය​. 

මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් සෞඛ්‍යය සේවා අධ්‍යක්‍ෂක කාර්‍යාලයේ ලිපිකරුවන්ට මේ දුප්පත් මිනිසුන් ගේ බඩගින්න නොතේරෙති. එම නිසා සමහර විට මේ පුද්ගලයාට නියමිත චෙක්පත ප්‍රමාද කරති. එවිට ඔහු මම වාහනයට නගින විට යාප්පුවෙන් පැමිණ කරේ තිබෙන ලේන්සුව අතට ගෙන හිස නවා " සර් මගේ සල්ලි මේ මාසේ ආවේ නෑ " කියයි. මම ඔහුගේ දෙනෙත් වලින් දුප්පත්කම , නිවට බව , යටහත්   පහත් බව , අසරණකම දකිමි. මගේ සිත මොහු ගැන අනුකම්පාවෙන් පිරී ගියද හිත තදැති හමුදා නිලධාරියෙකු සේ මම මුහුනින් කිසිවක් නොපෙන්වා  ඒ විගසම මැලේරියා එකේ මිල්ලපතනව කැඳවා පළාත් සෞඛ්‍යය සේවා අධ්‍යක්‍ෂකට මේ ගැන දන්වා ලිපියක් සකස් සකස් කරන ලෙස කියමි. 

මම දිවා ආහාරය ගෙන රෝහලට එන විට මිල්ලපතන ලිපිය ටයිප් ගසා මගේ මේසය මත තබා ඇත​. මම එය අත්සන්කර එදිනම තැපැල් කිරීමට ලයනල්ට දෙමි. එහෙත් යලි මාස දෙක තුනකින් සෙංකොට්ටං අසරණයා පැමින ඔහුගේ ගෙවීම් ප්‍රමාද බව කියයි. එවිට මා යලිත් මිල්ලපතන අමතමි. 

මම මේ රෝහලෙන් මාරුවී එන කාලය පුරා මේ පුද්ගලයා රෝහලේ කුණු රෙදි සේදීය​. ඔහුට ගම්මු සහ රෝහල් කාර්‍යමණ්ඩලය ගරුත්වයකින් සලකනවා මම නොදුටුවෙමි. එහෙත් මාරස්සන ප්‍රදේශයේ පිරිහුණු උඩරට පරම්පරාවකට අයත් වූ සෝමාවතී නම් උපස්ථායකවරිය මේ පුද්ගලයාට කරුණාවෙන් කතා කරනවා වරක් මම දුටුවෙමි. 

තවමත් ග්‍රාමීය රෝහල් වල සෙංකොට්ටංලා රෙදි සෝදති. ඔවුන් රෝගී සුවයේ ඉතා වැදගත් රාජකාරියක් කලද සමාජය ඔවුන් ව කොන් කරති.  අපගේ සමාජය වැඩවසම් ය​. මේ තත්වය කවදා වෙනස්වේද කියා මම නොදනිමි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

44 comments:

  1. ඔබතුමා මහා උතුම් මුනිවරයෙක්. මතු බුදුවන මයිත්‍රී බෝධිසත්වයන් කෙනෙකුන්.

    ReplyDelete
    Replies
    1. නිකං බයිලා කතා කරන්න එපා ; බුද්ධිමත්ව කොමෙන්ට් කරන්න

      Delete
  2. උපස්ථායකවරියක් කරුණාවෙන් කතා කළා !!???

    හරි පුදුමජනකයි !!!!

    ආන්ඩුවෙන් සල්ලි ගන්නවා කියන්නෙ ඉතින්...ඇ‍ඟෙන් ඇටයක් ගන්නවා වගේ තමා...

    ReplyDelete
    Replies
    1. සමහරු හිතා මතා ගෙවීම් ප්‍රමාද කරනව

      Delete
  3. දැන් රිදී කුලයේ අය නෙමෙයි රෙදි අපුල්ලන වැඩේ කරන්නේ. ඉහල සම්මත කුල වල අයත් Wash hub, wash station, මොඩ් නම් දාගෙන ඩෝබි වැඩේ කරනවා.

    ReplyDelete
    Replies
    1. මම දකින හැටියට ඒක හොඳ ප්‍රවනතාවක්

      Delete
    2. හලෝ මේ 21වන සියවස. මහලොකුවට ජාති වාද, අගම්වාද වලට පයින්ගහමු කියල ටෝක් දෙනවා ඒවුනාට කුල වාද ඔලුවට ගහල!

      Delete
    3. මේ කොමෙන්ට් එකෙන් කියලා නෑනේ රිදි කුලේ අයටම රෙදි හොදන්න ඔ්නේ කියලා ඒ හින්දා ඇනෝ ඔච්චරටම හිත් රිදෝ ගන්න ඔ්නේ නෑ. අපි 21 වන සියවසේ ඉන්වා කුලමල ගනන්ගන්නේ නෑ කියන ඔයාලා වාගේ මිනිස්සු තමයි කසාද බදින්න ගියාම කුලේ හොයන්නේ. ඔ්නේ නම් ඉරිදා සිළුමිනේ හරි ලංකාදිපේ මංගල තිරේ බලාගත්තාම ඒක සහසුද්දෙන්ම දැන ගන්න පුළුවනි. ඇනේ සිහිබුද්ධියෙන් යුතුව කොමෙන්ට් කලා නම් හොදයි නිකං වලිගේ පාග ගන්නේ නැතිව.

      Delete
    4. කුල පීඩනයේ එක් ප්‍රතිපලයක් තමයි 71 කැරැල්ල ඒ වගේම 88-89 මේ කැරලිවලට සහභාගී වූ 90% කුල පීඩනය නිසා විඳවූ අය

      Delete
    5. @කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)November 13, 2016 at 12:58 AM

      අපොයි ඔව් උඩ තියෙන කොමෙන්ට් එකන් පේනවා කව්ද කුල වදම් ඔලුවේ පුරෝගෙන ඉන්නේ කියල.

      Delete
    6. 71- 88/89 කැරලි විතරක් නොවෙයි දෙමළ ජාතිවාදි හා LTTE ත‍්‍රස්තවාදි කල්ලි වලටවත් එකතුවුනේ ඔය කියන කුලභේදය දෙමළ ජනයා අතරත් ගොඩාක්ම තිබුන නිසයි.

      Delete
  4. අපෙ මිනිස්සුන්ගේ මොළ අපුල්ලලා පිරිසිඳු කරන එක ලේසි නැහැ. දැන් ඉස්සරට වඩා හොඳ ඇති. සෙන්කොට්ටං මම කියවපු හොඳ පොතක්.

    ReplyDelete
  5. සෑම කෙනෙකුටම කරුණාව දැක්වීමට අප මැදිහත් වන විට ඔය තත්ත්වය වෙනස්කල හැක.........මම එය රෝහල තුල කලෙමි...........

    ReplyDelete
  6. තාමත් මිනිස්සු කුල මල හිතේ තියාගෙන ඉන්න එක කිසිම තේරුමක් නැති වැඩක්.
    ඔය වගේම ප්‍රාදේශීය සභා, නගර සභා වල සනීපාරක්ෂක කම්කරුවොත් කරන්නෙ ලොකු සේවයක්.

    ReplyDelete
    Replies
    1. නගර සභා වල සනීපාරක්ෂක කම්කරුවොත් කරන්නෙ ලොකු සේවයක්///// ++++++

      Delete
    2. වරදවා හිතන්න එපා මම මෙහෙම කිව්වට..ඔය මොනම රස්සාවක්වත් ලොකු සේවයක් නෙමේ රැකියාවක්. අපි අපේ රස්සාව හරියට කරනවා නම් ඒක තමයි සේවාව. මම හිතන්නේ ශ්‍රීලාංකික අපි එහෙම හිතන්න පුරුදු වෙන්න ඕන. අපි පඩියක් ගන්නවා නම් ඕනම රස්සාවක් සේවයක් තමයි. අපි පටලවගෙනද කියලා හිතෙනවා. අපි පොඩ්ඩක් පසුගාමියිද ?

      Delete
    3. අපි පඩියක් ගන්නවා නම් ඕනම රස්සාවක් සේවයක් තමයි.

      Delete
    4. අපේ රටේ ගෑනු හවුස් මේඩ් විදිහට මැදපෙරදිග ගිහිල්ලා පැය 10ක් 12ක් කන්න නැතිව ගුටිකකා වැඩ කරන්නේ මහ ලොකු පඩියකට නෙමෙයි. එත් එයාලම මේ රටේ ටිකක් අඩු පඩියකට පැය 8ක් වැඩකරලා හවසට ගෙදර යන්න තිබුනානම් කොච්චර හොදද. එත් එහෙම වෙනනේ නැත්තේ අපේ රටේ ගෙවල් වල වැඩ කරන වැඩකාරි කියන නම හරි නැති කැත නිසයි. තමන් වැඩ කරන ආයතනයේ වැසිකිලි පිරිසිදු කරන තැනැත්තා එක නොකලානම් තමන්ටම ඒ වැඩේ කරගන්න වෙනවා. එහෙම නම් ඒ පුද්ගලයා කරන්නේ රැුකියාවක් ලෙසින් සලකලා මනුස්සයාව පහත් කිරිම නොකල යුත්තක්. ඒත් අපේ රටේ මිනිස්සුන්ට ඔ්නාවට වඩා අනුකම්පා කරන්න ගියාම එයාලා තමන්ගේ තනතුර අමතක කරලා අයියේ මචං ලෙවල් එකටත් එනවා. දැන්නම් කුල වලට බෙදුන රස්සාවල් මිනිස්සු කරන්නේ නැති තරම්. එහෙම වෙන්නත් ඔ්නේ නෑ.

      Delete
    5. ඒත් අපේ රටේ මිනිස්සුන්ට ඔ්නාවට වඩා අනුකම්පා කරන්න ගියාම එයාලා තමන්ගේ තනතුර අමතක කරලා අයියේ මචං ලෙවල් එකටත් එනවා/////// ලංකාවට පැමින වෛද්‍යවරයෙකු ලෙස සේවය කිරීමට ගත් කාලයේ මම රෝහලේ සමාජවාදී අන්දමට ක්‍රියා කලෙමි. මිනිස් ගුණාංග බැහැර කල අපගේ බොහෝ වාමාංශිකයන් සමාජවාදය කියා සිතන්නේ ධනවත් වියාපාරිකයෙකුගේ වියාපාර ගිනි තබා ඔහු මෙන්ම ඔහු විසින් රැකියා දී තිබෙන දරු පවුල්කාරයන්ද මහ මඟට බස්සවා සියල්ලන්ම හිඟන්නන් කිරීමෙන් පන්ති රහිත සමාජයක් ගොඩනැගීමේ සිහිනයයි. නමුත් මා මේ කියන සමාජවාදය ඔය සමාජවාදය නොවේ.

      මම රෝහලේ අනෙක් වෛද්‍යවරුන්ටත් රෝහල් කම්කරුවන්ටත් සමාන ගරුත්වයකින් යුතුව සැලකුවෙමි. එසේම අනෙකුත් වෛද්‍යවරුන් මෙන් විශාල පන්ති පරතරයක් තබා නොගත්තෙමි. මෙය අනෙකුත් වෛද්‍යවරුන් ගේ දෝෂ දර්ශනයටද හේතු විය​. නමුත් කල් යාමේදී මට පෙනී ගියේ රෝහල් කම්කරුවන් ඇටෙන්ඩන්වරු රෝගීන් සම්බන්ධයෙන් මම දෙන නියෝග වලට වඩා කුඩා මිනිසුන් පෙළමින් විශාල පන්ති පරතරයක් සහිතව ආරූඩ කරගත් මහන්තත්වකමක් පවත්වාගෙන යන වෛද්‍යවරුන් දෙන නියෝග හිස් මුදුනින් පිලි ගෙන ඒවා නොපිරිහෙලා ඉටු කරන බවයි. ඉන් මම තේරුම් ගත්තේ සමහර විට සමාජවාදී ජීවන රටාවකට යාමට අපගේ මිනිසුන් තුල මානසික වශයෙන් සූදානමක් නොමැති බවයි. වැඩවසම් භාවයෙන් තැලී පොඩි වන මිනිසුන් ද වැඩවසම් ක්‍රමයට පෙම් බඳිති, එම ක්‍රමය ආරක්‍ෂා කරති.

      Delete
    6. True. I too have such experience.

      Delete
  7. අපිට නොදැනුනාට රට ඇතුලේ කුල බේදය තාමත් තදින් තියනවා. ඒකට මූලික හේතුවක් තමයි අඩු යැයි සම්මත කුල වල අයට තියෙඅ හීනමානය. ඒකට වැරැද්ද ඔවුන්ටම දාන්න බැරි සෝ කෝල්ඩ් ඉහල කුල වල අය සදා කැමතියි අර මිනිස්සු හීනමානය කරේ අරන් යනවට.
    මේ සිස්ටම් එක වෙනස් කරන්න අවුරුදු 2500 බෞද්ධ උරුමයට අද වෙනකන් බැරි වෙලා තියෙන එකම බලන්න..

    ReplyDelete
    Replies
    1. ඒකට මූලික හේතුවක් තමයි අඩු යැයි සම්මත කුල වල අයට තියෙඅ හීනමානය. ////// athha

      Delete
  8. මම හිතන්නෙ කුල ප්‍රශ්නෙ උඩරට, සබරගමුව, දකුණ වගේ පැතිවල තියෙනව. සමහර පැති සම්පූර්ණයෙන් අතෑරලා.
    කුලවාදයෙන් ගැලවීමට වඩා ජාතිවාදයෙන් ගැලවීම අමාරුයි

    ReplyDelete
    Replies
    1. මේ දෙකම පසුගාමී සමාජ වල ලක්‍ෂණ

      Delete
  9. අඩු කුලේ කියලා අසරණයා
    මැඩලන්නේ මෙලෝකේ....

    වසලයා.... වසලයා....

    ReplyDelete
  10. //අපගේ සමාජය වැඩවසම් ය​. මේ තත්වය කවදා වෙනස්වේද කියා මම නොදනිමි. //
    -----වැඩවසම් ක්‍රමය ඉස්මුදුනින් පිළිගන්න, වහලෙක් වෙන එක ගෞරවයක් විදියට සලකන මේ නිවට ජනතාව ඉන්නකන් ඕක වෙනස් වෙන්නනේ නැහැ දොස්තර මහත්තයෝ...

    ReplyDelete
    Replies
    1. මේ තත්වය මම බොහෝ දුරට දැක තිබේ

      Delete
  11. අදටත්, සමාජවාදය වෙනුවෙන් ජීවිතය පරදුවට තබා,සෙංකෝලය වුනත් උස්සාගෙන දුවමින්, අහිංසක, පීඩිත, ජනතාව වෙනුවෙන්, පාර්ලිමේන්තුවේදී අඩව් අල්ලන, අර රැවුල් ගොයියාට, උන්නැහේගේ ගමේදී කවුරුත් කතා කරන්නේ 'අප්පෝ' කියලා. අප්පොගේ නිවස පොදු ජනතාවට වැහිලා. අප්පෝ..........අප්පොගේ සමාජවාදේ රෝල් කරලා ගහගන්න අප්පොගේ අහවල් තැන.

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නේ අර ප ..ය ගැන නේද ?

      Delete
  12. ගාර්මන්ට් වල මහන ළමයින්ටත් ඔය වගේ අඩු වටිනාකම් දුන්නා ඒ නිසා තමයි ලොකු ගනනක් ගෙවල්වත් දැන් ළමයි හොයා ගන්න බැරි
    හොද පොස්ට් එකක්
    මම කියවපු හොද පොතක්

    ReplyDelete
  13. 'ඕකා කවුද අපට අණ දෙන්න.ඉස්සර අපේ රෙදි හෝදපු උං' කියමින් නිදහස් අධ්‍යාපනයට ද හෙණ ඉල්ලන ප්‍රභූන්(?) සහ 'මේ තමයි අපේ උරුම කරුමේ' කියමින් කඹුරන්නන් දාසයන් ද අදටත් හිඟ නොමැත.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. නිදහස් අධ්‍යාපනයට ද හෙණ ඉල්ලන ප්‍රභූන්///////////// apoyi

      Delete
  14. තත්වය කෙසේ වෙතත් රෙදි සේදීම හොඳ ගානක් හොයාගන්න පුළුවන් වෘත්තියක් බව මම දැනගත්ත පහුගිය දවසක ආපු ලියුමකින්. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් ටෙන්ඩර් කරන, ග්‍රාමීය රෝහල්වල රෙදි සේදීමේදී කෑල්ලකට ගෙවන ගාන බැලුවම ඒක හොඳ වෘත්තියක්.

    ReplyDelete
  15. hey doc, why didn't you suggest to procure washing machine, the money spent for the laundry man would have been sufficient for the purchase a washing machine.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook