Friday, July 29, 2016

කෝස්ත්යා ගේ පියා



හිමෙල්නීස්කි නගරයේදී මට කෝස්ත්යා ගේ පියාව මුණ ගැසුනි. ඒ වන විට වැන්දඹුවකව සිටි ඔහු ශාරීරිකව දුබලය. නමුත් ඔහුගේ මතකය ඉතා තියුණුය​. මේ මහළු යූක්‍රේනියානු ජාතිකයා නට්සි ආක්‍රමණය නිසා ක්‍ෂිතිමය අත්දැකීම් ලැබූවෙකි. එහෙත් ඔහු ජර්මානුන්ට වෛර නොකරයි. 

ගෝවා යහමින් දැමූ බෝර්ෂ් සුප් කෝප්පයක් බොමින් මම ඔහුට සවන් දුන්නෙමි. කෝස්ත්යා පියාගේ කතාවට සවන් නොදෙයි. මේ කතාව සියවැනි වරටත් ඔහු අසා තිබෙනවා විය හැකිය​. නමුත් මේ මහල්ලාගේ කතාව මා අසා සිටියේ අභිරුචියෙනි. 

ජර්මානුන් දෙවන ලෝක මහ යුද්දයේදී යූක්‍රයීනය ආක්‍රමණය කල විට සමහරක් යූක්‍රයීන ජාතිකයන් පාන් සහ ලුණු පිරිනමා ජර්මානුන් පිලිගත්හ​. නමුත් සමහරක් පර්ටිසාන් භටයන් වී ජර්මානුන්ට එදිරිව සටන් කලහ​. සිවිල් ජනතාව මේ යුද්දයට මැදිව සිටියහ​. 

එවකට නව යෞවන වයසේ සිටි කෝස්ත්යා ගේ පියා ඇතුළු තරුණයන් පිරිසක් අතඩංගුවට ගත් නට්සීන් ඔවුන්ව ජර්මානියේ වහල් සේවය සඳහා පිටුවහල් කරන ලදි. කෝස්ත්යා ගේ පියා ජර්මානියේ රූර් ප්‍රදේශයේ ගල් අඟුරු ආකරයක වැඩ කලේය​. ඔවුන් දිනකට පැය 18 පමණ කාලයක් වැඩ කලෝය​. අාහාර සඳහා ඔවුන්ට ලබා දෙන ලද්දේ කියත් කුඩු හා පිටි ස්වල්පයක් මිශ්‍ර කොට තනන ලද පාන් ය​. එසේම ආහාර ප්‍රමාණය ඉතා අවම විය​. මේ නිසා වසරක් ගත වන විට යූක්‍රේනියානු වහල් සිරකරුවන් ගෙන් භාගයකට වඩා මිය යන ලදි. සමහරු ඝාතනයටද ලක් වූ බව මහල්ලා පවසයි. 

කෙසේ නමුත් කෝස්ත්යා ගේ පියා පණ ගැට ගහ ගත්තේය​. යුද්ධය අවසන් වන තෙක්ම ඔහු ජර්මානුවන් ගේ වහල් සේවකයෙකු විය​. අවසානයේදී රතු හමුදාව ඔවුන්ව නිදහස් කරගෙන සෝවියට් දේශයට එවන ලදි. නිදහස් වී සෝවියට් දේශයට ආවද ඔවුන්ට නිදහසක් නොවීය​. ඉන් පසුව එන් කේ වී ඩී සෝවියට් රහස් පොලිසියේ දීර්ඝ ප්‍රශ්න කිරීම වලට ඔවුන්ව ලක් කරන ලදි. 

සෝවියට් යුද සිරකරුවෙකු ජර්මානුන් ගෙන් පළා ආවද සෝවියට් දේශයේදී ඔහු අපරාධකරුවෙකු ලෙස සලකනු ලැබීය​. සමහර සෝවියට් යුද සිරකරුවන් ජර්මානුන් තොග පිටින් මරා දමා යළි සෝවියට් දේශයට ආවද ඔවුන්ව වීරයන් ලෙස නොසලකන ලදි. ඔවුන් දෙස බලන ලද්දේ ඉතා සැකයෙනි. 

මිනිසෙකුගේ ඉරණම යන කෙටි කතාව ලියූ  මිඛායෙල් ශෝලෝහොව් රතු සොල්දාදුවෙකු වූ   අන්ද්රේ සකලෝෆ් ජර්මානු මේජර්වරයෙකු ජීවග්‍රහණයෙන්  අල්ලාගෙන සෝවියට් යුද සීමාවට පළා එයි. පසුව ඔහුට වීරත්වය සඳහා පදක්කමක් නිර්දේශ කරයි. එහෙත් මෙම කෙටි කතාව හිතළුවක් බව ඇලෙක්සැන්ඩර් සොල්ස්ත්සිනෙත්‍ෂින් පවසයි. තත්‍ය තත්වයන් යටතේ අන්ද්රේ සකලෝෆ් ට එන් කේ වී ඩී වෙතින් ලැබෙන්නේ උන්ඩයක් බවත් ඇලෙක්සැන්ඩර් සොල්ස්ත්සිනෙත්‍ෂින් පෙන්වා දෙයි.  
 
කෙසේ නමුත් බ්‍රෙශ්නෙව් යුගය වන විට කෝස්ත්යා ගේ පියා වැනි පුද්ගලයන් ගැන රාජ්‍ය තව දුරටත් චින්තාපර නොවේ. ශීත යුද සමයේ ඔවුන්ට නව සතුරන් සිටිති. මේ නිසා කෝස්ත්යා ගේ පියා පිරිහුණු කායික මානසික තත්වයෙන් යූක්‍රයීනයේ කුඩා නගරයක් වන හිමෙල්නීස්කි නගරයේ පදිංචි වේ. ඉන්පසු ක්‍රමක් ක්‍රමයෙන් යලිත් තම ජීවිතය ගොඩ නගා ගනියි. 

නටසි ජර්මනියේ වහලෙකු වූ ද ජර්මානියෙන් කිසිදු වන්දියක් ද නොලැබූ කෝස්ත්යා ගේ පියා අද දිනයේ ජීවතුන් අතර නැත​. එහෙත් ඔහුගේ කතාව ලෝකයා දැනගත යුතු නිසා මම එය ලේඛනගත කලෙමි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

16 comments:

  1. මටනම් අදහාගන්න බෑ. මේ වගේ කතාවක් ඇහුවමයි. බොහොම වටිනා ඓතිහාසික තොරතුරු.

    ReplyDelete
    Replies
    1. මේ වගේ මිලියන ගානක් වහල් සේවයට ගෙන ගියා

      Delete
  2. මම ඉස්සර හිතා හිටියේ කියත් කුඩු කියන්නේ කියත පිරීගෑවාම ඉතිරිවෙන යකඩ කුඩුය කියා, අපි පුංචි කාලේ කියත් කුඩු එකතු කරලා නිලා හැදුවා. ඉතින් හිට්ලර් වටිනා කියන යකඩ කුඩු හිරකාරයන්ට කන්න දුන්නේ ඇයි කියා අවුලක් මට ඒකාලේ තිබ්බා, අද තමා මගෙ මීටරේ වැඩකළේ කියත් කුඩුය කියන්නේ සිංහලෙන් saw dust වලට නේ.

    හ්මෙල්නිස්කි පැත්තේ හොහෝල් ලා රුසියනුවන්ට වඩා ජර්මානුවන්ට කැමතී නේද?

    ReplyDelete
    Replies
    1. එහෙමත් ප්‍රවනතාවයක් තියනවා

      Delete
  3. ඒක හරිම අසාධාරණයක් නේ...

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද කෘර ලෝකය

      Delete
  4. යුද්ධය කොයි තරම් කුරිරුද ? ඔබ අපි නොදන්නා බොහෝ දේ ගැන අප දැනුවත් කරනවා .තුති !

    ReplyDelete
  5. ඔව්න් මානසිකව කොතරම් විඳවන්න ඇද්ද..?? ඛේදජනකයි
    ජයවේවා..!!

    ReplyDelete
  6. කව්රු මොනවා කිවත් සෝවියට් පාලනය මිනිසුන් තලා පෙලා දැම්මා කියන එක කිව යුතුමය. එයම හේතුවක් උනා අනුව දශකයේ සොවියට් පාලන තන්ත්‍රය බිඳ වැටීමට.

    කෙසේ නමුදු මා සෝවියට් දේශයට ආදරය කරමි. සෝවියට් දේශයේ ඈත ගම්මානයක ශීත කාලයේ දුම්රියෙන් ගමනක් යාමට , වොඩ්කා රස විඳීම කොතරම් මිහිරිද. හිමෙන් වැසී ගිය සයිබීරියාවේ සංචාරය කිරීම් කොතරම් අශ්වදජනකද .

    ඒවගේම සෝවියට් සාහිත්‍යට මා ඉතා තදින් ආදරය කරමි. ඉස්සර කියවපු සෝවියට් ළමා නවකතා කොච්චර ලස්සනද . ඒ ළමා කතා තවමත් මගේ ඔලුවේ රැඳී පැවතී. සෝවියට් පරිවර්තනවලදී දැදිගම රොද්‍රිගෝ ගේ සේවය අති විශිෂ්ටය. එතුමාගේ ලේකන කලාව තුලින් අපව නිතැතින්ම පැරණි සෝවියට් දේශය කරා ගෙන යයි.

    ReplyDelete
    Replies
    1. සෝවියට් දේශයේ හොඳ දේවල් බොහොමයක් තිබා, නමුත් නිලධාරීවාදය එය විනාශ කලා

      Delete
  7. මිඛාහිල් ෂොලහෙව් ගැන නොයෙකුත් කතා තියෙනවා නේද?

    ReplyDelete
  8. අපූරු වියමනක්

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook