Thursday, July 21, 2016

වතුරෙන් දුවන කාර්

 


විජය උඳුපිටිය මහතා මගේ හිතවතෙකි . එසේම 1971 කැරැල්ල පිලිබඳව මම පොතක් ලියන සමයේදී මට උපකාර කලේය​. 

විජය උඳුපිටිය මහතා දේශීය වියාපාර වලට අත හිත දෙන්නෙකි. එම නිසා වරක් සිළුමිණ  පුවත් පතේ නිහාල් පී.අබේසිංහ විසින් වතුරෙන් දුවන වාහන  එන්ජිමක් නිපැයූ පුද්ගලයෙකු පිලිබඳව වාර්තාවක් කියවා ඔහු මෙම නව නිපැයුම්කරුවාට අත හිත දීමට ඉටා ගත්තේය​. 

ලංකාවේ පත්තර වාර්තාකාරයන් වනාහී අමුතු ජීවීන් කොටසක් වෙති. ඔවුන් කිසිදු වග විභාගයක් නොමැතිව වතුරෙන්  දුවන කාර් , හුලඟින් වැඩ කරන ලොරි , ඩෙංගු පිලිකා සුව කරන ඉසිවරයන්  ගැන වාර්තා ගෙඩි පිටින් දමන්නන් වෙති​. පසුව බලන විට මේ නව නිපැයුම්කරුවන්  , ඉසිවරයන් සහ ඩෙංගු හාමිනේලා ලෝක හොරු ය​. නැතහොත් මානසික රෝග වලින් පෙලෙන්නන් ය​. 

මිනිසුන් මේ කපටීන් පසු පස ගොස් අතේ තිබෙන මුදල හෝ තිබෙන සෞඛ්‍යය හානි කර ගත්තාට මේ ඊනියා පත්තරකාරයන් වගකීමක් දරන්නේ නැත​. සක්විතිට තම හොර වියාපාරය සරුවට කරගෙන යාමට මුලදී අත හිත දුන්නේ මේ ඊනියා පත්තරකාරයන් බව අපට අමතක නොමැත. 

යළිත් අප විජය උඳුපිටිය මහතා වෙත යොමු වෙමු. වතුරෙන් දුවන වාහන එන්ජින් හදන රුසියාට අත දීමට උඳුපිටිය මහතා කැමති විය​. ඒ සඳහා ඔහු තමාගේ වාහනයක් ද මේ විජ්ජාකාරයාට දුන්නේය​. විජ්ජාකාරයා උඳුපිටිය මහතා ගෙන් මුදල් ද ගෙන වතුරෙන් දුවන එන්ජිම හදා දෙන්නට පොරොන්දු විය​. 

මෙසේ මාස ගනනක් ගත විය. විජ්ජාකරුවා නොයෙක් නොයෙක් උපාංග වලට කියා  විජය  අයියාගෙන් මුදල් කඩා ගත්තේය​. ටෙස්ට් රයිඩ් යනවා කියා ඔහුගේ මිතුරන් සමග රට වටා චාරිකාවල ගියේය​. නමුත් වතුරෙන් දුවන එන්ජින් එක නම් හැදුනේ නැත​. අවසානයේදී මොහු කරන්නේ ප්‍රෝඩාවක් බව වැටහී  උඳුපිටිය මහතා මොහු ගැන පොලිසියට පැමිණිලි කරන ලදි. මේ පුද්ගලයා වතුරෙන් දුවන එන්ජින් සාදනවා කියා තවත් අය ගෙන් මුදල් අරගෙන තිබුනේය​. එම නිසා   මුදල් වංචා කිරීමේ චෝදනා මත කොලඹ මහේත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතාගේ නියෝග අනුව  විජ්ජාකරුවා රිමාන්ඩ් ගත විය​.  

පසුව බලන විට මොහු අන්දා තිබුනේ විජය උඳුපිටිය මහතා පමණක් නොවේ අග්‍රාමාත්‍ය රත්නසිරි වික‍්‍රමනායක මහතාද මොහු විසින් රෙදි නොමැතිව ගහේ යවන ලදි.  

 පහත දැක්වෙන්නේ සිළුමිණ පුවත් පතේ මේ කපටියා පිලිබඳව පළ වූ ප්‍රස්ශස්ති ලිපියයි. ( මෙන්න, වතුරෙන් වාහන දුවවන අපේ කොල්ලා - නිහාල් පී.අබේසිංහ. සිළුමිණ පුවත්  පත ) 

.....ඔහු මෝටර් රථ දෙකක් ම මේ නව තාක්ෂණය ඔස්සේ ධාවනය කරවීය. වරක් ඔහු මේ වතුරෙන් දුවන මෝටර් රථයකින් අනුරාධපුරයට ද ගියේ ය. ඔහුට අවශ්‍ය වී ඇත්තේ ජලය ලීටර් 3.5 ක් පමණි. මේ විශ්ව කර්ම නිර්මාණය රැගෙන ඒ විශ්වකර්මයා පසුගියදා අගමැති කාර්යාලයට ආවේ ය. ඒ අවස්ථාවේ දී ඔහු රටේ දෙවැනි පුරවැසියා වූ රත්නසිරි වික‍්‍රමනායක අගමැතිතුමාට මේ විශ්වකර්ම වැඩේ විස්තර කෙළේ රටක් රාජ්‍යයක් දිනූ අයෙකු පරිද්දෙනි.

මම පුංචි කාලේ ඉදන් විවිධ නිර්මාණ කළා. මුලින් ම ගුවන් යානයක් හැදුවා. ඒක මේ රටේ නීති විරෝධී දෙයක් වුණා. පස්සේ අර ඔරේන්ජ් බාර්ලි බෝතලේ බැලුම් පුම්බපු තාක්ෂණය ඔස්සේ පරීක්ෂණ කරලා මම මේ වතුරෙන් දුවන වාහන එන්ජිම හැදුවා වසර 6 ක් මේ සඳහා දිවා රෑ නොබලා මහන්සි වුණා. පසුගිය මාසේ මම මේ වතුරෙන් දුවන වාහනයෙන් රට වටා ගියා තවත් අයත් සමඟ. දැන් මගේ වැඩේ ඉවරයි. රටටම සෙතක් සැලසෙන නිර්මාණයක් මේක. රටේ අනන්‍යතාව යටතේ මෙය සුරැකීම සැමගේ යුතුකමක්. අපේ රට අපේ රජය මේ මගේ නිර්මාණයෙන් ප‍්‍රයෝජනයක් ගත යුතුයි. මේකට ඇමෙරිකාවෙන් කොරියාවෙන් ඉල්ලීම් එනවා. ඒත් මා මේක දෙන්නේ නැහැ. ශ‍්‍රී ලාංකිකයෙක් ලෙස රාජ්‍ය අනුග‍්‍රහය ලබාදෙන වතුරෙන් දුවන වාහන එන්ජින් කම්හලක් අපේ රටේම ඉදි කරන්නයි මා ඉන්නේ. ඒකට කාගේත් උදව් ඕනෑ. 


මේ එන්ජිමේ තාක්ෂණික කි‍්‍රයාවලිය විස්තර කළොත්...?  අගමැති කාර්යාලයේ මාධ්‍ය අධ්‍යක්ෂ සීලරත්න සෙනරත් මහතා ප‍්‍රශ්නයක් ඇසුවේ ය. අගමැතිතුමා සාවධානව පිළිතුර අපේක්ෂාවෙන් සිටී. 

මම මේ හදලා තියෙන්නේ වතුරෙන් දුවන වාහන එන්ජිමක්. විද්‍යාත්මකව කිව්වොත් හයිඩ‍්‍රජන් ජෙනරේටරයක්. මේකට අවශ්‍ය දේ ජලය පමණයි. ළිං ජලය, නළ ජලය මේකට දාන්න පුළුවන්. මුහුදු ජලය ගංගා ජලය වැව් ජලය සුදුසු නෑ. මේ ජෙනරේටරයට අදාළ ටැංකිය තනිකර සුදු යකඩ වලින් හදලා තිබෙන්නේ. මීට අනුබද්ධව ජලයෙන් හයිඩ‍්‍රජන් වෙන් කිරීමට අවශ්‍ය අඩු විදුලි බලයක් ලබාදෙන ඉලෙක්ටෙ‍්‍රානික විදුලි පද්ධතියක් ද මා නිපදවා තිබෙනවා. ඒ සමඟම ඒ හයිඩ‍්‍රජන් වායුව එන්ජිමට ගෙන යන නාළ පද්ධතියට මේ නව එන්ජිමට අනුරූපව වෙනස් කළ යුතුයි. මේ සියල්ල මම මේ නිර්මාණයේදී කර තිබෙනවා.....( මෙන්න, වතුරෙන් වාහන දුවවන අපේ කොල්ලා - නිහාල් පී.අබේසිංහ. සිළුමිණ පුවත්  පත) 
 
 විජ්ජාකරුගේ ඇන්දීමෙන් හොඳටම රැවටුණු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය රත්නසිරි වික‍්‍රමනායක මහතා මෙසේ කීවේය​. . 

" මෙවැනි නව නිර්මාණ නිසා අපේ රටේ දක්‍ෂ තරුණයන් පිළිබඳව ලෝකයේම අවධානය යොමු වන බවත් මෙය ලෝකයේ මානව ශිෂ්ටාචාරයේ නව පෙරැළියක් බවත් මේ නිපැයුම දියුණු කිරීමට කවුරුත් උදව් දිය යුතුය​ "


26 comments:

  1. පරණ කථාවක් මතක් උනා, ඉස්සර අසිරි ලංකාවේ ආරස්සක ඇමති කෙනෙකුයි තව අමුඩාවේ ලොක්කෙකුයි ඉශ්‍රයලේට ගියාලු රේඩාර් පද්දතියක් ගේන්ඩ, උන්නැහේලට යන්ත්‍රානුසාරයෙන් කොන්ක්‍රීට් අනන මැසිමක පැනල් බෝඩ් එකක් පෙන්නුවලු, පස්සේ හිස් අතින් ආවලු මේක ලොකු වැඩියි කියල...

    ReplyDelete
    Replies
    1. ඇයි ප්‍රබල යුද ආයුධයක් කියා මොසෑඩ් කාරයෝ ලංකාවෙ අයියලට වොෂිං මෙෂීන් එකක් පෙන්නලා තියෙන්නේ

      Delete
  2. අපේ හිටං ජනාධිපති තුමන් ඔය වගේම හොඳ බුද්ධිමතෙක් තමයි, අපුරේ මෙඩිකල් ෆැකල්ටියේ කෘෂි විශේෂඥයන්ගේ උපදෙස් අනුව, පිටරට හාල් ගෙන්නන, දේශීය පාන, කැහි කූරු නිෂ්පාදකයන්ට අතදෙන ඒ අසිරිමත් යුගය නැවත උදා කරන්නයි යන්නේ.

    ReplyDelete
  3. අපේ රටේ සිංහල පත්තර කියවන මිනිස්සුත් ඒවට ලිපි ලියන එව්නුත් ඔක්කොම එක වල්ලේ පොල් .

    ReplyDelete
  4. සුදු හකුරු කතාවේ 20 වැනි සියවසේ අනුවර්තනය.

    ReplyDelete
    Replies
    1. මෙවැනි නව නිර්මාණ නිසා අපේ රටේ දක්‍ෂ තරුණයන් පිළිබඳව ලෝකයේම අවධානය යොමු වන බවත් මෙය ලෝකයේ මානව ශිෂ්ටාචාරයේ නව පෙරැළියක් බවත් මේ නිපැයුම දියුණු කිරීමට කවුරුත් උදව් දිය යුතුය​ "

      Delete
    2. සුදු හකුරු කතාව මොකද්ද දන්නේ නෑ. හැබැයි උක් පැණි වලින් සුදු හකුරු හදනවා දැකලා තියනවා, ඒවා හරිම රසයි, හදන ක්‍ර‍මයත් දන්නවා, අමතරින් අවශ්‍ය වෙන්නේ බණ්ඩක්කා සෙවල, කොන්ෆෙක්ෂනරි තර්මෝමීටරයක් සහ මීටරය.

      Delete
  5. ඔය විකාර විජ්ජා නිසා වැඩක් කරන මිනිහෙක්ට වත් ස්පොන්සර් කෙනෙක් හොයාගන්න බැරි වෙනවා..
    ඩෙංගු හාමිනේ?? ඒ කතාව බොරුවක්ද ඩොක්?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඩෙංගු හාමිනේ?? ඒ කතාව බොරුවක් බැලුම්ගල කතාව අහන්න ගෑනි කරපු බොරුව

      Delete
  6. ඔය හොරු හැමෝගෙම තියෙන ලක්ෂණයක් තමයි රට ඇති අසීමිත ආදරය. එනිසා තමන් ගේ නව නිපයුම ඩොලර් කෝටි ගනං දීලා ගන්න එන පර සුද්දන්ව තඹ සතේකට ගනං ගන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඩෙංගු හාමිනේත් කිව්ව ඩෙංගු බේත ගන්න කැනඩාවේ මහාචාර්‍ය කෙනෙක් ජෙට් එකක් ලංකාවට එව්වා ඒත් දුන්නේ නෑ කියලා.

      Delete
    2. ඔය හොරු හැමෝගෙම තියෙන ලක්ෂණයක් තමයි රට ඇති අසීමිත ආදරය.//ඒක නම් මහා පොදු සාධකයක් තමයි.

      Delete
  7. ජපානයේ විශ්වවිද්‍යාලයක යාන්ත්‍රික ඉංජිනේරු අංශයෙන් ආචාර්ය උපාධියක් හදාරන මිතුරෙකුත්, හයිඩ්‍රජන් ආරක්ෂිතව ගබඩා කරගත හැකිනම් ඔය වගේ වතුරෙන් හයිඩ්රයන් අරගෙන වාහන දුවවන්න ලේසි කියන අදහසේ හිටිය. ඔහුගේ හිතේ තිබුනෙත් පිටින් බලල අවබෝධ කරගත් චිත්‍රයක්.

    ආම්ලික වතුරට බැටරි කැබලි දෙකක් සම්බන්ධ කිරීමෙන් පහසුවෙන් ජලය විද්‍යුත් විච්ච්දනය කර හයිඩ්රයන් ලබාගත හැකියි. නමුත් ඒ හයිඩ්‍රජන් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරවිට අධික ශක්තියක් ක්ෂණිකව නිදහස් කරමින්, ප්‍රතිඵලය ජලය ලබාදෙමින් පුපුරා යනවා. මෙය බොහෝ දෙනෙකු නොමග යවන නිරීක්ෂණයක්.

    විද්‍යුත් වශයෙන් ජලය බිද හයිඩ්‍රජන් වෙන්කරගැනීමට යොදන ශක්තියට වඩා වැඩි ශක්තියක්, නැවත හයිඩ්‍රජන් ඔක්සිජන් සමග සම්බන්ධ කර ජලය සෑදීමෙන් ලබාගත නොහැකිය යන්න අවබෝධ කිරීමට ඉතා අපහසු වන්නේ ඉහත නිරීක්ෂණය වැරදියට වටහා ගැනීම නිසයි.

    ReplyDelete
    Replies
    1. What you say may be true "iff" you use batteries for water separation process. However, if you use free power for example "Solar" for this process picture change dramatically. There are many moving parts to this, but the idea "හයිඩ්‍රජන් ආරක්ෂිතව ගබඩා/generate කරගත හැකිනම් ඔය වගේ වතුරෙන් හයිඩ්රයන් අරගෙන වාහන දුවවන්න ලේසි" is correct. Just my two cents.

      Delete
    2. සිලිකන් සූර්ය පැනල සලකා බැලුවහොත් එමගින් හරවන විදුලි ශක්තිය හයිඩ්‍රජන් වායුවෙහි හි රසායනික ශකිත්ය ලෙස ගබඩා කර තබා භාවිත කිරීම සිදුවේ. නමුත්, විදුලිය ලෙසම භාවිත කිරීමට වඩා එහි කාර්යක්ෂම තාවය අඩුවේ. දැනට ඔස්ටෙර්ලියාවේ සූර්ය ශකිතයෙන් නිපදවන හයිඩ්‍රජන් වායුව එලෙසම හෝ ඇමෝනියා වැනි ඉන්ධනයක් ලෙස හෝ ජපානයට ගෙන ඒමේ ව්‍යපෘතියක් පසුගියදා ආරම්භ කෙරුණි.

      Photochemical water splitting ක්‍රමයෙන් හයිඩ්‍රජන් නිපදවීම සැලකුව හොත්, තවමත් energy pay back time එක වල catalyst life time එකට වඩා වැඩිවේ.

      Delete
  8. මගෙ යාලුවෙක් වතුරෙන් දුවන කාර් හදන්ඩ ගිහින් මළා.

    ReplyDelete
    Replies
    1. කාර් එක වතුරේ ගිලිලා නෙමේද මැරුණේ.

      Delete
    2. වතුර පුපුරල වෙන්නැති.

      Delete
  9. ගස් ලබ්බ කියලා තියෙනවා වගේ මේ වගේ වැඩ වලින් ඇත්තට වැඩක් කරන්න හදන උන්ටත් වැල් නැතිවෙනවා.
    අපේ රටේ මාධ්‍යකාරයින් කිසිදා තමන් වාර්තා කරන එව්වායේ වගකීමක් ගන්නේ නැහැනේ.

    ReplyDelete
    Replies
    1. අපේ රටේ මාධ්‍යකාරයින් කිසිදා තමන් වාර්තා කරන එව්වායේ වගකීමක් ගන්නේ නැහැ/// ++++++++++++

      Delete
  10. සී නිව්ස් ආයතනයත් හොරුන්ට ලොකු අනුග්‍රහයක් දෙනව නේද
    ඩෙංගු හාමිනේට ලොකු පබ්ලිසිටියක් දුන්න.
    දිවයිනේ පිලිකා වෙදෙක් ගැන ලිපි පෙලක්ම පලකලා.ඕනම අසාධ්‍ය ලෙඩක් ගුප්ත බලෙන් හොදකරනවලු. රජවරු සිටුවරු එක්ක ගත්ත පොටෝ එහෙමත් දාල තිබුන.
    දීර්ඝකාලයක් තිස්සෙ සිංහල මාධ්‍ය වලින් විචාර බුද්ධියක් නැති පිරිසක් නිර්මානය කරල තියෙනව.
    ඇයි මේව කියවනකොට හිතන්න බැරි මේවගෙ දෙයක් මේ ලැබ් එකක්වත් නැති කොල්ලෙකුට කරන්න පුලුවන්ද කියල.
    මාධ්‍යවේදීන්ට අරක්කු පොවන්න පුලුවන් නම් රට අල්ලෙ නටවන්න පුලුවන් ඕනම කපටියෙකුට.

    ReplyDelete
    Replies
    1. සී නිව්ස් ආයතනයත් හොරුන්ට ලොකු අනුග්‍රහයක් දෙනව නේද/////// හේතුව එය පවත්වාගෙන යන්නේ 8 සමත් විමල් වීරවංස , එසේම මේ වගේ නිව්ස් දානකොට සමාජය අවිද්‍යාත්මක වෙනවා, විචාර බුද්ධියක් නැති පිරිසක් නිර්මානය කරල තියෙනව.. එතකොට බොරු දේසප්‍රේමය පෙන්වා හොරකම් කරන්න ලේසියි

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook