Tuesday, July 19, 2016

වෝල් ස්ට්‍රීට්


  



වෝල් ස්ට්‍රීට් යනු කිලෝ මීටර් 1.1 පමණ දුරක් දක්වා දිවෙන වීථියකි. එහෙත් මේ වීථිය ලෝකයේ මුල්‍යම හදවතයි. ඇමරිකාවේ කොටස් වෙලඳපොළ සහිත මුල්‍ය දිස්ත්‍රික්කය පිහිටා තිබෙන්නේ වෝල් ස්ට්‍රීට් වලය​. මෙහි වෙළඳ ජාලය ආරම්භ වන්නේ 1792 තරම් අතීත කාලයකය​.  වෝල් ස්ට්‍රීට් වල සුවිසල් ගොඩනැගිලි දක්නට තිබේ. වෝල් ස්ට්‍රීට් මගින් ධනවතුන් වූ සංඛාව විශාලය​. එසේම 1930 ගනන් වල ආර්ථික අවපාතය නිසා කොටස් වෙලඳපොළ කඩා වැටුණු විට සමහර  ව්‍යාපාරිකයන් වෝල් ස්ට්‍රීට් හි උස් ගොඩනැගිලි වලින් පැන දිවි නසා ගත්හ.   

වෝල් ස්ට්‍රීට් හි මම පයින් ඇවිදගෙන ගියෙමි.  සුවිසල් ගොඩනැගිලි අතරින් වැටී ඇති මාර්ගය කඩිසරය​.  මිනිසුන් ඒ මේ අත යති. මේ මිනිසුන් අතර මිළියනපතියන් ද සිටිති. මෙම මාර්ගයේ තිබෙන 'Charging Bull' බ්‍රොන්ස් නිර්මානය සුප්‍රකටය​. සංචාරකයන් මෙම වෘෂභ ප්‍රතිමාව ඉදිරිපිට ඉඳ චායාරූප ගනිති. 

වෝල් ස්ට්‍රීට් හි අද්දර හොට් ඩෝග් විකුනන කුඩා කඩ පෙට්ටියක් තිබූ අතර මෙම එය වෙත ගොස්  හොට් ඩෝග් එකක් ඇණවුම් කලෙමි. මෙම කඩයේ සිටින්නේ එකම එක පුද්ගලයෙකි. මම ඔහු සමග කතාවට වැටුනෙමි. ඔහුගේ නම මුජිබ් ය​. ඔහු ඇමරිකාවට පැමිණියේ බංග්ලාදේශයේ සිටය​. හරි හැටි ඉංග්‍රීසි බස හැසිරවීම ඔහුට අපහසු වූවද මුජිබ් වෝල් ස්ට්‍රීට් හි ව්‍යාපාරිකයෙකි. ඔහු විකුනන්නේ හොට් ඩෝග් ය​. 

"නයින්  එලෙවන් වලින් ( 2001 ඇමරිකාවේ ලෝක ආර්ථික මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරය ) පසු  මෙහි තත්වය කොහොමද ? මම මුජිබ් ගෙන් ඇසුවේ ඔහු මුස්ලිම් ජාතිකයෙකු බව දැනගෙනය​. 

" පොලිසියෙන් අපිව පරික්‍ෂා කොට අපට වෝල් ස්ට්‍රීට් වල ගැවසීමට විශේෂ හැඳුනුම් පත් නිකුත් කරලයි තියෙන්නේ  " මෙසේ පවසමින් ඔහු නිල් පැහැති හැඳුනුම් පතක් පෙන්වීය​. 

" ඔබගේ දරු පවුල බංග්ලාදේශයේද ? මම පුද්ගලික ප්‍රශ්නයක් ඔහු වෙත යොමු කලෙමි. 

" නෑ ඔවුන් මෙහෙ මා සමග. බිරිඳ රැකියාවක් කරන්නේ නෑ. මට ඉන්නේ එක දුවයි. ඇය නිව් යෝක් හි පාසලකට යනවා. ඇයට වෛද්‍යවරියක් වීමට අවශ්‍යයි "   

මට මුජිබ් ගේ ධෛර්‍යය කෙරෙහි ගෞරවයක් ඇති විය​. හරි හැටි ඉංග්‍රීසි භාෂාව කතා කිරීමට නොහැකිව ඇමරිකාවට සිය දරු පවුල සමග පැමිණ ඇමරිකාවේ ව්‍යාපාරික හෘදය ආසන්නයේ කුඩා කඩයක් කරගෙන යමින් මේ කාලයේ ඇමරිකාවේ පවත්නා  ඉස්ලාම් භීතිකාවටද මුහුණ දෙමින් පවුලක් නඩත්තු කරන ඔහු වීරයෙකි. 

අප කොතරම් සෘණාත්මකව සිතන්නේද​? තම හම කළු නිසා විශ්ව විද්‍යාලයේ අර තනතුරට තමන්ව පත් නොකරන බවට කලින්ම සිතා පරාජය භාරගත් පුද්ගලයෝ මට හමු වී තිබේ. එසේ නැතහොත් මට උතුරු ඇමරිකානු උච්චාරණය නොමැති නිසා මට ඉදිරියට යා නොහැක කියා කියන මිනිසුන් මට හමුවී තිබේ. එවැනි පරාජිතයන් අතර මුජිබ් නියම වීරයෙකි. ඔහු තම මුස්ලිම් ජන්මය , භාෂා සීමා අවහිරය , විශාල ප්‍රාග්ධනයක් නොමැති බව ඇමරිකානු ජීවිතයේ සිහින සොයා යාමට බාධාවක් කරගෙන නොමැත​. එසේම සුදු ඇමරිකානුන්ට  වෛර කරමින් ඔවුන් මරාගෙන මැරී ස්වර්ගයට ගොස් කන්‍යාවන් දහසයදෙනෙකු සමග එක් වීමේ උම්මත්තක සිහිනයද ඔහු තුල නැත​. 

මුජිබ් තුල අහිංසක එහෙත්  අධිෂ්ඨාන සහිත සිහිනයක් තිබේ. එනම් ඔහුගේ දියණිය වෛද්‍යවරියක් කිරීමටයි. අනාගතයේ යම් දිනෙක මුජිබ්ගේ දියණිය අධ්‍යාපනය ලබා ඇමරිකානු රෝහලක වෛද්‍යවරියක් ලෙස සේවය කරනු ඇත​. එදිනට තමා ඇමරිකානු සිහිනය ජයගත් බවට මුජිබ්ට කිව හැකිය​.


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

16 comments:

  1. ශ්‍රී ලාංකිකයෙක් යාමට උත්සාහ දැරුවොත් දහසක් වැටකඩොලු බැ‍ඳෙන මේ රටවලට මුජීබ්ලා මේ සා පහසුවෙන් ඇතුලුවන්නේ කෙසේද යන්න නොවිසඳුනු ගැටලුවකි.

    ReplyDelete
    Replies
    1. යන්න බෑ නෙවෙයි, අපේ මිනිස්සු කවුරුවත් උදව් කරන්නේ නෑ . යන්න පාරක් කියලා දෙන්නෙ නෑ. අන්න එකම එක මිනිහෙක් අනික් අයට පාර කියනවා ඕස්ට්‍රේලියාවට යන්න. www.helmalu.blogspot.com වෙත ගිහිං කියවන්න නවතම ලිපි තුන.

      Delete
    2. අපේ මිනිසුන් තුල තිබෙන කුහක ඉරිසියා භාවය නිසා ඔවුන් වෙනත් කෙනෙකුට උදව් කරන්නේ නෑ

      Delete
    3. සුරංග කියල තියෙන දේ යම් කිසි ඇත්තක් තිබුනත්, මා දන්නා හුඟ දෙනෙක් ලංකාවේ අය ගෙන්නාගෙන උදව් කරනවා. ඒකෙ අනිත් පැත්ත තමයි එහෙම උදව් අරගෙන එන ලංකාවේ කීදෙනෙක් තමන්ට අත දුන්නු අයට 'ඇනයක්' නොවී ඉන්නවද කියන එක. උදාහරණයකට තුන් වේල බත් කන එක වෙනස් කිරීම වැනි sacrifice එකක් කරන්න බැරි අය ඉන්නවා. මා දන්නා කෙනෙක් උදව් කරපු ලංකාවෙන් ආපු කෙනක් රෑට roast chickent එකක් vegies ටිකක් කන්න අකමැතිව යුද්ද ප්‍රකාශ කරන කෙනෙක්. අනිත් එක තමයි ලංකාවේ හුඟ දෙනෙකුට තේරෙන්නෙ නැති දෙයක් මෙහෙ ගෙවල්, වාහන share කරන්න අමාරුයි කියල ඕනවට වැඩ කාලයක් (few months I mean). මා ගෙදර තියාගෙන උදව් කරපු කෙනෙක් රාත්‍රී shift එක ඉවරල එද්දී පාන්දර train station එකෙන් මට pick කරන්න වුනා කාලයක්ම. එහෙම පාන්දර නින්ද කඩා ගෙන මම උදේ අට වෙනකොට office එකේ ඉන්න ඕනේ. නමුත් අර පුද්ගලයට එය ගානක්වත් නැහැ. ලංකාවෙන් එන අය ඒවගේ දේවල් ගැන sensitive නැහැ. හොඳම දේ තමයි ලංකාවෙන් එන අය මුලින්ම ඒ ගැන දැනුවත් කරන එක. නමුත් හිත රිදෙයි කියල හුඟක් අය ඒක කරන්නේ නැහැ. short term එකේදී හිත රිදුනත් අපි long term එකේ ඒ අයට කරන ලොකුම උදව්වක් මෙහෙ තත්වය ගැන දැනුවත් කරලා ඒවගේ එන අයට හැකි ඉක්මනින් 'independant' වෙන්න කියල දෙන එක.

      අනිත් එක තමයි මෙහෙ අපිට කොයි වෙලේ රස්සාවල් නැති වෙයිද දන්නේ නැහැ (සමහර හොඳ ජොබ්ස් පවා) මේ යන restructing වල විදිහට. ඒවා ගැන ලංකාවේ අයට අවබෝධයක් නැහැ. මෙහෙ ඉන්න සුද්දෝ අවුරුදු 35-40 වෙනකොට තමන්ගේ mortgages (නිවාස ණය) බොහෝ දුරට ගෙවල ඉවර කරලා තියෙද්දී අපි මෙහෙ ජීවිතේ පටන් ගන්නේ ඒ වයසේදී. ඉතින් ඒ වගේ තත්වෙක තව අයට උදව් කිරීම හිතන තරම් ලේසි නැති අතරේ ලංකාවේ සමහරුන්ගේ irresponsible හැසිරීම එය තවත් අමාරු කරනවා.

      (sorry about the long post but thought it's better to write these things).

      Delete
    4. typo.. should be 'restructuring' in the first line of second para.

      Delete
  2. Good usefull infomation you .ive to people. Thank lots to you

    ReplyDelete
  3. ඔබත් සෑහෙන්න පොහොසත්වී ඇත. අඩවියේ හිට්ස් ප්‍රමාණය ලක්ෂ දෙක ඉක්මවීමෙන් තමා, ඒ පොහොසත්කම ලැබී තිබෙන්නේ.

    ඒ ගැන මගේ හෘදයාංගම සුබපැතුම් පිළිගන්වමි.

    ReplyDelete
  4. වෝල් ස්ට්‍රීට් එකෙයි වෙන තැන් වලයි හොට් ඩෝග් එකේ ගාන ලොකු වෙනසක් තියනවාද?
    ජයවේවා..!!

    ReplyDelete
  5. Charging bull is there.
    But, no cringing bear?
    Only positives?

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook