Monday, July 18, 2016

නිකෝල් , නේතන් සහ ලංකාවේ සරසවි සිසුන්


 


යෝක් විශ්ව විද්‍යාලයේ ආපන ශාලාවේදී මට නිකෝල් කැප්‍රියෝටි හමු විය​. කැපචීනෝ කෝප්පයක් ගත් ඇය මගේ මේසයට ආවාය​. 

"කොහොමද මැප් ගේ පරියේෂණ වැඩ ? මම ඇසුවෙමි. 

ඇල්ස්ටෙයාර් මැප් පරියේෂණ මනෝ විද්‍යා මහාචාර්‍යවරයාය​.  නිකෝල් ඔහු යටතේ මනෝ විද්‍යා පරියේෂන විශයක් කරන්නීය​. ඇල්ස්ටෙයාර් මැප් අමුතු අන්දමේ චරිතයකි. ඔහු බොහෝ සෙයින් විහිළු කරයි. එහෙත් ඔහු සිටින්නේ දුකෙන් බව මගේ සිත කියයි. 

" මහාචාර්‍ය මැප් ගේ හැටි දන්නවානේ ?  නිකොල් සිනාවක් පාමින් කියන්නීය​. 

ඔහු සමග වැඩ කිරීම විනෝද ජනකය​. නමුත් විභාග ප්‍රතිඑල දෙන විට ඔහු ඉතා තදය​. මේ නිසා සිසු සිසුවියන් විභාග කාලයට ආතතියෙන් යුතුව මුහුණ දෙති. 

"මම විභාගයට නියමිත පොත් සල්ලි දීලා ගත්තේ නෑ . ඔන් ලයින් පොත් අඩු මිලට ගත්තා ඒවා වලින් තමයි ඉගෙන ගන්නේ " නිකොල් කීවාය​. 

නිකොල් වැනි සිසුවියන් ඉගෙන ගන්නේ අතිරේක රැකියා කරමිනි. උදේ දේශන වලට එන ඇය සවස් වරුවේ බේ විව් හි ටිම් හෝර්ට්න්ස් කෝපි අවන්හලක සේවය සඳහා යන්නීය​. 

උසස් අධ්‍යාපනය සඳහා නිකොල් කැප්‍රියෝටි වැනි සිසුවියන් මෙන්ම  පිත්සා බෙදා හරිමින් නේතන් වැනි සිසුන් කරන අරගල  මම දුටුවෙමි.  නේතන් උස සිසුවෙකි. ඔහු දෙමාපියන්ට බරක් නොවී තම අධ්‍යාපනය කරගෙන යයි.  මෙවැනි සිසු සිසුවියන් දකින විට හරකුන් මෙන් දක්කාගෙන ගොස් පාරවල් බ්ලොක් කර ගෙන උද්ඝෝෂණයේ යෙදෙන ලංකාවේ සරසවි සිසුන්  කෙතරම් ලාමකද කියා සිතේ. 

ලංකාවේ සරසවි සිසුන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොමිලේ ලැබේ. 

" ඔබ දන්නවාද ලංකාවේ සරසවි සිසුන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොමිලේ ලැබෙන බව ?  මම නිකොල්ට කීවෙමි. 

" විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොමිලේ ... ඇය ප්‍රතිරාව කලාය​. 

" අපට නොමිලේ අධ්‍යාපනය ලැබුනේ හයිස්කූල් දක්වා පමණයි. ලංකාවේ  විශ්ව විද්‍යාල සිසුන් වාසනාවන්තයි " නිකෝල් කීවාය.

අහෝ ඔවුන් ඉගෙන ගැනීමට තිබෙන කාලය නාස්ති කරමින් පාරවල් වල උද්ඝෝෂණ කරන බව ඇය දන්නවා නම්. ඔවුනට මහපොල නොමිලේ ලැබුනද නිකෝල් සහ නේතන් වැනි සිසු සිසුවියන් අධ්‍යාපනය ලැබීමට ශිෂ්‍ය නය ආධාර ලබා ගනිති. එය යළි ගෙවිය යුතුය​. 

පිටස්තර ලෝකය ගැන කිසිවක් නොදන්නා ලිං මැඩියන් වන් ලාංකික සරසවි සිසුන් නවක වධය කරති , ඉංග්‍රීසි ටිකක්​, පරිගණක විශය ටිකක් ඉගෙන නොගෙන පාරවල් පුරා රස්තියාදු වෙති. අරගල කරනවා කියා මහ පාරවල් හරස් කරගෙන වැඩ කරන ජනයා පෙළති. මොවුන් හරකුන් මෙන් දක්වන්නෝ අණ්ඩපාලලා  වෙති. ඔවුන් තම දරුවන් පිටරටවල පුද්ගලික විශ්ව විද්‍යාල වලට යවා ලාංකික සරසවි සිසුන් පාරවල් පුරා යවති. 

එදා රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලය වැසීම සඳහා ත්‍රීමා විතාණ , කොල්ලූරේලා, වෙනුරලා වැනි බිලි බෝයිස්ලා දං ගෙඩියට යවපු සිසු නායකයන් ගේ දේශපාලකයන් ගේ දරුවන් අද ඉගෙන ගන්නේ විදෙස් රටවල පුද්ගලික විශ්ව විද්‍යාල වලය​.  ඔවුන් පිටරට ඩිග්‍රි ගසා ජීවිතය විඳිමින් සිටින විට බිලි බෝයිස්ලාගේ දෙමාපියන් පවුලේ සොහොයුරු සොහොයුරියන් තවමත් කඳුළු බොති. 

මේ අතර ලාංකික සරසවි සිසුන්  රැකියාවක් ඉල්ලමින්  උපාවාසයේ යෙදෙති. ඒ අතරවාරයේ ඉංග්‍රීසි හැකියාව ඇති පිටරට උපාධි ගත්තෝ එති. පුද්ගලික අංශය ඔවුන් පාවඩ එළා පිලිගනිති. ඉංග්‍රීසිය , පරිගණක දැණුම නොමැතිව පුද්ගලික අංශයට ගියහොත්   තමන් නියත වශයෙන්ම ඇණ ගන්නා බව දන්නා දේශීය විශ්ව විද්‍යාල සිසුන් පතන්නේ රජයේ පින් රැකියාවකි. කළමනාකරණ සහකාර ලෙස රජයේ පත්වීම් ලබා ගන්නා මොවුන් ෆොටෝ කොපියක් ගැනීමට , ෆැක්ස් එකක් යැවීමටවත් දන්නේ නැත​. නිකන්ම ආයතන වල පුටු රත්කරන මොවුන් රජයට මෙන්ම ජනතාවටද බරකි. 

රජයටවත් , දෙමාපියන්ටවත් , තමන්ටවත් බරක් නොවී නිකෝල් ලා නේතන් ලා උසස් අධ්‍යාපනය ලබති. විශය කරුණු හොඳින් හැදෑරීමෙන් උසස් ලෙස සමත් වී ජීවිත ජය ගනිති. අවසානයේදී එකී රටවල් දියුණු වන අතර අපේ රටවල් එක තැන පල් වෙති. අපගේ දේශපාලුවන් මේ කාලකන්නි තත්වයට හේතුව බටහිර කුමන්ත්‍රණ කියා ජනතාවට කියති. ජනතාව අත්පොලොසන් දෙති.  බටහිරට බනිති. 

මේ විශම චක්‍රය නවතින්නේ කවදාද​?


27 comments:

  1. මේ විශම චක්‍රය නවතින්නේ කවදාද?
    අපේ මිනිසුන් ඇත්ත දකිනදාට කියා මා කීවොත්?

    ඒත් අපේ මිනිසුන්ට ඇත්ත දැකීමට වී ඇත්තේ අරගලයක් කිරීමෙනි ඒ මිනිසුන් ඇත්ත දැකීම වැලැක්වීමට ක්‍රියාත්මක වෙන බලවේග සිතා ගැනීමටවත් නොහැකි තරම් බලවත් නිසායි.

    පළමුවම උසස් පෙළ සමතුන් සියළු දෙනාට උපාධි හැදෑරීමට අයිතියක් ඇති බවත්, ඒ අයිතිය ඔවුන් සතු මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙසත් අපේ රට, සමස්ථය පිළිගත යුතුමය.

    ReplyDelete
    Replies
    1. උසස් පෙල කෙසේ වෙතත් සාමාන්‍ය පෙල සමඟ ලංකාවේ උපාධි කර රැකියා කරන අය නම් දනිමි.

      Delete
    2. සමහර රට වල සාමාන්‍ය පෙලට පසු උපාධි කිරීමට හැකිය

      Delete
    3. ලංකාවේද එසේ උපාධි කල හැකිය. විය යුත්තේද එයයි. NVQ 7 වෙනි මට්ටම යනු උපාධියයි. දැනුම හා හැකියාවන් මැනීමේ විවිධ ක්‍රම අතර උසස් පෙළ පෙළ යනු එක් ක්‍රමයක් පමණකි. උසස පෙළ අසමත් වුවද වෙනත් විභාග හරහා පියවරෙන් පියවර ඉහලට යාමට NVQ හරහා හැකියාව ලැබේ.

      ජපානයේ ද බොහෝ තාක්ෂණ විද්‍යාල වල සිසුන් විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලාවට 3 වන වසරේදී සම්බන්ධ වෙති.

      Delete
    4. ඔව් ඔබලා සියළු දෙනා නිවැරදියි.
      මම මෙතැනදී මතු කලේ උසස්පෙල කියන්නේ ලංකාවේ විශ්ව විද්‍යාල වලට ඇතුලත් කර ගැනීමේ නිර්නායකය වන නිසා අඩුම ගනනේ එය සමත් සැම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුදුසු බව පිළිගත යුතු බවයි.

      ඉනුත් පරිභාහිරව හැකියාව, වුවමනාව ඇති අයට වෙනත් මාර්ග ඔස්සේත් උපාධිය කරා ලං වීමට මාර්ඝ තිබිය යුතුයි තමයි.

      Delete
    5. //මම මෙතැනදී මතු කලේ උසස්පෙල කියන්නේ ලංකාවේ විශ්ව විද්‍යාල වලට ඇතුලත් කර ගැනීමේ නිර්නායකය වන නිසා අඩුම ගනනේ එය සමත් සැම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුදුසු බව පිළිගත යුතු බවයි.

      ඉනුත් පරිභාහිරව හැකියාව, වුවමනාව ඇති අයට වෙනත් මාර්ග ඔස්සේත් උපාධිය කරා ලං වීමට මාර්ඝ තිබිය යුතුයි තමයි.

      //

      සැබවින්ම එකඟ වෙමි!!

      Delete
  2. ඔය උද්ගෝෂණ කරන්නන් හුඟක් එන්නේ අවබෝධයෙන් සහ කැමැත්තෙන් නොවේ කියන එකයි මගේ මතය . අපි විශ්ව විද්‍යාලයේ හිටියේ ධවල පත්‍රිකාව ගෙනාව දවස්වල. අපි ඒකට විරුද්ධව එලියට බැස්සේ කිසිම අවබෝධයක් නැතිව. කැමැත්තෙන් නොවේ !. රැල්ලට විරුද්ධව යන්න ඕනද කියලවත් හිතපු නැති එකයි. ඒ දවස්වල අද වගේ සමජ ජාල ආදිය තිබුනෙත් නෑ. ඉතිං ලීඩර්ස්ලට ඕන බොරුවක් කියන්නත් පුළුවන්කමක් තිබ්බා.

    ReplyDelete
    Replies
    1. අද වගේ සමජ ජාල ආදිය තිබිලත් වහු පැටියන් උම්බෑ කිය කියා යන එක තමයි පුදුමේ

      Delete
  3. දැන් ඉන්නවනෙ වෘත්තිමය ලෙස අරගල කරන උත්තමයන් කොටසක්. උන් සරසවි යන්නෙම ඒකට

    ReplyDelete
  4. දැන් එතකොට ඔය වැඩකට නැති පාඨමාලා තිබේනම් ඒවා පවත්වාගෙන යන්නේ ඇයි?

    මටනම් ඔය ආකාරයට පාරේ උද්ඝෝශන කරන කළමනාකරණ සහකාර පත්වීම් ඉල්ලන ෆොටෝ කොපියක් ගැනීමට , ෆැක්ස් එකක් යැවීමට නොදන්නා සිසුන් ගැන අත්දැකීම් ඇත්තේ අඩුවෙනි.

    මා සමඟ උපාධිය සමත්වූ සිසුන්ගෙන් 95% පමන පුද්ගලික අංශයේ රැකියා වලට ගියහ. රජයේ සේවයේ රැකියා වලට ගිය අයගෙන් කවුරුත් කළමනාකරණ සහකාර පත්වීම් පත්වීම් ඉල්ලුවාදැයි මතක නැත.

    උපාධිය ගෙන වසර කිහිපයකට පසු අපෙන් 10%-20% (මෙය මීට වැඩි විය හැක) පමන විදේශ ගත වී ඇති අතරම කිහිප දෙනෙක් ගොස් ඇත්තේ ආපසු නොයෙන්නටමය.
    උදාහරනයක් ලෙස මා හා internship කල අයගෙන් (7න්) මේ වන විට ලංකාවේ සිටින්නේ මා හා තව කෙනෙක් පමනි .

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. Internship නැති උපාධි නේ අවුල වෙලා තියෙන්නේ.

      Delete
    3. ඉතින් ඔය Internship නැති උපාධි පවත්වාගෙන යන්නේ කව්ද?
      උසස් අධ්‍යාපන අමාත්‍යංශය කියා දෙයක් ඇත.

      අධ්‍යාපනය ප්‍රතිපත්ති ගැන වැඩි කතා උවමනා නැත. IT field එක ලංකාවේ තිබෙන එකම high-tech එක වීමට බොහෝ ඉඩ ඇත. එසේම රජයේ වි.වි. වල සිසුන් බහුතරයක් සහභාගී වන උපාධිදාරීන් නිසා ඉදිරියට යන එකම කර්මාන්තයද එය වනු ඇත.

      නමුත් IT/CS field එකේ අචාර්ය උපාධි සහිත අචාර්යවරු ගනන 200 අඩුය. මේ කියන්නේ පුද්ගලික, රාජ්‍ය සියල්ලම. නමුත් මේ ගැටලු විසඳීමට කල එක් උසස් අධ්‍යාපන ව්‍යාපෘතියක් ගැනවත් මම අසා නැත.

      ETCA වැනි මඟුල් කිරීමට ඇති උනන්දුව ආන්ඩුවලට මේවාට නැත.

      මේ ආන්ඩුවේ ආර්ථික "ගුරූ" ලාටත් එදාවේල වැඩ මිස හරිහමන් ස්ට්‍රැටජියක් නැත

      Delete
  5. අතිශයින් මධ්‍යස්ථ සහ සාධාරණ, එමෙන්ම යථාර්ථය විදහා දක්වන විග්‍රහයක් ලෙස අගය කරනවා.

    ReplyDelete
  6. 100% එකගයි. ලංකාවේ දෙසපලුවන්ගේ ළමයි මෙහෙ (Australia) ඇවිත් සැපට ඉදගෙන ඉගෙනගන්නවා. මම දන්න කෙනෙක් ඉන්නව තාත්ත දෙසපලුවෙක්. තම ඉගෙනගන්නවා. ගෙදරින් සල්ලි එවනවා හැම මාසේම interstate ඇවිදින්න යනවා. part time ජොබ් එකක් කරන්නෙත් නැහැ.
    ලංකාවේ ළමයි උද්ගෝෂණ වලට වැයකරන කාලය යමක් ඉගෙනගන්න යෙදෙවනම් ඒක අනාගතයට ප්‍රොයෝජනවත්.

    ReplyDelete
    Replies
    1. වීරවංශගේ ළමයා , වාසුගේ ළමයි , එස් බී ගේ ළමයි, සෝමවංසගේ ළමයා , ගුණරත්නම් ගේ ළමයි ඉගෙන ගන්නේ කොහේද කියා බලන්න . ඔවුන් ගේ අධ්‍යාපනය සුරක්‍ෂිතය

      Delete
    2. අන්තරේ කැඳවුම්කරු කියන්නෙත් රස්සාවක් තමයි !

      Delete
  7. බොහොම ස්තුතියි ඔබට මේ ලිපියේ ලින්කුව පල කලාට...මේ ලිපිය ඔබේ ලිපි ගොන්නෙන් මට මග හැරුන ඉතා වැදගත් ලිපියක්...

    //මේ විෂම චක්‍රය නවතින්නේ කවදාද//

    මේ දේශපාලන ක්‍රමය තුල අතරමං වූ සහ පටු ආකල්ප තුල සිරවූ මේ චක්‍රය කිසි දිනෙක විවෘත නොවනු ඇත...කණගාටුවෙන් වූවද මගේ හිත පවසන්නේ එවැන්නක්...

    ReplyDelete
  8. සමාජවාදය නමින් මේ ප්‍රවර්ධනය වන පසුගාමිත්වයට එරෙහිව විවෘතව කතා කරන්නට සමාජය එඩිතර විය යුතු ය. එසේ කතා කරන මිනිසුන්ට එරෙහිව ඕනෑම ගෝත්‍රික අවියක් ගන්නට මේ ඊනියා විප්ලවවාදියෝ සූදානම් ය. පසුගිය දිනෙක මා එක් ස්ත්‍රියක සමග දේශපාලන සංවාදයකදී කාන්තාව යන වදන භාවිතා කිරීම ගැන මේ විප්ලවවාදියෝ මහා කලබැගෑනියක් කළ හ. ඔවුන්ගේ තර්කය වූයේ කාන්තාව යන වදන අපහාසාත්මක බවයි. එහෙත්, එහි අවසානයේදී එක් දර්ශනවාදියකු මෙසේ ද කීවේ ය. කාන්තාව අපහාසාත්මක ය. එහෙත් හු-- අපහාසාත්මක නො වේ.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook