ශ‍්‍රී වික්රම රාජසිංහ රජතුමා කියන්නේ Herod the Great King of Judea වගේ ඉතිහාසයේ දෝශාරෝපනයට ලක් වූ රජෙක්. ඔහු හෙරොද් රජු වගේ නිර්මාපකයෙක් , මහ නුවර ඔහු අලංකාර කෙරුවා ඉදිකිරීම් මගින්. කිරිමුහුදත් ඔහුගේ නිර්මාණයක්. අද යුනෙස්කෝ ලෝක උරුමයක්. ඒකේ ගරුත්වය ශ‍්‍රී වික්රම රාජසිංහට ගියාද ? ශ‍්‍රී වික්රම රාජසිංහ සොෆ්ට් හදවතක් තිබූ රජෙක්. කලාකාමී හදවතක් තිබූ රජෙක්.
ශ‍්‍රී වික්රම රාජසිංහ රජතුමා කියන්නේ ඉංගීසි හමුදාව යුදමය වශයෙන් පරාජය කරපු රජෙක්. ඉංග්‍රීසීන්ට ඉන්දියාවේදී වත් අප්‍රිකාවේදී වත් මේ වගේ පරාජයක් ලැබුනේ නෑ. 1803 උඩරට ආක්‍රමණයේදී බ්‍රිතාන්‍ය හමුදා පරදවා ස්වදේශිකයන් ලැබූ ජයග්‍රහණයේ ගරුත්වය ශ්‍රී වික්‍රමට ලැබුනේ නැත.
1803 ආක්‍රමණය හැඳින්විය හැක්කේ මෙරට ස්වදේශිකයන් විසින් ඉංග්‍රීසීන් යුධමය වශයෙන් අන්ත පරාජයට පත් කල එකම ජයග්‍රාහී සටන වශයෙනි. මෙම සටනේදී ඉංග්‍රීසීන්ට සුදු කොඩි ඔසවා යටත් වන්නට පවා සිදු විය. උඩරට හමුදාව ත්‍රිකුණාමලයෙන් පිටත් වූ කර්නල් බාර්බුට් ගේ හමුදාව සමූලඝාතනය කලේය. මෙහිදී කර්නල් බාර්බුට් ද මිය ගියේය. ඔවුන් ගේ අවසානය පිලිබඳ තොරතුරු කීමට ඉතිරි වූයේ 19 වෙනි පාබල හමුදාවේ කෝප්‍රල් ජෝර්ජ් බ්‍රැන්ස්ලි පමණි. මෙම සංග්‍රාමයට නායකත්වය සැපයූ ශ්‍රී වික්රම රාජසිංහ රජුට කිසි දින එම සංග්‍රාමයේ ජයග්‍රහනය පිලිබඳ කීර්තිය දේශීය ජනයාවත් දුන්නේ නෑ. ඉංග්‍රීසීන් පවා ඔවුන් ගේ යුද ඉතිහාසයෙන් මේ පරාජය සඟවලා තියා ගෙන ඉන්නේ
ශ්‍රී වික්රම රාජසිංහ රජු ඇහැලේපොල කුමාරිහාමිට ලිංගික බලපෑම් කල කතාව ප්‍රබන්ධයක්. ශ්‍රී වික්රම රාජසිංහ රජු ඇහැලේපොල කුමාරිහාමිට සහ ලමුන්ට මරණ දණ්ඩනය දුන්නා නමුත් බිලිඳා වනේ දමා කෙටීම ප්‍රබන්ධයක්. බිලිඳුන් වනේ දමා කෙටීම කලේ පෘතුගීසීන් සහ ලන්දේසීන්. මේ කතාව ජෝන් ඩොයිලි රජු ජනතා අප්‍රසාදයට ලක් කිරීමට ප්‍රචලිත කල සයි ඔප් එකක කොටසක්. ශ්‍රී වික්රම රාජසිංහ රජු ඇහැලේපොල කුමාරිහාමිට සහ ලමුන්ට වධයට ලක් කරනවා පත්තිරිප්පූ සිට නැරඹූයේ නැත. ඔවුන් වධයට ලක් කලේ මාලිගාව අසල නොවේ. ඇහැලේපොල කුමාරිහාමි ගිල්වා මරවන ලද්දේ මාලිගාව ඉදිරිපිට වැවේ නොව කටුගස්තොට ආසන්නයේ තිබූ බොර වැවේය. අත් අඩංගුවේදී ඇහැලේපොල කුමාරිහාමිට සහ ලමුන් මරා දැමීම ගැන ශ්‍රී වික්රම රාජසිංහ රජු කිව්වේ තමන් ද්‍රෝහියන්ට නියම කරන ලද සිංහල රජ කාලයේ නීතිගතව තිබූ දඞුවම ක්‍රියාත්මක කලා යන්නයි.
ශ්‍රී වික්රම රාජසිංහ රජු මධු ලෝලියෙකු බව කියන කතාවත් බොරුවක්. ඔහු බීමත්ව රජකම් කලේ නෑ. ඉංග්‍රීසීන් පෝට් වයින් නිතර යැව්වා. ඒවා ගබඩා වල තිබ්බා.
ශ්‍රී වික්රම රාජසිංහ ඇහැලේ පොල ඇතුලු නිලමේවරුන්ට කේලම් බස් අහලා දඞුවම් කලා යන්න පිලිගන්න අමාරුයි. ඔහුට බුද්ධියක් තිබ්බා කරුනු තෝර බේර ගන්න. ලෙව්කේ නිලමේට දඞුවම් කිරීමටත් ඔහුට හේතු කරුණු තිබ්බා.
ලෙව්කේ දිසාව ගේ මරණය සිදු වන්නේ 1803 සැප්තැම්බර් 6 දින. අනියත බිය සැක නිසාත්, කේලමි බස් නිසාත්, ඉක්මන් කෝපය නිසාත් ශ්‍රී වික්‍රම අතින් ලෙව්කේ ගේ හිස ගසා දැමුනාද ? නැතහොත් ලෙව්කේ දිසාව බ්‍රිතාන්‍ය චර පුරුෂයෙක් වීද යන්න ප්‍රශ්නාර්ථයක්. ජේම්ස් කෝර්ඩිනර්ට අනුව, ශ්‍රී වික්‍රම රජු, ලෙව්කේ දිසාව සහ ලේකම් මහ මොහොට්ටි ද එම ස්ථානයේ දී හිස ගසා දමා ඔවුන්ගේ සිරුරු වළලන්නේ නැතිව තබා තිබෙනවා. ඉන් පෙනෙන්නේ ඔවුන් කෙරෙහි තිබූ කෝපය. එපමණ කෝපයක් ජනිත කලේ ලෙව්කේ ද්‍රෝහීකමක් කල නිසාද ? ලෙව්කේ හොරෙන් ඉංග්‍රීසීන් සමග ඩීල් දැම්මද ?
එක්නැලිගොඩ මොහොට්ටාල ශ්‍රී වික්රම රාජසිංහ රජු සමග තිබූ වයිරය කුමක්ද ? ඔහු රජු අල්ලාගත් පසු සුනඛයෙකුට වගේ පහර දෙනවා අපහාස කරනවා. එක්නැලිගොඩ මොහොට්ටාල සහ ඔහුගේ පියා ජන පීඩකයෙක්. ශ්‍රී වික්රම රාජසිංහ රජු එක්නැලිගොඩ මොහොට්ටාල ගේ පියාට දඩුවම් කරන්න උත්සහ කරලා තියනවා. එක්නැලිගොඩ කළු බස්නායක නිලමේ ගැමියන්ට පීඩා කරපු නිසා ශ්‍රී වික්රම රාජසිංහ රජු කෝප වී මොහු අත්ඩංගුවට ගෙන නුවරට ගෙන යාම සඳහා රාජ දුතයන් එවනු ලැබූ අවස්ථාවේ යටත් නොවූ කළු බස්නායක නිලමේ දෝලාවෙන් නැගී ගුරුබැල්කඩ නම් ස්ථානයට පැමිණ වස පානය කර දිවි නසාගෙන තිබේ. මේකේ වාඩුව තමයි එක්නැලිගොඩ මොහොට්ටාල ගත්තේ. ඔහු ශ්‍රී වික්රම රාජසිංහ රජුට පා පහරක් දෙනවා.
පසුකාලීන ඉංග්‍රීසීන් ගේ වාර්තා වල ශ්‍රී වික්රම රාජසිංහ බුද්ධිමත් සංවාද වල යෙදුනු, අඩි 6 පමණ උස ශෝභමාන හොඳ පර්සනෑලිටි එකක් තිබූ පිරිමියෙක් බව කියනවා. ඔහු දිනකට පැයක් පමණ භාවනාවේ යෙදීත් තිබෙනවා.
පිටුවහලේදී ශ්‍රී වික්රම රාජසිංහට ඉංග්‍රීසීන් විසින් ආසනික් කුඩා මාත්‍රා වරින් වර හොරෙන් දුන්නා. එය කලේ ඔහුගේ මරණය ඉක්මන් කිරීමටයි. ඔවුන් ශ්‍රී වික්රම රාජසිංහ ගේ පිරිමි පුතාවත් අබිරහස් ලෙස මරා දානවා. ඉංග්‍රීසීන් විසින් පිටුවහලේ සිටි 1818 සිංහල සිරකරුවන්ටද ආසනික් දුන්නා. ඔවුන් මිය යාමට ප්‍රථම උදරයේ අමාරු , දෙපා ඉදිමීම තිබුනා. ශ්‍රී වික්රම රාජසිංහ අවසන් කාලයේ උදරයේ අමාරු , දෙපා ඉදිමීම ආදී ලක්‍ෂණ වලින් පෙලුනා. ඉංග්‍රීසීන් නැපෝලියන්ටත් කලේ මෙයයි. ඔහුත් අවසන් කාලයේ උදරයේ අමාරු , දෙපා ඉදිමීම ආදී ලක්‍ෂණ වලින් පෙලී මිය ගියා. පසු කාලයක ඔහුගේ කෙස් වල ආසනික් සොයාගත්තා. ඉංග්‍රීසීන් දේශපාලන සිරකරුවන් ගෙන් නිදහස් උනේ ආසනික් මගින්.
ගනනාථයන් ශ්‍රී වික්රම රාජසිංහ හඳුන්වන්නේ Doomed King කියලා.
No comments:
Post a Comment
Appreciate your constructive and meaningful comments