Friday, November 21, 2025

අචින්ති තම්පි භවති,චින්ති තම්පි විනස්සති


 

 

ලංකාව වගේ අව සංවර්ධිත පසුගාමී අදහස්  ප්‍රබලව තියන මිත්‍යාව ප්‍රවර්ධනය කරන සමාජයක  ජීවිත අවිනිශ්චිතයි . මහා මාර්ග විනයක් නෑ. පාන් රාත්තල ගේන්න පාරට ගිය මිනිහා එන්නේ පෙට්ටියෙන් , ලොරියක් හප්පගෙන ගිහින්.  ජීවිත පිලිබඳ වගවීමක් නෑ. ජීවිත කෙරෙහි ගරුත්වයක් නෑ.  අසනීපයක් වෙලා රෝහලට යන මිනිහා ගේ ජීවිතය පිලිබඳ වගවීමක් රෝහල් පරිපාලනය ගන්නේ නෑ. පාසල් වල ළමුන් විශාල වශයෙන් කායික මානසිකව අපයෝජනය වෙනවා. පාසල් බලධාරීන් ඒ පිලිබඳ වගවීමක් නෑ. නීතියේ ආධිපත්‍ය නෑ.  නීතිය ක්‍රියාත්මක වෙන්නේ බලවතාගේ සුභ සිද්ධිය කේන්ද්‍ර කර ගෙන. ශබ්ද දූෂණය , කසල බැහැර  නොකිරීම පිලිබඳ  ; මූලික  නීතිවත් සමාජය තුල හරි හැටි කෙරෙන්නේ නෑ. ව්‍යාපාරයක් කරගෙන ඉන්න බෑ ව්‍යාපාරික නීති වෙනුවට ප්‍රාදේශීය කප්පම් නීති , ව්‍යාපාරික ප්‍රවර්ධනයක් අමාරුයි දහසකුත් එකක් නිලධාරීවාදයේ නීති. පාස් පෝට් එකක් ගන්න , අයිඩෙන්ටියක් ගන්න පොලිස් රිපෝට් එකක් ගන්න , පර්මීට් එකක් ගන්න ලේසියෙන් බෑ. සියල්ල අවිනිශ්චිතයි. ගැරන්ටියක් නෑ.  නීත්‍යානුකූල පාස්පෝට් එකක් තියන කාන්තාවක් රට යන කොටත් ඒක නවත්වන්නත් එයා පෝට් ගෑණු ඉන්නවා. අවිනිශ්චිතයි. වාහනයක් හැප්පුනොත්,  වටේ ඉන්න එවුන් ඩ්‍රයිවර්ට ගහනවා, වාහනය ගිනි තියනවා.  අවිනිශ්චිතයි. මේ වගේ සමාජ අවිනිශ්චිත සමාජ. මිනිසුන් තුල අනාගතය පිලිබඳ සුභ දායික හැඟීම් නෑ. මිනිස්සු ඉන්නේ කාංසාව අවිනිශ්චිතතාව ආතතිය හිස දරාගෙන.  මේ සමාජයේ පූජකයා සහ දේශපාලකයා මේ කන්ඩිෂන් තවත් තද කරනවා තමන් ගේ වාසියට.  පූජකයා සහ දේශපාලකයා සමාජයට බෙදන්නේ අවිනිශ්චිතතාව. මිනිසුන් එතකොට තවත් පීඩනයෙන්  ව්‍යාකූලව  පූජකයා සහ දේශපාලකයා පසුපස යනවා. මිත්‍යාවන් පසුපස යනවා. එවැනි සමාජයක motto එක ලෙස "අචින්ති තම්පි භවති,චින්ති තම්පි විනස්සති " නැගලා යනවා.  බුදුන් ඔය  අචින්ති තම්පි භවති,චින්ති තම්පි විනස්සති  කතා කිව්වේ නෑ, වීර්‍ය පාරමිතාව , අධිෂ්ඨාන පාරමිතාව තුල ඔය කතා නෑ. ජාතක කතාවක් තියනවා කාන්තාරයේ වතුර නැතිව ඉන්න කොට බෝධිසත්වයෝ මිනිහෙක්ව මෝටිවේට් කරලා ගල පලලා වතුර ගත්ත කියලා. එදා  අචින්ති තම්පි භවති,චින්ති තම්පි විනස්සති  කිව්ව නම් මුලු ගැල් සෙට් එක මැරෙනවා. බෝමැඩදී සිදුහත් තවුසා කිව්වේ නෑ අචින්ති තම්පි භවති,චින්ති තම්පි විනස්සති  කියලා බුදු වෙලා මිස මෙතනින් නොනැගිටිමි කියලා කිව්වේ. අවිද්‍යාත්මක අවිනිශ්චිත සමාජයක් හදපු මිනිස්සු අවසානයේදී තමන්ටම ගැලපෙන motto එක හොයා ගත්තා. 

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook