Monday, January 25, 2021

අප අතරින් වියෝවී ගිය වෛද්‍ය W.G ගුණවර්ධන

  

වෛද්‍ය W.G ගුණවර්ධන මහතා මට මුලින්ම හමු වූයේ 1989 වසරේදීය​. එවකට වෛද්‍ය සිසුවෙකු වූ මා හට වෛද්‍ය අජිත් දංගෙදර යටතේ දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ (කළුබෝවිල රෝහල) ස්ථාපනයක් ලබා ගැනීම පිණිස ඔහු උපකාරී විය​. එවකට වෛද්‍ය W.G ගුණවර්ධන මහතා දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා විය. ​ඉන් පසු 1993 දී වෛද්‍ය උපාධිය අවසන් කොට සිටි මා දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ ප්‍රී ඉන්ටර්න්වරයෙකු ලෙස සේවය කලෙමි. එම කාලයේදීද ඔහු දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා විය.  වෛද්‍ය W.G ගුණවර්ධන මහතා ඉතා ප්‍රිය මනාප කරුණාවන්ත පුද්ගලයෙකු විය​. ඔහු ඕනෑම පීඩනකාරී අවස්ථාවකට මුහුණ දුන්නේ ඉතා සන්සුන් ලෙසටය​. රෝහල් කම්කරුවාගේ සිට විශේසඥ වෛද්‍යවරයා දක්වා ඕනෑම තරාතිරමක පුද්ගලයෙකුට ඔහු ගරුත්වයකින් යුතුව සැලකීය​.         

මා වෛද්‍ය W.G ගුණවර්ධන මහතාව අවසන් වතාවට හමු වූයේ 2007 වසරේදීය​. එවකට මා පුත්තලම් දිස්ත්‍රික්  මානසික සෞඛ්‍යය  සම්බන්ධීකරණ වෛද්‍ය නිලධාරී ලෙස සේවය කලෙමි. පුත්තලම් දිස්ත්‍රික් පළාත් සෞඛ්‍යය සේවා අධ්‍යක්‍ෂක වෛද්‍ය ආර්.එම් .එස්.කේ රත්නායක මහතාගේ උපදෙස් අනුව මා එදා එතුමා හමු වූයේ දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ ගොඩ නගන ලද මානසික සෞඛ්‍යය ගොඩනැගිල්ලේ ප්ලෑන ඉල්ලා ගැනීමටය​. දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ ගොඩ නගන ලද මානසික සෞඛ්‍යය ගොඩනැගිල්ල මෙන් දර්ශනීය ගොඩනැගිල්ලක් සෑදවීමට පුත්තලම් දිස්ත්‍රික් පළාත් සෞඛ්‍යය සේවා අධ්‍යක්‍ෂක වෛද්‍ය ආර්.එම් .එස්.කේ රත්නායක මහතාට අවශ්‍යව තිබුණි. අපගේ අවශ්‍යතාව කියූ පමණින් වෛද්‍ය W.G ගුණවර්ධන මහතා එම ඉල්ලීම ඉටු කර දුන්නේය​.

වෛද්‍ය W.G ගුණවර්ධන මහතා  ඉතා හොඳ රෝහල් පරිපාලකයෙකු මෙන්ම විචක්‍ෂණභාවයක් තිබූ වෛද්‍යවරයෙකු විය​. එතුමාගේ මැදිහත්වීම නිසා දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල විශාල ප්‍රගතියක් ලැබීය​.   එතුමාගේ වියෝව සෞඛ්‍යය අංශයට බලවත් පාඩුවකි. 

වෛද්‍ය රුවන්. එම් ජයතුංග 

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook