Monday, January 18, 2021

ගණිතාඥ රාමනුජාන්

 



ගණිතාඥ රාමනුජාන්ට යම් ආකාරයක ඕටිස්ටික ලක්‍ෂණ තිබුනා. ඔහුගේ මොලයේ ක්‍රියාකාරිත්වය අන් අයට වඩා වෙනස් ස්වභාවයක් ගත්තා. ගණිතමය සංකේත වලට ඔහුගේ මොලය දැක්වූයේ අධි සංවේදිතාවක්. ගණිතමය සංකේත වලට අධි සංවේදිතාවක් දක්වන ඕටිස්ටික ලක්‍ෂණ තිබෙන දරුවන් සිය ගනනක් බටහිර රටවල් වලින් වාර්තා වෙලා තිබෙනවා. යූ ටියුබ් එකට ගියොත් ඔබට ගණිතයට අති දක්‍ෂ මිනිස් ළමා කැල්කියුලේටර් දැකගන්න පුලුවන්. රාමනුජන් එවැනි අයෙක්. ඔහු ආවේ ඉන්දියාවෙන්. දේව විශ්වාස නිසා ඔහු සිතුවේ නාමගිරි නම් දේවතාවියක් ඔහුට මේ දැණුම දෙනවා කියා. එංගලන්තයෙන් එන විට ඔහු ක්‍ෂය රෝගියෙක්. අවසාන කාලයේදී ඔහු නිරාහාරව නාමගිරි දේවතාවියට පූජා පවත්වන්න ගොස් මිය ගියා. මේ රාමනුජන් සහ නාමගිරි කතාව අරගෙන තමයි නලීන් ද සිල්වා නාථ කතන්දර අපිට කියන්නේ. මිනිස් මොලය සහ එහි හැකියාවන් , මිනිස් මොලයේ විවිධ විභේධන තේරුම් ගත් විට සත්‍ය වැටහෙනවා.

  

3 comments:

  1. දැනුමේ මුල කොහෙද ? මම අදහස් කරන්නේ මිනිස්සු දැනුම අලුතින් නිර්මාණය කරනවද නැත්නම් විශ්වයේ දැනටම තියෙන දැනුම අවබෝධ කර ගන්නවද ? දැනුම අලුතින් හදන්නේ නැත්නම් ඒ අවබෝධය තනිකරම මොලේ රසායනික ක්‍රියා නිසා/ අධි සංවේධිතා නිසා විතරක් වෙන දෙයක් ද ?

    මට මේක හැමදාම තිබ්බ ප්‍රශ්නයක්. මට මේ වෙද්දී ලැබිල තියෙන එක පිළිතුරක් තමා විශ්වයේ තියෙන දැනුම් ගබඩා/පද්ධති වලට සම්බන්ධ වෙන්න සමහර අයට පුළුවන් කියන එක. (ඒක දෙවියන් නම් ජිව කොට්ටාශය හරහා වෙනවා කියන එකත් මේකට ඇතුලත් ) මම හිතාගෙන හිටියේ රාමනුජාන් කියන්නේ මේ විදියේ කෙනෙක් කියල.

    ReplyDelete
  2. රාමනුජන් ගැන මමත් ලිපියක් ලීවා රුවන් ට මතක ඇති. රුවන් පුලුවන්නම් ඔටිසම් සහ වැඩිහිටි ඕටිසම් ගැන ලිපියක් ලියන්න.

    ReplyDelete
  3. Please watch the full movie
    https://www.youtube.com/watch?v=8WwLPep9xNg&t=816s

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook