Thursday, May 28, 2020

ආදි ශිෂ්‍ය මාෆියාව


අජිත් පැරකුම් ජයසිංහ විසින් ආදි ශිෂ්‍ය මාෆියාව පිලිබඳව ලියා තිබෙනවා. බොහෝ ආදි ශිෂ්‍යයන් තමන් ඉගෙන ගත් පාසලට ලැදි පාසලේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන පිරිසක්. නමුත් සුළු ප්‍රතිශතයක් ඉන්නවා පාසල තමන් ගේ දෙවන ආර්ථිකය කරගෙන  ආදි ශිෂ්‍ය මාෆියාවක් හදාගත්. ඔවුන් සුළු ප්‍රතිශතයක් වූවත් ඉතා බලවත්. ඔවුන් දන්නවා විදුහල්පතිවරයාගේ දුර්වළකම් හඳුනාගෙන ඔහුට කොක්ක ගසා තමන් ගේ ව්‍යාපාරික අභිලාශයන් කර ගන්න​. 

මේ කතාව මම ලියන්නේ මමත් ආදි ශිෂ්‍ය මාෆියාවේ ගොදුරක් වූ නිසයි. 

මගේ පුතා නාලන්දා විද්‍යාලයට දැමීමට ඇවසි වූවද මාගේ සමකාලීනයෙකු විසින් ව්‍යාපාරික අරමුණක් මුල් කරගෙන මාගේ දරුවාගේ  නම කපා දමා වෙනත් සල්ලිකාරයෙකුගේ ළමයෙකු ඒ සඳහා ඉදිරිපත් කරන ලදි. මෙසේ ආදි ශිෂ්‍ය මාෆියාව විසින් ඔහුට නාලන්දාවේ දොරටුව වසා දැමූ නිසා ඔහු ගියේ කොලඹ රාජකීය විද්‍යාලයටය​. 


ආදි සිසුන් යනු පාසලේ සංවර්ධනයට උර ගෙන ගාමක බලවේගයක්. නමුත් තමන් ගේ දෙවන ආර්ථිකය පාසලෙන් හදා ගන්නට තැත් කරන මගෝඩියන්ට ආදි ශිෂ්‍ය සංගම් හෙවනක් කිරීමට ඉඩ නොදිය යුතුයි. සමහර විට ආදි ශිෂ්‍යයින් පාසල්වල තමන්ට අයත් නොවන කටයුතුවලට මැදිහත්වීම නිසා පාසල් වල අර්බුධ මතු වෙනවා. 

 මා හඳුනාගත් පරිදි ආදි සිසුන් වර්ග කීපයකි
****************************************************
1) පාසල වෙනුවෙන් තමන් ගේ කාලය ධනය වැය කරමින් පාසල දියුණු කිරීමේ අදහස පෙරදැරි කරගත් ආදි සිසුන්

2) තමන් ගේ පැරණි මිතුරන් හමු වීමත් ආතල් එකක් ගැනීම පෙරදැරි කරගෙන පාසල වෙනුවෙන් තමන් ගේ කාලය ධනය වැය කරන ආදි සිසුන්

3) තමන් ගේ ළමයා පාසලට දමා ගැනීම පෙරදැරි කරගෙන පාසල වෙනුවෙන් තමන් ගේ කාලය ධනය වැය කරන ආදි සිසුන්

4) තමන් ගේ දෙවැනි ආර්ථිකය පාසලෙන් ගොඩ නගා ගෙන අනුන් ගේ ළමයි පාසලට දමා දීමෙන් ගානක් කපා ගන්නා ආදි සිසුන්

3 comments:

  1. එකනේ මම ආදිශිෂ්‍ය සංගමයට නොබැදුනේ

    ReplyDelete
  2. ඔබතුමා කියන කථාව සම්පූර්ණයෙන්ම ඇත්ත​...නමුත්ඉ තින් රාජකීය විද්‍යාලය කියන්නේ ඔබතුමා පුතාව දාන්න හදපු පාසලට වඩා පිළිගැනීමක් තියෙන පාසලක් නේද​?...රාජකීය විද්‍යාලයට ළමයෙක් දානවා කියන්නේ ලංකාවේ තියෙන කොයිම පාසලකට ළමයෙක් දානවාටත් වඩා අසීරු වැඩක් නේද​?..ඒ කාරණය ගැනනම් එච්චර දුක්වෙන්න දෙයක් නැහැයි කියලයි මටනම් හිතෙන්නේ

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook