Monday, April 1, 2019

කෙටි කතාවක් ලිවීම නිසා ලේඛකයා රිමාන්ඩ්


ලේඛක ශක්තික සත්කුමාර විසින් ලියන ලද කෙටි කතාවක් මගින් බුදු දහමට අපහාස වූ බව කියා ඔහුව පොලිසියට කැඳවා  ඉන් පසු රඳවාගෙන උසාවියට ඉදිරිපත් කරන ලදී. උසාවියේදී ඔහුට විරුද්ධව ආගමට අපහාස කළැයි ICCPR නම් පනත අනුව චෝදනා ගොණු  විය​. (ICCPR නම් පනත අනුව   ආගමට අපහාස කිරීම පිළිබඳව චෝදනා ගොනු කළ මුල්ම අවස්ථාව මෙය බවත් පැවසේ). ශක්තික සත්කුමාර පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත  .මේ වන විට ඔහු සිටින්නේ කෑගල්ල බන්ධනාගාරයේය​. මෙය  භයානක ප්‍රවණතාවයක් මෙන්ම ශ්‍රී ලංකාව ආගමික අන්තවාදය කරා යන බව සනාත කෙරෙන නිමිත්තකි.මේ අන්තවාදී පනත අනුව මාර්ටින් වික්‍රමසිංහ ජීවතුන් අතර සිටියේ නම් බවතරණය නවකතාව ලිවීම පිලිබඳව වික්‍රමසිංහ ශූරීන් ද සිරගත කෙරෙනු ඇත​. 

මෙම තලෙබාන් ක්‍රියාව අනිවාර්‍යෙන්ම හෙලා දැකිය යුතුය. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග

9 comments:

  1. විවේචනයන්ට බෞද්ධ භික්ෂුව ප්‍රතිචාර දැක්වියයුතු පිළිවෙළ බ්‍රහ්මජාල සූත්‍රයේ නිදාන කථාවේ පැහැදිලිව පෙන්වා තිබේ. ඒ අනුව වර්ණනාවෙන් උඩඟුවන්නටත් නින්දාවෙන් කෝපවන්නටත් ඉඩක් නොමැත.

    පොතක් හෝ කිසියම් කලා නිර්මාණයක් තහනම් කිරීමෙන් වන යහපත කුමක්ද? ඒ පොතම මේ බ්ලොග් එකක/පීඩීඑෆ් කොපියක් ලෙස ප්‍රකාශයට පත් කොට අප එය මිල දී ගෙන ඒ ලේඛකයාට ඒ මුදල ලබා දීමේ වැඩ පිළිවෙලක් සකසන්නේ නම් මම ද පොතක් මිළදී ගන්නෙමි.

    ReplyDelete
  2. ත්‍රිපිටකය ලෝක මතක උරුමයක් කියලා ප්‍රකාශයට පත් කරන්න කියල ඉල්ලීමක් කරන්නත් හත්දා මගුලක් කන පොල් බූරුවෙක් ජනධිපති වෙච්ච රටක තව වෙන මොනව බලාපොරොත්තු වෙන්නද?

    ReplyDelete
  3. හප්පට සිරි.. මේක ලංකාවෙ වෙච්ච දෙයක් ද? කොහාටද අපි යමින් සිටින්නේ...

    ඇයි ජයසේන ජයකොඩි.. එයාවත් හිරේ දාන්න ඕනා..

    ReplyDelete
  4. යක්කඩුවේ ප්‍රඥාරාම නා හිමියෝ බවතරණයට මග හා බුද්ධචරිතය නමින් පොතක් බවතරණයට පිළිතුරක් ලෙස පළ කළහ. නවකතාවකට පිළිතුරු ලෙස පොතක් ලිවීම මගේ මට්ටමින් නම් අනවශ්‍ය වුනත් පොතක් ලියපු මනුස්සයා අපරාධකාරයෙක් කරනවාට වඩා නං එය දහස්ගුණයකින් හොඳයි. මේ ටික පසුව ලිව්වෙ බවතරණය ගන වූ සඳහන නිසා.

    ReplyDelete
    Replies
    1. ඔව්... එවිට සාහිත්‍යයේ ස්වර්ණමය යුගයක් යලි උදා වේවී.

      Delete
  5. ඇයි බුදුදහමටම කෙලින්න හදන්නේ හොද වැඩක් මේකා හිරකළ එක, පුලුවන්නම් අල්ලාට බැනලා ලියපන්කෝ හිරේ නෙමේ ලොවෙත් නෑ

    ReplyDelete
  6. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියක්// මේක යටතේ දඬුවම් කිරීම මහා විහිළුවක්

    ReplyDelete
  7. යශෝධරා සිද්ධාර්ථ යනු ලෝකයේ කෝටි ගණනක් ජනතාව ගරු කරන ආගමික සංඛේත දෙකකි. ඒ ආගමිකයන් එම සංඛේතවලට දක්වන ගෞරවය ඇතැම් විට සිය මව හෝ පියාට දක්වන්නා වූ ගෞරවයටද නෙදෙවෙනිය. රට තොට ගැන යම් සාමන්‍ය දැනීමක් ඇති අයෙකුට වුවත් ඒ කාරණය වටහා ගැනීමට තරම් නොහැකියාවක් තිබිය නොහැකිය. මේ කියන ලේඛකයා කෙටිකතාකරුවෙක් සාහිත්‍යකරුවෙක් වන්නේ නම් සමාන්‍ය ජනතාවට ඉදිරියෙන් ගමන් කළ යුත්තෙකි. නමුත් ඔහු ලියා ඇති ලේඛණයේ යශෝධරා පිළිබඳව වන සඳහන අතීතයේ ගම්බද ප්‍රදේශවල තිබූ කැලෑ පත්තරක සඳහනකටත් නොදෙවෙනිය. අමු අමුවේ යශෝධරා චරිතයද සිද්ධාර්ථ චරිතයද ඝාතනය කිරීමකි. එවැනි අවස්ථාවක එකී ආගමික සංඛේත ගරු කරන්නන් විසින් එම කැලෑපත්තරය ලියූ පුද්ගලයාට එරෙහිව නැඟී සිටීමට අපේක්ෂා කළ යුත්තකි. එය පසෙක තිබේවා ඔය ලේඛකයාගෙන් සහ ඔහුව කරතබාගෙන යන්නන්ගෙන් මේ පැණයට පිළිතුරු බලාපොරොත්තු වෙමි. යශෝධරා පිළිබඳ තබා ඇති සටහන ලේඛකයාගේ හෝ ඔබේ අම්මා පිළිබඳව තැබූ සටහනක් නම් ඔබට ඇතිවන හැඟීම කවරාකරාද? එය සමාජගත පුද්ගලයා විෂයෙහි කවර ආකාරයෙන් පිළිපදින්නට ඔබට සිතෙන්නේද? හෘදය සාක්ෂියට ආමන්ත්‍රණය කර බලා පිළිතුරු සටහන් කරන්න.

    ReplyDelete
  8. අපූරු අර්ථකථනයක් නොවැ. එතකොට කෙටි කතාවක් ලියූ වරදටද ඒ හිරගත කරලා තියෙන්නේ. එතකොට කෙටි කතා ලියන හැම කෙනෙක්වම ඒ විදිහට හිරගත කරනවාද? ටිකක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද දුහුණන්ගේ දැනගැනීම සඳහා?

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook