Sunday, March 31, 2019

ව්‍යභිචාරය




ව්‍යභිචාරය යනුවෙන් අදහස් කෙරෙන්නේ ඉතා සමීප ඥාතීන් අතර ඇතිවන ලිංගික සබඳතා වේ. ව්‍යභිචාරයන් අතර පියා විසින් දියණිය සමග ලිංගික සබඳතා පැවැත්වීම Father-daughter incest ශිෂ්ටාචාරය ආරම්භයේ සිටම වාර්තා වී ඇත​. වෛද්‍ය BRUNO M. CORMIER තමන් ගේම දියණියන් සමග ලිංගික සබඳතා පැවැත්වූ පියවරු පිලිබඳව අධ්‍යනයක් කලේය​. ඔහු මෙසේ කරුණු පෙන්වා දෙයි. 

A study of father-daughter incest confined to men otherwise non-criminal or sexually deviant. Incest is here studied mainly in function of the psychopathology of the father. The father seeks to find in his daughter the young wife of his early years. Unconsciously, however, as a young man he was looking for a mother substitute in the girl he was courting. We face a paradox, that in taking the daughter the incestuous father is trying to return to the mother. Once incest is discovered, there is rarely repetition. Disclosure brings about a breakdown of preexisting family relations. This is followed either by separation of the participants, or a re-organization where conscious incest barriers now prevail.

 ඇතැම් මනෝ විද්‍යාඥයන් පෙන්වා දෙන අන් දමට පියා විසින් දියණිය සමග ලිංගික සබඳතා පැවැත්වීම සඳහා අවිඥාණික මානසික ගැටුම් හේතු කාරක වෙයි.  පරියේෂක  Stroebel විසින් කාන්තාවන් 1521 සමග සමීක්‍ෂණයක් (2012) කල  අතර   ඔවුන් ගෙන් කාන්තාවන් 19 දෙනෙකු පියා සමග ලිංගික සබඳතා පවත්වා තිබේ.

 භින්නෝන්මාදයෙන් පෙළුණු පියවරු විසින් තමන් ගේ දියණියන් සමග ලිංගික සබඳතා පවත්වන ලද සිද්ධි අධ්‍යනයන් පරියේෂක Soron  හෙලි කරයි. ඇතැම් ආගමික කල්ට් තුලද මේ තත්වය වාර්තා වී තිබේ. පියා විසින් දියණිය සමග ලිංගික සබඳතා පැවැත්වීම බොහෝ රට වල බොහෝ සංස්කෘතීන් අතරින් වාර්තා වී තිබේ. ශ්‍රී ලංකාවෙන්ද  එවැනි වාර්තා ලැබී ඇත​. කෙසේ නමුත් පියා විසින් දියණිය සමග ලිංගික සබඳතා පැවැත්වීම වැනි ව්‍යභිචාරයන් ව්‍යාථවේදී තත්වයන් වන අතර එය මුළු මහත් පවුල් සංස්ථාවට අහිතකර වෙයි.

4 comments:

  1. ඔික ඉස්සර ලංකාවේ සමාජයේ දැනුවත්ව හෝ නොදැනුවත්ව තිබුනා කියනවනේද
    මම අහල තියෙනවා තිසාහාමිත් මේ වගේ ව්‍යාභිචාරී කටයුතු වල යෙදුනා කියල

    ReplyDelete
  2. මේකෙ ඊඩිපස් හෝ ඉලෙක්ට්‍රා සංකීර්ණයන්වල සම්බන්ධයක් තියෙනවද? මම දන්නෙ සොෆොක්ලිස්ගෙ නාට්‍ය කීපය සහ සාහිත්‍යමය පසුබිම විතරයි.

    ReplyDelete
  3. ඉස්සර කාලේ සමලිංගික සම්බන්ධකම් ගැනත් ඔයවිදියටම ඇලෝපති දොස්තරලා විග්‍රහ කලා.

    ReplyDelete
  4. කේ.කේ. සමන් කුමාරගේ සර්පයකු හා සටන් වැද කෙටිකතාව මෙය ඉතා කදිමට නිරූපණය කරනවා. සමන් කුමාරගේ ආරම්භයත්, අවසානයත් ඒ කෙටිකතාව තමයි, මට හිතෙන විදියට.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook