Monday, April 16, 2018

සෝවියට් වෛද්‍ය විද්‍යාව

 

සෝවියට් දේශය එක් කාලයක් විද්‍යාව සහ තාක්‍ෂණය අතින් ලෝකයේ  මුල් පෙලේ රටක් විය​. මේ කාලයේදී සෝවියට් දේශය වෛද්‍ය විද්‍යාව ජයග්‍රහණ රැසක් ලබා ගත්තේය​. උදාහරණයක් ලෙස අක්‍ෂි වෛද්‍ය විද්‍යාව සඳහා ෆියදෝරොෆ් සහ අස්ථි ශල්‍ය විද්‍යාව සඳහා එලිසාරොෆ් යන විශේෂඥයන් ලෝක පූජිත වූහ​. මෙම ජයග්‍රාහී සමයේදී සෝවියට් වෛද්‍ය විද්‍යාල ලෝක ශ්‍රේණි ගත කිරීමේදී ඉහල මට්ටමක තිබුනහ​. ලෝකයේ නන් දෙසින් සිසුන් වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය ලැබීම සඳහා සෝවියට් දේශයට ආවෝය​. 

සෝවියට් අස්ථි ශල්‍ය විද්‍යාව පිලිබඳ මා දන්නා එක් සිදුවීමක් තිබේ. 1980 දශකයේදී   ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරියෙකු වූ සනත් ගුණවර්ධන මෝටර් සයිකල් අණතුරකට භාජනය විය​. මෙම අණතුර හේතු කොට ගෙන ඔහුගේ පාදයකට බරපතල තුවාල සිදු වී තිබුනේය​. ඔහුව පරික්‍ෂා කල වෛද්‍යවරු  සනත් ගුණවර්ධන ගේ පාදය කපා දමා ඔහුගේ ජීවිතය බේරා ගත යුතු බව නිර්දේශ කලහ​. සනත් ගුණවර්ධනව ශල්‍යාගාරයට යවනු ලැබීය​. නිර්වින්දනය  දීමට ප්‍රථම තමාගේ පාදය කපා නොදමන ලෙසටත් තමාගේ සොහොයුරිය අධ්‍යාපනය ලබන සෝවියට් දේශයට තමන්ව යවන ලෙසට ඔහු ඉල්ලීමක් කලේය​. මේ අනුව වෛද්‍යවරු පාදය ඉවත් කිරීමේ ශල්‍යකර්මය සිදු නොකොට ඔහුව වහ වහා මොස්කව් වෙත යවන ලදි. 

මොස්කව් හිදී සනත්ට  ප්‍රතිකාර කරන ලද්දේ අස්ථි ශල්‍ය විද්‍යාව සඳහා  සුප්‍රකට එලිසාරොෆ්   විශේෂඥයා සේවය කල රෝහලේදීය​. මෙම රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව සනත් ගුණවර්ධන ගේ පාදය සුව විය​. 1993 වසරේදී මට යුද හමුදා නිලධාරී සනත් ගුණවර්ධනව කටුනායක ගුවන් තොටුපලේදී හමු විය. සෝවියට් අස්ථි ශල්‍ය විද්‍යාව විසින් සුවපත් කල සනත් කිසිදු වාරුවකින් තොරව දෙපයින් ගමන් කරන අයුරු මම නිරීක්‍ෂණය කලෙමි.  වර්තමානයේදී සනත් ගුණවර්ධන විශ්‍රාමික හමුදා නිලධාරියෙකි. මෙවැනි විජයග්‍රාහී සත්‍ය කථාන්තර රැසක් සෝවියට් වෛද්‍ය විද්‍යාව ඇසුරු කොට තිබේ.

ඉතා  ඉහල තත්වයක් තිබූ සෝවියට් වෛද්‍ය විද්‍යාව සෝවියට් දේශයේ බිඳ වැටීමත් සමග පරිහානියට පත් විය​. මේ කාලයේදී පරියේෂණ සඳහා ප්‍රතිපාදන කපා දමා තිබුනේය​. බොහෝ දක්‍ෂ වෛද්‍ය විශේෂඥයන් ඇමරිකාව සහ ඊශ්‍රායලය යන රටවලට ගියහ​. මේ නිසා ඉතා කීර්තිමත් යුගයක් සනිටුහන් කල වෛද්‍ය ආයතන කඩා වැටුණහ​. මෙය ඉතා කණගාටුදායක තත්වයක් විය​. ආර්ථික  අර්බුද හමුවේ ඉතා වටිනා වෛද්‍ය උපකරණ නිසි නඩත්තුවට ලක් නොවීය​. මේ නිසා එකී උපකරණ විනාශවී යන ලදි. මෙලෙස මිනිස් ප්‍රජාවට සෙත සැලසූ දැණුම පද්දතියක් අභාවයට පත් විය​. 

කෙසේ නමුත් ජනාධිපති පූටීන් යටතේ පැරණි සෝවියට් වෛද්‍ය විද්‍යාව නව මුහුණුවරකින් - රුසියානු සන්නාමයකින් ඉදිරියට එයි. ජනාධිපති පූටීන් විසින් යලිත් වරක් ප්‍රතිපාදන ලබා දී පැරණී දැණුම කීර්තිය යලි ලබා ගැනීම සඳහා උත්සහයක නියැලෙයි. මේ නිසා නුදුරු අනාගතයේදී රුසියානු වෛද්‍ය විද්‍යාව යළිත් හිස ඔසවනු ඇත​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

11 comments:


  1. Another medicinal front old Soviet medics were leading was Phage therapy or viral phage therapy which is the therapeutic use of bacteriophages to treat pathogenic bacterial infections.
    In today’s world where more and more antibiotic resistant strains of bacterial infections coming in to the picture, Viral Phage Therapy is gaining a rapid importance in medicine.
    Though the effective use of bacteriophages was discovered in around 1920s, more profitable Antibiotic products forced the pharmaceutical companies to suppress this branch of medicine, and also discredit the use of them in the western world. Isolated from Western advances in antibiotic production in the 1940s, Russian scientists continued to develop already successful phage therapy to treat the wounds of soldiers in field hospitals. During World War II, the Soviet Union used bacteriophages to treat many soldiers infected with various bacterial diseases e.g. dysentery and gangrene.
    Even today, Institute of Bacteriophage in Tbilisi, Georgia (former Soviet Republic) considered the leader in development and production of bacteriophage drugs.
    In another note, this is a technology that can be related to certain traditional remedies and folk medicine in our countries. This is low budget technology that suits well to our environment where a few but very highly skilled people is affordable. Unfortunately we never had open enough mind to search along these lines. People travel from all over the world to Tbilisi institute for treatment and to buy phages, generating a considerable income for the country.

    ReplyDelete
  2. more on the same topic:



    http://www.bbc.co.uk/programmes/articles/yGJ6MtYrP2S0gjssltQBS2/could-viruses-called-bacteriophages-be-the-answer-to-the-antibiotic-crisis

    Sorry if i am hijacking your blog post. This is something i am involved at the moment and would like to hear from anyone who has any experiance or opinion on the subject. Thank you.

    ReplyDelete
  3. Is he the founder of Illizorov technique in orthopedic surgery?

    ReplyDelete
  4. Was he the founder of Illizorov technique in orthopedic surgery?

    ReplyDelete
  5. අපි සනත්ව බලන්න කිහිප පාරක්ම ගිහින් තියනවා. සනත් ගේ අක්ක නිලන්ති නේද? සනත් ගේ කුසින් අරගෙන මාංශ කොටසක් කකුලට අල්ලලා වැඩෙන්න හැරලා, එතනින්ම අතටත් සවිකරලා වැඩෙන්න . දැක්කහම පුදුම හිතුන

    ReplyDelete
    Replies
    1. කකුලට සම්බන්ද කල කොටසම අතටත් හයිකරලද.... පැහැදිලි නැ අජිත් ... විස්තර කරන්නකො

      Delete
    2. මට හරියට මතක නැහැ. දැන් අවුරුදු 29-30 විතර වෙනවනේ. ඕක සනත් ගෙන් මයි අහන්න ඕනේ. මට මතක විධිහට ඇක්සිඩන්ට් එක නිසා කකුලේ muscles නැහැ. ඒවා වැඩෙන්න බඩ හරියෙන් නිකන් මස් වැදැල්ලක් හැදෙන්න ඇරලා ඒක තයි එකට සම්බන්ධ කරලා ඒ හරියේ මාංශ පේශි හැදුව. ඊට පස්සේ බාහුවේ හා අතේ මැණික් කටුව පහල හරියට මස් වැදල්ලම හයි කරල තිබ්බ. ඒක දැක්කමහත් පුදුම හිතුන. අතයි කකුලයි දෙකම ගොඩ ගත්ත. රුවන් කියනවා වගේ අස්ථි හැදුව. මම හිතන්නේ එක කකුලක් පොඩ්ඩක් දිග වැඩිද කොහෙද.

      Delete
  6. ලංකාවේ රෝහලකට ගියොත් ඔය වගේ දේකදි අනිවාර්යයෙන් එකම ඔප්ෂන් එක අත හරි කකුල හරි කපලා දාන එක. මම දන්න උදාහරණ කීපයක්ම තියෙනවා.... වෙන කිසිම උත්සාහයක්වත් ගන්නේ නෑ. එක්කෝ බැරි කම, නැත්නම් උවමනාවක් නැති කම.
    මගේ අ‍තේ පොඩි ඇඟිලි දෙක පිහියකින් වෙන් වෙන්නම වගේ කැපුනා ස්නායුත් එක්ක. කරන්න හදිසි අනතුරක් නිසා රජයේ රෝහලකට තමා ගියේ. ඇඟිලි නොකපා බේරගත්තේ බොහොම අමාරුවෙන් කියලා.

    බෙහෙත් වලින් තුවාල හොඳ වුනත් ස්නායු වැඩ කළේ නෑ. රෝහලින් කිව්වේ ඔය ඇඟිලි වලින් වැඩක් තියෙන්නේ මියුසික් කරන කෙනෙකුට නිසා, මට ඒක අමතක කරලා ඉන්න කියලා. තුවාල හොඳවෙන්නත් කළින් මම සිංගප්පූරුවට ගියා. මුලින්ම ස්නායු සම්බන්ධය හදලා බෙහෙත් නොකල නිසා කරන්න අමාරුයි කිව්වා... නමුත් මාසයක් විතර බෙහෙත් කරලා, අවුරුද්දක් විතර ෆිසියෝ කරලා සෑහෙන තරමට හදලා දුන්නා.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook