Monday, October 16, 2017

දන්ත වෛද්‍ය ජෙනරාල් තිලක් ජයවීර පිළිබඳ සටහනක්




දන්ත වෛද්‍ය ජෙනරාල් තිලක් ජයවීර මිය ගිය පුවත මට දැනගන්නට ලැබුනේ බොහෝ ප්‍රමාදවීය​. ඔහු පිලිබඳ එක් සිද්දියක් මට මෙහිදී සිහිපත් වෙයි.මා විසින් සිදු කල පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය ( PTSD ) පිලිබඳ අධ්‍යනයන් නිසා ඇමරිකානු වෙතරානු අධිකාරිය විසින් මට කැනසාස් සහ පෙන්සිල්වේනියාවේ දේශන කීපයකට 2006 වසරේදී ආරාධනා කරන ලදි. මීට සමගාමීව EMDR International Association ආයතනය විසින් මනෝ චිකිත්සනය පුහුණුව සඳහා මට ශිෂ්‍යත්වයක්ද දෙන ලදි. මේ කාලයේ මා සේවය කලේ යුද හමුදා රෝහලේය​. යුද හමුදා රෝහලේ අණ දෙන නිලධාරියා මගේ වැඩ ආවරණය කිරීමට වෙනත් වෛද්‍යවරයෙකු නොමැති බව කියමින් මට ඇමරිකාවට යම සඳහා ලියකියවිලි අත්සන් කලේ නැත​. ඔහුගේ යටි අරමුණ වූයේ මගේ ඇමරිකා ගමනට උදැල්ලක් දැමීමටය​. මේ අවස්ථාවේදී අනපේක්‍ෂිතව යුද හමුදා වෛද්‍ය බලකායේ කර්නල් කමඩාන් වූ ජෙනරාල් තිලක් ජයවීර යුද හමුදා රෝහලේ අණ දෙන නිලධාරියාට දුරකථන ඇමතුමක් දී " අයිසේ බළු වැඩ කරන්න එපා ඌට කෝස් එකට යන්න දේනවා " කීවේය. මේ දුරකථන ඇමතුමෙන් පසු පැය දෙකක් ඇතුලත අදාල ලියකියවිලි අත්සන් කොට ඒවා ඇමරිකානු තානාපති කාර්‍යාලය වෙත යවනු ලැබීය​.

වෛද්‍ය රුවන් එම් ජයතුංග

2 comments:

  1. රුවන්,අපි හොඳාකාරවම දන්නවා මේ මිනිස්සුන්ගේ හැටි.සමාජය ගැන කලකිරීම් තමයි වැඩි.දියුණු රටවල ඉන්න බොහෝ අපේ අයත් එකම ජාතිය.ඒ අතර මහත්මා ගුන ඇත්තෝ නැතුවා නොවේ.බලන්න මේ සිදුවීම තුල මහත්මයෙක් සහ නරුමයෙක් ඉන්නවා.මහත්මයාගේ හැසිරීම අප සිත් සුවපත් කරයි.සදා මතකයේ තියෙයි.නමුත් නරුමයාට තමයි හරියන්නේ.ලංකාවේ අපූර්වත්වය එයයි !

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook