Tuesday, October 17, 2017

ටිම් හෝර්ට්න් සහ ලාල් කාන්තලා


ටිම් හෝර්ට්න් යනු කැනඩාවේ සිටි අයිස් හොකී ක්‍රීඩකයෙකි. ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව ඔහු තම නමින් කෝපි අවන්හල් ඇරඹූ අතර එය ඉතා ඉක්මනින් ජනප්‍රිය වී කැනඩාව පුරා පැතිර ගියේය​. මෙම ටිම් හෝර්ට්න්ස් කෝපි අවන්හල් හල් නිසා අද දිනයේ දස දහස් සංඛ්‍යාවක් රැකියා  ලැබ පවුල් ජීවත් කරවති. ජීවතුන් අතර නොමැති වූවද ටිම් හෝර්ට්න් තවමත් කැනඩාවේ ජාතික වීරයෙකි. 

එහෙත් ටිම් හෝර්ට්න් ලංකාවේ උපත ලබා මෙම අවන්හල් ව්‍යාපාරය ලංකාව තුල ආරම්භ කලේ නම් ලාල්කාන්තලා ටිම් හෝර්ට්න් ධනපතියෙක්ද , ශ්‍රමය සූරාකන්නෙක්ද කියා ඔහුට භංගවේවා කියනු ඇත​. ලංකාවේදී ටිම් හෝර්ට්න් වැනි පුද්ගලයෝ වාමාංසිකයන් හඳුන්වන්නේ කූට ව්‍යාපාරිකයන් කියාය​.  

මිනිසුන්ට ජීවත් වීමට අවම වශයෙන් රැකියා දහයක් දී ඇති ව්‍යාපාරිකයන් හඳුනාගෙන ඔවුන්ට රාජ්‍ය මට්ටමින් ගෞරවයක් ලබා දී දිරිමත් කල යුතුය​. එවිට මිනිසුන් ලාල් කාන්තලා වීම වෙනුවට සමාජයට වැඩදායක මිනිසුන් වීමට උත්සහ දරණු ඇත​. නමුත් අවාසනාවකට මෙන් රැකියා උත්පාදනය කරන ව්‍යාපාරිකයා දෙස තවමත් ලාංකික සමාජය බලන්නේ  වපර ඇසිනි.  නමුත් තේරුම් ගත  යුතු සත්‍ය වන්නේ ලාල් කාන්තලා වැනි වාමාංශිකයන් තුන් වේල කා කටින් විවේචන කරන්නේ මෙම ව්‍යාපාරිකයන්  විසින්  ත්පාදනය කරන මුදල් වලට පින් සිදු වන්නටය. 

ටිම් හෝර්ට්න්ලා ජීවත් වූ කැනඩාව ධනවත් රටක් වන්නටත් ලාල් කාන්තලා ජීවත් වන ලංකාව දුගී රටක් වන්නටත් එක් හේතුවක් වන්නේ ලාල් කාන්තලා ප්‍රමෝට් කරන ආකල්පමය දරිද්‍රතාව  ලාංකික ජනයා තදින් බදා ගැනීම  නිසාය. 

28 comments:

  1. /* එහෙත් ටිම් හෝර්ට්න් ලංකාවේ උපත ලබා මෙම අවන්හල් ව්‍යාපාරය ලංකාව තුල ආරම්භ කලේ නම් ලාල්කාන්තලා ටිම් හෝර්ට්න් ධනපතියෙක්ද , ශ්‍රමය සූරාකන්නෙක්ද කියා ඔහුට භංගවේවා කියනු ඇත​. */

    රුවන්, මේ සහමුලින් ම හයිපොතිටිකල් කතාව ලියා ඒ මත පදනම්ව කියන කරුණුවල ඇති වැදගත්කමක් නෑ නේද?

    ලංකාවේ හිටපු ක්‍රීඩකයින්වන වෙත්තමුනිලා, සංගක්කාර, ජයවර්ධන, කළුවිතාරණ වඝේ අය ව්‍යාපාර කරනවා නේද? ලාල්කාන්ත හෝ එවැන්නෙකු එවැන්නන් ගැන මෙහෙම කතා කියා තියෙනවා මා නම් දැක අසා නෑ.

    පදනමක් නැති මෙවැනි කතා ලිවිය හැක්කේ දැඩි ද්වේෂයක් ඇති නම් පමණයි කියායි මා නම් සිතන්නේ රුවන්!

    ReplyDelete
    Replies
    1. ඇයි ලන්කාවේ මොට්ට වාමාංසිකයෝ ඔය වගේ වියාපාර කරන මිනිසුන් සූරාකන්නන් ; උන්ට භංගවේවා කියනවා අසා නැද්ද ?

      Delete
    2. //පදනමක් නැති මෙවැනි කතා ලිවිය හැක්කේ දැඩි ද්වේෂයක් ඇති නම් පමණයි කියායි මා නම් සිතන්නේ රුවන්!// කතාවෙහි කිසිම තේරුමක් ඇතැයි මට නම් සිතෙන්නේ නැත. සත්‍යය පැවසීම ද්වේශ සහගත දෙයක් නම් අප සියලු දෙනාම ගොළුවන් හෝ බිහිරන් හෝ මෙන් සිටිය යුතුය. බ්ලොග්ගු වී යමක් කරන්නට, අනුන් දැනුවත් කරන්නට, අයුක්තියට එරෙහිව කතා කරන්නට ඉදිරිපත් නොවිය යුතුය. රුවන් ලියා ඇති දේ ගැන "මේ සහමුලින් ම හයිපොතිටිකල් කතාව ලියා ඒ මත පදනම්ව කියන කරුණුවල ඇති වැදගත්කමක් නෑ නේ" කියන දේ නම් වැදගත් කමක් ඇති දෙයක් නොවිය හැකිය. මක් නිසාද යත්, දැන් කැනඩාවේ සිටියද රුවන් ජයතුංග දොස්තර මහතා මේ ලියන්නේ ඇසින් දුටු දේවල් සිතේ තබාගෙන නිසාය. වැඩ කරන පන්තියේ ජනතාවගේ පාරාදීසය යැයි විරුදාවලී ලත් සෝවියට් දේශයේ තිබූ ශ්‍රී විභූතිය දෑසින් දුටු නිසාය. මොස්කව් හෝ වෙනත් සෝවියට් නගරයක සිට මළානික වූ සමාජවාදී පාරාදීස හරහා බෙල්ජියම දක්වා දුම්රියෙන් යද්දී ධනවාදී රටවලට ඇතුල් වන විට ඒවායේ ගහකොළ පවා වර්ණවත් වී ප්‍රාණවත් වී තිබෙනු දුටු නිසාය. සමාජවාදී රටවලදී දුටු ඒකාකාරී අඳුරු ඇඳුමින් සැරසී, සිනාවෙන් තොරව සිටි මිනිසුන් මෙන් නොව ඒ රටවල මිනිසුන් නව විලාසිතා වල ඇඳුමින් සැරසී සතුටින් සිටිනවා දුටු නිසාය. එදිනෙදා ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට රජයේ අලෙවිහල් ඉදිරියේ පෝලිම් ගැසී පැය ගණන් නොසෙල්වී සිටි මිනිසුන් දැක ඇති නිසාය. අධික හිම පතනයකදී වුවද තමුන් සිටි තැනින් නොසෙල්වී ඉද්ද ගැසුවාක් මෙන් එම පෝලිම් වල සිටි මිනිසුන් දැක ඇති නිසාය. ලාල් කාන්තලා දැන් මවා මවාපාන සව්සිරින් පිරි ස්වර්ග රාජ්‍යය වෙනුවට ඔවුන් බලයට ආදාක මවා දෙන්නේ සිතන්නට, කතා කරන්නට, කැමති ඇඳුමක් අඳින්නට, ප්‍රමාණවත් තරම් ආහාර ද්‍රව්‍ය මිළයට ගන්නටවත් නැති, එක ගමකින් තවත් ගමකට යන්නට පවා පක්ෂයේ "සහෝදරයන්ගෙන්" අවසර ගත යුතු එළිමහන් සිර ගෙවල් බව දන්නා නිසාය. ඉදින් මේ දේවල් බොරු යැයි සිතනවා නම්, 1948 සිට මෙතෙක් බලයේ සිටි ධනවාදී සහ මිශ්‍ර රජයන්ගෙන් කිසිදු යහපතක් නොවුයේ යැයි සිතා එකම විකල්පය "සීනුව"කණ්ඩායමටත් බලය දී බැලිය යුතු බව නම්, එසේ කළාට කමක් නැත. එහෙත් ස්ටාලින් රුසියාවේ කළ දේත්, පොල් පොට් කාම්බෝජයේ කළ දේත් මාඕ චීනයේ කළ දේත් ජවිපෙ විමුක්තිවාදීන් එක් වරක් නොව දෙවරක්ම මේ රටේ පැතිරවූ භීෂණයත් අමතකවී ගොසින් නම්, කැමති කෙනෙක් සියතින් ගෙල සිඳ ගන්නවා වැනි දෙයක් කළාට කමක් නැත.

      Delete
    3. සත්‍යය පැවසීම ද්වේශ සහගත දෙයක් නම් අප සියලු දෙනාම ගොළුවන් හෝ බිහිරන් හෝ මෙන් සිටිය යුතුය. /////////////// athha

      Delete
    4. ලියනා කියනා දේවලින් වැඩිමනක් හරියක් එලොවටත් මෙලොවටත් පලක් නැතිව දොඩවන සමහර මහත්තුරුන්ගේ කතා වලට පිළිතුරුදීමට කාලය වැයකිරීමද නාස්තියකි.

      ලංකාව දියුණු කිරීමට කලයුතු ආකල්ප වෙනස තුල මේ පැරණි අසාර්ථක සමාජවාදී අදහස් වල අවලංගු භාවය පැහැදිලි කිරීමද අඩංගු වීම හොඳය.

      Delete
    5. දැන් මොනවාද මේ ලිපියේ ඇති සත්‍ය කරුණු?

      මෙන්න මේ කොටස සත්‍ය කරුණු යැයි සිතමි.

      /* ටිම් හෝර්ට්න් යනු කැනඩාවේ සිටි අයිස් හොකී ක්‍රීඩකයෙකි. ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව ඔහු තම නමින් කෝපි අවන්හල් ඇරඹූ අතර එය ඉතා ඉක්මනින් ජනප්‍රිය වී කැනඩාව පුරා පැතිර ගියේය​. මෙම ටිම් හෝර්ට්න්ස් කෝපි අවන්හල් හල් නිසා අද දිනයේ දස දහස් සංඛ්‍යාවක් රැකියා ලැබ පවුල් ජීවත් කරවති. ජීවතුන් අතර නොමැති වූවද ටිම් හෝර්ට්න් තවමත් කැනඩාවේ ජාතික වීරයෙකි. */

      ඒ හැර රුවන් ලියා ඇති කිසිදු දෙයක් සත්‍ය නොවේ. ඒවා සියල්ල උපකල්පනයන් පමණි.

      මා උඩින් ලියා ඇති පරදි, ලංකාවේ හිටපු ක්‍රීඩකයින් වන වෙත්තමුණිලා, ජයවනර්ධන, කළුවිතාරණ, සංගක්කාර වැනි අය බිස්නස් කරති. ඒ සමහර බිස්නස් අවන්හල් (ministry of crabs) ය.

      ඒ බිස්නස් එකක් ගැන මේ කියන ලාල්කාන්ත නම් (මා සිතන විදියට ජවිපෙට සම්බන්ධ වෘත්තීය සමිති නයකයා) යමක් කියා තිබේ ද? මා නම් එවැන්නක් අසා දැක නැත. තිබේ නම් කරුණාකර පෙන්වා දෙන්න.

      එසේම මා උපුටා දක්වා ඇති ඛොටස හැර රුවන් ගේ ලිපිේ‍ර් ඇති සත්‍ය කරුණක් වේ නම් පෙන්වා දෙන්න!

      මෙය පදනම් විරහිත JVP bashing එකක් බව නැවතත් කියමි.

      Delete
    6. රසික පේරාදෙනියේ සිටි කාලයේ ඔබ ජවිපෙට සම්බන්ධවී සිටියාද ?

      Delete
    7. Like I mentioned in a separate comment below, I also agree with Rasika’s viewpoint on this. This is just nonsense. Didn’t expect something from a person like Ruwan.

      Delete
  2. ඒ රටවල් දියිනු වීමටත් මේ රටවල් දියුණු නොවීමටත් හේතු සාධක එයයි. ලංකාවේ සෙලින්කෝ ව්‍යාපාරය කාඩා වැටීමට මෙරට දේශපාලකයන් මෙන්ම ඉරිසියාවෙන් සිටි වෙළෙන්දෝද වගකිව යුතුය
    විචාරක දියණිය

    ReplyDelete
  3. කතාව ඇත්ත.. අපේ රටෙත් හොඳ සාර්ථක සමාජයට වැඩදායි, විධියට තමන්ගේ ව්‍යාපාරය කරගෙන යන ව්‍යාපාරිකයෝ ඉන්නවා. ඒ අතරම තව ඉන්නවා 'කූට' විධියට ව්‍යාපාර කරගෙන යන සමහර දේශපාලකයන්ගේ, පොලිසියේ සහ පාතාලයේ ආනුභාවයෙන්. අද ව්‍යාපාර ක්ෂේත්‍රයට එන අය වැඩිදෙනෙක් ඉතා ඉක්මනින් සල්ලි හම්බ කරන්න බලාගෙන එන අය. ඒ අයට සංයමයක් නෑ, දනුම නෑ, අවංක නෑ, කැපවීම නෑ, මහන්සි වෙන්ට කැමති නෑ. ඒ නිසා ලංකාවේ බොහෝ කුඩා හා සුළු ව්‍යාපාර ඉතා ඉක්මනින් කඩා වැටෙනවා. ටිම් හෝර්ට්න්ලා ලංකාවේ ඇතිවෙන්න නම් අපේ සමාජයේ සෑහෙන වෙනසක් ඇතිවෙන්න වෙයි.

    ReplyDelete
    Replies
    1. ටිම් හෝර්ට්න්ලා ලංකාවේ ඇතිවෙන්න නම් අපේ සමාජයේ සෑහෙන වෙනසක් ඇතිවෙන්න වෙයි.//////////////// ++++++++++++++++++++++

      Delete
  4. මං දන්න...දුප්පත් වාමාංශික JVP කාරයෝ...ස්වීප් ගන්නව දැක්කම මට හිනා යනව !

    ReplyDelete
    Replies
    1. ඒ ස්වීප් ඇදුනොත් පන්ති සටනට මොකද වෙන්නෙ ?

      Delete
  5. අපේ රටේ බහුතර සිංහල බෞද්ධ අය ආකල්පමය වෙනසකට අකමැතියි.වමේ අය හිතන්නේ සෑමවිට ඔවුන් හරි කියා.දක්ෂිණාංශික අය හිතනවා අපි තමයි හරි කියා.ව්‍යාපාරයක් කරන එකත් ලේසි නෑ.ලියකියවිලි,පගාව,නිලධාරි මාන්නය නිසා සමහරු වැඩේ අත්හරිනවා.දියුණු රටක නම් අපිට උදව් කරනවා.අනිත් දේ රස්සාවක් ගන්න අපි මහන්සි වෙන්න ඕනෑ.ටික දවසක් නියමෙට ජොබ් එක කරනවා.ඊට පස්සෙ ගොඩක් අයට මොකද්ද වෙනවා.ඔන්න ඔතැනදී තමයි සේවක අයිතිවාසිකම් හරහා දේශපාලන භූතයෝ එන්නේ.අනිත් පැත්තෙන් බලපුවාම සමහර ව්‍යාපාරිකයොත් ගන්න දෙයක් නෑ.මොකද්ද හේතුව?නීතිය කියන දේ ලංකාවේ නැතිඑක.එහෙව් රටක ස්වයං විනයක් යටතේ සෙලින්කෝ වැනි ආයතන හොඳට ගියාතමයි.නමුත් අවසානය කොහොමද ?මේ රටේ නීතියක් නෑ කියා යලිත් තහවුරු උනා.රජයේ ආයතනවල වැඩ කරනව අඩුයි.අහංන්කාරකම වැඩියි.පුද්ගලික ආයතන මිනිස්සුන්ට ගරුකර සලකනවා.ඒ එම ආයතනවල විනය නිසා.නීතිය පස්සට යවා ඒ තැනට දේශපාලන කාලකණ්ණි ආවම බඩු බනිස්.මාලුන්ට පීනන්න වතුර ඕනෑ වගේ ලංකාවේ දේශපාලකයෝ කියන එවුන්ටත් තම පැවැත්මට මොකක් හරි ප්‍රශ්නයක් ඕනෑ.කිසිම සිංහල දේශපාලුවෙකුට රට වැදගත් නෑ.ඌට ඕනෑ ඌ හැදෙන්න.එහෙව් රටක රටට සහ ජනතාවට ආදරය කරන ව්‍යාපාරිකයෝ බලාපොරොත්තුවීමට පෙර අපේ මොළේ පරීක්සා කර ගැනීම වටී.

    ReplyDelete
  6. මම දන්නේ නෑ රැකියා ලබාදුන්න ව්‍යාපාරිකයින්ට එහෙම ජෝදනා කලාද කියල ට්‍රන්ස් ....
    හැබැයි මිනි විකුනන් කන අසමජ්ජාති මෑන් පවර් කාරයොන්ට නම් ගොඩක් රිදවල තියෙනවා
    ඇත්තටම උන් කරන්නේ තනිකරම මිනිස් ශ්‍රම වංචාවක්>.......

    ReplyDelete
    Replies
    1. සාධාරන වියාපාරිකයෝ අගයන්න ඕනේ

      Delete
    2. //මම දන්නේ නෑ රැකියා ලබාදුන්න ව්‍යාපාරිකයින්ට එහෙම ජෝදනා කලාද කියල ට්‍රන්ස් ....//

      ඔන්න මං දන්නෙම නෑ :D :D :D

      හන්දියේ බුලත් විට විකුනපු පෙට්ටි කඩේ මුදලාලිටත් ධනපතියා කියල ඒ මිනිහගේ බෙල්ල කපල වැටේ ගහල ගියා මිසක් එහෙම චෝදනා කලේ නෑ ජේවීපී එකෙන් :D

      ජෙප්පොන්ටත් මහින්දගේ අමතක වෙන ලෙඩේ හැදීගෙන එනවද කොහෙද :D

      Delete
    3. පසුගියදා විදුලිබලේ පඩිවැඩිකරන සටන මෙහෙයවුයේ ජවිපේ රංජන් ජයලාල් කියන ගොබිල. මිනිහ පටන් ගත්තේ ඉංජිනේරුවන්ගේ වැටුප අඩු කරනු! විදුලි බිල අඩුකරනු! කියල. අන්තිමේදී මිනිහගේ පඩිය වැඩිකරගත්තා . ජනතාවට තමයි බඩු බනිස් .

      Delete
  7. එකගයි රුවන් ..... ඔබට මෙන්ම මටත් ඔ්නේ යූඇන්පී හො ශ‍්‍රිි ලංකා ආණ්ඩුවක් .... විකල්ප නං ඔ්නෙම නෑ

    ReplyDelete
  8. එකඟ නැත! ජවිපෙ හෝ වාමාංශිකන් ගැන වැඩි පැහැදීමක් නැතත් ලාල්කාන්ත හෝ ජවිපෙ හෝ වාමාංශිකන් හෝ ඔබ පවසන තරම් ව්‍යාපාරිකයින් කෙරෙහි ද්වේෂසහගතව ක්‍රියා කරනවා දැක නැත.

    ReplyDelete
    Replies
    1. Bata, Maliban had enough problems with these left leaning unions and Bata is now scaled down

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook