Saturday, September 30, 2017

අපේ කාලයේ වෛද්‍යවරයෙක්


වෛද්‍ය වසන්ත දිසානායක  කෙලින් කතා කරන කෙලින් වැඩ කරන අවංක වෛද්‍යවරයෙකි. ඔහු පිලිකා රෝහලේ සිදු වෙමින් තිබූ මිලියන ගනනක ඔෟෂධ වංචාවන්ට විරුද්ධවී ඒ ගැන හෙලි කලේය​. එහෙත් හොරුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වූයේ නැත​. හොරුන් ගේ මාෆියාව විසින් වෛද්‍ය වසන්ත දිසානායකව මහරගම පිලිකා රෝහලේ සිට කෑගල්ල රෝහලට මාරු කර දමන ලදි. එය ලංකාවේ අපේක්‍ෂා කල යුතු තත්වයකි.
සන්නිවේදන කුසලතා මෙන්ම සහකම්පනීය අවබෝධයකින් යුතුව රෝගීන් කෙරෙහි කරුණාවෙන් වැඩ කරන වෛද්‍ය වසන්ත දිසානායක කොලඹ ආනන්ද විද්‍යාලයේ නිෂ්පාදනයකි. මාගේ මව වූ විනිතා ජයතුංග මහත්මිය ආනන්ද විද්‍යාලයේ ප්‍රාථමික ශ්‍රේනියේදී වෛද්‍ය වසන්ත දිසානායකට උගන්වා තිබුනු බව මා දැනගත්තේ මෑතකදීය​. ඔහු මගේ මවගේ අතිජාත ගෝලයෙකි.
කොලඹ වෛද්‍ය පීඨයෙන් අධ්‍යාපනය ලබා රෝගී සත්කාරයට පැමිනි වසන්ත දිසානායකලා වැනි වෛද්‍යවරු අද දුලබය​. සහකම්පනීය අවබෝධය අවම මුදල් දේවත්වයෙන් පුදන ඊගෝ එක වෙනුවෙන් රෝගීන් ගේ ජීවිත අනතුරේ හෙලන වෛද්‍යවරු අතර වසන්ත දිසානායකලා යනු ජීවක පරපුරේ වෛද්‍යවරු වෙති. එවැනි වෛද්‍යවරුන් ගේ සේවය අගය කිරීම අපගේ යුතුකමකි.

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

3 comments:

  1. ආනන්ද,නාලන්දා ,රාජකීය නිෂ්පාදනයකට එහාගිය නියම මිනිස්කමේ නිපැදවීමක් වෙන්න ඕනෑ.මගේ අත් දැකීමනම් හොඳ මිනිස්සු කොහොමත් හොඳයි.යහපත් ගතිගුණ ජානවලම තියෙනවා.

    ReplyDelete
  2. where does he stands on recent developments in SL medical profession?

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook