Tuesday, August 30, 2016

හාවර්ඩ් විශ්ව විද්‍යාලයේදී

 


With Professor Judith Herman 


හාවර්ඩ් විශ්ව විද්‍යාලය ලෝකයේ හොඳම විශ්ව විද්‍යාලය වන අතර 2016 වසරේදී  මෙම විශ්ව විද්‍යාලයේදී පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය (PTSD) පිලිබඳව දේශනයක් කිරීමේ විරළ භාග්‍ය මට හිමි විය​. මෙම දේශනය මම පැවැත්වූයේ ලෝක පූජිත මනෝ වෛද්‍යවරියක් වන ජුඩිත් හර්මන් විසින් මූලාසනය උසුලන ලද සභාවකය​. එය මගේ වෘත්තීය ජීවිතයේ ලැබූ ජයග්‍රහනයකි. 

ඇමරිකාවේ මැසචූසෙට්ස් හි  ස්ථාපිත කොට තිබන හාවර්ඩ් විශ්ව විද්‍යාලය ආරම්භ  කරන ලද්දේ 1636 දීය​. ලෝකයේ උසස් අධ්‍යාපනික ආයතන අතරින් මිණි කිරුළ ලෙස හාවර්ඩ් විශ්ව විද්‍යාල හැඳින්විය හැකිය​.  වර්තමානයේ සිසුන් 21,000 කට ආසන්න සංඛ්‍යාවක් මෙම විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබති 

හාවර්ඩ් විශ්ව විද්‍යාලය අක්කර 209 යුතු විශාල ආයතනයකි. එසේම එම විශ්ව විද්‍යාලයට අනුබද්ධිත ආයතන රැසක්  බොස්ටන් -කේම්බ්‍රිජ් ප්‍රදේශ වල පිහිටා තිබේ. මෙම විශ්ව විද්‍යාලය මගින් ලෝ ප්‍රකට උගතුන් රාශියක් බිහි කොට තිබේ.මේ අතර නෝබෙල් සම්මානලාභීන් රැසක් සිටිති. ඇමරිකානු ජනාධිපතිවරු අට දෙනෙකු හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබා තිබේ. 

හාවර්ඩ් විශ්ව විද්‍යාලයට වසරකට ලොව පුරා අපේක්‍ෂකයන් දස දහස් ගනනක් ඉල්ලුම් කරති. ඉන් තෝරා ගන්නේ 6 % වැනි සුළු ප්‍රමානයකි. 

63 comments:

  1. එය විරල භාග්‍යයක් මෙන්ම ඔබගේ මහන්සියෙන් උපයාගත් අතිශය වටිනා අවස්ථාවකි. එමෙන්ම, අනාගතයේ මේවැනි අවස්ථා සොයා යන තරුණ පර්යේෂකයන් වන අපට උනන්දු කිරීමකි.

    ReplyDelete
  2. I believe you are now well known as a leading researcher in this area (PTSD) among scholars. This is something you've earned with years of hard work. The opportunity to present at Harvard is something you deserve rather than a 'rare opportunity'. I believe you have the strength and motivation to contribute further to the existing knowledge. Good luck!

    ReplyDelete
    Replies
    1. මමත් අනුමත කරනවා.

      Delete
    2. Thank you Sir and appreciate your kind words : Ajith and Naiyane too

      Delete
  3. ඔබගේ ජයග්‍රහණය වෙන්වෙන් අපට බොහෝම සන්තෝෂයි . . උනුසුම් සුභ පැතුම් මේ සමඟ

    ReplyDelete
  4. ඔබතුමාගේ ජයග්‍රහණයට මගේ සුභ පැතුම්. අපිටත් පොඩි උදව්වක් කරන්න බැරිද ? බ්ලොග් ලෝකයේ පකීර් කෙනෙක් , තමන්ගේ ප්‍රෝෆයිලයෙන් ඉතා විණීත, සත් ගුණවතෙකු ලෙස පෙනී සිටී. නමුත් ඇනෝවරු ලෙස තමන්ගේම බ්ලොගයේ සහ අනෙකුත් බ්ලොග්වල, ඉතා පහත් ලෙස අනෙකුත් කමෙන්ටු කොටන්නන්ට පහරදෙමින් ස්වයං වින්දනයක් ලබයි. විශේෂයෙන් විරුද්ධ මත දරන්නන්ට. මෙම පකීර් වැඩිපුරම අවමාන කරන්නේ සමලිංගික කරුණුය. මොහු කුඩා කළ පිරිමින්ගේ අතවර ලත් අයෙක්ද ? මොහුගේ භාෂා හැසිරවීම, ඉතා පැරණි මතකයන් සමග බ්ලොග්වල ලියූ කරුණු අනුව, මොහු මෙය කරන බව මට ඉතාමත් පැහැදිලිය.

    ReplyDelete
    Replies
    1. Robert you are one uttermostly shameful buttlicker I have ever seen.. A bit paranoid if you dare call me too rasika. Anyway hats off to your comment in W3 Lanka about Kumar gunarathnam, I am with you in that.

      Delete
    2. රොබට් මහතා මිනිසුන් විවිධාකාරය

      Delete
    3. ගණන් ගන්න එපා මචන්. පහුගිය දවසක ඔය වගේ කෙනෙක් මගේ පස්සෙත් පැන්නුවා ඇමරිකන් කල්චරල් එක ගැන කතා කරනකොට.

      ඕනෑම කෙනෙකුට විවේචනය කිරීම සහ තම මතවාදයන් ඉදිරියට ගෙනියාමට නිදහස සහ අවස්තාව තිබිය යුතුයි.

      Delete
    4. @යම පල්ලා

      හලෝ තමුන්ගේ Stanford පම්පෝරිය ගහන්න කලින් දැනගන්නවා ඇමෙරිකාවේ තියෙන්නේ multiculturalism or cultural assimilation.

      "...ඕනෑම කෙනෙකුට විවේචනය කිරීම සහ තම මතවාදයන් ඉදිරියට ගෙනියාමට නිදහස සහ අවස්තාව තිබිය යුතුයි..."

      ඒකතමයි අපිත් කරන්නේ!

      Delete
  5. බ්ලොග්කරුවෙකු ලෙසින් මගෙනුත් සුභපැතුම් ඔබ තුමාට.

    ජයවේවා!!!

    ReplyDelete
  6. මගේ සුබ පැතුම්!

    ReplyDelete
  7. සුබ පැතුම් ඔබට....!

    ReplyDelete
  8. ඔබට මේ ලෝක මට්ටමේ විශ්ව විද්‍යාලයෙන් ලැබුනු පිළිගැනීම රටටත් ගෞරවයකි.
    ඔබට මාගේ උනුසුම් සුභපැතුම්.

    ReplyDelete
  9. යුද්ධය කවදත් නරකයි. නමුත් මෙය එවැනි යුද්ධයකින් ලැබුණු ඉතා හොඳ ප්‍රතිපලයක්.

    වෙල් ඩන් රුවන්.

    ReplyDelete
  10. මා දන්නා තරමින් හාවඩ් වැනි "පුද්ගලික" විශ්වවිද්‍යාල දානපතියන් ගේ පුණ්‍යාධාර වලින් ඇරඹුනු, ලාබ නොලබන ආයතන වේ.

    අපේ සමහරු හිතන්නේ මෙවැනි ආයතන මුදළාලිලා මුදල් ඉපයීමට කළ ආයෝජනවලින් ඇරඹුණු ව්‍යාපාර කියායි.

    ReplyDelete
    Replies
    1. හාවඩ් "පුද්ගලික" විශ්වවිද්‍යාලය දානපතියන් ගේ පුණ්‍යාධාර වලින් ඇරඹුනු, ලාබ නොලබන ආයතනයකි

      Delete
  11. හරිම සතුටක් වගේම ආඩම්බරයක් දැනුනා.. මම ඔබේ බ්ලොගය දොස්තර පැටවුන් කීපදෙනෙකුටම හඳුන්වාදුන්නා.
    ජයවේවා..!!

    ReplyDelete
  12. ඔබ සෝවියට් දේශයේ ඉගෙනුම් ලත් නිසා වඩාත් ආඩම්බරයි. ලංකාවේ ඔබලාට තිබුණු ප්‍රශ්න ගැන වරෙක වර්ජනයකදී පහරදුන් අයුරු ගැන මට වරක් පළමු වෛද්‍ය විදුහලේ උගත් යහළුවකු විස්තර කළේය. මේ හොඳ පිළිතුරකි..

    ReplyDelete
    Replies
    1. අජිත් මට බොහෝ ගල් මුල් වැදී තිබේ. දැන් මම ඒ දෙස බලන්නේ උපේක්‍ෂාවෙනි. අප සෝවියට් නිසා ලංකාවේ අගය නොකලද හාවර්ඩ් වැනි විශ්ව විද්‍යාල අපගේ වැඩ සහ පත්‍රිකාවලට නිසි ඇගයුම් දුන් බව කියන්නේ නිහතමානීවය

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ඇත්තම කියනවනම් ලංකාවේ අපිට නොලැබෙන සැලකිල්ල අපිට පිටරටකදී ලැබෙනවා. අපේ වුර්තිය ඔව්න් අගය කරනවා මෙන්ම ඔවුන් අපිව පිලිගන්නවා.

      Delete
    4. සෝවියට් දේශයේ ඉගෙනුම ලැබූ අය දෙස ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ බොහෝ පිරිස් දකින කෝණය මා හොදින්ම දනිමි //// අතිරේක විදේශ භාෂා දන්නා යුරෝපයේ බොහෝ රටවලට ගිය ලෝක අත්දැකීම් බහුල සෝවියට් උපාධිධාරීන්ට කෙනෙහිලිකම් කරන්නේ ලංකාව ඇර වෙනත් රටකට පා නොතැබූ තමා ගැන හීනමානයෙන් පෙලෙන පුද්ගලයන් බව මට පෙනී ගොස් තිබේ.

      Delete
  13. Is there a way Sri Lanka (specially war affected people) can benefit from your expertise? May be it's happening already.

    ReplyDelete
    Replies
    1. I organised a combat treatment center with Dr Neil J Fenando (Psychiatrist)

      Delete
  14. හරිම සතුටුයි...ඔබට උණුසුම් සුබ පැතුම් !!!

    ReplyDelete
  15. ඔබේ ජයග්‍රහණයට මගෙනුත් සුබපැතුම්...!

    ReplyDelete
  16. හිරිහැර මැදින් ආ දුෂ්කර ගමනේ ප්‍රථිපල ඔබට ලැබී ඇත...තවත් ඉදිරියට යෑමට මගේ සුභපැතුම් !

    ReplyDelete
  17. ඔබගේ ජයග්‍රහණය වෙනුවෙන් මගේ සුභ පැතුම්. උත්සාහය, කැපවීම,අවංකත්වය සහ අධිෂ්ඨානය ඇත්නම් කළ නොහැක්කක් නොමැති බව ඔබ විසින් පසක්කර දී ඇත.

    ReplyDelete
    Replies
    1. තුති මල් මල්ලී

      Delete
  18. උනුසුම් සුභ පැතුම්

    ReplyDelete
  19. ජයග්‍රහණය වෙනුවෙන් මගේ සුබ පැතුම්...!!!

    ReplyDelete
  20. සුභ පැතුම්.. අපිට බලා ගන්න හාවර්ඩ් එකේ ෆොටෝ ටිකක් දාන්නකෝ

    ReplyDelete
  21. ගූතලන්ටත් අවස්ථාවක් හදල දෙන්න බැරිද ඇනෝ ඇල්ලීම ගැන දේශනයක් කරන්න?

    ReplyDelete
  22. ඔබේ ජයග්‍රහණ ගැන ඇසීමත් දැකීමත් සතුටක් .හද පත්ලෙන්ම සුබ පතමි .ජය !

    ReplyDelete
  23. ඔබේ ජයග්‍රහණ ගැන ඇසීමත් දැකීමත් සතුටක් .හද පත්ලෙන්ම සුබ පතමි .ජය !

    ReplyDelete
  24. මගෙනුත් උනුසුම් සුබපැතුම් ඔබට ! තවත් වටිනා අවස්ථා උදා වේවා !

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook