Monday, August 8, 2016

ක්වීන්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලයේදී



ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බර්න් නගරයේ ක්වීන්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලයට මම ගියේ එම සරසවියේ මනෝ විද්‍යා අංශයේ අංශාධිපති කේට් සොෆ්‍රොනොෆ් ගේ ආරාධනයක් අනුවය​. 

ක්වීන්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලය ස්ථාපිත කරන ලද්දේ 1909 දීය​. ක්වීන්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලය පරියේශන සඳහා ප්‍රකටය​. එසේම ලෝකයේ විශ්ව විද්‍යාල රෑන්ක් වලදී මුල් පෙලේම තිබෙන  විශ්ව විද්‍යාලයකි එහි අධ්‍යාපනික ගුණාත්මක භාවය අනූනය​. මේ නිසා ලෝකයේ නන් දෙසින් සිසු සිසුවියන් ක්වීන්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලයට එති.  

ක්වීන්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලය දුටු මට අප රට විශ්ව විද්‍යාල මතක් වී දුකක් ආවේය​. මෙවැනි විශ්ව විද්‍යාල පද්ධතියක් වර්ධනය කර ගැනීමට අපට හැකියාවක් තිබුනේ නම් ? 

වෛද්‍ය විද්‍යා අධ්‍යාපනයට ලෝකයේ වෙනත් රටවලින් සිසුන් ගෙන්වා ගෙන ලංකාව අධ්‍යාපනික ක්ශේත්‍රයේ චක්‍රනාභියක් කිරීමේ පියවර උපන් ගෙයිම විනාශ කරන ලද්දේ  ලෝකයේ ඉදිරි ගමන ගැන වැටහීමක් නැති නොමේරු බුද්ධියක් තිබෙන අන්තවාදී දේශපාලන පක්‍ෂ කීපයක් සහ වෛද්‍ය ක්ශේත්‍රයේ  තීරණ ගැනීමට බලය ඇති කුහකයන් අතලොස්සකගේ ක්‍රියා කලාපය නිසාය​. ලංකාව වැනි රටවල් බුද්ධිමය අතින් පරිහානියට යද්දී ලෝකයේ අධ්‍යාපන ක්ශේත්‍රයේ බලවතෙකු වීමට ඔස්ට්‍රේලියාවට හැකි විය​.    

පශ්චාත් වියසන ක්ලමථ අක්‍රමතාවය පිලිබඳ මා විසින් ලංකාවේ  කරන ලද අධ්‍යනයන් සහ  ලියන ලදි ලිපි මෙන්ම පොත් මනෝ විද්‍යා අංශයේ මහාචාර්‍යවරුන් ගේ අවධානයට ලක් වූහ​. 

" තනිවම ඔබ බොහෝ වැඩ කොටසක් කර තිබෙනවා " මනෝ විද්‍යා අංශයේ ආචාර්‍ය පෝල් හානට් කීවේය​.  ඔහුගේ එම ප්‍රකාශය මම තුති පූර්වකව භාර ගතිමි. 


" පශ්චාත් වියසන ක්ලමථ අක්‍රමතාවය  ගැන ඔබ කරන ඔය අධ්‍යනය වැදගත්. යුද ආතතිය සහිත ඔස්ට්‍රේලියානුවන් වාර්තා වූයේ ලෝක මහා යුධ දෙකට පසු සහ වියට්නාම් යුද්දයට පසුවයි. එහෙත් ඔබගේ රටේ දශක කීපයක් පුරා ඇදෙන  යුද්ධය නිසා පශ්චාත් වියසන ක්ලමථ අක්‍රමතාවය සෙබළුන් , ගරිල්ලා කාඩරයන් මෙන්ම සිවිල් ජනතාව අතර පැතිරෙනවා. යම් ලෙසකින් යුද්ධය අවසන් වූවද පශ්චාත් වියසන ක්ලමථ අක්‍රමතාවය නවතින්නේ නෑ එය තවත් දශක ගනනාවක් බලපවත්වනවා.  මේ සඳහා ඔබගේ රටේ පශ්චාත් වියසන ක්ලමථ අක්‍රමතාවය  ගැන අධ්‍යනය කිරීමට සහ ඊට ගොදුරු වූවන්ට ක්‍රමවත් ලෙස ප්‍රතිකාර කිරීමට මධ්‍යස්ථනයක් අවශ්‍යයි. මේ සඳහා වැඩ කරන්න " ආචාර්‍ය පෝල් හානට්  මට කීවේය​. 

යලිත් ලංකාවට පැමිනි පසු මම ආචාර්‍ය පෝල් හානට් ගේ අදහස අනුව පශ්චාත් වියසන ක්ලමථ අක්‍රමතාවය ගැන අධ්‍යනය කිරීමට සහ ඊට ගොදුරු වූවන්ට ක්‍රමවත් ලෙස ප්‍රතිකාර කිරීමට මධ්‍යස්ථනයක් ඇති කිරීම පිලිබඳව සෞඛ්‍යය අංශයේ මෙන්ම යුධ හමුදාවේද අදාල බලධාරීන් සමග කතා කලෙමි. නමුත් එය සාර්ථක වූයේ නැත​. එහි අවශ්‍යතාව පිලිබඳවද ඔවුනට වැටහීමක් නොවීය​. 

2009 යුද්ධයෙන් පසු සොල්දාදුවන් 400 ආසන්න ප්‍රමාණයක් දිවි නසාගෙන තිබේ. වෛද්‍ය නීල් ප්‍රනාන්දු සහ මා මේ වියසනයන් පිලිබඳව වගකිවයුත්තන්ට කීවේ 2002 තරම් ඈතකදීය​. එහෙත් මේ ජීවිත පිලිබඳ ඔවුනට වගක් නොවීය​. වියසනය සිදු වීමට ඔවුන් ඉඩ හැරියහ​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

22 comments:

  1. //වෙනත් රටවලින් සිසුන් ගෙන්වා ගෙන ලංකාව අධ්‍යාපනික ක්ශේත්‍රයේ චක්‍රනාභියක් කිරීමේ පියවර උපන් ගෙයිම විනාශ කරන ලද්දේ ලෝකයේ ඉදිරි ගමන ගැන වැටහීමක් නැති නොමේරු බුද්ධියක් තිබෙන අන්තවාදී දේශපාලන පක්‍ෂ කීපයක් සහ වෛද්‍ය ක්ශේත්‍රයේ තීරණ ගැනීමට බලය ඇති කුහකයන් අතලොස්සකගේ ක්‍රියා කලාපය නිසාය​.//

    +++++++++

    ReplyDelete
  2. යුද්ධයකදී, පෙර සූදානම, සටනේදී කරන ක්‍රියා පිළවෙත, පශ්චාත් සංග්‍රාමික කළමනාකරණ කටයුතු, කියා දෙයක් තියනවා. මෙන්න මේ පශ්චාත් සංග්‍රාමික කලමනාකරණය, 'පශ්චාද්' කළමනාකරණයක් වෙලා අපේ රටේ.

    ReplyDelete
    Replies
    1. හමුදාවෙන් දෙන වරප්‍රසාදත් , බඩියන් , වාහන ලබා ගන්නා මොවුන් හමුදාවට කිසිවක් නොදෙනවා පමණක් නොව සොල්දාදුවන් ගේ මානසික සුවයටද කෙලවති

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. සුද්දා මේ රටේ උන්නා නම් අපේ රටේ උන්ම ළෝකේ හොල්ලන්න ඉඩ තිබුනා ඉන්දියන් කාරයෝ වගේ.. ඒත් උන් මේක වැද්දන්ට දීලා උන් නිදහස් උනා නේ අපේ කරුමයට.

    ReplyDelete
    Replies
    1. අඩු ගණනෙ සිංගප්පූරුව ගාණටවත්

      Delete
    2. අඩුම තරමේ පාස්පෝට් එකවත් ගණන් ගන්නවා.

      Delete
    3. සිංගප්පූරුව යනු බිරිතානි අධිරාජ්‍යට සේවය කිරීමට පුහුණුකල "බර්ගර් චීන්නුන්ගේ" ආධිපත්‍යයට යටත්වූ මැලේ නිජභූමියක්.
      ලංකාව තව කලක් බිරිතානි අධිරාජ්‍යයට යටවෘ තිබුනි නම්,
      ලංකාවත් බිරිතානි අධිරාජ්‍යට සේවය කිරීමට පුහුණුකල "බර්ගර් දෙමළුන්ගේ" ආධිපත්‍යයට යටත්වූ සිංහල නිජභූමියක් වෙයි.
      ඒ අතින් බැලූවිට ලංකාවත් සිංගප්පූරුවක් වෙන්න තිබුනා
      මේ ගැන අදහසක් ගන්න අවශ්‍යනම් ආතර් සී ක්ලාක් මහතාගේ විද්‍යා ප්‍රබන්ධවල ලංකාව ගැන සඳහන්කර ඇති ආකාරය සොයා බලන්න.

      Delete
    4. මාතලන්, මේ අදහස අපේ ලිං මැඩියන්ට කොහොමටත් දිරවා ගන්න බැහැ. ඒ සත්තුන්ට ඕනෑ රජ කෙනෙක්, වන්දනාමාන කර කර ඉන්න. සිංහල නිජ භූමියක් කියලා ඇන්දුවහම මැඩියන්ට ඊට වැඩිය දෙයක් නැහැ. රජ තුමා මුළු රටේම සල්ලි ටික සාක්කුවේ දා ගත්තත් උන්ට වගේ වගක් නැහැ.

      Delete
  5. බොරුවක් උනත් කොතරම් ඇත්තක්ද
    නුඹ මුවෙන් පවසන නිසා

    අපූරු කවි පෙළක් එක්ක අළුත් බ්ලොග් එකක්

    ReplyDelete
  6. කොමිස් නෑනේ.. ඒකයි ඔය....

    ReplyDelete
  7. //වියසනය සිදු වීමට ඔවුන් ඉඩ හැරියහ​.//
    තවමත් ඇස් කන් පියාගෙන ලොක්කාට ආවඩමින්ම සිටින්නාවුන්ගෙන් පාලනය සහ වටපිටාව පිරී ඇති නිසා වෙනසක් නැතිය.
    ජයවේවා..!!

    ReplyDelete
  8. යුද්ධයෙන් කායිකව ආබාධිත වූ සොල්දාදුවන් සමහරු ඔවුන්ගේ ගම්වල සමාජ සේවා කටයුතු වල සම්බන්ධවෙලා ඉන්නවා, මරණාධාර සමිති වගේ ඒවායේ, ඔවුන් පොඩි ග්‍රොසරියක්, ත්‍රීවිලරයක් කරන ගමන් බොහෝ කැප වී පොදු වැඩ කරනවා, නමුත් බොහෝවිට මිලිටරි පුරුද්දට ගමේ මිනිස්සු එක්ක වැඩ කරන්න ගියාම බොහොම ඉක්මනින් ආරවුල් ඇති කරගෙන එක්කො ගමේ මිනිස්සු සමිති දාල යනවා නැත්නම් එයාලම කළකිරිමට පත්වෙලා අයින් ගහනවා.

    ReplyDelete
    Replies
    1. හමුදාවෙන් විශ්‍රාමයන අයට (හමුදා නොවෙන)නායකත්ව පුහුණුවක් දෙන්න හැකි නම් අගෙයි, පන්සල් නොවේ පොදු ආයතන ගොඩනඟන්න කියා කියා දෙන්න වෙනවා, නැතිනම් අනාගතයේ මාළු ලෑල්ලට ගන්න වෙන්නෙත් බෝධිප්‍රාකාරයක්ම තමයි.

      Delete
    2. හොඳ නිරීක්‍ෂණයක්

      Delete
    3. ඇණේ ගේ අදහස් සමග එකඟයි. ඔබ නිරීක්ෂණය කර තිබෙනවා, ආරක්ෂක හමුදා අයවලුන්, පොදු වැඩවලට ගියාම (ආරවුල් කියන එක වෙනුවට මතභේද කියලා කියමුද?) පසුව ඉන් ඉවත්වෙනවා කියා. අහලා බැලුවේ නැද්ද කීපදෙනෙකුගෙන්, ඒ ඇයිද කියා. අපේ ගමේ සුබසාධක සමිතියේ ගරු ලේකම් ලෙස මා දැන් වසර පහක් නිතරගයෙන් සේවය කරනවා. මේ වසරේදී මගේ ඉල්ලා අස්වීම බාරගන්නා පොරොන්දුව පිටයි, දැන් සේවය කරන්නේ. මට පුළුවන් වුනා මෙන්න මේ දේවල් කරන්න.

      1. සාම සාමාජිකයකුගේම තොරතුරු ගොනුවක් හදන්න.

      2. විධිමත් සාමාජික ඉල්ලුම්පත්‍රයක් හදන්න.

      3. මරණාධාර කියන වචනය අවමංගල්‍යාධාර යනුවෙන් වෙනස් කරන්න. (මරණය = ජීවියකුගේ පණ අවසන් වීම. අවමංගල්‍යය = පුද්ගලයකුගේ මරණය සිදුවීමෙන් පසු ඔහුගේ ජාතික ආගමික සිරිත් විරිත් අනුව අවසාන කටයුතු සිදුකිරීම. අපි උදව් දෙන්නේ මැරෙන්න නෙවේ අවමංගල්‍යයට)

      4. සමිති ව්‍යවස්ථාව බහුතර ඡන්දයෙන් සංශෝධනය කොට වඩා ස්වාධීන කිරීම.

      5. අවමංගල්‍යාධාර ප්‍රතිලාභය රු 5000 සිට 30000 දක්වා වැඩි කිරීම. (මාසික සාමාජික ගාස්තුව රු 200 යි)

      මේවා කරන්න ගිහින් මට ලොකු සටනක් කරන්න වුනා. සාම්ප්‍රදායික චින්තනයේ සිටින අය සමග. ඒ වගේමයි මාසික සභා රැස්වීමට ආවම, නොපැමිණි අය වෙනුවෙන් හොර අත්සන් ගැසීම, මම අතටම අල්ලාගත්තා. එය වැලැක්වූවා. සමහරු මා සමග තදින් අමනාප වුනා.ඔන්න ඔයවගේ දේවල් නිසා තමයි ආරක්ෂක හමුදාවල සිට පැමිණි අය සමග ගැටුම් ඇතිවන්නේ.

      Delete
    4. අපේ මිනිස්සු විනයගත වෙන්න ආස නෑ

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook