Friday, April 17, 2015

71 කැරැල්ල සහ සෝමවංශ අමරසිංහ භූමිකාව

 

සෝමවංශ අමරසිංහ මහතාගෙන් 71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් කෘතිය​ට  සම්මුඛ සාකච්ඡාවක් ලබා ගැනීමට මා උත්සහ කළ මුත් 2009 වසරේ වැඩි දුර  අධ්‍යපනය සඳහා  විදේශ ගතවූ හෙයින් එය පහසු නොවීය. වෛද්‍ය දිනෙජ් චන්ද්‍රසිරි මා වෙනුවෙන් සෝමවංශ අමරසිංහ ගෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබා ගැනීමට තැත් කළද එයද අසාර්ථක විය.   

සෙසු කැරලි කරුවන් ගේ සම්මුඛ සාකච්ඡා අනුව සෝමවංශ අමරසිංහ ව්‍යපාරයට ගෙන එන්නේ නවරත්න බන්ඩා ය. 1971 කැරැල්ලේ දී  ඔහුට නියමව තිබුණෙ  බණ්ඩාරනායක මැතිනිය රෝස්මිඩ් පෙදෙසෙන් පැහැරගෙන යාමේදී රිය පැදවීමට ය. සෝමවංශට වාහන එලවීමට ඇති හැකියාව හා ඔහුට රියදුරු බලපත්‍රය තිබූ නිසා ඔහුට මෙම කාර්ය පැවරූ බව පියසිරි කුලරත්න කියයි. සෝමවංශ අමරසිංහව අත් අඩංගුවට ගැනෙන්නේ 1971 අප්‍රේල් 5 දින කොටහේනේදී ය. 

(කැරැල්ලේදී මට පැවරී තිබුණේ රෝස්මිඩ් පෙදෙසේ වාසය කළ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අත්අඩංගුවට ගැනීමටයි. රෝස්මිඩ් නිවසේ පිහිටීම ගැන මෙරිල් ජයසිරි ඔත්තු බලා දළ සටහන් වගයක් ඇඳතිබුණා. රොස්මිඩ් ප්‍රහාරය තීරණය කළේ 1971 අප්‍රේල් 2 දින. මට එය දැනුම් දුන්නේ අප්‍රේල් 3 වැනිදා. මෙම ප්‍රහාරය සඳහා කොටහේනේ නිවසක් හා කොල්ලූපිටියේ පොලිසිය පිටුපස නිවසක් අපි කුලියට ගෙන තිබුණා. කොටහේන නිවසේ සෝමවංශ අමරසිංහ, එෙ`ඩ්රමුල්ලේ සරත්, රාජා, නිමල් යන සිටියා. සෝමවංශට වාහන එලවීමට ඇති හැකියාව හා ඔහුට රියදුරු බලපත්‍රය තිබූ නිසා සෝමවංශ මැතිනිය පැහැර ගෙන යාමේදී රිය පැදවීමට නියමිතව සිටියා.-පියසිරි කුලරත්න)

පශ්චාත් කැරැල්ල සමයේ සෝමවංශ අමරසිංහ ව්‍යපාරය කෙරෙහි කළකිරී ජවිපෙ විරෝධි ස්ඵාවරයක සිටි බව රංජිත් දිසානායක  හෙවත් කළු රංජිත් පෙන්වා දෙයිි. මීගමුව බන්ධනාගාරයේ දී ජවිපෙන් ඉවත් විය යුතු බව සෝමවංශ අමරසිංහ තමාට කියූ බව රංජිත් දිසානායක  ඔහුගේ  2009 සම්මුඛ සාක්ච්ඡාවේදී පවසන ලදි.    විරාජ් ප්‍රනාන්දු බන්ධනාගාරයේ දී රෝහණ විජේවීර​ විවේචනය කිරීම නිසා විජේවීර​ හිතවාදීන් ඔහුට පහර දීමට තැත් කළ අවස්ථාවේ දී ඔහුව ආරක්ෂා කිරීමට ඉදිරියට ආවේ සෝමවංශ අමරසිංහ බව විරාජ් ප්‍රනාන්දු මා සමග පැවසීය.   එසේම   සෝමවංශ අමරසිංහ මහතාගේ 1971 -72 කාලයේ තිබූ ජවිපෙ විරෝධී ස්ථාවරය ඉලුක් හෙවත් සේනාරත්න විසින් ද පෙන්වා දෙයි.   නමුත් ජවිපෙ දෙවන කැරැල්ලේ දී සෝමවංශ අමරසිංහ රෝහණ විජේවීර​ගේ අභ්‍යන්තර කවයේ සාමාජිකයෙකු විය. 


71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් කෘතිය​ ඇසුරෙනි - වෛද්‍ය රුවන් එම් ජයතුංග 

1 comment:

  1. දැන් සෝමවංශ දේශපාලන වශයෙන් කල් ඉකුත්වූ භාණ්ඩයක්. කිසිම වටිනාකමක් නැහැ.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook