Wednesday, February 25, 2015

වෙලේ සුදා







වෙලේ සුදා 
ඔබ සුදු වතින් සැරසී
මල් වට්ටියක් ගෙන
ශාන්ත දාන්තව යන අයුරු
 මම මනසින් දකින්නෙමි


යකඩ කටින් 
ඔබ  ගුණකන්දරාව වනන 
මිළ අධික දිලිසෙන සිවුරෙන් සැරසුණු 
සාදුගේ කට හඞ 
මා දෙකන් වසා විඳින්නෙමි 


බෝධි ප්‍රාකාරය 
ඔබගේ ධන වියදමෙන් කෙරුවයි
එතුමන් පවසන සේක 
උපමා කොට ඔබ 
අනේ පිඬු සිටානන්ට


එපමනකුත් නොව 
සාසනාලයෙන් යුතුව 
අප  පන්සලට 
ඇත් පැටවෙකුත් පූජා කලේය 
යන්නද කී සේක 


ඔබ සමග  
එක පෙළට යන 
 සුදු වතින් සැරසුණු 
කඳ බඩ මහත 
ඇමතිතුමා  


ලබන වර 
දියවන්නාවට යාමට 
නොමිනේශන් දෙන කතාවක්ද 
 කියනවා අපට ඇසුණි


ඔබ චන්දයකට ආවහොත්
බත් පැකට්, රහමෙර​
ඔරලෝසු දුරකථන 
තොග ගනනේ 
ජනයන්ට බෙදා දෙන බව 
අප දන්නෙමු 


ඔබගේ බත් කා 
රහමෙරින් සූර් වී 
ඔරලෝසු අරුමෝසම් භාන්ඩ 
තෑගි ලෙස ලබා 
යුතුකම් ඉටු කිරීමට 
ජනතාව ඔබට කතිරය ගසන බව 
සක් සුදක් සේ පැහැදිලිය 


 ඔබ වැනි  
අධමින් මුදල් උපයා
වෙලේ සුදාලාගෙන් පිරුණු 
දියවන්නාව  බිහිසුණු
හයිනාවරු අරක් ගත් 
තද අඳුරු වනයකි 


 ඔබ සමග එකට 
කුඩුකෑ හයිනාවරු 
මහත්වරු මැතිවරු 
තවත් තොග ගනනේ ඇතිමුත්
ඔවුනට සහ ඔබට එරෙහිව 
නීතිය ක්‍රියාත්මක නොවන බව 
හොඳින් වටහාගන්න  


වෙලේ සුදා ඔබ 
සිපිරි  ගෙට ගියත් 
එය ආලකමන්දාවක් 
කර ගැනීමට 
ඔබට පුලුවන 



වෛද්‍ය රුවන් එම් ජයතුංග 





3 comments:

  1. ජනතාව තුල විචාර බුද්ධිය ඇති කරන්නට කුමන ක්‍රමය භාවිත කලයුතුද යන්නත් ප්‍රශ්නයක්. තවමත් දේශපාලකයන් වශයෙන් පෙනීසිටින අති මහත් බහුතරය දූෂිතයන්. පෞද්ගලික ලාභ ප්‍රයෝජන තකා ඡන්දය දීමෙන් වැළකී සිටින්නට මිනිසුන් පෙළඹවීම මේ 21 වැනි සියවසේ අපේ රටේ තිබෙන ලොකුම අභියෝගයක්.

    ReplyDelete
  2. වැටත් නියරත් ගොයම් කානම්.. හ්ම්ම්.. කාට කියන්නද මේවා..

    ReplyDelete
  3. අපට හැකි අයුරින්වත් දැනුවත් කරමු

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook