Friday, December 21, 2018

දෙගාත් ඌරෝ


අපි වෙමු දෙගාත් ඌරෝ
වැල්ලේ සෙට්වී වැල්ලේ පදම්වී
හිස් අරක්කු බෝතලය අතට ගෙන
කුඩුවී යන්නට ගලේ ගසන
පරිසරයට ඉහඳ තබන
ආගිය තැන වනසන
චාරයක් නොමැති
ආත්මයක් නොමැති 
අනාගතයක් නැති
අපි වෙමු දෙගාත් ඌරෝ  
දෙදහස් පන්සීයේ 
මෙව්වා එක සමරන 

Thursday, December 20, 2018

TIA (This is Africa)




TIA -The land with brown soil
Where the civilized and virtuous men came in search of slaves
For centuries the land and men were tormented
Looted the nature's resources to the end

TIA – where the lion and hyena avoids each other
Everyone is a prey at a given moment
Nothing is guaranteed
Rules by an invisible hand

TIA – where they discovered   the earliest hominids
The early civilization -the Bell-Beaker culture of Ethiopia
The golden heritage of mankind
Deliberately erased by the one track mind Archeologists

TIA- experienced so much pain
When the   King Leopold  of Belgium ordered to amputated the hands of children
Expressed repulsion when the Apartheid law rejected one man one vote system

TIA – this is the place where the music began
Harmonious one rhythm
Evolved in to the sound of Jazz 
When her children enslaved in New Orleans 

TIA – she has no more tears
No more blood to bleed
And no more sons to sacrifice


by Dr Ruwan M Jayatunge 

Tuesday, December 18, 2018

සර්ජන් කෙනෙකු හෙවත් ශල්‍ය වෛද්‍යවරයෙකු වෙන්නේ මෙහෙමයි

 


වෛද්‍ය පීඨයට ගිය මුල් වසරේදී සර්ජන් කෙනෙකු හෙවත් ශල්‍ය වෛද්‍යවරයෙකු වීමේ ආශාව මට තිබුනේය. වෛද්‍ය උපාධිය ලැබීමෙන් පසු විශේෂඥ ශල්‍ය වෛද්‍ය රාජන් නයිල්ස් , විශේෂඥ ශල්‍ය වෛද්‍ය වෙල්ගම , විශේෂඥ ශල්‍ය වෛද්‍ය  ඩී. ඩබ් වීරසූරිය  යන මහතුන් යටතේ මම ශල්‍ය වෛද්‍ය වෛද්‍යාව පුහුණු වූයෙමි. එසේම නාරි හා ප්‍රසව ජ්‍යෙෂ්ඨ වෛද්‍යය නිලධාරී ලෙස සේවය කරන  කාලය තුලදී මම  නාරි ශල්‍යකර්ම රැසක් සාර්ථක ලෙස කලෙමි. මාගේ වෛද්‍ය මිතුරෝ විශේෂයෙන් වෛද්‍ය ගෝවින්දරාජ් සහ වෛද්‍ය  මාංජේෂ්ඨ පීරිස් මට සර්ජරි කරන්න කියා උපදෙස් දුන්නෝය. එහෙත් සර්ජරි  සඳහා මා තුල තිබෙන දක්‍ෂතාවය මදි බව මට ඒත්තු ගියේය. තවද මේ කාලය තුලදී මා මනෝ විද්‍යාව වෙත යොමු වූයෙමි. ඒ නිසා මාගේ සර්ජන් සිහිනය බිඳ වැටුනි. එහෙත් මම සර්ජන්ලාට ආදරය කරමි. ඔවුන්ට ගරු කරමි.

වෛද්‍ය ධර්ම ශ්‍රී මානවසිංහ මාගේ මිතුරෙකි. ධර්ම ශ්‍රී මානවසිංහ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකු වීම සඳහා එංගලන්තයේ පුහුණුව ලබන්නෙකි. ඔහු යහපත් වෛද්‍යවරයෙකු මෙන්ම ඉතා නිහතමානී පුද්ගලයෙකි. සර්ජන් කෙනෙකු හෙවත් විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකු වන්නේ කෙසේද , ඒ සඳහා පුහුණුව ලබා ගන්නේ කෙසේද කියා ඔහු පෙන්වා දෙයි. 

ශල්‍ය වෛද්‍යවරයෙකු  වීමට සපුරාලිය යුතු සුදුසු කම් වල කාලය සමග  යම් යම් වෙනස්කම් සිදුවී තිබීමට ඉඩ ඇත. මෙහිදී පෙන්වා දෙන්නේ වර්තමානයේ තිබෙන තත්වයයි. 

විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකු වීමේ මුල් පියවර වන්නේ වෛද්‍යවරුන්ට  පශ්චාත් උපාධි  පිරිනමන ආයතනයේ තෝරාගැනීමේ (එම්. ඩී පාර්ට් 1- කළින් හැදින්වූයේ එම් . එස් පාර්ට් 1 ලෙසිනි)  විභාගයෙන්  සමත්වීමයි. එම විභාගයට පෙනීසිටීමට ඉල්ලුම් කිරීමට සීමාවාසික පුහුණුවෙන් පසු වසරකට නො අඩු කාලයක්  වෛද්‍යවරයෙකු   ලෙස සේවය කර තිබිය යුතු වේ.  ඒ  විභාගය  සදහා ලියාපදිංචි වී ලියා පදිංචියට හා විභාග  ගාස්තු ලෙස අදාළ මුදල් ගෙවිය යුතුය.

එම පාර්ට් 1  විභාගයෙන්  පළමු කොටස සදහා මූලික වශයෙන්  ව්‍යවච්ඡෙදය (Anatomy) ,  කායික විද්‍යාව  ( Physiology )හා  ව්‍යාධිවේදය (Pathology)   යන විෂයන් තුන අදාළ වේ. 
පාර්ට් 1 විබාගයේ කොටස් දෙකකි. පළමු කොටස සත්‍ය / අසත්‍ය තෝරණ බහුවරණ පත්‍ර තුනකට සීමාවේ.
මේ  කොටසින් සමත් වන අයදුම් කරුවන් නැවත මුදල් ගෙවා දෙවන කොටසට නැවත අයදුම් කළ යුතුය.
දෙවන කොටසේදී රචනා ප්‍රශ්ණ පත්‍ර දෙකකට  සහ වයිවාහෙවත් වාචික පරීක්‍ෂණය  පැනල් හයකට ( එක විෂයකට දෙක බැගින්) එක මුහුණ දීමට සිදුවේ. මේ  විභාග   වලට විදේශිකයන් කීප දෙනෙක් අනිවාර්‍යෙන්  සම්බන්ද වේ. වයිවා පැනල් හයට එක දිගට මුහුණ දීමට සිදුවන අතර අතර මැද විවේකයක් නැත. එක පැනල් එකක බොහෝවිට පරීක්ෂකයන් දෙදෙනෙක් සිටින අතර විනාඩි දහයක පමණ ප්‍රශ්ණ ඇසීමක් සිදුවේ.
මේ කොටසට පැයකට අධික  කාලයක් තුල ප්‍රශ්ණ ගනනාවකට මුහුණ දීමට සිදුවන නිසා අපේ විභාග අපේක්ෂකයන් එය හදුන්වන්නේ සාමූහික දූෂණයක් හෙවත් "ගැන්ග් රේප්" එකක් ලෙසිනි.
පාර්ට් 1 එකේ මේ දෙවනවිභාගයෙන් ද සමත් වන අපේක්ෂකයන්  ශල්‍ය වෛද්‍ය  විශේෂ පුහුණුව ලබා ගැනීමට සුදුසු කම් ලබන අතර ඔවුන් සර්ජරි රෙජිස්ට්‍රාර් -Surgery Registrar කෙනෙක් ලෙස හැදින්වේ.
එකල මෙසේ එම් ඩී පළමු කොටසින් අනතුරුව ඊ.එන්.ටී (උගුර,කණ,නාසය) විශේෂඥයන්   වීමට තෝරන අයට ඒ සදහා යොමුවිය හැක.  අනෙක් අය එම් ඩී පාර්ට් 2 අවසන් වන තුරු සියළු දෙනාටම පොදු පුහුණුවක් ලබා ගනී. දැන් ඔර්තොපීෆික්(විකලාංග) විශේෂ පුහුණුව ලබා ගැනීමට කැමති අයද මේ පළමු කොටසින් අනතුරුව වෙනම පුහුණුවක් සදහා යොමු කෙරේ. 
අනෙක් සියළු දෙනා පළමු වසර රෙජිස්ටාර් වරු ලෙස තෘතීය ප්‍රතිකාර රෝහල්වල පළපුරුදු විශේෂඥ ශල්‍ය(ජෙනරල්)  වෛද්‍යවරයෙක් යටතේ ( හෝ මහාචාර්‍ය ඒකක වලට යන අය නම් කිහිප දෙනෙක් යටතේ) වසරක පුහුණුවක් ලැබිය යුතුය.
එය සීමාවාසික පුහුණු වසර තරම්ම හෝ ඊටත් එහා අවිවේකී බර ඇදිය යුතු කාල සීමාවකි. නමුත් වැඩ අඩු ඒකක කලාතුරකින් තිබිය හැක. එසේම දැන් දැන් විභාග  සමත්වන සංඛ්‍යාව වැඩි නිසා එක් ඒකක යක රෙජිස්ට්‍රාර් වරු කීප දෙනෙක් සිටින අවස්තාද ඇත. එවිට වගකීම් අඩුවේ.
ඊට පසුව තවත් වසර දෙක හමාරක් පමණ කාලයක් ඔර්තෝපීඩික්, වැස්කියුලර්, ගැස්ට්‍රොඑන්ටෝ - සර්ජරි,ඔනොසර්ජරි, ප්ලාස්ටික්, යුරොලොජි හා පර්යන්ත රෝහලක ශල්‍ය වෛද්‍යය ඒකකයක ( ජෙනරල් ) ආදී ලෙස පුහුණුව ලැබිය යුතුය.
මේ පුහුණුව යනු ඉගෙන ගනිමින් වැඩකරන හා වැඩ කරමින් ඉගෙන ගතයුතු කාලයකි. වාට්ටුවේ රෝගීන් පරික්ෂාව, සායන වලට   සහභාගී  වීම, මුලදී ප්‍රධාන වෛද්‍යයවරයාට ඇසිස්ට් කරමින්  ශල්‍ය කර්ම වලට සබාගී වෙමින් සහ කුඩා ශල්‍යකර්ම තමන් විසින්ම සිදු කරමින් පුහුණු කාලය ඇරඹේ.  මීට අමතරව විෂය සම්බන්දව කියවීම ඒ ඒ විෂයට අදාලව පවත්වන ජර්නල් කල්බ් වල ඉදිරිපත් කිරීම් කිරීම, එම් ඩී ටී වලට,  මෝර්බිඩිටි මෝර්ටැලිටි මීටින් වලට සබාගීවීම,  ඒ ඒ විෂයට අදාළ විශේෂ හමු ( කිලිනිකල් මීටින්, සෙෂන්ස්, වර්ක්ෂෝප්) වලට  සහභාගී වීම , සේම ඔඩිට්, කේස් රිපෝර්ට් වල සිට පිළිගත් ජර්නලයක යම් කිසි පර්යේෂණ යක් පබ්ලිෂ් කිරීම ආදී නෙක කටයුතු මේ කාලසීමාවේදී සිදු කලයුතු බවට   PGIM   හෙවත් Postgraduate Institute of Medicine අායතනයආයතනය නිර්දේශ කරයි.
 මෙසේ වසර තුන හමාරක පමණ පුහුණුව අවසානයේ එම් ඩී සර්ජරි පාර්ට් 2 පරීක්ෂණයට පෙනීසිටිය් යුතුය. එය පැවැත්වුනේ  කොටස් තුනකින් යුතුවයි.
1) රචනා ප්‍රශ්ණ - මෙහි ප්‍රශ්ණ පත්‍ර දෙකක් ඇති අතර  එහි සියළු ප්‍රශ්ණවලට පිළිතුරු සැපයිය යුතුය
2) සර්ජරි  ශෝර්ට් කේසස්  - මෙය පැයක පමණ කාලයක් තුල රෝගීන් 3ක්- 5ක් අතර කාලයක් තුල කාලයක් තුල පරීක්ෂා කර ඔහුන් ගේ රෝග ලක්ෂණ හදුනා ගැනීම හා රෝගය නීර්ණය කිරීම ආදිය සිදුකරන අවස්තාවකි. සායනයක කටයුතු කරන අවස්තාවකට සමාන වේ.
සෑම සායනික පරීක්ෂකණයකටම පරීක්ෂක වරු දෙදෙනෙක් සිටින අතර ඔහුන් දෙදෙනා ස්වාධීනව  විබාගයට පෙනීසිටින්නන්ට ලකුණු දිය යුතුය.  දෙදෙනාගේ ලකුණුවල සාමාන්‍ය අවසානයේදී සලකා බැලේ.
පරීක්ෂකවරුන් දෙදෙනාගෙන් කෙනෙක් බොහෝවිට විදේශික පරීක්ෂක වරයෙකි.
3) සර්ජරි ලෝං කේසස් - මෙහෙදී එක් විබාග අපේකෂකයෙකුට එක් රෝගියෙක් ගෙන් රෝග ඉතිහාසය විමසා පරීක්ෂා කිරීමට විනාඩි 30 ක පමණ ලබාදේ. අනතුරුව ඊලග විනාඩි 30 දී ඒ රෝගියා ගේ රෝගී තත්වය, රෝග විනිශ්චය, පරීක්ෂණ හා රෝගියාට ලබාදෙන ප්‍රතිකාර සම්බන්දයෙන් පරීක්ෂකවරු දෙදෙනෙක් අසන ප්‍රශ්ණවලට පිළිතුරු දිය යුතුය.
4) වයිවා - මෙහි අධ්‍යන කලාප තුනක් ( ඕපරටිව් සර්ජරි, සර්ජිකල් පැතොලොජි, හා බේසික් සර්ජිකල් ප්‍රින්සිපල්ස්) යටතේ   පැවැත්වේ. එක් අධ්‍යන කලාපයකට වයිවා පැනල් දෙකකි. එවිට මුහුණ දිය යුතු වයිවා පැනල් ගණන හයකි. සෑම වයිවා පැනල් එකකම පරීක්ෂකවරු දෙදෙනෙකි. 
මෙහි සර්ජිකල් ප්‍රින්සිපල් හා පැතොලොජි එක්  දිනකත් ඔපරටිව් සර්ජරි තවත් දිනකත් පැවැත්වේ.
එක්  වයිවා පැනලයක් බොහෝවිට මූලික මාතෘකා දෙකක් ආවරණය වන පරිදි ප්‍රශ්ණ යොමු කෙරේ. එක් පැනලයක විනාඩි 20ක් පමණ කාලයක් රැදී සිටිය යුතුය.
# මෑතදී මෙම  විභාග  රටාවේ යම් වෙනසක් කරන ලදි. ඒ අනුව එම් ඩී පාර්ට් දෙවන කොටසට
1) බහුවරණ ප්‍රශ්ණ පත්‍රයක් හදුන්වා දී ඇත
2) රචනා ප්‍රශ්ණ වෙනුවට ව්‍යුහගත රචනා ආකාරයේ ක්‍රමයක්ද 
3)  ලෝං කේස්   පරීක්ෂා කරන ආකාරයේ යම් වෙනස් කම්ද සිදුකර ඇත.
මේ විභාගයෙන් සමත් වීමට සෑම කොටසකින්ම ලබාගතයුතු අවම ලකුණු ප්‍රමාණයක් ඇත.
විභාගය නිමවී දින කිහිපයකින් ප්‍රතිඵල නිකුත්වේ.
විභාගයෙන් සමත්වන අය  ජ්‍යෙෂ්ඨ   ශල්‍ය වෛද්‍ය  රෙජිස්ට්‍රා වරුන් වන අතර ඔහුන්ට තමන් කැමති සබ් ස්පෙෂැලිටියක්( වැස්ක්යුලර්, යුරෝලිජි, නියුරෝසර්ජරි,කාඩියෝ තොරැසික්, තොරැසික්,ජීඅයි, ඔන්කෝ, පීඩියැට්‍රික්) හෝ ජෙනර්ල් සර්ජරි හෝ පවතින අවස්ථා  ගණන මත තෝරාගත හැකිය. නමුත් දැන් නම් බොහෝවිට තමන් කැමති ක්ෂේත්‍රයකට යොමුවීමේ අවස්තා ඇත.
කලින් බොහෝ සබ් සපෙෂලිටි වල දී ලංකාවේ තවත් අවුරුදු දෙකක්ද ජෙනරල් සර්ජරි කරන අයට ලංකාවේ අවුරුද්දක් ද ජේෂ්ට රෙජිස්ට්‍රාර් (ජේ.රේ) වරු ලෙස පුහුණු වීමට හා සේවය කිරීමට සිදුවේ.
දැන් ජෙනරල් සර්ජරි කරන  ජේ.රේ   අයට ද වසර දෙකක් ලංකාවේ පුහුණු වියයුතුය.
එයින් පළමු වසර අවසන ඔහුන් අනාගතයේ නිපුණතාව ලබා ගැනීමට කැමති ක්ෂේත්‍රයක් ප්‍රකාශ කර ඒ  අදාළ අංශයක දෙවන වසර පුහුණු විය යුතුය.
ඒ අංශ නම් බ්‍රෙස්ට්, හෙපටොබිලියරි, ලොවර් ජී අයි, අපර් ජී අයි, වැස්ක්යුලර්, ට්‍රෝමා යන අංශ වේ.
ලංකාවේ පුහුණුව අවසන හෝ ඒ අතර අඩුම තරමින් වසරක ( පුහුණුව ලබන වයිද්‍ය වරයාට අවශ්‍යනම් වසර දෙකක් )  විදේශීය රටක අදාළ අංශයක පුහුණුව ලැබිය යුතුය.
මේ විදෙස් පුහුණුවෙන් අනතුරුව ලංකාවේ පී. ජී අයි .එම් ආයතනය ශළ්‍ය වෛද්‍යවරුන්ගේ අධ්‍යන  මණ්ඩලයේ අනුමැතියෙන් අනතුරුව ලංකාවේ වෛද්‍ය  සභාවේ විශේෂඥ  වෛද්‍යවරයෙක් ලෙස ලියාපදිංචි විය යුතුය.

සාකච්ඡා කලේ වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Monday, December 17, 2018

මචං ලාල් කාන්ත


මචං ලාල් කාන්ත උඹේ දුව පුද්ගලික විශ්ව විද්‍යාලයකට ගිහිං ඩිග්‍රිය කම්ප්ලීට් කරපු එකට අපිට ගොඩක් සතුටුයි. උඹේ කෙල්ල හරි වාසනාවන්තයි. බලපං පුද්ගලික විශ්ව විද්‍යාල එපා කියලා පාර හරස් කරගෙන ඉන්න සාටර් එවුන්. උඹේ කෙල්ල ගේ මූනේ තියන  පින් පාට එක්ක බලන කොට උන් රිලා මොටයි වගේ. මූනේ නාවර පෙරාගෙන , උද්ඝෝෂණ බෝඩ් ලෑලි උස්ස ගෙන , ගිරිය යටිං කෑ මොර දීගෙන , මොන ජීවිතද බං. ඒකට උඹේ කෙල්ල පින් කඳක්. අරුන් වගේ පව් කරලා නෑ.උඹේ කෙල්ල ලකී. මචං ඔහොම්මම කෙල්ලට තව හොඳට ඉංග්‍රීසි උගන්නවලා IELTS පාරක් දාලා. ඔසී වගේ රටකට වැඩි දුර අධ්‍යාපනයට යවපං. ආපහු ආවම හොඳ තැනක ලොකු රස්සාවක් ගන්න පුලුවන් අත උඩින්. ඒ වෙන කොට අර රිලා මොටයි ජොබ් ඉල්ලලා උද්ඝෝෂණය කර කර ඉඳියි.   

මචං උඹ දන්නවනේ අපේ රට චාටර් කියලා. අර ප්‍රේමචන්ද්‍රයා කිව්වා වගේ මේකේ ඇති ස්වභාවික සම්පතක් නෑ , වතුරයි පසුයි ඇරුණු කොට. ලංකාව යන්තං හුස්මක් ගන්නේ අර ගෑණු ටික අරාබිකාරයට කඹුරන්න පටවලා. අපිට ලෝකෙට විකුනන්න තිබ්බේ අධ්‍යාපනය අර නේපාලේ , බංගලාදේශේ , මලයාසියාව වගේ. ඒත් අර රිලා මොටයි කවදාවත් මෙහෙ පුද්ගලික විශ්ව විද්‍යාල නීතිගත කරලා අන්තර්ජාතික අධ්‍යාපනය මෙහෙට්ට ගේන්න දෙන්නේ නෑ. ඒ නිසා සමහර මිනිස්සු ඉඩං කඩං විකුනලා ළමයින්ට උගන්නන්න පිටරට යවනවා. අපරාදේ අපේ විදේශ විනිමය. ඒත් ඕවා තේරුම් ගන්න අර මෝඩ අයියලා රැලටයි උන්ව මෙහෙයවන කුහකයෝ ටිකටයි කවදාවත් හැකි වෙන්නේ නෑ. මේක හැමදාම වර්චස් වෙවී තියන රටක් වෙයි. පුලුවන් එවුන් පිට පනියි. මොනවා උනත් උඹ කලේ මොලේ තියන දෙයක්. පක්ශේ ඉන්න හීනමාන , ඉරිසියාකාරයෝ උඹට දොස් කියයි. සත පහකට ගනන් ගන්න එපා ඔය යක්කුන්ව. උන්ට ඕනේ හැමදාම දුප්පත්කම, කාලකන්නිකම මාකට් කර කර ඉන්න. උඹ හරි මචං. කිසිම දේකට සැලෙන්න එපා.  

එහෙනම් මචං මම නවතිනවා. උඹේ දුවව මතක් කරා කියපං. හොඳට ඉගන ගන්න කියපං. කවදා හරි කෙල්ලට උඹේ පක්ශෙන් හරි පාර්ලිමේන්තු එන්න පුලුවන් වෙයි. ඒ නිසා කල්පනාවෙන් වැඩ ටික කරගෙන ඉන්න කියපං. එහෙනම් මම නවතිනවා. BS

Saturday, December 15, 2018

ලංකාව විසින් මෙතෙක් බිහි කර තිබෙන විශිෂ්ටතම මනෝ විද්‍යාඥයා වන පද්මාල් ද සිල්වා


ලංකාව විසින් මෙතෙක් බිහි කර තිබෙන විශිෂ්ටතම මනෝ විද්‍යාඥයා පද්මාල් ද සිල්වා මහතාය. ඔහු මනෝ විද්‍යාඥ ස්ටැන්ලි රැක්මන් , මනෝ විද්‍යාඥ විලියම් යූල් වැනි පතාකයන් ගේ ගෞරවයට ලක් වූ පුද්ගලයෙකි. එහෙත් වරක් මා ඉදිරියේ එක් මනෝ වෛද්‍යවරියක් පද්මාල් ද සිල්වා මහතා උපහාසයට ලක් කලේ ඔහුගේ ප්‍රථම උපාධිය සිංහල සහ බෞද්ධ දර්ශනය බව කියමිනි.නමුත් ඇය නොදැන සිටි එක් කරුණක් නම් පද්මාල් ද සිල්වා මහතාව වඩාත් යහපත් මිනිසෙකු බවට පත් කලේ මේ සිංහල සහ බෞද්ධ දර්ශනය යන විශයන් බවයි. පද්මාල් ද සිල්වා ලංකාවට පැමිණි අවස්ථා වලදී මා හමු වීම සඳහා යුද හමුදා රෝහලටද පැමිණීමට පුරුදුව සිටියේය. රෝගීන් සඳහා මනෝ ප්‍රතිකාරයේදී එතුමා මට ගුරුහරුකම් ද දුන්නේය.

පද්මාල් යනු පේරාදෙනිය විසින් බිහි කරන ලද අන්තර්ජාතික කීර්තියට පත් වූ අතිජාත පුත්‍රයෙකි. ඔහු ඉතා යහ ගුණ ඇති මිනිසෙකි. මා වැනි කනිෂ්ඨ පුද්ගලයන්ට අත හිත දුන්නේය. මම පරියේෂණ පත්‍රිකා ලිවීම ඉගෙන ගත්තේ ඔහුගෙනි. ඔහු මට ගුරුවරයෙකු මෙන්ම පහන් ටැඹක් විය. ඔහුගේ අකල් මරණය විශාල පාඩුවකි. මා විසින් ලියන ලද PTSD Sri Lankan Experience පොත මා විසින් පුදන ලද්දේ ඔහුටය. ඔහු බටහිර දැණුම සහ පෙරදිග දැණුම අතර පාළමක් විය. පරළ වූ යකදුරෙකු මෙන් බටහිර විද්‍යාවට තිස් තුන් පැයේ බනින නලීන් ද සිල්වාට මඟ හැරුනේ මේ පාලමයි. පේරාදෙනිය විශ්ව විද්‍යාලය මුළු ලෝකයක් ගරු කල ලංකාව විසින් මෙතෙක් බිහි කර තිබෙන විශිෂ්ටතම මනෝ විද්‍යාඥයාට මීට වඩා බුහුමනක් කළ යුතුය.

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Find Us On Facebook