Sunday, April 8, 2018

ඝාතකයන් ගේ විලාපය




රනිල් ඔබට මාව  මතකද ?
මම ගෝනවල සුනිල්
මම ඔබගේ මිතුරු ස්ත්රී දූෂකයා
සුනිල් සමාවෙන් පසු මම යලි උපන්නා
නමුත් රතු සහෝදරයන් මගේ ශරීරය
පෙනේරයක් ලෙස හිල් කලා
මම මගේ ශරීරය අත හැර
ඉහලට පාවී ගියා
ගිනියම් බටයක් ඇතුලින්

සිරිසේන කුරේ ඔබට මාව මතකද ?
මම ඔබගේ ළමයෙක්
මම සොත්ති උපාලි
ඔබ සහ ගරු ප්රේමදාස දුන්
කොන්ත්රාත් නිසි ලෙස ඉටු කලා
නමුත් මට මහ පාරේ ගහලා දැම්මා
මට දැන් ශරීරයක් නෑ
මම භූතයෙක්ද ප්රේතයෙක්ද ?
මට කියන්න දන්නේ නෑ

චන්ද්රිකා ඔබට මාව මතකද
මම බැද්දගානේ සන්ජීව
ඔබ කියූ පරිදි මම වැඩ දුන්නා
ගෙවල් ගිනි තිබ්බා
පෙට්රල් ඇඟවල් වලට වත් කලා
ඒත් මම ටාගට් එකක් උනේ ඇයි
මගේ කුණු කයෙන් ආත්මය ඉවත් කලා
මම තවමත් නිදහස් නෑ
මට පරණ වැඩ පේනවා
ඔවුන් ගේ විලාපයන් ඇසෙනවා
මට සැනසීමක් නෑ
  
මහින්ද මාව මතකද
මම ඔබගේ සුමිතුරු චණ්ඩි මල්ලී
මට පිට කොටුවේම ගහලා දැම්මා
ඔබ මා නිසා දුක් උනාද ?
ජුලම්පිටිය අමරේ ,මේජර් නෙවිල්
මේ පැත්තේ එයි කියා මා සිතුවා
ඒත් ඔවුන් තවම නෑ
පුතා ගේ ලේලිගේ හරඹ නම් දුටුවා
මට පන්චස්කන්ධයක් නෑ
ඒත් වේදනාව දැනෙනවා
ඉවසන්න බෑ

අපි ඔක්කොම පාවෙනවා
වරින් වර පිලිස්සී යනවා
පෙර කල පව් වලට විඳවනවා
ඒත් අපට නියෝග දුන් නුඹලා
ඉතා හොඳින් වැජඹෙනවා

කර්මය පුනර්භවය
මේවා ඔක්කොම බොරු
කර්මය ගෙවන්නේ අපි විතරයි
උඹලා කර්මයටත් වඩා ඉහලයි
ලැබුනොත් අළුත් කයක්
අපි යලිත් එනවා  උඹලාගේ සේවය

අපිට අනාගතයක් නෑ
අපි සදාකාලික දාසයෝ
නුඹලා වෙනුවෙන් පව් කරන
අපි සදාකාලික වහල්ලු

Thursday, April 5, 2018

හේ රනිල් නම් විය

 
රනිල් වික්‍රමසිංහ යනු 1977 කැබිනට්ටුවේ ලාබාලතම මෙන්ම අත්දැකීම් අඩුම වූ අමාත්‍යවරයා විය​.  නමුත් කාලයත් සමග දේශපාලන ප්‍රවාහයන්ට මුහුණ දීම මගින් ඔහු මනා පරිචයක් ලැබීය​. 

රනිල් බටහිර සංස්කෘතියේ මෙන්ම ක්‍රිස්තියානි හැදියාව ඔස්සේ හැදී වැඩුනු පුද්ගලයෙකි. එම නිසා ඔහු තුල අනෙකුත් ශ්‍රී ලාංකික දේශපාලකයන් අතර දක්නට නොමැති ශිෂ්ට බවක් තිබේ. ඔහු සංස්කෘතියුක්ත මිනිසෙකි. ඔහු වියාජ ලෙස පූජක පක්‍ෂය සරණ නොයන්නෙකි. ගැලරියට ආමන්ත්‍රණය නොකරන්නෙකි. ඔහු තුල තිබෙන ඉංග්‍රීසි දැණුම මෙන්ම බොහෝ පොත පත කියවා උකහා ගත් ඥානය නිසා ඔහු අන්තර්දෘෂ්ටියක් තිබෙන රාජ්‍ය තාන්ත්‍රිකයෙකි.  ඔහු දිවයින් මානසිකත්වයෙන් ඉවත් වූ ලෝකය කේන්ද්‍ර කොට සිතන දේශපාලාඥයෙකි. ඔහුගේ චින්තනය ගැඹුරුය​. 

ප්‍රශස්ථ දේශපාලාඥයෙකු ලෙස  දෘෂ්ටියක් තිබුනද  රනිල් වික්‍රමසිංහ තුල ඔහුට ආවේනික දුර්වලතා මෙන්ම සීමාවන් දක්නට තිබේ. තුන්වන ලෝකයේ දේශපාලන සංස්කෘතියට රනිල් වික්‍රමසිංහ නොගැලපෙන්නේ මේ නිසාවෙනි. තවද  රනිල් තුල යම් ආකාරයක සන්නිවේදන ගැටළුවක් තිබේ. එසේම ජනතාව අතරදී ඔහු තුල තිබෙන අඩු සභානුභූතිය කැපී පෙනෙයි. ඔහු තමා කේන්ද්‍ර කොට ( self centered ) තීරණ ගන්නෙකි. අන්‍යන් ගේ හැඟීම් වටහා ගැනීමේ දුබලතාවන් තිබේ.  මේ නිසා ඔහු තුල මඳ වශයෙන් වර්ධනය වූ ඕටිස්ටික (Autism) ලක්‍ෂණ තිබෙන බව සැක කල හැකි සාධක තිබේ. සාමාන්‍ය ජනතාව රනිල් වික්‍රමසිංහව මිස්ටර් බීන් ලෙස උපමා කරන ලද්දේ මේ ඕටිස්ටික ස්වභාවයන් නිසාය​. එසේම ඔහු අන්තර්වර්තික (introverted ) චරිතයකි. මෙවැනි චරිත තුන්වන ලෝකයේ දේශපාලන පොර පිටියට නොගැලපෙන්නෝය​. 

රනිල් වික්‍රමසිංහ ඔහුගේ මාමා වූ ජේ ආර් ජයවර්ධන මෙන් බලය කෙරෙහි ආශක්ත වූ චරිතයක් නොවේ. ඔහු ඉවසිලිවන්ත හා ආකර්මණ්‍ය චරිතයකි. දේශපාලන ප්‍රවාහයන් නිර්මානය කරනවාට වඩා මතුවන දේශපාලන ප්‍රවාහය ඔස්සේ පිහිනා යාම ඔහු ප්‍රිය කරයි. බලය ලැබුණු වහාම ඔහු තමාට බලයට ඒමට පාර සකසා දුන් පුද්ගලයන් අත හැර තමන් ගේ සීමාසහිත වූ මිතුරු අභ්‍යන්තර කවය උකුලට ගනියි. මේ නිසා රනිල් පාක්‍ෂිකයන් ගේම දෝෂ දර්ශනයට ලක් වෙයි. මේ තත්වය රනිල් තුල ඇත්තේ ඔහු තම පන්තිය පදනම් කොට සිතීම නිසාය​. ඔහු වඩාත්ම විශ්වාස කරන්නේ තමන් ගේ මිතුරු කවයයි. ඔවුන් අතරදී රනිල්ට  සුරක්‍ෂිතභාවයක් දැනේ. තීරණ ගැනීමේදී මේ අභ්‍යන්තර කවයට ඔහු සවන් දෙයි. මේ නිසා ඔහු ඇතැම් විට හාණිදායක තීන්දු ගනී. 

 රනිල් බොහෝ විවේචන වලට මුහුණ දුන් පුද්ගලයෙකි. රනිල් සමරිසියෙකු බවද බටලන්ද සිද්ධිය නිසා ඔහු නිර්දය කුරිරු චරිතයක් ලෙසටද ඔහුගේ විරුද්ධවාදීන් ඔහුව විවේචනය කරති. මේ කරුණු වල සත්‍ය අසත්‍යතාව අප නොදන්නෙමු.  රනිල් සමරිසියෙකු වීම වරදක් හෝ රෝගී තත්වයක් නොවේ. එය ඔහුගේ අයිතියකි. එහෙත් රනිල් ගේ ලිංගික දිශානතිය සමහරක් විට ඔහුගේ දේශපාලන තීරණ ගැනීම් වලදී ඉස්මතු වෙයි. අවිඥාණිකව  සමරිසි ආශයන් යටපත් කිරීමේ වෑයමත් එම නිසා මතුවන අවිඥාණික මානසික ගැටුම් මත ඇතැම් විට කෘර ගති ලක්‍ෂණ මතු වීමත් මනෝ විද්‍යාඥයන් විසින් අධ්‍යනය කොට තිබේ. මේ නිසා යම් ලෙසකින් බටලන්ද චෝදනා සත්‍ය නම් රනිල් තුල තිබෙන නිර්දය ස්වභාවය අවබෝධ කර ගත යුත්තේ මේ අනුසාරයෙනි.  

රනිල් වික්‍රමසිංහ යනු සර්ව සම්පූර්ණ දේශපාලාඥයෙකු නොවේ. එහෙත් නූගතුන් , මැරයන් , කුඩු කාරයන් , ස්ත්‍රී දූෂකයන් පිරුණු පාර්ලිමේන්තුවක  රනිල් වික්‍රමසිංහ යනු සුළු වශයෙන් හෝ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳව බලාපොරොත්තුවක් තැබිය හැකි පුද්ගලයෙකි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව රටට සිදුවූ හාණි

 

1) දණ්ඩ නමස්කාරය අහෝසි කිරීම 
2) මහ අධිකාරම්ලාට අවශ්‍ය වූ විටක ගැමියන් ගේ භාර්‍යාවන් හා දියණියන් වලව් වලට ගෙන්වා ගැනීමට නොහැකි වීම 
3) ගැමියන් ගේ ශ්‍රමය නොමිලේ ගැනීමට නොහැකි වීම 
4) ගැමියන් ගේ දේපළ හිතූ හිතූ පරිදි කොල්ල කෑමට නොහැකි වීම 
4) අන්තනෝමත්ක නීතිය වෙනුවට රෝම ලන්දේසි නීතිය මගින් ගැමියන්ට නඩු යාමට ඉඩ දීම 
5) ගැමියන් ගේ නිවාස වලට සුදු හුණු ගෑමට ඉඩ දීම 
6) හිතූ හිතූ පරිදි මිනිසුන්ට දෙතිස් වධ පැමුණුවීමට නොහැකි වීම  
7) ලංකාවට මහා මාර්ග / දුම්රිය මාර්ග තැපැල් සේවා ලැබීම 
8) උඩරට ජනතාව ගේ කැලෑවට ගිය ඉඩම් බලහත්කාරයෙන් රජයට ගෙන තේ වගාව ආරම්භ කොට ආර්ථිකය තේ මත පවත්වාගෙන යාම
9)  පිරිවෙන් අධ්‍යාපනය ලැබූ දරුවන්ට විද්‍යා විශයන් ; භූගෝල ශාස්ත්‍රයන් ඉගැන්වීම 
10) හේනක් කුඹුරක් කොටාගෙන හිටි ගැමියන්ට වෙළඳාම් කිරීමට ඉඩ ලබා දීම 

Tuesday, April 3, 2018

සුන්දර ගම්මානය


මේ චිත්‍රය බලන්න​. මේ ලංකාවේ සුන්දර ගම්මානයක්.  මේ ගම්මානය මීදුමකින් වැසිලා. ඒ මීදුම තමයි ග්‍රාමීය පසුගාමීත්වය​. ග්‍රාමීය පසුගාමීත්වයෙන් වැසී ගිය මේ ගම්මානයේ ඉරිසියාව​,කුඩුකේඩුකම​, හීනමානය , නවීනත්වයට දක්වන බිය​, තාක්‍ෂණ විද්‍යාව පිලිකුල් කරන නමුත් එහි ප්‍රතිලාභ වලට ඇති ගිජු බව , ද්විත්ව ප්‍රමිතිය ගම්මානයේ සුන්දර බව​ විනාශ කරනවා. 

මේ ගම්මානයේ දරුවන් තමයි නිදහස් අධ්‍යාපනය නම් ඉනිමග ඔස්සේ නගරය කරා එන්නේ. නගරයේදී ඔවුන් විධායකන් බවට පත් වෙනවා. නමුත් ඔවුන් ගන්නා තීරණ ඔවුන් ගේ ආකල්ප වල ග්‍රාමීය පසුගාමීත්වය පිරිලා. මේ පසුගාමීත්වය තමයි ගුණදාස අමරසේකර  ගැමි දෘෂ්ටිවාදය හරහා ඉදිරිපත් කලේගුණදාස අමරසේකර ගේ  පටු ගැමි දෘෂ්ටිවාදය මම ප්‍රතික්ශේප කරනවා.

ගැමි තරුණයන්ගේ නොමේරූ බව​,  අත්‍යන්ත වූ  බුද්ධිමය සීමා 71 කැරැල්ල, 88, 89 භීෂණයහා එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදයෙනුත් අපට පෙනී ගියා. ඒක අපි සක්‍ෂාත් කළාපන්ති සතුරා තමයි ඔවුන් හඹා ගියේ.පන්ති සතුරා කියන්නේ කවුද ?

සේන සහ සිරි  පන්ති පහ නිම කල දුගී ගැමි තරුණයන් දෙදෙනෙක්. ඔවුන් ගමේ උළු ගෙවල් වල ජීවත් වූ තමන්ගේම කුඹුරු වල වැඩ කරගෙන ගෙවත්තේ පොල් ටික එලවළු ටික  වගා කරගෙන අවම අවශ්‍යතා නිසා ස්වයංපෝෂිත බවට පත් වී සිටි ගැමියන්ව හැඳින්වූයේ ධනපතියන් ලෙසට. මේ නිසා තම  ගමේ සිටි මේ වගේ කොටස් ඔවුන් දුටුවේ පන්ති සතුරන් ලෙසට.ඒ නිසා  ඔවුන්ට ද්වේෂ කලා.

 කැරැල්ල නිසා සේන සහ සිරි  හිරේ ගියා. සේන හිරේදී ඉගන ගත්තා. ඉංග්‍රීසි දැණුම ලබාගත්තා. දෙදෙනාම අවුරුදු හයකට පස්සේ ගමට ආවා.  සිරි  ගමේ කුලී වැඩ කරලා ජීවිතය ගැටගහගත්තා. සේන කොලඹ පැත්තේ එන්.ජී.ඕවක පොඩි වැඩක් හොයා ගත්තා. ඒ අතරේ බාහිර උපාධිය හැදෑරුවා. සිරි  තවම ගමේ කුලී වැඩ කරනවා. අතරින් පතර පරණ දේශපාලන වියාපාරයටත් උදව් කරනවා.

සේන පිටරට ගියා එන්.ජී.ඕ වල වැඩ කරා. අවුරුදු ගානකට පස්සේ සේන  තඩි කාර් එකකින් ගමට ආවා. සේන සුදු වෙලා ඇඞපතත් මහත් වෙලා. සිරි අකලට නාකි වෙලා. අව්වේ වැඩ කිරීම නිසා මිනිහා පිච්චිලා ගිහිල්ලා උඩු ඇන්දේ දතකුත් නැහැ. සේනව දකින සිරි තුල ඉරිසියාව තම ගැන දුක අනුකම්පාව පහළ වෙනවා. ඔහු සේන සමග කථා කරන්නේවත් නැතිව යනවා. සේන ද්‍රෝහියෙක් පන්ති සතුරෙක් කියනවා. මේ තරුණයන් දෙදෙනා අතර වෙනස්කම් ඇති කළ ප්‍රධාන සාධක මොනවාද​?

( පරිකල්පනික අතික්‍රමණය - වෛද්‍ය රුවන් එම් ජයතුංග) 

Monday, April 2, 2018

විශේෂඥ ප්‍රජා වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා පිළිබඳව සටහනක්


විශේෂඥ ප්‍රජා වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා ගේ අභාවය සිදු වන විට මා සිටියේ නිව් යෝක් නගරයට යමිනි. එම නිසා මට එතුමා පිළිබඳව සටහනක් කලට වේලාවට ලිවීමට නොහැකි විය​. ප්‍රමාද වූවද යම් සටහනක් වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා සබැඳිව තැබිය යුතු බව මම ඉටා ගත්තෙමි. මෙම කුඩා සටහන එතුමා පිලිබඳවය​. 

වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා ජාතිවාදය වර්ගවාදය බැහැර කල විද්වතෙකි. එසේම ශ්‍රී ලාංකික සමාජය වෙලාගෙන තිබෙන පසුගාමී මිත්‍යා අදහස් වලට අභියෝග කරන ලද ලේඛකයෙකි. සෞඛ්‍ය අධ්‍යාපනය ප්‍රචලිත කිරීම සඳහා වෙහෙස ගත් අයෙකි. වෛද්‍ය  ගමගේ මහතා විසින් සිදු කරන ලද සමාජ කාර්‍ය භාරය පිලිබඳව බොහෝ තොරතුරු ලියවී තිබේ. එම නිසා එතුමා පිලිබඳව සාමාන්‍ය ජනතාව මෙන්ම වෛද්‍ය වෘත්තිකයන්  නොදැන සිටි කරුණක් මම පෙන්වා දෙමි.

විශේෂඥ ප්‍රජා වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා යනු වෛද්‍ය පරිපාලනය යන විශය ලංකාවට හඳුන්වා දීම පිලිබඳව මූලිකත්වය ගත් අයෙකි. වර්තමානයේ වෛද්‍ය පරිපාලනය  හෙවත් Medical Administration අංශයේ සේවය කරන  වෛද්‍යවරු බොහෝ පිරිසක් රෝහල් වල සිටිති. එහෙත් මුල් කාලයේ පරිපාලන නිලධාරීන් මෙන්ම හණමිටිධාරී වෛද්‍යවරුන් ගේ බොහෝ බාධා මැද එතුමා වෛද්‍ය පරිපාලනය ලංකාවේ සෞඛ්‍ය ක්ශේත්‍රය වෙත  ගෙන ආවේය​. එතුමාද මුල් කාලීන වෛද්‍ය පරිපාලකයෙකු විය​. මෙකී මුල් කාලයේදී සමහර පරිපාලන නිලධාරීන් " දොස්තර මහත්තුරු ඉන්න ඕනේ ඉස්පිරිතාල වල නේද ? කියමින් එතුමාව උපහාසයට ලක් කල අයුරු වරක් වෛද්‍ය ගමගේ හෙලි කලේය​. නමුත් මේ වන විට වෛද්‍ය පරිපාලනය ලංකාවේ පිලිගත් ක්ශේත්‍රයකි. ඒ සඳහා වෛද්‍ය ගමගේ වැන්නවුන් දර දිය ඇද්දේය​. 

විශේෂඥ ප්‍රජා වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා අපගේ කාලයේ අසාමාන්‍ය වෛද්‍යවරයෙකි. එතුමාගේ අභාවය ලාංකික සමාජයට බලවත් පාඩුවකි 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Find Us On Facebook