ගෝමිකයගේ ඇන්දිලි දැකලා මම කෙටි කතාවක් ලිව්වා. නමුත් ඒක සම්පූර්ණ කර ගන්න බැරි උනා. ඒකේ ප්ලොට් එක මෙහෙමයි. රතන හා පාදෙනියලා ගෝටව අන්දගෙන ඉන්න කාලේ වියනා වල ඉන්න ශ්‍රී ලාංකිකයෙක් නිවුක්ලියර් සයන්ටීස්ට් කෙනෙක් වගේ වෙස් වෙලාගෙන අණතුරු දායක නැති රේඩියේෂන් නිකුත් කරන Potassium-40 (\(^{40}K\))). මූලද්‍රව්‍ය අඩංගු ඊයම් ටින් එකක් සහ ගයිගර් කවුන්ටරයක් අර ගෙන ලංකාවට එනවා. ඇවිත් ප්‍රකට ව්‍යාපාරිකයෙක් හරහා ගෝටව කන්ටැක් කර ගන්නවා.
මෑන් ගෝටට කියනවා සර් මට නිවුක්ලියර් බොම්බ් එකක් හදන්න පුලුවන් හදන්න පුලුවන්. මම ආවේ වියනා වලින් අවශ්‍ය යුරේනියම් මා ලඟ තියනවා කියලා අර Potassium-40 (\(^{40}K\))).ටින් එක ලඟට ගයිගර් කවුන්ටරය දාලා ගෝටව අන්දනවා. ඒ එක්කම කියනවා සර් මේක අභි රහසක් කාටවත් කියන්න එපා අපි න්‍යෂ්ටික බෝම්බයක් හදනවා කියලා දැන ගත්තොත් ඉන්දියාව - ඊශ්‍රායලය - ඇමරිකාව වහාම අපිට එදිරිව එන්න පුලුවන්. ඒ නිසා අපි මේ බොම්බ් එක හොරෙන් හදන්න ඕනේ මෑන් හැට්න් ප්‍රොජෙක්ට් එක වගේ. මේ පිලිබඳව කැබිනට් එකට වත් කියන්න එපා. මේක දැන ගත යුත්තේ සර් සහ මා පමණයි කියලා. මට පුලුවන් මාස 12 ඇතුලත නිවුක්ලියර් බොම්බ් එක හදන්න. ඒකට ඇමරිකන් $ මිලියනයක් ඕනේ කියලා.
මෙහෙම කොන්- මෑන් නෑබොඩ ප්‍රදේශයෙන් ඉඩමක් අරගෙන ගෝටගේ පීඑස්ඩී එවුන්ව ගාඩ් එකට තියලා කොන්ක්‍රීට් වලින් ස්ට්ක්චර් එකක් හදලා ඒක ඇතුලේ යකඩ ගෝලයක් ( ෆුට් බෝල් 3 විතර ලොකු ප්‍රමාණයක) හදලා ඒකේ එලියෙන් වයර් ගහලා කියනවා මේක තමයි බෝම්බය කියලා. ඒ අතරවාගේ අර USD මිලියනය අරගෙන මෑන් ලංකාවෙන් පිට වෙනවා. ගෝටා හිතනවා තමන් ලඟ පරමානු බෝම්බයක් තියනවා කියලා අර Potassium-40 ඇතුලේ තියන යකඩ බෝලයට ෆුල් ගාඩ් එක දෙනවා.
මේ කතාව මම ලිව්වේ බාගෙට. මේ ප්ලොට් එක අරගෙන මගේ කතාව පැහැර ගන්න එපා. ඒක බුද්ධිමය දේපල මංකොල්ලකෑමක් වෙනවා.
No comments:
Post a Comment
Appreciate your constructive and meaningful comments