Sunday, June 7, 2015

කාල තරණය



වින්සන්ට් ලංකාතිලකගේ අපස්මාරික ගැස්ම නැවතිනි. ඔහුගේ ශරීරය නිසල විය​. නමුත් ඔහු ගැඹුරෙන් හුස්ම ගත්තේය​. සුදු පැහැති කබායක් ඇඳ සිටි වෛද්‍යවරයා ඔක්සිජන් වැස්මක් මගින් වින්සන්ට් ලංකාතිලකට  නොකඩවා ඔක්සිජන් ලබා දුන්නේය​.

                           ****************************************************

වින්සන්ට් ලංකාතිලක කැපචීනෝ කෝප්පයක් ඇණවුම් කලේය​. ඔහුගේ අතේ දාලියා ඇලෝනි විසින් සුභ පැතුම් සමග එවන ලද උපන් දින කාඩ් පතකි. ඔහු නැවත වරක්  උපන් දින සුභ පැතුම් කාඩ් පත යළි කියවීය​.  දාලියාගේ කුරුමිණි අකුරු ඔහුට කියවීමට අපහසු විය​. දාලියා ඉංගිරිසි අකුරු ලියන්නේ හීබෘ අකුරු මෙනි. සමහර විට ඉංගිරිසි එච් අකුර හීබෘ අකුරක්  මෙන් දාලියා ලියන්නීය​.  නමුත් ඇයට ඉතා චතුරව​ ඉංගිරිසි කථා කල හැකිය​.

ඔවුන් මුලින්ම හමු වූයේ මීට වසර එක හමාරකට පමණ පෙර මොන්ට්‍රියෝල් නගරයේදීය​. දාලියා  ඉංගිරිසි කථා කලේ  සැන් ෆ්‍රන්සිස්කෝ නාගරික උරුවටය​. මේ නිසා මුලදී වින්සන්ට් සිතුවේ දාලියා ඇල්බනි හෝ බෙල්මොන්ට් වලින් පැමිනෙන්නට ඇතැයි කියාය​. නමුත් දාලියා තමන් ගේ ඉශ්‍රායෙල් සම්භවය නොසැඟවුවාය.
    
“ මම මුලින්ම යාළු වෙලා හිටියේ ස්කොට්ලන්තේ ඇබර්ඩීන් වල ඉංජීනේරුවෙකු සමග​. ඔහු වැඩ කලේ Strongfield Aviation  කොම්පැනියේ.  ඔහුගේ නම ඇන්ඩි. මුලදී ඔහුගේ යාලුවෝ ඇන්ඩිට විහිළු කළා මොසෑඩ් එකේ ලස්සන කෙල්ලෙක් ඇන්ඩි එක්ක යාළු වෙලා ගුවන් යානා කර්මාන්තයේ නව සොයාගැනීම්  හොරෙන් ඉශ්‍රායෙල් වලට යවන්න කියලා. 

මුලින් මුලින් මේක විහිළුවක් හැටියට තමයි ආවේ. ඇන්ඩි ,ඇන්ඩිගේ පවුලේ අය ,ඇන්ඩිගේ යාලුවෝ මේක කියලා හිනා උනා. මමත් මේක කිව්වා.  මගේ ලිප්ස්ටික් එක කුඩා රහස් කැමරාවක් කියලා මමත් ඔවුන් සමග හිනා උනා. පස්සෙ පස්සෙ සිනහව අඩුවී යනවා මම දැක්කා. ඇන්ඩිගේ කොම්පැනියේ යාලුවෝ මේක බරපතල විදියට කියන්න ගත්තා.

දවසක් සවසක ඇන්ඩි මාව හමු වෙන්න ඇවිත් කිව්වා එයා බලාපොරොත්තුව හිටපු උසස්වීම නවත්තලා කියලා. හේතුව හැටියට කීවේ ඇන්ඩි මොසෑඩ් එකේ කෙල්ලෙක් ආශ්‍රය කරනවා කියලා. මම හීනෙකින්වත් නොහිතපු දෙයක්. මිනිසුන් ගේ පැරනොයිඩ් අදහස් ගැන මට කළකිරුනා. මම ඊට සුමානයකට පස්සේ ඇන්ඩිටවත් නොකියා කුබෙක් වල බේමවුන්ට් වලට ආවා. මම ෆ්‍රෙන්ච් දැනගෙන හිටපු නිසා රස්සාවක් හොයා ගැනීම අමාරු උනේ නැහැ. මම කුබෙක් වලට කැමතියි. මෙහෙ මිනිසුන්ට මම ඉශ්‍රායෙල් වීම ප්‍රශ්නයක් නෙවෙයි. වින්සන්ට් මම ඉශ්‍රායෙල් වීම ඔබට ප්‍රශ්නයක් ද​?  දාලියා ඇසුවාය​.

“ කොහෙත්ම නැහැ”  වින්සන්ට් ඇයට පිළිතුරු දුන්නේය​. මිනිසෙකුගේ සම්භවය ප්‍රශ්නයක් විය හැක්කේ කොහොමද ?

“ සමහර විට එය  ප්‍රශ්නයක්  විය හැකියි ඇයි ඔබට අමතකද අවුට්ස්විච්,  බෙල්සන්, බ්‍රීන්ෙඩාන්ක් , බුකන්වල්ඩ් , ග්‍රීනි , කෙම්නා, සැලාස්පිල්ස් ..... දාලියා නම් වැලක් කියාගෙන ගියාය​. ඇයගේ මිත්තනිය මිය ගියේ වර්සෝ ගෙටෝවේදී නිරාහාරයට ලක් වීමෙනි.

දාලියාගේ මිත්තනිය පෝලන්තයේ වොලොමින් හි ධනවත් පවුලකට අයත් වූවාය​. යුදෙව් පවුලක් වූවද ඔවුන් ජීවත් වූයේ  ප්‍රාදේශිය ප්‍රභූන් ලෙසටය​. එකල දාලියාගේ මිත්තනිය රූපයෙන් අග තැන්පත් රුවැත්තියක් වූ අතර සාර් රජුට අයත් වූ යාබද  මාලය රූස් (වර්තමාන යූක්‍රේනය​) හි සිට ඇයගේ අත පතා කුමාරවරු පැමිණියහ​. නමුත් වාසනාවන්තයා වූයේ ජාකොබ් ඇලෝනිය​.  ජාකොබ් ලිතුවේනියාවේ  යුදෙව් ප්‍රභූ පවුලක සාමජිකයෙකු විය​.

සිහින් උසැති තරුණයෙකු වූ ජාකොබ් ඇලෝනි පෝලන්තයේ වර්සෝ විශ්ව විද්‍යාලයේ නීති උපාධිය හැදෑරීම පිණිස පැමිනියේය​. 1816 ස්ථාපිත කරන ලද වර්සෝ විශ්ව විද්‍යාලය එවකට යුරෝපයේ ප්‍රධාන පෙලේ විශ්ව විද්‍යලයක් විය​.  නමුත් 1818 දී පෝලන්තය නිදහස් ලැබීමෙන් පසුව වර්සෝ විශ්ව විද්‍යාලය සීග්‍ර දියුණුවක් ලැබීය​. පෝලන්තය රුසියානු සාර් පාලනයට නතු වූ සමයේ පාවෙන විශ්ව විද්‍යාලය නමින් හැඳින් වූ  Uniwersytet Latający  නම් විශ්ව විද්‍යාලයේ   ( පැරිස් විශ්ව විද්‍යාලයට යාමට පෙර Uniwersytet Latający නම් විශ්ව විද්‍යාලයේ මාරි කියුරි ද ඉගෙනුම ලැබුවාය​) රහසිගතව ඉගැන් වූ මහචාර්‍යවරුන් ද වර්සෝ විශ්ව විද්‍යාලයට පැමිණ ඉගැන්වීමේ කටයුතු කළහ​. මේ නිසා බෝල්ටික් ප්‍රදේශ වලින් ද සිසුන් අධ්‍යන කටයුතු සඳහා  වර්සෝ විශ්ව විද්‍යාලයට පැමිණියහ​.  ජාකොබ් ඇලෝනි ද එසේ පැමිණි සිසුවෙකි.

නීතිය හදාරන සමයේ ජාකොබ් ඇලෝනි  සමහර විට ආහාර ගත්තේ  වර්සෝවේ පැරණි සුඛෝපභෝගී යුදෙව් අවන්හලකිනි. වරක් දිවා  ආහාරය පිණිස අවන්හල වෙත ගිය ජාකොබ් සිය අනාගත සහකාරිය ප්‍රථම වතාවට දැක්කේය​. ඇය පැමිණ සිටියේ ඇයගේ මව සමගිනි. යාබද මේසයේ සිටි රූපිකාව දෙස වරින් වර නෙත් හෙලූ ලිතුවේනියාවෙන් පැමිණි තරුණයා ඔවුන් ආහාර කිස නිමවා අශ්ව කරත්තයට ගොඩ වන තෙක් බොරුවට පුවත් පත බලමින් කාලය මැරුවේය​. ඔවුන් පිටත්ව ගිය වහාම පෝලිෂ් මර්කා නෝට්ටුවක් වේටර්වරයා අත තැබූ ජාකොබ් සුරූපිනිය ගේ වතගොත අසා දැන ගත්තේය​.

වේටර්වරයාගෙන් ලද තොරතුරු අනුව ඒ සතියේ ඉරිදා දිනක ජාකොබ් වොලොමින් වෙත ගියේය​. මෙම ගමන සඳහා අස්‍ රියකරු අසාධාරණ මුදලක් අය කලද ඔහු ඒ ගැන තැකීමක් නොකලේය​. රූපිකාව යළි දැකීම ඔහුගේ අභිප්‍රාය විය​. නමුත් හිම පතනය ආරම්භ වූ නිසාත් කරුවල ගතිය වැඩිවූ නිසාත් ඔහුට  තරුණිය හෝ ඇයගේ පවුලේ සාමාජිකයෙකු හෝ දැකගත  නොහැකි විය​. ඔහුට බලා ගත හැකි වූයේ තරුණිය ජීවත් වූ සුවිසල් නිවස හා විශාල යකඩ ගේට්ටුවයි.

එලැඹුණු සතිය පුරා ජාකොබ් තරුණිය ගේ පවුල පිලිබඳ තොරතුරු සෙව්වේය​. ඇයගේ නම සාරාය​. ඇය  පොහොසත් වෙලෙන්දෙකුගේ දියණියකි. වත් පොහොසත්කම් වලින් ජාකොබ්ටද අඩුවක් නොවීය​. ඔහුගේ පියා ලිතුවේනියාවේ ධනවත් දුම්කොල වියාපාරිකයෙකි. එසේම ප්‍රාදේශිය ආණ්ඩුවේ උප​ ඇමතියෙකි.

ප්‍රභූ යුදෙව් පවුල් වල අවහා විවහා එකල සිදු වූයේ ප්‍රදේශයේ රබීන්වරයාගේ මාර්ගයෙනි. විවහා වීමට සුදුසු තරුණියක් සිටින බවත් ඇයගේ පියාට රබීන්වරයා මගින්  පණිවිඩයක් යවන ලෙසටත් ඉල්ලා ජාකොබ් තම පියාට ලිපියක් ලීවේය​.  ලිපිය පියාට යවා මාස දෙකකට පමණ පසු රබීන්වරයාගෙන් පණිවිඩයක් ලැබුනි. විවහාය සඳහා සාරාගේ පියාගේ අනුමැතිය ලබී තිබේ.

ඔවුන් විවහා වූයේ 1923 දීය​. ඒ වන විට සාරා දහ අට හැවිරිදි වියේ පසු වූ අතර ජාකොබ් විසි දෙහැවිරිදි වියේ පසු විය​. විවහාය සිදු වූයේ වර්සෝ වලය​.   විවහායෙන් පසු  මධු සමය ගත කිරීම සඳහා ඔවුන් ලිප්සිග් වෙත ගියහ​.    

1924 දී  ජාකොබ්  නීති  උපාධිය නිම කලේය​. එම වසරේ සාරා දියණියක් ප්‍රසූත කළාය​. ඇයට එලියානා ලෙස නම් තබන ලදි. එලියානා තුන් හවිරිදි වන විට ජේකොබ් පියාගේ වෙලඳ කටයුතු වලට සම්බන්ධ වීම සඳහා ලිතුවේනියාවේ කව්නාස් නගරයට ගියේය​. ඔහු සමග සාරාද ගිය හෙයින් කුඩා එලියානා (මෙහෙකාරියන් ගේ සහායෙන් ) බලා ගන්නා ලද්දේ  සාරාගේ මව විසිනි. එලියානා නිතරම දෙවෙලේ වියළි අයුරින් කහින සීයාට බිය දැක්වූ අතර ඊසාක් මාමාට (සාරාගේ එකම බාල සොහොයුරා) ඇළුම් කලාය.

ඉන් වසර දෙකකට පසු පෝලන්ත හමුදාවේ නිලධාරියෙකු ලෙස බැඳීමට ඊසාක් වර්සෝ නගාරයට ගියේය​. ඊසාක් ගෙදර පැමිණියේ වරකි නැතහොත් දෙකකි. අවසාන වර ඔහු නිවසට පැමිණියේ 1933 වසරේදීය​. ඒ වන විට ඔහු පෝලන්ත හමුදාවේ කපිතාන්වරයෙකු විය​. එලියානා ඊසාක් මාමා දුටු අවසන් වතාව එය විය​. ඉන්පසු ඉතා දීර්ඝ කාලයක් ඔහු පැමිණියේ නැත​. යටත් පිරිසෙන් 1938 දී සාරාගේ පියා මිය ගිය විට මළගමට සහභාගි වීමට පවා ඔහුට නිවාඩු නොලැබුනේය​.

1939 රතු හමුදාවෝ පෝලන්තය ආක්‍රමණය කලහ​. ඊසාක් ඇතුළු 22,000 පමණ පෝලන්ත හමුදා නිලධාරීන් රතු හමුදාවේ අත් අඩංගුවට පත් වූ අතර පසුව ඔවුන්ව කත්යාන් වනයේදී  සෝවියට් එන්. කේ . වී.  ඩී පොලිසිය විසින් හිස පසු පසට වෙඩි තබා ඝාතනය කරන ලදි. ඊසාක් ගේ මරණය පිළිබඳ තතු සාරා දැන ගන්නේ බොහෝ කාලයකට පසුවය​.

පියාගේ මරණින් පසු සාරා වොලොමින් හි නිවසට පැමිණියාය​. ජාකොබ් නිතරම  කව්නාස් නගරයටත්  වොලොමින් වලටත් ගමනේ යෙදී සිටියේය​. වියාපාර පාඩු ලැබීම නිසා ඔහු සිටියේ සිත්තැවුලෙනි. මහළු පියා දැන් රජයේ සේවයෙන් විශ්‍රාම ලබා තිබේ. ඔහු වෙලඳ කටයුතු වලට පවා සහභාගි වූයේ කළාතුරකිනි. ක්‍ෂයරෝගය සෙමෙන් සෙමෙන් මහල්ලාව භක්ශනය කරයි. සියළු කටයුතු දැන් ජාකොබ් ගේ උරමත පැටවී ඇත​.

ලිතුවේනියාවේ මෙන් පෝලන්තයේද  දැන් යුදෙව් විරෝධී වියාපාර හිස ඔසවයි. මුලින් මුලින් යුදෙව්වනට සුදුළුනු භක්‍ෂකයන් ලෙස අපහාස කළ පිරිස් දැන්  ක්‍රිස්තුස් ඝාතකයන් ලෙසටද අපහාස කරයි. මුලදී  හිට්ලර් පෝලන්තය ආක්‍රමණය කිරීමට සැරසෙතැයි දූසුමාන ආරංචි පැතිර  ගියේය​. බොහෝ දෙනෙකු එය බැහැර කලේ හිට්ලර් පෝලන්තය ආක්‍රමණය කලහොත් එඞලන්තය පෝලන්තය ආරක්ශා කිරීමට එන බව කියමිනි.

හිට්ලර් පෝලන්තය ආක්‍රමණය කලහොත් එය පෝලන්ත යුදෙව් ජනයාගේ අවසානය වන බව එක් පෝලන්ත නීතිවේදියෙක් සතුටු සහ කුරිරු සිනහවක් මුව රඳවාගෙන පැවසීය​. සැබවින්ම එය සිදුවිය​. ඔවුන් අහසින් සහ ගොඩින් පෝලන්තයට පහර දුන්හ​. ස්ටාලින් සහ හිට්ලර් පෝලන්තයේ ගෙල සිර කළහ​. එඞලන්තය පෝලන්තය ආරක්ශා කිරීමට පැමිනියේ නැත​.

පෝලන්තයේ යුදෙව් ජාතීන් ගේ දේපළ කොල්ල කන ලදි. වොලොමින් නගරයේ පරම්පරා ගනනාවක් සාරාගේ පියා සහ පියාගේ පියා දැන සිටි පෝලන්ත ජාතික අසල්වැසියන් ඔවුනට පරිභව කලහ​. “පාහර යුදෙව්වනි පළයව්” මේ ඔවුන් නික්මයාමේදී අසල්වැසියන් ගෙන් ඇසූ වදන් වූහ​.

ජාකොබ් , සාරා  එලියානා  සහ සාරාගේ මව ජර්මානු හමුදා විසින් වර්සෝ ගෙටෝවට ගෙන එන ලදි.  දිනපතා යුදෙව්වන් විශාල ප්‍රමාණයක්  වර්සෝ  ගෙටෝවට ගෙන එන ලදින් ගෙටෝවේ තදබදය දිනපතා ඉහල නැග්ගේය​. ආහාර වල මිළ දරාගත නොහැකි තරම් ඉහල ගොස් තිබේ.

අතීතයේ ධනවතෙකු වූ ජාකොබ් දැන් දිළින්දෙකි. ලිතුවේනියාවේ තිබූ ඔහුගේ ධනය නට්සීන්ට සහාය දුන් ලිතුවේනියානුවන් කොල්ල කන ලදි . එම කොල්ල කෑමේදී  එක් ලිතුවේනියානුවෙක් ජාකොබ්ගේ මහළු පියා කෙටේරියකින් ගසා මරා දැම්මේය​. මොහු පියා යටතේ කාලයක් සේවය කල කම්කරුවෙකි. ඔහුගේ පුතා බෞතීස්ම කළ දිනයේ  ජාකොබ් ගේ පියා කුඩා බිලිඳාට කුඩා සුරුවමක් සහිත රන් මාළයක් තෑගි ලෙස දුන්නේය​. නමුත් වසරක් ගත වීමටත් පෙර ඔහු  දරුවාගේ රන් මාළය විකුණා සුරා බීව්වේය​. පාදඩයෙකු තැනින් තැන  වැඩ කරමින් සොරකම් කරමින් සිටි ඔහු ජර්මානු හමුදා ලිතුවේනියාවට එන විට  හිස ඔසවමින් තිබුණු යුදෙව් විරෝධී රැල්ලට නායකත්වය දෙන ලදි.

ආහාර හිඟය නිසා වර්සෝ ගෙටෝවේ පළමු ශ්‍රීත ඍතුව මරණීය විළාපයකට සම විය​.  පළමු ශීත ඍතුවේම සාරාගේ මහළු මව මිය ගියාය​. යන්තම් රෙදිකඩකින් දවටා ගෙටෝවේ කුඩා සුසාන භූමියක ඇයව වළ දමන ලදි.

ශීත සමය අවසන් වන්නට ප්‍රථම නට්සීන් ශරීර ශක්තිය ඇති පිරිමින් වහල් කඳවුරු වලට පැටවීය​. ජාකොබ් ඇතුළු ගෙටෝවේ සිටි පිරිමින් බොහෝ දෙනෙකු කබල් ලොරි වල පටවා දෝල්නියි ස්ලස්ක් වහල් කඳවුරට ගෙන එන ලදි. දෝල්නියි ස්ලස්ක් වහල් කඳවුරේ ඔහු කයට ඔරොත්තු නොදෙන බර වැඩ කිරීමට නියම විය​.   කඳවුරේ බිත්තියක විශාල අකුරු වලින් Arbeit macht frei  (වැඩ කිරීම මගින් නිදහස ලැබේ) යන වැකිය ලියා තිබුණි. නමුත් වැඩ කිරීම ඔවුනට ගෙන ආ නිදහසක් නම් නොමැත​. ඔවුනට ආහාර ලෙස ලැබුනේ පාන් අවුන්ස කිහිපයකි. නමුත් ජාකොබ් තව වසර දෙකහමාරක් පමණ ජීවිතය දරගෙන සිටියේය​. නමුත් ටයිෆස් උණ උත්සන්න වීම නිසා ගිම්හානයේ රැයක ඔහු මිය ගියේය​. 

සාරා සහ එලියානා වර්සෝ ගෙටෝවේ  ඉතා අසීරුවෙන් දිවි ගෙවූ නමුත් ආහාර හිඟය නිසා ඔවුන් දෙදෙනා දරුණු කුපෝෂණයට ලක්වී සිටියෝය​. 1942 වන විට නට්සීන් වර්සෝ ගෙටෝවේ යුදෙව්වන් ට්‍රිබ්ලෙන්කා ඝාතන කඳවුර වෙත පැටවීම ඇරඹූහ.   පැටවීම ඇරඹීමට දෙසතියකට පෙර ආහාර නොලැබීමෙන් සහ ශීතට අසු වීමෙන් දුර්වලව ගිය සාරා පදික වේදිකාවේ බිම ඇද වැටනාය.  එලියානා  දුර්වළ දෑත් වලින් සාරා එසවීමට තැත් කලද එය පහසු  කාර්යයක් නොවීය​. කිසිවෙකු ඔවුන්ට උපකාර පිණිස පැමිණියේ නැත​. බිම වැටුණු සාරා අවසන් හුස්ම හෙළා තිබුනාය​.

තනිවූ එලියානා මුළු රැයක්ම මව වෙනුවෙන් වැළපුනාය​. කුපෝෂණය නිසා ඇයගේ දෙනෙත් වලින් කඳුළු වැටුනේ නැත​. ඇය උගුරින් වරින් වර ශබ්දයක් පිට වූවා පමණි. ගෙටෝවේ  සිටි යාගෝ නම් යුදෙව්  තරුණයා ඇය වෙත පැමිණියේය​. ආහාර හිගය නිසා ඔහු කෘෂවී ගොසිනි. ඔහු තම දුබළ දෑත් වලින් එලියානාට නැගිටීමට උපකාර කලේය​.

ඉන්පසු එලියානා සම්බන්ධ වන්නේ වර්සෝ ගෙටෝවේ  කැරලිකරුවන් සමගය​. යාගෝ ද කැරලිකරුවන් සමග සටන් කල නමුත් ඔහු නට්සීන් ගේ වෙඩි පහරකට ලක් වී මිය ගියේය​. ගෙටෝවේ කැරැල්ල අසාර්ථක වීමත් සමගම ඉතිරි වූ සුළු පිරිස සමග එලියානා යටිබිම්ගත වන අතර ප්‍රැක්සීව් වනයේ සැඟවී සටන් කරන යුදෙව් පර්ටිසාන් කන්ඩායමක් සමග ඇය එකතුවේ. අණතුරුව යුද්දය අවසන් වන තෙක් එලියානා සහ පිරිස ප්‍රැක්සීව් වනයේ සැඟවී වරින් වර ජර්මානුන්ට පහර දෙති.  යුද්ධය අවසානයත් සමගම එලියානා තමන් සමග ප්‍රැක්සීව් වනයේ සැඟවී එකට සටන් කල සුහෘදයෙකු වන ශිමෝන් සමග ඊශ්‍රායෙලය බලා යයි. එහිදී ඔවුන් කිබ්බුට්ස්  සාමූහික ගොවිපලක  වැඩ කරති. ඔවුන් දෙදෙනා විවහා වන්නේ මෙම ගොවිපලේදීය​.

ඉන්පසු ශිමෝන්  සහ එලියානා  හගනා හෙවත්  ඊශ්‍රායෙල ආරක්ශක බළ මුළුව සමග සම්බන්ධ වෙති. දාලියා උපත ලබන්නේ මේ කාලයේදීය​. දාලියාගේ කුඩා කාලය ගෙවී යන්නේ යුද ගැටුම් අතරිනි. 1967 සය දින යුද්දයේදී දාලියාට පියා අහිමි වේ.  දාලියාට පියා අහිමි වූයේ ජූනි 7 වන දිනයකය​. සෑම වසරකම පියා මියගිය දිනය ඇය සිහිපත් කරන්නීය​. ජූනි 7 වින්සන්ට් ලංකාතිලකගේ උපන් දිනයයි. පියාගේ මියගිය දිනය සමරණ ඇය වින්සන්ට් ලංකාතිලක උපන් දින සුභ පැතුම් කාඩ් පතක්  එවා තිබේ.

 (පරිකල්පනික අතික්‍රමණය​- වෛද්‍ය රුවන් එම් ජයතුංග)


Saturday, June 6, 2015

The Trail of Lee Harvey Oswald

                
                           
                                            The Limo that JFK was riding in when he was assassinated 

In 1988 I went to Minsk—the capital city of Belarus—to find some facts about Lee Harvey Oswald, who was believed to be the lone gunman in the JFK assassination. It had been 25 years after President John F. Kennedy's assassination. The Minsk had almost forgotten the American defector who lived in their city. No one talked about him. Moreover, the Soviet people had no interest in the JFK saga, and they had other things to worry about. Perestroika and economic changes have caused dramatic changes in their lives. People were anxious about the market economy and other reforms that rapidly changed Soviet society.

It was mid-January, and the temperature was about minus sixteen degrees Celsius. My Polish winter coat did not fully help me to fight the Russian winter that defeated Napoleon Bonaparte and Field Marshal Friedrich Paulus. The cold wind was terrible, and it was piercing through my bones.

Near the Minsk train station (Vokzal Minsk), I took a taxi cab—a black Volga, which was popularly known as the Russian Mercedes. The taxi driver was a middle-aged man who knew the city of Minsk like the back of his hand. Where to? He asked in a polite manner. I immediately noticed his Belorussian accent. I did not know my destination. It was a frantic effort to look for someone who lived in this city some 26 years ago. I had no address, only a name: Mr. Lee Harvey Oswald.

I need to find the apartment that Lee Harvey Oswald lived in many years ago, I told the taxi driver. Who? He asked with surprise. I explained to him again, Lee Harvey Oswald, the guy who killed the president of the United States of America. The taxi driver had no clue about Lee Harvey Oswald. But he knew who JFK was. So we reached a police officer. I posed the same question to him. Instead of answering my question, he checked my documents. I was a medical student on my winter vacation, and I had obtained a visa to travel to West Germany. My documents were in proper order. So he returned my documents.

The policeman looked dumb, and he had no intention of helping us. The weather was becoming bad, and heavy snowfall made me nervous. I had to meet someone who knew the city’s history. Nothing came to my mind. I was about to give up the Oswald mission. But suddenly I decided to go to a museum and meet a curator or someone. I asked the driver to go to the Belarusian National Arts Museum. At the museum I met an elderly gentleman who was a journalist. He had worked for the Literaturnaya Gazeta many years ago.

When I told him about Lee Harvey Oswald, he knew who he was. Da, Da, Amarikanez, he replied. The old journalist gave us directions. Oswald had lived in an apartment building near the Svisloch River.

After driving through a heavy snow blizzard, we reached our destination. It was an old apartment building with a gloomy look. He lived on the 3rd floor. This was the place where that well-known Lee Harvey Oswald had once lived. The weather was bad, and we saw no one on the street. There were no signboards or plaques. The city had forgotten its ignominious adopted son. This place could have been a major tourist attraction. But the city officials wanted to maintain a low profile on Oswald. Maybehe was an embarrassment to the Soviet officials.

Despite heavy snowfall, we spent a few minutes there. I imagined how Oswald and his Russian wife, Marina, walked through these streets. To me, Oswald was not a hero but an enigma. I could smell him near that old apartment building. Something was in that atmosphere that I could not explain. MaybeI was superstitious. Who was Lee Harvey Oswald? An unstable, insignificant man who changed modern history?

I went back to the Minsk train station to take a train to go to Kishinev—Moldavian Republic. I tried to forget Oswald completely and concentrate on my exams. But he was in my thoughts. After many years, in 2002, this trip inspired me to write a book on JFK. It was the first book about JFK in the Sinhala language. The book was titled John F Kennedy Jevithaya Ha Maranaya (JFK Life and Death) and published by the Wijesuriya Grantha Kendraya. In 2010 I went to the Henry Ford Museum in Dearborn, Michigan, and saw the ill-fated limousine—a Lincoln Continental 4-door convertible—in which JFK was riding in Dallas.

Now fifty years have passed after the JFK assassination. Still, we know little about the assassination, and many conspiracy theories are circulating. Who killed John F. Kennedy? Did Lee Harvey Oswald pull the trigger? Still, there are no satisfactory answers. There are many gaps and unanswered questions.

Lee Harvey Oswald lived in the Soviet Union from October 1959 to June 1962. During this time period, Nikita Khrushchev was the head of the state. After his defection to the USSR, Oswald was given a job in a radio factory in Minsk, Belorussia. There he met a Russian girl named Marina whose uncle was a KGB officer. Oswald fell in love with Marina, and they got married. He lived in Minsk until 1962.



 Lee Harvey Oswald

Oswald claimed that he was a Marxist-Leninist. But he knew very little about Marxism. According to Peter Savodnik, Lee Harvey Oswald's biographer, his defection was more psychological than ideological. The Soviets expected Lee Harvey Oswald to help in their propaganda effort against the West. But Oswald did not participate in propaganda work.

Some argue that after Lee Harvey Oswald defected to the Soviet Union, the KGB found numerous secrets related to the U-2 spy plane. In 1960 a Soviet surface-to-air missile shot down a U-2 piloted by Francis Gary Powers. This incident jeopardized the peace talks between the USA and the Union of Soviet Socialist Republics.

To Oswald, life in Minsk was becoming monotonous. He was not happy with his life, and he decided to come back to the USA. Some reports indicate that after coming back to the United States, he was involved in the Free Cuba Committee, which was an anti-Castro organization. After the Bay of Pigs fiasco, Oswald became furious and determined to kill President Kennedy.



                               








 Minsk apartment where Kennedy assassin Oswald lived three years

On November 22, 1963, President John F. Kennedy was killed by a sniper in Dallas, Texas. The police arrested Lee Harvey Oswald for the crime. While being escorted to the Dallas County Jail, Oswald was shot by Jack Ruby. Oswald succumbed to his gunshot injuries. He was 24 years old. Oswald was buried in Shannon Rose Hill Memorial Park in Fort Worth, Texas. Oswald’s mother, his wife Marina, and 22-month-old daughter June attend the funeral.

Lee Harvey Oswald’s remains were exhumed in October 1981 following speculations made by a group of people. They claimed that a Soviet spy was buried in place of Lee Harvey Oswald’s grave. Finally the family members gave their consent to open the grave. Oswald’s widow, Marina Porter Oswald, was present at the exhumation. The remains were examined by a team of pathologists. They compared Oswald’s dental records and found a positive dental identification. The team leader, Dr. Linda Norton, pronounced that the individual buried under the name of Lee Harvey Oswald in Rose Hill Cemetery was in fact Lee Harvey Oswald.


by Dr Ruwan M Jayatunge 

Thursday, June 4, 2015

රණසිංහ සර් (රෙජී රණසිංහ) පිළිබඳ මගේ මතකය


රෙජී රණසිංහ මහතා කොලඹ නාලන්දා විද්‍යාලයේ ගුරුවරයෙකු විය​. ඔහු ජාතික ඇඳුම ඇඳි ඉතා චාම් ගුරුවරයෙකු වූ බව මට මතකය​. ඒ කාලයේ ගුරුවරු බොහෝ දෙනෙකු ළමයින්ට දඬුවම් කිරීමේ ලා නම් දැරුවත් රෙජී රණසිංහ මහතා කිසිදු සිසුවෙකුට දඬුවම් කරනවා මා දැක නොමැත​. නාලන්දා විද්‍යාලයේ ගුරුවරු බොහෝ දෙනෙකු ගෙන් ගුටි කා තිබෙන මා රෙජී රණසිංහ මහතාගෙන් කිසි දින දඬුවම් විඳ නැත​. එම නිසා රෙජී රණසිංහ මහතා කිසි දිනක සිසුවෙකුට දඬුවම් කොට නැති බව මම විශ්වාස කරමි.

රෙජී රණසිංහ මහතා අමුතු තාලයේ විශේෂිත ගුරුවරයෙකු විය​. ඔහු සිසුන්ට දැනුම බලහත්කාරයෙන් පොවන්නට ගියේ නැත​. එසේම සිසුන් ගෙන් ගරුත්වය ලබා ගැනීම සඳහා වේවැල අතැතිව බොරු රඟපෑමකද නිරත නොවීය​. ඔහුගේ ක්‍රමය වූයේ ළමයා දැනුම ලබා ගැනීම සඳහා පෙලැඹවීමයි. එය ඉතා සාර්ථක ක්‍රමයක් විය​. එසේම සිසුන් ඔහුට ආදරයෙන් යුතුව ගරු බුහුමන් කලෝය​. එය මට අද සාක්‍ෂාත් වන්නේ රෙජී රණසිංහයන්ට සිසුන් ඔහු නැති තැන පවා කට පුරා රණසිංහ සර් ලෙස ආමන්ත්‍රණය කිරීමේ පුරුද්ද මතක් වීමෙනි.

එකල සෑම ගුරුවරයෙකුටම පාහේ පටබැඳි විකට නමක් විය​. සිසුන් විකට නම් පටබැඳිමේ සූරයන් වූහ​. ටකරමා, බොහොඬා, යකඩයා, මෝරා, කණයා මේ එකල සිසුන් විසින් ගුරුවරුන්ට පටබැඳි නම් වූහ​. නමුත් මේ දක්වා රණසිංහ සර්ට පටබැඳි විකට නමක් ගැන මට සිතා ගැනීමටවත් නොහැක​. එයින් පෙනී යන්නේ ඔහු සිසුන් අතර සැබවින්ම ගරුත්වයට ලක් වූ ගුරු පියෙකු බවය​. එයට එක් හේතුවක්
වූයේ ඔහු ගේ සැබෑ චාම්කමයි. එසේම ඔහු දැනුමින් පිරිපුන් ගුරුවරයෙකු විය​. නැෂනල් හෙවත් ජාතික ඇඳුම ඇඳි ගුරුවරුන්ට සමහර කොලඹ ළමුන් රහසේ සිනාසුනත් රණසිංහ සර් ගේ නිර්ව්‍යාජ පෞරුෂත්වය ඉදිරිපිටදී කිසිවෙකු ඔහුව කෝලමකට ගත්තේ නැත​.

1979 වසරේ ඔහු සිසුන් අතර කථික තරඟයක් සංවිධානය කලේය​. ජුලියස් සීසර් ගේ අවමගුල දා මාක් ඇන්ටනි කල කථාවේ සිංහල අනුවාදය සහ එහි පසුබිම ඔහු අපිට කියා දුන්නේය​. ඉන් පසු හැඟීම් ඉස්මතු වන ආකාරයට එම කථාව කරන අයුරු ඔහු අපිට පෙන්වා දුන්නේය​. ඔහු කොතරම් සාර්ථක අයුරින් සිසුන් ගේ නෙත් සිත් ග්‍රහණය කරගනිමින් කලේද යත් මට අද දින පවා ඔහු ඉගැන් වූ එම කථාවෙන් විශාල කොටසක් මතකයේ තිබේ.

ඔහු ප්ලේන් ටී බීමට ප්‍රිය කලේය​. විවේක කාලයේදී රෙජී රණසිංහ සර් කැන්ටිමට ගොස් වඩයක් කමින් ප්ලේන් ටී බොන අයුරු දැනුදු මට මැවී පෙනේ. ඒ කාලයේ කැන්ටිම කලේ මහළු පුද්ගලයෙකි. සිසුන් ඔහු ඇමතූයේ "අන්කල්" නමිනි. රෙජී රණසිංහ සර් කැන්ටිමේ තේ බොන විට අපද නොබියව ගොස් "අන්කල් ලෝදිය කෝප්පයක් දෙන්න කියා" කැන්ටිමේ අන්කල් ගෙන් තේ ඉල්ලීමට පුරුදුව සිටියෙමු. රෙජී රණසිංහ සර් අප දෙස උපේක්ශාවෙන් බලා සිටියා මිස අපව වෙනත් ගුරුවරුන් මෙන් කැන්ටිමෙන් එලවා ගත්තේ නැත​. බොහෝ විටදී කැන්ටිමේදී පවා ඔහු පොත් කියවයි.

රෙජී රණසිංහ යනු ගුරුවරයෙකු පමණක් නොව සුප්‍රකට විචාරකයෙකු බවද නාලන්දාවේ බොහෝ දෙනෙකු දැන සිටියේ නැත​. විශ්ව සම්භාව්‍ය චිත‍්‍රපට ගැන ඔහුට තිබූ දැනුම අති විශාලය. අන්තර් ජාලය​, යූ ටියුබ් නොතිබූ ඒ යුගයේ රීගල් චිත්‍රපට ශාලාවටත් බ්‍රිටිෂ් කවුන්සිලයටත් යමින් කොපලා, ඩේවිඩ් ලීන්, කුරොසෝවා වැනි පතාකයන් ගේ සිනමාවේදය ඔහු ස්ව උත්සහයෙන්ම උගත්තේය​. ඔහුගේ ගැඹුරු දැනුම පිලිබඳ මට යම් වැටහීමක් ලබුනේ පාසලෙන් ඉවත් වී බොහෝ කාලයට පසුවය​.  නමුත් ඒ කාලයේ අපට ඔහුගේ සුවිසල් දැනුම ගැන​ කිසිදු අවබෝධයක් නොවීය​. මහා කස්සප මහ රහතන් වහන්සේගේ ගුණය සහ අනුභූතිය පිලිබඳ අනවබෝධයකින් යුතු වූ ඇබිත්තයා මෙන් අප මේ සුවිසල් පුරුෂයාගේ දැණුම සහ විචාරයන් පිලිබඳව එකල අනවබෝධයෙන් සිටියෙමු. නමුත් ඔහු තුල යම් ගුප්ත බවක් මා එකල දුටුවෙමි. එය කුමක්ද කියා කීමට මට වැටහීමක් නොවීය​. නමුත් අද දිනයේ මා සිතන්නේ එය ඔහුගේ දැනුම, නිර්ව්‍යාජ බව, චාම් බව​,හෘදයංගම බව කැටි කල පෞරුෂත්වයේ පරාවර්තනය බවයි.

ඔහු පාසලේදී ද නිවසේදී ද හැදෑරීම් කලේය​. එසේම රණසිංහයන් මනා වූ දේශපාලන විඥානයකින් ද යුක්ත විය​. එය යන්නම් වාලේ කල දේශපාලනයක් නොවීය​. පාසලේ කිසිම ඉගැන්වීමක් නොකොට - තම යුතුකම ඉටු නොකර තුන්සිය හැටපස් දවස පුරා පවත්නා ආණ්ඩුව විවේචනය කරමින් රතු පත්තර කියවමින් වසරකට වරක් පෙලපාලි ගිය​ ගුරු ක්‍රියාකාරීන් යැයි කියාගත් ලාමක චරිත වලට රෙජී රණසිංහයන් අවබෝධ කර ගත නොහැකි විය​. එවැනි චරිත අතර රෙජී රණසිංහයන් හුදකලා චරිතයක් විය​.

රෙජී සර්  ගැන ඒ.ඩි.රංජිත් කුමාර මෙසේ ලියයි.

මීට වසර 25 කට එපිට මරදානේ දුම්රිය ස්ථානයේදී සතියේ පාසල් යන දින පහේ දකින්නට ලැබෙන සුලභ  දසුනක්  මගෙ මතකයට එයි. හිමිදිරි පාන්දර මීගමුව කොච්චිකඩේ දුම්රිය  ‍පොළෙන් පිටත්වන කෝච්චිය  මරදානේ  දුම්රිය   ‍පොළේ නතර කරන විට ඉන් බසින හීන්දැරි උස, කුණු බිංදුවක්වත් නැති සුදුම සුදු  ජාතික ඇඳුමින් සැරසුණු  ඉස්කෝ‍ලේ මහත්තයෙක් නොවැරදීම දකින්නට ලැබෙයි. ඔහු ගේ කටේ සුරුට්ටුවකි. අතේ බරට බරේ ගෙනියන හම් බෑගයකි. ඒ බෑගයේ ඇත්තේ ‍පොත්පත් මිස වෙන කිසිවක් නොවන බව නාලන්දයේ  ඔහුගෙන් ඉගෙන  ගන්නා ශිෂ්‍යයන් හා ඔහු ඇසුරු කළ සමීප හිතවත්තු පමණක් දැන සිටියහ. මේ ඉස්කෝල මහත්තයා එතැන් සිට නාලන්දා විද්‍යාලය තෙක් පයින්  ගමන් ගත්තේය. දෙනෝ දහක් මිනිසුන්  අතර හැප්පි හැප්පී යන්නා මේ පුද්ගලයා ලංකාවේ  එවකට සිටි “හොඳම චිත්‍රපට විචාරකයා” බව දන්නේ කීයෙන් කී දෙනාද? මා මේ කතා කරන්නේ 60, 70 දශකයේ මේ රටේ චිත්‍රපට කලාව බුද්ධිමත් ප්‍රේක්ෂකයාගේ අවධානයට ලක් වූ චිත්‍රපට විචාරකයන් අතර මුල් තැනක වැජඹුණු, එහෙත් ප්‍රසිද්ධියට අකමැති නිර්ව්‍යාජ ගැමියකු වූ රෙජී රණසිංහ ගැනය.  “සංස්කෘති” සඟරාවෙන් චිත්‍රපට විචාර ලියූ, ඒ විචාර තුළින් සිනමා විචාර කලාවේ නිම් වළලු පුළුල් කළ විචාරකයා ගැනය. නිර්මාණාත්මක කෙටිකතා ලියූ විශිෂ්ට පරිවර්තන හා පරිවර්තන කෙටි කතා ලියූ ‍ලේඛකයා ගැනය. රෙජී රණසිංහ  මීට වසර 10කට පෙර 2004 ජනවාරි 30 වෙනිදා ජීවිතයෙන් සමුගත්තේය. මීට හරියටම දස වසරකට පෙර මිය ගිය රෙජී සර්ගේ අවමඟුලට අජිත් තිලකසේන, තිස්ස ප්‍රේමසිරි හා මා සහභාගි  විය. ඒ චාම් අවමඟුල දුටු මට මතක් වූයේ “විරාගය” චිත්‍රපටයේ  අවසාන දර්ශනයේ අරවින්දගේ අවමඟුලය.  (සිනමා විචාර කලාවේ රෙජී සර්  ඒ.ඩි.රංජිත් කුමාර)

අද රෙජී රණසිංහ සර් ජීවතුන් අතර නැත. රෙජී රණසිංහලා නැති ලංකාව අද බුද්ධිමතුන් ගේ කාන්තරයක් බවට පත් වී තිබේ. එකල රෙජී රණසිංහලා විශ්ව සාහිත්‍යය, විශ්ව සිනමාව ගැන ලියා උසස් රසාස්වාදනයකට හුරු කල ලාංකිකයන් ගේ පරම්පරාව වෙනුවට අද ඉන්නේ මෙගා ටෙලි හා සුපර් ස්ටාර් සංස්කෘතිය හරහා බිහි වූ බුද්ධිමය වශයෙන් ආබාධිත වූ පරම්පරාවකි. එවැනි පරම්පරාවක් සබුද්ධික කිරීම සඳහා යළි රෙජී රණසිංහ වැන්නවුන් මේ ගර්හිත සමාජයේ යළි පහළ වන්නේ නම් මැනවි.

Wednesday, June 3, 2015

මොණරතැන්නේ රජ්ජුරුවෝ මිය යයි



කැලණි පාලම, මකරාක්‍ෂයා, උතුරේ රාහුල, ඉඩම, අහසින් වැටුණු මිනිස්සු වැනි වේදිකා නාට්‍යවලින් දහසකුත් ප්‍රේක්ශක සිත් සතන් පිනවූ ප‍්‍රවීණ රංගණ ශිල්පී ජේ එච් ජයවර්ධන මහතා අභාවප‍්‍රාප්ත විය​. 




Tuesday, June 2, 2015

මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම


මාසික ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී තමා ප්‍රදේශයේ මන්ත්‍රීවරයා අමනාප කරගත් බව විජේවර්ධනට සිතිණි. ප්‍රදේශයේ සංවර්ධන වැඩසටහන් වලදි සංඛ්‍යාලේඛණ අතිශයෝක්තියෙන් ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරයා ඉදිරියේ ප්‍රශස්ථ ගායනාවක යෙදුන සකළසූරිය ඉදිරිපත් කළ විගඩම් නාටකය තව දුරටත් බලා සිටීමට නොහැකිව ඔහුගේ කටහඞ ප්‍රාණවත් විය. 

මුලින්ම විවාදය ඇති වූයේ විජේවර්ධන හා සකළසූරිය අතරය. කෙමෙන් කෙමෙන් සකළසූරිය දළ බිඳ ගනිත්ම ඔහුගේ සහායට ප්‍රදේශයේ මන්ත්‍රීවරයා ඉදිරිපත් විය. ඉන් පසුව මත ගැටුම ඇතිවූයේ මන්ත්‍රීවරයාත් විජේවර්ධනත් අතරය. අනෙකුත් නිළධාරින් මන්ත්‍රීවරයා උදහස් වී ද යන සැකයෙන් තම ටයි පටි වල ගැට ලිහිල්කර ගත්හ. ඇතෙමෙක් යටි සිතින් විජේවර්ධනට සහ මන්ත්‍රීතුමා අතර ලියලන ඝට්ඨනය තමන්ගේ වාසිය සඳහා යොදා ගන්නේ කෙසේදැයි සිතූහ. තවත් සමහරෙක් විජේවර්ධන මෝඩයෙකු බවත් මන්ත්‍රීතුමා කියන සෑම දෙයක්ම හිස නමා පිළිගැනීමෙන් තොරව ඔහු හා වාදයට යාමෙන් විජේවර්ධන කළේ ගලේ හිස ගසා ගත් බවත් තරයේ විශ්වාස කළහ. අතලොස්සක් පමණ වූ කොටසක් පමනක් මෙම ජවනිකාව දෙස බලා සිටියේ විජේවර්ධන කෙරෙහි හට ගත් අභිමානයෙනි. කොන්ද කෙළින් තබාගත් නිළධාරින් තවත් ඇති බවට ඔවුහු ප්‍රත්‍යක්ෂ කළහ. 

නිළධාරින්ගේ බහුතරය මන්ත්‍රීවරයාට සර් කියමින් හිස සහ කඳ පහත් කරමින් කථා කළ නමුදු විජේවර්ධන ඇතුළු නිළධාරි තුන් හතර දෙනෙක් පමණක් ශරීරය සෘජුව තබා ගනිමින් දේශපාලඥයාට මන්ත්‍රීතුමා ලෙස ඇමතූහ. මෙය මන්ත්‍රීවරයාගේ සිත් නොගත්තේය. තවද විජේවර්ධන දුටු මුල් දිනයේම ඔහුගේ සිතට යම් අප්‍රසන්නතාවක් දැනුණු අතර එය කෙලෙස මතුවීද යන්න ඔහු නොදත්තේය. එහෙත් එම අප්‍රසාදය සඳහා දැන් හේතුකාරක ඇති බවට ජනතා නියෝජිතයා විසින් අවබෝධ කරගන්නා ලදී.

 "සර් වැඩ සටහන හොඳට කෙරුනා. ඒත් සමහර නිළධාරින් නම්‍යශීලි නැති වීම ටිකක් වැඩකරගෙන යන්න බාධාවක්. ˜ සකළසූරිය විසින් සතියකට පසුව දුරකථනයෙන් තමන්ට පවසන ලද්දේ විජේවර්ධන ගැන බව මන්ත්‍රීවරයාට වැටහිණි. කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ගෙවීමේදී අනවශ්‍ය ප්‍රශ්න​ මතු කිරීම, ඇතැම් විට මුදල් රෙගුලාසි මත ගෙවීම් නොකිරීම නිසා තම හිතවත් ව්‍යාපාරිකයන් නෝක්කාඩු කී අවස්ථා තිබුණි. එසේම ඔවුන් මැතිවරණ සඳහා කරන ලද වියදම් ඇතුළු අනෙකුත් කැපකිරීම් සීමා රහිතය. 

"සකලේ මගෙ මිනිසුන්ට අසාධාරණ වෙන්න ඉඩ තියන්න එපා˜ මන්ත්‍රීතුමා සකලසූරියට කීවේ බංගලාවට ගෙන්වාගෙනය. එය කියන විට මුදල් ගෙවීම පමා වීම නිසා මුහුණ ඇඹුල් කරගෙන සිටි කොන්ත්‍රාත්කරුවන් දෙදෙනෙකු සිටියහ. 

"අපි අපේ දුප්පත් චන්දදායකයන්ට සේවය කරන්න ඕන. මම මේ ගමන යන්නේ දහසකුත් එකක් බාධා මැද . මේ නිළධාරිවාදය අපි හොඳින් හරි නරකින් හරි කඩන්න ඕන.˜ එසේ කියමින් මන්ත්‍රීවරයා තම අතේ තිබුණු බෝතලයෙන් කොන්ත්‍රාත්කරුවන්ගේ වීදුරු පිරවීය. 

" සර් මේකයි ප්‍රශ්නේ. අපේ සමහරු හිතන්නේ තාමත් බලයේ ඉන්නේ පාරාද වෙච්ච පක්ෂය කියලා. මේ මිනිස්සු නිතරම ඔබතුමා විවේචනය කර කර ඉන්නවා මිසක් වැඩක් හරියට කරන්නේ නැහැ.˜ සකළසූරිය බයාදු ලෙස මන්ත්‍රීතුමාගේ මුහුණ බලමින් කීවේය. අනතුරුව තම වීදුරුවේ තිබූ මදුවිත කටට හලා ගත්තේය. 

එකෙනෙහින් ම මන්ත්‍රීවරයාගේ මුහුණේ මතුවූයේ යක්ෂාවේෂ වූ බැල්මකි. 

"මේකලා දන්නේ නැහැ මගේ හැටි. මට බුලට් දෙක තුනයි යන්නේ. මුන්ගේ කුණවත් හොයන්න හම්බවෙන්නේ නැහැ" මන්ත්‍රීවරයා ගෙරවීය. 

මන්ත්‍රීවරයා කෝපවූයේ දැයි සකළසූරියට සිතුණි. වහාම කළ යුත්තේ ඔහුව අස්වැස්ස වීමය. ඉන් පසුව තමාගේ සැලැස්ම ක්‍රියාවට නැංවිය යුතුය. ඒ සඳහා සුදුසු යමක් ඔහුට එකවරම ඔළුවට ආවේ නැත. 

"සර් මේකයි වැඩේ. අපි කලබල නොවී මේ කට්ටිය ගැන ඇහැ ගහගෙන ඉමු. මේ අය බෝධිසත්වයින් නෙවෙයිනේ. මගෙත් මිනිසුන් ඉන්නවා. මොකක් හරි වැරුද්දක් අහුවෙච්ච හැටියේම වැඩේ දෙමු නැගිටින්න බැරි වෙන්න.˜ සකළසූරිය කීවේ සූක්ෂ්ම දඩයක්කාරයෙකුගේ විලාසයෙනි. 

කාර්‍ය්‍යාලයේ තමා බලවත් වූවද විජේවර්ධන ඇතුළු කිහිපදෙනෙකු තමා නොතකා ක්‍රියා කිරීම පිළිබඳව සකලසූරියට ඇති වූයේ කෝපයකි. ඒ හැර තමාට නිතරම කේලාම් සපයන පිටකන්ද හා සැමුවෙල් යන දෙදෙනා ඉදිරියේ විජේවර්ධන තමන්ව හෑල්ලූකොට මන්ත්‍රීගේ පන්දමා ලෙස හැඳින්වීම නිසා විජේවර්ධනට වැඩක් දියයුතු බව නොයෙක්වර හැගී තිබුණි. විජේවර්ධන මන්ත්‍රීතුමා සමග පැටලීම වනාහී දෙවියන් විසින් තමා වෙත එවන ලද ත්‍යාගයකි. එබැවින් අව්ව වේලෙන්නට පෙර පිදුරු ටික වේලා ගත යුතුය. 

විජේවර්ධන විශ්ව විද්‍යාලයයේ සකළසූරියට වඩා වසර දෙකකින් පමණ කනිෂ්ඨය. විජේවර්ධන විශ්ව විද්‍යාලයේදී නිහඩ චරිතයක් විය. ඔහු නොකඩවාම දේශණ වලට ගිය අතර හොඳින් ඉගෙනීමේ කටයුතු කළේය. එහෙත් සකළසූරිය ඊට ප්‍රතිවිරුද්ධ චරිතයක් වූ අතර විශ්වවිද්‍යාලයයේ දී ශිෂ්‍ය අරගල වලදී නායකත්වය ගත්තේය. ඉගෙනීමේ කටයුතු වලට වඩා ශිෂ්‍ය අරගලයන්ට ඔහු සිසුන්ව යොමු කළේය. එසේම තම ජනප්‍රියතාව උපයෝගි කරගෙන ඔහු ප්‍රධාන දේශපාලන පක්ෂයක අනුග්‍රහයද ලබා ගැනීමට සමත් විය. ඒ නිසා ඔහුට තම වෘත්තීයේ ඉහලට නැගීමට හැකි වූයේ අන්‍යයන්වද පහලට හෙළමිනි. 

පැවැත්ම සඳහා ජීවියා පරිසරයට අනුකූලව හැසිරිය යුතුයි. මෙම ශුද්ධ  නීතිය කඩකරන්නන් ඉබේම වඳ වී යනු ඇත යන්න සකළසූරිය ඇදහුවා පමණක් නොව  ඒ අනුව තම වෘත්තීය ජීවිතයද ගොඩගා ගත්තේය. සකළසූරියගේ හැඳින්වීම අනුව විජේවර්ධන   අයත් වන්නේ ඩයිනෝසරයන්ගේ යුගයටය. එහෙත් කාර්‍ය්‍යාලයයේදී විජේවර්ධනට සුවිශේෂී ගරුත්වයක් ඇති බවත් එවැනි ගෞරවයක් තමන්ට නැති බවත් ඔහු පසක් කළේය. විජේවර්ධනව දුෂ්කර ප්‍රදේශයකට මාරු කළ හැකිනම් සටනින් අඩක් දිනාගත හැකි බව සකළසූරියට වැටහිණි. 

මන්ත්‍රීවරයා උදහස් වීම ගැන විජේවර්ධන තුළ ඇති කළේ මිශ්‍ර හැගීම්ය. මන්ත්‍රීවරයා පිස්සු බල්ලෙකු බව ඔහු දැන සිටියේය. අට වැන්නට පමණක් උගත්, බුද්ධිමත් බවක් අසලකින්වත් නොගෑවුණු ජරා ජීර්ණ වූ දේශපාලන මඩ ගොහොරුවේ නිෂ්පාදනයක් වූ මන්ත්‍රීවරයා ඉදිරියේ තව දුරටත් ආත්ම අභිමානය පාවා දීම කළ නොහැකි දෙයකි. උපාධිධාරි නිළධරයන් අඳ බාල දේශපාලඥයා ඉදිරියේ දීන වන අයුරු ඔහු බලා සිටියේ කලකිරීමෙනි. මුලදී කසිප්පු පෙරා, මුදල් හම්බ කළ පසුව මුදලාලි කෙනෙකු බවට පත් වූ මේ මිනිසා කැළැවේ ගස් කැප්පවිය. මුදල් යහමින් විසි කිරීම නිසාත් මැර බලය නිසාත් ඔහුට පාර්ලිමේන්තුව දක්වා යාමට හැකි විය. ප්‍රදේශය සංවර්ධනය කිරීම පිණිස තීරණ ගන්නේ මෙවැනි මිනිසුන් නම් එවැනි රටකට යන කලදසාව කුමක් විය හැකිද යන්න විජේවර්ධනට සිතුන අවස්ථා එමටය. ටයි පැළඳගත් නිළධරයන් පිරිවරාගෙන සුදෝ සුදු කොකෙකු සේ දිස් වන මන්ත්‍රීවරයා හිස් වචන පවසන අතර බණ දේශණාවකට සවන් දෙන්නාක් මෙන් නිළධරයන් එකත්පස්ව ඔහුට සවන් දෙති. සෑම දෙයකටම එහෙයි කියනවා මිස මන්ත්‍රීවරයාගේ මුග්ධ අදහස් වලට අභියෝග කරන්නෙක් නොවීය. 

"මට එක වෙලාවකට හිතෙනවා මේවා ඔක්කෝම දමලා ගහලා පිටරටකට යන්න විමලේ.˜ විජේවර්ධන පැවසුවේ කළකිරීමෙනි. විමලසිරි හා තවත් කිහිපදෙනෙකු හැර තමාගේ හිතේ පවත්නා පීඩනය පැවසීමට කෙනෙකු නැත. සමහරු බලා සිටින්නේ කටින් යමක් වැටෙන තෙක්ය. එය වඩාත් ඔප මට්ටම් කොට සකළසූරියගේ කනේ තැබීමට ඔවුහු නොපැකිල ඉදිරිපත් වෙති.

"ඕවා ගනන් ගන්න එපා. ලංකාවේ කොතනත් මේ ප්‍රශ්ණ තියෙනවා.˜ විමලසිරි අස්වැසුම් බස් කීය. 

"මට දැන් හිතෙනවා ගිය අවුරුද්දේ නිවි සීලන්ඩ් ජොබ් ඔපර් එක ආපු වෙලාවේ ඒක ගත්තේ නැතුව මම කළේ මොඩකමක් කියලා....˜ තමන්ගේ රටට සේවයක් කරන්න ඕන කියලා හිතාගෙන හිටියේ. ඒත් ඒකට සුදුසු වාතාවරණයක් නැත්නම් කරන්න තියෙන හොඳම දේ තමයි වෙන අතක් බලා ගන්න එක." විජේවර්ධනගේ ස්වරයේ කළකිරීමක් දැක ගත හැකිවිය.

" අපට රට හදන්න බැහැ විජේ. නිළධාරි හැටියට අපට තියෙන්නේ මුං කරන හැම ගොං පාට් එකකටම කරබාගෙන අත්වැල අල්ලන්න. අපි සාධාරණය, අසාධාරණය ගැන කථා කරන්න ගියොත් කියන්නේ අපි විරුද්ධ පාක්ෂිකයන් කියලා. ඒ පක්ෂය බලයට ඇවිල්ලා කරන තෘණ භක්ෂක ක්‍රියාවක් අපි විවේචනය කළොත් ඒ අය ඒට කියයි අපි බී පක්ෂයේ එහෙයියලා කියලා. ඒ නිසා හොඳම දේ තමයි රට යන අතට අපිත් යන එක"

 විමලසිරි පවසන්නේ ප්‍රායෝගිකවාදියෙකු සේය. විමලසිරිගේ කථාවෙන් පසු විජේවර්ධන  ගේ හිතේ පීඩනය මදක් අඩු විය. එහෙත් ඔහු පිළිතුරු වශයෙන් කිසිවක් නොකීවේය. හිස් බැල්මකින් විමලසිරි දෙස බලා සිටියා පමණි‚. 

කාර්‍ය්‍යාලයයේ පවතින්නේ උදාසීන ගතියකි. සකළසූරිය රැස්වීමකට යන බව කියමින් නිළ රථයේ නැගී උදෑසනම පිටවී ගොසිනි. දුරකථනය වරින් වර නාද වේ. ඒ අතර පිටකන්ද විජේවර්ධනගේ කාමරය අසලින් ඒ  මේ අත යන්නේ සවස සකළසූරියගේ තැබීමට සුදුසු යමක් අහුලා ගැනිමටය. 

"සර්, තේ ගෙනාවා.˜ මහළු කාර්යාල සහයකවරයා විජේවර්ධනට තේ කෝප්පය පිළිගන්වමින් කීවේය. මහළු සේවකයා දෙස දයාවෙන් බැලු විජේවර්ධන  ඔහුව ඇමතීය. 

"හබෑටම පීටර් දැන් මෙතන අවුරුදු කීයක් වැඩද?˜ 

මහළු සේවකයා බුලත් කහට බැඳි දත් පෙන්වමින්  මඳ  සිනා පෑවේය. 

"අවුරුදු තිස්පහක් වෙනවා සර්"

 අවුරුදු තිස් පහක් මෙවැනි කාර්යාලයක සිත එකලස්ව තබාගෙන පීටර් වැඩ කිරිමට හැකිවූයේ කෙසේද? සෑම දෙයක්ම උපේක්ෂාවෙන් බැලීමට සමත්වූ නිසාද? පීටර්ගේ සේවා කාලය තුළ මෙම කාර්යාලයට නිළධරයන් සිය ගණන් එනන්ට ඇති. ඇතමෙක් ඛෙලි කැපිළි, පන්දම්, වන්දිභට්ටයන් හමුවේ පළා ගියහ. සමහරු ඊට එදිරිව ගොස් කළු ගලේ ඔළුව ගසා ගත්හ. තවත් සමහරක් කොඳු නාරටි ඉවත් කොට පරිසරයට අනුවර්ථනය වූහ. මේ වර්ග තුනටම අයත් නොවන මේ සේවකයා ගැන විජේවර්ධනට ඇතිවූයේ ගෞරවයකි. ඉහළ අධ්‍යාපනයක් නැතත් පීටර්ගෙන් ඉගෙන ගැනීමට යමක් ඇත්තා සේය. 

"සර් ධනසේන මහත්තයා ඇවිල්ලා එකවුන්ටන් ලඟ කෑගහනවා˜ විජේවර්ධන ගේ කාමරයට කලබලයෙන් පැමිණි මාධවී පැවසුවාය. 

"කවුද ධනසේන කියන්නේ?.  විජේවර්ධන තරුණියන්ගෙන් ඇසුවේ විමතියෙනි. 

"සර් මන්ත්‍රීතුමාගේ සෙකට්‍රි, කන්ට්‍රැක්ටස්ලාට පේමන්ට් කලේ නැහැ කියලා බනිනවා˜ ඇය තැතිගත් ස්වරයෙන් පැවසුවාය. 

විජේවර්ධන පුටුවෙන් නැගිට්ටේ ගණකාධිකාරී වෙන යාමටය. ප්‍රශ්ණයේ කෙළවරක් නැත. එය විවිධ අවස්ථාවලදී විවිධ ආකාරයට එයි. කළ යුත්තේ කුමක්ද? පහරට පහර දීමද, පහර වළක්වා ගැනීමද? නැතහොත් පහර කා බිම ඇද වැටිමද? 

"විමලේ සකළසූරිය උදෙන්ම මාරු උනේ මේක සෙට් කරලද කියලා හිතෙනවා, කවුද මේ ධනසේන කියන හාදය? විජේවර්ධන විමළසිරිගෙන් විමසුවේ තව ස්වල්ප වේලාවකින් තමාට මුහුණ දීමට සිදුවන ප්‍රතිවාදියා කවරෙක්දැයි දැනගැනීමටය. 

"මෑන් රිටායඩ් පොලිස් සාජන්ට් කෙනෙක්. දැන් මන්ත්‍රී සෙකටී්‍ර හැටියට වැඩ කරනවා. මන්ත්‍රීට එන ඉංග්‍රීසි ලියුම් ට්‍රාන්ස්ලේට් කරන්නයි,  ඒවාට උත්තර ලියන්නයි මිනිහව තියාගෙන ඉන්නේ. නොම්බර එකේ බේබද්දා. සමහරු කියනවා මිනිහා තමයි මන්ත්‍රීට පගා එකතු කරන  ඒජන්ට් කියලා. කෝකටත් පරිස්සමෙන් දන්නේ නැද්ද මේ යක්කුංගේ හැටි.? වැඩේ ෂේප් කරලා දාන්න, පැටලෙන්න යන්න එපා.˜ විමලසිරි අවවාදාත්මක විලාශයෙන් පැවසීය. 

විජේවර්ධන ගණකාධිකාරිගේ කාමරයට යන විට එතැන ගාලගෝට්ටියකි. මන්ත්‍රීගේ ලේකම් උස් හඩින් ගණකාධිකාරිට බනිමින් සිටියේය. අසරණ ගණකාධිකාරි තුෂ්නිම්භූතව කිසිවක් කියාගත නොහැකිව තමාට පිහිට වන්නැයි හැගෙන බැල්මකින් විජේවර්ධන දෙස බැලීය. 

"මොකද මිස්ට සිගේරා ප්‍රශ්නේ ? විජේවර්ධන අමුත්තා මගහැර ගණකාධිකාරිගෙන් විචාලේය. 

"සර් මෙතන පේමන්ට් ගෙවන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. කන්ට්‍රැක්ටස්ලා එග්රිමන්ට්ස් අනුව වැඩ කරලා නැහැ. අපි පේමන්ට් කළොත් ඔඩිට් ක්වෙරි එකක් එන්න පුළුවන්.˜ ගණකාධිකාරි තැතිගත් ස්වරයෙන්ම පැවසීය. 

"කොන්ත්‍රාත්කාරයෝ එග්‍රිමන්ට් එක උල්ලංඝනය කරලා තියෙනවා නම් කොහොමටවත් ගෙවීම් කරන්න බැහැනේ.˜ විජේවර්ධන ඉංග්‍රීසි භාෂාවෙන් අමුත්තාටත් ඇසෙන සේ ගණකාධිකාරිට කීවේය. 

"මෙතන එග්ග්‍රිමන්ට් උල්ලංඝනය වෙලා නැහැ මිස්ටර්. මම තමයි මන්ත්‍රීතුමාගේ සෙකට්‍රි. කොන්ත්‍රාත්කාරයෝ මේ ප්‍රදේශය සංවර්ධනය කරන්න වියදම් කරනවා.  ඒ අයගේ වැඩ වලට ගෙවීම් කරන්න ඕන. මෙතන යන්නේ වෙන ගේමක්. විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීගේ රූකඩ වගයක් ඉන්නවා මේ ඔෆීස් එකේ, අපේ මන්ත්‍රීතුමාගේ වැඩ බකල් කරන්න.  ඒවා කොහෙද අපි ඉන්නකං. මේවා අපේ ගම් පළාත්. අපිට මේ ගැන කැක්කුමක් තියෙනවා. ජරාව දුන්නානම් ඔක්කෝම ගෙවීම් අනුමත කරලා මෙලහකට.˜ අනාරාධිත අමුත්තා අප්‍රසන්න ස්වරයකින් විජේවර්ධන දෙස බලා පැවසීය. 

විජේවර්ධන මොහොතක් ධනසේන හෙවත් මන්ත්‍රීගේ ලේකම් දෙස තියුණු බැල්මක්ම හෙලීය. අභූත චෝදනාව ඔහු තුළ ඇති කළේ කැළඹීමකි. නොදැනුවත්වම ඔහුගේ මිට මෙලවිණි. මේ අවස්ථාවේ තමාට ඇති විකල්ප කවරේද  විජේවර්ධන  පරිඝණකයක් මෙන් දත්ත විශ්ලේෂණය කළේය. වේගවත් පහරක් මන්ත්‍රීගේ ලේකම්ගේ මුහුණට එල්ල කිරීම, අනතුරුව බැහැපිය බල්ලා ඔෆීස් එකෙන් එළියට යැයි කියමින් කමිස කරින් අල්ලා දොට්ට  දැමීමද? මෙය ක්‍රියාත්මක කළ හොත් මොහොතකට තමා වීරයෙකු වනු ඇත. සකළසූරියද බලා සිටින්නේ මෙවැනි අවස්ථාවක් එන තෙක්ය. අනතුරුව මන්ත්‍රී ඇතුළු ඔහුගේ චක්ගෝලයන් අවි අමෝරා එනු නිසැකය. පසුදා පුවත්පත් මෙලෙසම වාර්තා කරනු ඇත.

"මන්ත්‍රීගේ ලේකම්ට පරිපාලන නිළධාරියා පහර දෙයි " 

ඉන් පසු විනය පරීක්ෂණ ඇතුළු දහසකුත් ක්‍රියාමාර්ග. දෙවැනි විකල්පය කුමක්ද? ධනසේනට තමාගේ කණගාටුව ප්‍රකාශකොට ඔහු ඉදිරියේ සිගේරාට මඳක් දෝෂාරෝපණය කරමින් ගෙවීම් කරන ලෙස බලපෑම් කිරීම. විගණන පරීක්ෂණ වලදී උත්තර දිය යුත්තේ ගණකාධිකාරිය. එහෙත් ස්වං දෝෂාරෝපණයක් සිත පුරාම ජනිත වී ඇති හෙයින් දෙවැනි විකල්පය කෙරෙහි සිත යොමු නොවීය. 

මා කළ යුත්තේ කුමක්ද? වහාම කාර්යාලයට ගොස් අස්වීමේ ලිපිය ලියා ගෙදර යාමද? එමගින් තමා පරාජිතයෙකු වන බව විජේවර්ධනට හැගුනේය. එසේනම් මෙම අවස්ථාවේදී ගතයුතු පියවර කුමක්ද? එසමගින්ම මහළු පීටර්ගේ රුව ඔහුගේ සිතේ ඇදිණි. ඔව් මේ අවස්ථාවේදී උපේක්ෂාව හැර අන් විකල්පයක් නැත. 

"මේ මහත්තයා,  විජේවර්ධන සන්සුන් ස්වරයෙන් මන්ත්‍රීගේ ලේකම් ඇමතීය. අපට ප්‍රශ්නේ තේරෙනවා. අපි පේමන්ට් එක කොහොම හරි කරමු. මේ කොන්ත්‍රාත්කාරයින්ට කියන්න ඇවිල්ලා මාව හම්බවෙන්න කියලා. එග්ග්‍රිමන්ට් එකේ අඩුපාඩු බලලා රජයටත් පාඩු නොවෙන්න ඒ අයටත් පාඩු නොවෙන්න ක්‍රියාමාර්ගයක් ගමු. සාකච්ඡාවෙන් විසඳාගන්න බැරි ප්‍රශ්නයක් නැහැනේ. 

විජේවර්ධනගේ ප්‍රකාශයත් සමග අමුත්තා ගේ මුහුණේ ස්වරූපය වෙනස් විය. 

"නෑ, සර්, දන්නැද්ද මේ කන්ට්‍රැක්ටස්ලා උදේ හවස ඇවිල්ලා මන්ත්‍රීතුමාට කරදර කරනවා ඉතුරු වැඩ කරගෙන යන්න සල්ලි නැහැ කියලා. ඉතිං   ඒ  මිනිස්සුත් ජීවත් වෙන්න එපැයි "

"අපි මොනවා හරි කරන්න බලමු. ˜ අනිවාර්‍ය්‍යයෙන්ම අපි බලමු මොනවා හරි කරන්න. නීති උල්ලංඝනය කරන්නේ නැතුව යමක් කරන්න පුළුවන් කියලා මට විශ්වාසයි.විජේවර්ධන පැවසුවේ මේ ප්‍රශ්නයට මුල්‍ය රෙගුලාසි උල්ලංඝනය නොකොට ගත හැකි ක්‍රියාමාර්ගයක් අවංකවම ගතයුතු යයි සිතමිනි. 

"සර්ට තරහා ගියාද දන්නේ නැහැ. මම ටිකක් හයියෙන් කථා කළාට. දන්නැද්ද මම හිටපු පොලිස්කාරයෙක්නේ.˜ අමුත්තා තම කණගාටුව ප්‍රකාශ කළේය. 

"ඕවා සුළු දේවල් මිස්ටර් ධනසේන˜ මෙවර විජේවර්ධන අමුත්තාට ඔහුගේ නමින්ම ආමන්ත්‍රණය කළේය. 

"යං මගේ ඔෆීස් එකට, අපි තේ එකක් බීලා කථා කරමු"

 කාර්යාලයයේ සියළුම දෙනා තුෂ්නිම්භූතව බලා සිටිති. ඇවිලීමට ගිය යුද්ධයක් කිසිදු වෙඩිල්ලක් පත්තු නොකරම නිමා වූවා සේය. ඇතමෙක් සැනසිලි සුසුම් හෙලුහ. තවත් සමහරෙක් යුද්ධයක් සිදු නොවිම නිසා අපේක්ෂාභංගත්වයට පත්වූහ. සකළසූරියගේ ගිරා පෝතකයන් වල්මත් වූවා සේය. 

මහළු සේවකයා නිහඩව කොරිඩෝවේ මකුළුදැල් කඩමින් සිටියි. අමුත්තා සමග තම කාමරය වෙත යමින් සිටි විජේවර්ධන මහළු සේවකයා ඇමතීය. 

"පීටර් අපි තව තේ එකක් බොමුද? හොඳට කිරි දාලා මේ මහත්තයාටයි මටයි තේ දෙකක් ගේන්න "

"පීටර් හදන තේ බිව්වම දවල්ට නොකා උනත් ඉන්න පුළුවන්˜ මහළු සේවකයා විජේවර්ධනගේ නියෝගය සහ ප්‍රශංසාව භාර ගත්තේ බුලත් කහට බැඳුණු දත් පෙන්වන මද සිනහවෙනි. 

"පීටර්, පීටර්˜ ධනසේන සමග තමන්ගේ කාමරයට යමින් විජේවර්ධන තොල් මතුලේ. මහා පීටර් රජතුමාටත් වඩා ශ්‍රේෂ්ඨයි. ලබන මාසේ මාසික ප්‍රගති සමාලෝචන රැස්වීමට පීටර්වත් ගෙනියන්න පුළුවන් උනොත් මන්ත්‍රීට මුහුණ දෙන හැටිත් ඉගෙන ගන්න පුළුවන්, ඔහු සිතුවේය. පසුගිය ප්‍රගති සමාලෝචන රැස්වීමෙන් පසු මේ දක්වා තමන් තුල වර්ධනයව පැවති පීඩනය සහ අසහනකාරී ගතිය ක්‍රමයෙන් අඩුවී යන බවක් විජේවර්ධනට දැනුණි. මොහොතකට පෙර තමාව ප්‍රකෝප කළ අමුත්තා නෙරෙහි විජේවර්ධන තුල දැන් ඇත්තේ උපේක්ෂා සහගත හැගීමකි. තම රාජකාරි අසුනේ සෘජුව ඉඳගත් විජේවර්ධන අමුත්තාටද අසුන්ගන්නා ලෙස කාරුණිකව ආරාධනා කළේය. 

වෛද්‍ය රුවන් එම්. ජයතුංග

Find Us On Facebook