Monday, May 4, 2026

පාසල් දර්ශන

 



1) චිත්‍රපට අධ්‍යක්‍ෂක කෙනෙක් බැංකු ලෝන් එකක් දාලා කොහේ හරි ඉන්න ළමයි දෙතුන් දෙනෙකුත් චිත්‍රපටයට රිංගවලා ෆිල්ම් එකක් හදනවා. 

2) ෆිල්ම් එක  හදලා තමන් දන්න දේශපාලකයෙකුට කියනවා මේ ෆිල්ම් එක ඉස්කෝල ලමයින්ට බලන්න නිර්දේශයක් දාලා දෙන්න කියලා 

3) අදාල දේශපාලකයා අධ්‍යාපන ඇමතිට කියනවා මේ ෆිල්ම් එක ඉස්කෝල ලමයින්ට බලන්න කියලා නිර්දේශයක් දාලා දෙන්න කියලා

4) අධ්‍යාපන ඇමති අධ්‍යාපන ලේකම්ට කියනවා මේ ෆිල්ම් එක ඉස්කෝල ලමයින්ට බලන්න කියලා නිර්දේශයක් ගහන්න කියලා 

5) අධ්‍යාපන ලේකම් පලාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂලට නියෝග කරනවා මේ ෆිල්ම් එක ඉස්කෝල ලමයින්ට බලන්න පාසල් දර්ශන හදන්න කියලා. 

6) පලාත් අධ්‍යාපන  අධ්‍යක්‍ෂලා පාසල් විදුහල්පතීන්ට නියෝග කරනවා මේ ෆිල්ම් එක ඉස්කෝල ලමයින්ට බලන්න  අදාල චිත්‍රපටය තියන ලඟම හෝල් එකට ගෙනියන්න කියලා. 

7) විදුහල්පතීන් තමන් ගේ පාසල් වල ගුරුවරුන්ට නියෝග කරනවා මේ චිත්‍රපටය බලන්න ළමයි එක්ක ලඟම හෝල් එකට යන්න කියලා. 

8) ගුරුවරු පාසලේදී ලමයින්ට කියනවා හෙට  අර චිත්‍රපටයේ පාසල් දර්ශනයක් තියනවා හෙට එන කොට ටිකට් ගන්න සල්ලි ගේන්න කියලා 

9) ළමයි ගෙදර ගිහින් දෙමාපියන්ට කියනවා හෙට මොකක්දෝ චිත්‍රපටියක් පෙන්නන්නවා ඒක බලන්න සල්ලි ගේන්න කියලා ටීචර් කිව්වා කියලා. 

10) දෙමාපියෝ කුනු බැණුම් කියලා  ළමයට සල්ලි දෙනවා චිත්‍රපටිය බලන්න 




No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook