Saturday, May 23, 2026

දහම් පාසලේදී




මම 1 වසරේ ඉඳන් දහම් පාසල් ගිය කෙනෙක්. ගියේ ලංකාවේ තිබ්බ හොඳම දහම් පාසල වූ කොලඹ වජිරාරාමයට. මාත් එක්ක දහම් පාසලේ ප්‍රාථමික පන්ති වල සජිත් ප්‍රේමදාස මෙන්ම පාරින්ද රණසිංහත් හිටියා. ඒ වගේම වැල්ලවත්ත පැත්තේ වතු වලින් ආපු කොල්ලෝ වගයකුත් හිටියා. මම මුලින්ම කුනුහරප කවියක් ඉගන ගත්තෙ 2 හෝ 3 වසරේදී දහම් පාසලේදී

වැල්ලවත්ත පැත්තේ වත්තකින් ආපු එකෙක් හිටියා. ඌ මගේ කනට කරලා කුනුහරප කවියක් ඉගැන්නුවා.  ඒ කාලේ ඒ කවිය එකපාරටම තේරුම් ගියේ නෑ. ඌ ඉගැන්නුවේ මේක

බුද්ධං සරණීන් පැදුර එලාගෙන
ධම්මං සරණීන් කුප්පි නිවාගෙන
සංඝං සරණීන් එකට බදාගෙන
මේ තුන් සරණින් හිලට ඔබාගෙන 

දහම් පාසලේදී බොහෝ ගුරුවරු අපිට බුදු දහම කියලා කියා දුන්නේ බොහෝ හිතළු මිත්‍යා කතා ( සිදුහත් බිලිඳා නෙලුම් මල් උඩ ඇවිදගෙන යාම , ඉපදුන ගමන් කතා කිරීම වගේ දේවල්) තවත් වයසක ගුරුවරියක් හිටියා , ඇය බම්බලපිටියේ ජයගිරි ව්‍යාපාරයට ඥාතීත්වයක් තිබ්බා. ඇය  අපිට කිව්වේ මේවා ගැන සැක කරන්න එපා පව් සිදු වෙනවා කියලා. පසු කාලයක මට තේරුනා මේ ගුරුවරිය කාලාම සූත්‍රය ගැන අහලවත් නෑ කියලා. 

අපිට දුන්නේ ගාථා පාඩම් කර ගන්න. අපි පැය ගනන් ගාථා සහ සූත්‍ර කට පාඩම් කලා . තේරුමක් දන්නේ නැතිව ගිරව් වගේ ඒවා රිපීට් කලා.  දහම් පාසලේදී   බුද්ධි කලම්බනයක් කරපු ගුරුවරු නැති තරම් . කියන තරමක් කිව්වේ සහ ඉගැන්නුවේ අපාය දිව්‍ය ලෝකය කතා. භාවනා කරන විනාඩි 10 තුල කොන්ද කෙලින් තිබ්බේ නැත්නම් කල්දේරා කියන ගුරුවරයා පිටට චටාස් ගාලා පහරක් දෙනවා. එතකොට අපි කොන්සන්ට්‍රේට් කලේ හුස්ම ඉහල පහල දාන ආනාපානා සති භාවනාවට නෙවෙයි  කල්දේරා පහරක් දෙයිද කියන එකට. 

සරත් සර් කියලා කෙනෙක් හිටියා අභිධර්මය උගන්වනවා කියලා " අභිධර්ම චන්ඳිරිකාව " කියන පොත අපිට කියෙව්වා අපි ඔහේ ලියා ගත්තා. අපි කලේ අර මුද්‍රිත පොතක් යලි පිටපත් කරන එක. එවා තේරුම් කරලා දෙන්න ඔහුටවත් දැණුමක් තිබ්බේ නෑ.. 

තව ගුරුවරයෙක් හිටියා සති පතා පින් පොත චෙක් කරනවා. පින් 5 හෝ ලියලා තිබ්බේ නැති සිසුන්ව  ඔහු හිටවලා තියනවා. මේ නිසා අපි කලේ ඉරිදා උදේ ආපු ගමන් පින් පොත  මතක් වෙලා පින් පොතේ බොරු ලියන එක . ස්ටෑන්ඩඩ් බොරු තිබ්බා 1 ) මම මවට වැන්දෙමි. 2 ) මම පියාට වැන්දෙමි . 3) හිඟන්නෙක්ට සත 50 දුන්නෙමි. 4) වතුරට වැටුනු කූඹියෙක්ව බේරා ගත්තෙමි 5)  මම ගුරුවරුන්ට කීකරු වුනෙමි. මේ බොරු ලියලා හිටවලා තියන දඞුවමින් බේරුනා. 

තවත් දහම් පාසලේ ගුරුවරයෙකු අපිට කිව්වා දෙමළ මිනිසුන් අපිරිසිදුයි. කාපු කෙහෙල් ලෙල්ලත් ගේ දොරකොඩට විසි කරනවා කියලා. පසු කාලයක මට එංගලන්තයේ , ඇමරිකාවේ හමු වූ දෙමළ මිනිසුන් අතිශයින්ම පිරිසිදු මිනිසුන්. ඉතින් මම අර දහම් පාසල් ගුරුවරයා කියපු කතාව ඇනලයිස් කලා. ඔහු දහම් පාසල් ගුරුවරයෙකු වූවත් වෘත්තියෙන් සන්නාලියෙක්. හිටියේ වත්තක​. ඔහු අවට හිටියේ කසල සුද්ධ කරන පීඩිත ද්‍රවිඩයන්. තමන් ගේ අසල් වැසියන් ආශ්‍රයෙන් තමයි ඔහු මේ නිගමනයට ඇවිල්ලා තිබ්බේ.  

මම හිතන්නේ දහම් පාසලෙන් අපේ තාර්කික බුද්ධිය කඩලා දැම්මා. නමුත් නාරද හාමුදුරුවන් වරින් වර විදෙස් උගතුන් ගෙන්වලා ඔවුන් ගේ කතා අපිට අහන්න සැලසුවා. ඉන්දියානු යෝගීන් , ඇමරිකානු මිෂනාරීවරුන් ,  බුදු දහමට නැඹුරු වූ යුරෝපීයන් මේ අතර හිටියා. ඔවුන් ගේ කතා නිසා යම් ආකාරයක බුද්ධි කලම්බනයක් ලෝකය දෙස වෙනත් ඇසකින් බලන්න අප යොමු උනා. ලංකාව කියන තිතට වඩා ලොකු ලෝකයක් එපිටින් තියන බව තේරුම් ගියා ඒක තමයි දහම් පාසලින් ලද ධනාත්මක දේ.




No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook