Wednesday, May 20, 2026

මේජර් ජෙනරාල් සීවලී වනිගසේකර



මේජර් ජෙනරාල් සීවලී වනිගසේකර    කියන්නේ ඊලාම් යුද්ධයේදී තමන්  ගේ භූමිකාව වෙනුවෙන් නිසි ගරුත්වය නොලද නිලධාරියෙක්.  2000 දී යාපයෙන් සොල්දාදුවන් ඉවත් කරන්න හදන විට ඔහු යාම ප්‍රතික්ශේප කරලා සතුරාට මුහුණ දෙන්න ඉදිරිපත් වෙනවා. එසේම ප්‍රභාකරන් ගේ නොනවතින රැල්ල මර්ධනය කරන්න ඔහු ලොකු දායකත්වයක් දුන්නා. ඔහුගේ කාර්‍යභාරය මලිත් ජයතිලක ගේ අලිමංකඩ පොතේ තියනවා.  හමුදා ඉතිහාසයේ  බ්‍රිගේඩියර් වරයෙක් ලෙස ඔහු සේනාංක තුනකට එකවර අණ  දුන්නා    මේජර් ජෙනරාල් සීවලී වනිගසේකර   එතරම් ජනප්‍රිය චරිතයක් උනේ නෑ. මට කීප වතාවක් හමු වෙලා තියනවා. මාත් එක්ක හොඳයි. නමුත් අපේ සමහර නිලධාරීන් ඔහුට කිව්වේ හරමානිස් කියලා. ජෙනරාල් සරත් ෆොන්සේකා සමග මුහුණට මුහුණ ගේම ඉල්ලපු මා දන්න චරිත තුන අතරින් එක් අයෙක්.  මේජර් ජෙනරාල් සීවලී වනිගසේකර. ජෙනරාල් සරත් ෆොන්සේකා රාජපක්‍ෂවරුන් සමග මිත්‍ර කාලයේ විශ්‍රාම ගිය  මේජර් ජෙනරාල් සීවලී වනිගසේකර    ගේ විශ්‍රාම වැටුපත් නවත්වා තිබුනා.   කෘත ගුණ නොදත් ජාතියක් වෙනුවෙන් සටන් කල ඔහු ඔහු තමන් ගේ කාර්‍යභාරය කොට නිහඞව විශ්‍රාම ගියා.

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook