Friday, September 6, 2024

ජනාධිපති අපේක්‍ෂක ASP ලියනගේ

 



ASP ලියනගේ මහතා මගේ ගුරුවරයෙකි 1981 දී පමණ මම ඒ මහතාගේ සාමාන්‍ය පෙළ විද්‍යාව පන්තියට ගියෙමි. මෙම පන්තියට මාව කැඳවාගෙන ගියේ මාගේ පාසල් මිත්‍ර සෙනරත් විජේසුරියය. වර්තමානයේ ඔහු විශ්‍රාමික නාවික නිලධාරියෙකි. ASP ලියනගේ මහතා හොඳ ගුරුවරයෙකු සේම නියම කතා කියන්නෙකි. ඔහු කියූ එක් කතාවක් මට මතකය​.

වරක් එක්තරා වනයක් දැඩි නියඟයක් තිබූ අතර සතුන් ආහාර හිඟයෙනි පීඩා වින්දහ​. මේ නිසා කැලේ සතුන් තමන් ගේ ප්‍රජනක අවයවය කැලේ රජු සිංහයාට භාර දී ටෝකන් එකක් ලබා ගත්තෝය​. මෙමගින් උපත් අඩු කිරීම මොවුන් ගේ වෑයම විය​. එහෙත් නියඟය තවත් දුරට තිබූ අතර කැලේ සත්තු මිය යන්නට විය​. මෙසේ වසර දෙක තුනක් පුරා නියඟය තිබූ අතර කැලේ සතුන් ගෙන් 50 % මරු දුටුහ​. නියඟය අවසන් වීමත් සමග කැලේ සත්ව ජනගහනය අඩු බව සිංහයා තේරුම් ගත්තේය​. මේ නිසා තමන් ගේ ප්‍රජනක අවයව යලි භාර ගන්නා ලෙස සිංහයා අනෙක් සතුන්ට දැණුම් දුන්නේය​. ප්‍රජනක අවයව යලි භාර දෙන දිනයේදී ලොකු පෝලිමක් තිබූ අතර කෙට්ටු නරියෙක් "අද දෙන්නං වැඩේ " අද දෙන්නං වැඩේ " කියමින් පෝලිම පනින්නට උත්සහ ගත්තේය​. අනෙක් සතුන් නරියාගේ ක්‍රියාව වලකා ඔහුගේ ටෝකන් එක පරික්‍ෂා කලෝය​. නරියා අතේ තිබුනේ මිය ගිය අලියෙකුගේ ටෝකන් එකකි. 

නාලන්දාවේ ඉගැනුම ලැබූ ලියනගේ මහතා පිලිබඳ මතකය වරක් අපගේ විද්‍යාගාරයේ ලැබ් බෝයි කෙනෙකු වූ දසා ( හෙනහුරාගේ මහ දසා) වරක් අපිට කීවේය​. එකල ලියනගේ මහතා නාලන්දාවට පැමිණි විට දසා හමු වීමට අමතක නොකලේය​. පසු කාලීනව ඒ මහතා ටියුෂන් වලින් ඉවත් වී ඉඩම් වියාපාරයට අත ගැසුවේය​. එතුමාගේ පන්තිය දුන්නේ තම මිත්‍රයෙකු වූ රංජිත් බටුවත්ත මහතාටය​.

 රංජිත් බටුවත්ත මහතාද වරක් ASP ලියනගේ මහතා ගැන මතකයක් අවධි කලේය​. නාලන්දාවේ ඉගෙනුම ලැබූ කාලයේ ඔවුන් ස්කූල් කට් කොට මාලිගාකන්ද ප්‍රදේශයේ රස්තියාදුවකට ගියහ​. එහිදී ඔවුන් මාලිගාකන්ද උසාවියේ වාඩිවී නඩුවකට සවන් දුන්නෝය​. විත්තියේ නීතීඥයා අත පය සොලවමින් කල රංගනය දැක ASP ලියනගේ මහතාට මහ හඞින් සිනහවක් ගිය අතර නඩුකාරයා උසාවිය නවත්වා සිසුන්ව ඉදිරියට කැඳවා උසාවියට අපහාස කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට දඞුවම් නියම කිරීමට යන බව කීවේය​. මෙහිදී බියට පත් ASP ලියනගේ මහතා අඞන්නට විය​. එහිදී එතැන සිටි වෘධ නීතීඥ මහතෙක් නැගිට මෙම සිසුන් ලාබාල අය නිසා නිදහස් කරන ලෙස ඉල්ලීය​. ඊට සවන් දුන් විනිසුරු මෙම සිසුන් නිදහස් කලේය​.

 ASP ලියනගේ මහතා මෙවර 2024 ජනාධිපති මැතිවරණයේ අපේක්‍ෂකයෙකි.  ලංකාවේ මට චන්ද බලයක් තිබුනේ නම් මගේ චන්දය ඔහුටය​.

වෛද්‍ය රුවන් එම් ජයතුංග   

3 comments:

  1. "ASP ලියනගේ මහතා මෙවර 2024 ජනාධිපති මැතිවරණයේ අපේක්‍ෂකයෙකි. ලංකාවේ මට චන්ද බලයක් තිබුනේ නම් මගේ චන්දය ඔහුටය​."

    ඕක තමයි හෙනේ..

    ReplyDelete
  2. ASP පැදුරු පාටිය බලන්න 🤣

    ReplyDelete
  3. මේ යකා පැදුරු පාටියේ හැසිරෙන්නෙ විපරිතයෙක් වගේ

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook