Monday, September 9, 2024

විප්ලවය





වැඩක් නොකරන අලස මිනිසෙක්  විප්ලවයෙන් පසු නොමිලේ කන්නට ලැබෙයි සිතා විප්ලවයට එකතු වෙලා ඉන්නවා.   

ගමේ ඉන්න අවස්ථාවාදී පීඩිතයෝ  විප්ලවයෙන් පසු සල්ලිකාරයන් ගේ දේපළ කොල්ල කන්න ලැබෙයි කියා විප්ලවයට එකතු වෙලා ඉන්නවා.

අල්ලපු ගෙදර මිනිහාට වාහන දෙකක් තියන නිසා විප්ලවයෙන් පසු ඔහුගේ එක් වාහනයක් මට පවරා ගන්න පුලුවන් වෙයි කියා හිතලා මෙහා ගෙදර මිනිහා  විප්ලවයට එකතු වෙලා ඉන්නවා.

අක්කර පහක සරු ගොවිපලක් කරගෙන යන මිනිහාගේ ඉඩමෙන් කොටසක් අල්ල ගන්න ලැබෙයි කියා බෝක්කුව උඩ ඉන්න මිනිහෙක් විප්ලවයට එකතු වෙලා ඉන්නවා.

විශ්ව විද්‍යාලයේ උපකුලපති කම මට ලැබෙයි කියා හිතාගෙන කථිකාචාර්‍යවරයෙක් විප්ලවයට එකතු වෙලා ඉන්නවා.

විප්ලවයෙන් පස්සේ මට ආරක්‍ෂක ලේකම් ධූරය ලැබෙයි සිතා හිටපු හමුදා නිලධාරියෙක් විප්ලවයට එකතු වෙලා ඉන්නවා.

තමන් කරපු දූෂණ වංචා වලට  පොදු සමාවක් ලැබෙයි සිතා රාජ්‍ය නිලධාරීන් පිරිසක්  විප්ලවයට එකතු වෙලා ඉන්නවා.

තමන්ට සංස්කෘතික අමාත්‍යාංශයේ උසස් තනතුරක් චිත්‍රපට සංස්ථාවේ සභාපතිකමක් ලැබෙයි සිතා කලාකාරයන් පිරිසක්   විප්ලවයට එකතු වෙලා ඉන්නවා.


මේ ඔක්කොම විප්ලයව කියවා ගන්නේ තමන් ගේ අවශ්‍යතාවන් අනුව 

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook