Saturday, September 4, 2021

ආචාර්‍ය කුසුමා භික්‍ෂුණීන් වහන්සේ



ආචාර්‍ය කුසුමා භික්‍ෂුණීන් වහන්සේ  මට මුලින්ම හමුවූයේ 1986 වසරේදීය​. එවකට උසස් පෙළ නිම කොට ප්‍රතිඑල එන තෙක් මා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඉංග්‍රීසි අංශයේ තාවකාලිකව සේවය කලෙමි.  ආචාර්‍ය කුසුමා භික්‍ෂුණීන් වහන්සේ එම කාලයේදී ගිහි කාන්තාවකි. ඇයගේ නම ආචාර්‍ය කුසුමා දේවේන්ද්‍ර වූවාය​. ඉතා උගත් කාරුණික තැනැත්තියක වූ ඇය මහාචාර්‍ය එල්. ජී හේවගේ සහ ආචාර්‍ය ඩල්සි වින්ඩ්සර් සමග බුඩිස්ට් ෆෝරම් සාකච්ඡාව මෙහයවන ලද අතර එම වැඩසටහන නිශ්පාදනය කලේ මාය​. එම වැඩසටහන ඔස්සේ මා ඇයගෙන් බොහෝ දේවල් ඉගෙන ගත්තෙමි. පසු කාලයක දී උසස් අධ්‍යාපනය නිමවා ශ්‍රී ලංකාවට පැමිනි පසු මට එතුමියව හමු වූයේ කොලඹ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදීය​. ඒ වන විට එතුමිය කුසුමා භික්‍ෂුණීන් වහන්සේ බවට පත්ව සිටියාය​. 

බුදු දහම පිලිබඳව ඉතා ගැඹුරු දැණුමක් සහිතව සිංහලෙන් මෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් බුදු දහම ඉගැන්වීමේ නිපුනත්වය දැරූ  ආචාර්‍ය කුසුමා භික්‍ෂුණීන් වහන්සේ   පසුගියදා තම වසර 92 ක දිවි ගමන නිමා කළාය​. 

1 comment:

  1. විස්තර මදි වැඩි විස්තරැ එකතු කොට අමුණන්න

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook