Tuesday, August 11, 2020

Dear Boodee

බූඩි හෙවත් බුද්ධි කීර්තිසේන (මේ නම තමයි ඔහු ඉස්කෝලෙට දුන්නේ) 1980 දී මාරිස්ටෙලා   එකේ ඉඳන් නාලන්දෙට එනවා. වැටුනේ 9 එෆ් අපේ පන්තියට. බූඩි ශරීර ප්‍රමාණයෙන් විශාලයි. ඒ වුනත් කොල්ලෝ බය නෑ.  අපි ඒ කාලේ මැරෑටියෝ. වරක් මම බටර් පාන් පෙත්තක් බූඩි ගේ මූනේ අතුල්ලාලා දුවනවා. බූඩි මේස පෙරලගෙන මට ගහන්න එනවා. මම දුවලා බේරුනා. 

අපොස සාමාන්‍ය පෙළ කරන්නේ නැතිව බූඩි නාලන්දෙන් ඉවත් වෙනවා. ඉන් පසුව අපිට ඔහුව අමතක වෙනවා. පසු කාලයක (2000 AD) විතර  මම බූඩි පත්තරේකට දීපු ඉන්ටවිව් එකක් දකිනවා. ඒකේ බූඩි කියනවා ඔහු ඇමරිකාවේ තම ජීවිතයේ මුල් කාලය ගත කරලා චිත්‍රපට කිරීම සඳහා තරුණ කාලයේදී ලංකාවට ආවා කියලා. අර නාලන්දේ ගත කරපු ඉතිහාසය බුද්ධි කතා කරන්නේ නෑ.  

2004 විතර ඔහුගේ මිල්ලේ සොයා චිත්‍රපටය බලා මම බූඩිට දුරකථනයෙන් කථා කරලා අපේ පරණ අතීතය මතක් කරනවා. නමුත් ඔහු ඊට දක්වන්නේ නොරිස්සුම් ස්වභාවයක්. ඔහු කැමති නෑ ඒ අතීතයට. ඔහු කැමති ඔහු තමන් ගේ පාසල් කාලය ඇමරිකාවේ ස්පිල්ට්බර්ග් සමග ගත කලා කියන කල්පිතයට. කෙසේ නමුත් අතීතය කියන්නේ සංස්කරණය කල හැකි දෙයක් නොවෙයි. ඔහු ඒ අතීතය සැඟවීම තුල යම් අනන්‍යතාවක් ගොඩ නගා ගන්න උත්සහ කරනවා ඇති. නමුත් මම ඔහුගේ චිත්‍රපට වලට කැමතියි. 

තමන් ගේ සත්‍ය අනන්‍යතාව එක්ක බූඩිට ගොඩ දුරක් යා හැකියි මම සිතනවා. බූඩිට 9 එෆ් එකේ සිංහල උගන්නපු ගුණතුංග ටීච දැන් ඉන්නේ එංගලන්තයේ මෙහෙණින්වහන්සේ කෙනක්. අවශ්‍ය නම් මම ඊමේල් එක දෙන්නම් එතුමියට කතා කරන්න​. කෙසේ නමුත් මම ඔහුගේ  චිත්‍රපට වලට කැමතියි. ඒ නිසා තමයි එදා ඔහුට කතා කලේ. මට අවශ්‍ය උනේ මගේ PTSD රෝගීන් ගේ සායනික අත්දැකීම් මත ඩියර් හන්ටර් වගේ චිත්‍රපටයක් ඔහු සමග කරන්න​. ඔහු ඒකට මුලදී එකඟ උනා. නමුත් මම කට ඉස්සර කරගෙන අපේ 1980 ඉතිහාසය ගැන කතා කරන්න ගිය නිසා ඒ ප්‍රොජෙක්ට් එක අප්සෙට් ගියා. නමුත් අපි යලිත් නව පිටවකින් මේ වැඩය කරමු. මම නම් රෙඩි.

1 comment:

  1. holy shit, I didn't know you are a one of them !,

    next, "Deer Hunter" is something that I couldn't able to delete from my memory( i love it that much), i know our Sri Lankans are not ready for those kind of movies , but still, if we have right options, (director/writer/producer), yes we can achieve something,

    i hope you will achieve your target one day.

    thanks
    Gevin

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook