Thursday, August 13, 2020

වෛද්‍යවරයෙකු ගේ සිනහව


නිර්වින්දන වෛද්‍යවරයෙක් ලෙස සේවය කල කාලයේදී මම මහාචාර්‍ය නීල් ෆොන්සේකා , මහාචාර්‍ය ශෙරිෆ් ඩීන් යනාදීන් ගේ සිට සකලවිධ සර්ජන්ලාගේ  සහ වීඕජී ලාගේ රෝගීන්ට ඇනස්තීසියා දී තිබේ. සමහර විශේසඥ වෛද්‍යවරු ශල්‍යකර්ම කරන විට මූලග්ගාය හැදුනා සේ ඇසිස්ටන්ලාට ,හෙදියන්ට පමණක් නොව ඇනස්තටිස්ට්ටද බනිති. සමහර සමහර විශේසඥ වෛද්‍යවරු හිනාවෙන් ශල්‍යකර්මය පටන් ගනිති. එහෙත්  ශල්‍යකර්මය අසීරු වී ගෙන එන විට ඔවුන් ගේ හිසට වෙසමුණියා ආරූඞ වෙයි. එවිට ඔවුන් හතර වටේට බැණ වදිති. අඞු කතුරු පොළවේ ගසති. 

මාගේ ඇනස්තීසියා වෘත්තීය කාලය තුලදී සිනහවෙන් ශල්‍යගාරයට ඇතුළුවී කොතෙක් අසීරු වූ ශල්‍යකර්මයක් වුවද සිනහවෙන් ඉවසීමෙන් කොට ඒ අව්‍යාජ සිනහවෙන්ම ශල්‍යාගාරයෙන් පිටව ගියේ විශේසඥ නාරි හා ප්‍රසව වෛද්‍ය වෛද්‍ය නිහාල් රාජපක්‍ෂ බව මට මතක් වෙයි.  එතුමා සමග සේවය කල ඒ කාලය පිලිබඳව මට ඇත්තේ ඉතාම ප්‍රසාදජනක මතකයන් ය​. 

1 comment:

  1. ඩොකට, මේ පහත ලින්ක් එකේ තියෙන වීඩියෝ එකේ කථා කරන එක්කෙනා කියනවා එයා ඇහැලේපොල කුමාරිහාමි කියලා. යූ ටියුබ් චැනල් කරන අයත් මේ මිථ්‍යාදෘෂ්ඨිකයන්ව ප්‍රමෝට් කරනවා. මෙයා මොනවගේ මානසික රෝගයකින් පෙලෙන කෙනෙක්ද ?
    https://www.youtube.com/watch?v=lPxzZ5PCPT4

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook