Thursday, June 13, 2019

සරණ බන්ධනය


මීට මාස කීපයකට පමණ පෙර මම මිතුරෙකු සමග අවන්හලක ආහාර ගනිමින් සිටියෙමි. අපගේ යාබද මේසයේ සිටි මහළු සුද්දා සහ ඔහුගේ දියණිය බඳු තරුණ පිලිපීන බිරිඳ මගේ අවධානයට යොමු විය​. උතුරු ඇමරිකාවේ වියපත් සුදු ජාතිකයන් තරුණ පිලිපීන කාන්තාවන් කසාද බැඳීම බොහෝ සෙයින් වැඩිවී තිබේ. වියපත් සුදු ජාතිකයන් ආසියානු කාන්තාවන් ප්‍රිය කරන්නේ ඔවුන් පුරුෂයාට ගෞරව කිරීම සහ පුරුෂයා රැක ගැනීම හොඳින් කරන නිසාය​. පිලිපීන තරුණියන්  ආර්ථික ප්‍රශ්න නිසා ඇමරිකාවේ  සහ කැනඩාවේ  මහළු පුරුෂයන් සමග සරණ යාමට පෙළඹී සිටිති. උතුරු ඇමරිකාවට පැමිනීමෙන් පසු ඔවුන් තමන් ගේ සොහොයුරන් සහ සොහොයුරියන්වද ගෙන්වා ගනිති. අවසානයේදී සැමියා මිය ගිය පසු ඔහුගේ දේපළ වලටද හිමිකම් කියන මේ කාන්තාවෝ පසුව පිලිපීනයේ සිටින තම පෙම්වතාවද උතුරු ඇමරිකාවට ගෙන්වා ගෙන ඔහු සමග පවුල් දිවිය අරඹති. 

පිලිපීන තරුණියන් කරන මෙම ක්‍රියාව නැගෙනහිර යුරෝපීය තරුණියන් ද කරන නමුදු නැගෙනහිර යුරෝපීය තරුණියන් පිලිපීන තරුණියන් මෙන් ස්වාමි ගෞරවය සහ පති භක්තියෙන් අඩු නිසාදෝ ඔවුන්ට එතරම් ඉල්ලුමක් නොමැති බව පෙනේ. 

ශ්‍රී ලාංකික තරුණියන් කසාද බැඳීමට මැදි වියේ සිටින ජර්මන් ජාතිකයන් කැමැත්තක් දක්වන බව හෝටල් සේවයේ නිරතව සිටි මාගේ මිතුරෙකු වරක් මා සමග කියා තිබේ. එහෙත් මැදි වියේ සිටින ජර්මන් ජාතිකයන් කසාද බැඳීමට යන ශ්‍රී ලාංකික තරුණියන් විරළය​. 

කසාදය සමග බටහිර රටකට යාමට වීසා ලැබීම නරක ගනුදෙනුවක් නොවේ. සිංහලෙන් බ්ලොග් ලියන එක් කාන්තාවක් මහළු ඇමරිකානු යුදෙව් ජාතිකයෙකු කසාද බැඳ ඇමරිකාවට සංක්‍රමණයවී සිටින්නීය​. එය සමහරුන් ගේ දෝෂ දර්ශණයට ලක් වූවද එහි වරදක් මම නොදකිමි. ලංකාවේ පුරුෂයෙකු සමග විවහාවී පුරුෂාධිපත්‍යට යටත්වී ජීවත් වීමට වඩා වෛවාහික සංස්ථාවේ සමානාත්මතාව විශ්වාස කරන උතුරු ඇමරිකානුවෙකු සමග ජීවත් වීම නරක නැත.  

5 comments:

  1. +++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  2. කවුරු මොනා කීවත් කන්ඩ අදින්⁣න දෙනිනෙ නෑනෙ..
    එකේක⁣ාගෙ කටෝල කෙටල කොල ගෑවුණාට කවුරුවත් ගනං ගන්නෙ මක්කටද
    එතෙර වෙන්ඩ ඕන නං උඩුගං හරි පීනන්නෙ නැතුං ආයෙ කට බලියං එකේකා දිහා බලල හූල්ලන්ඩ බැරිකමට දොස් දොවල් තිබ්බට වැඩක් නෑ

    ReplyDelete
  3. අපේ සමහර මිනිස්සුනට වඩා උන් ගැහැනුන්ට වටිනකමක් ලබා දෙනවා..ඉතින් කෙල්ලෙක් මැදි වයසේ උනත් පිට‍රැටියෙක් ‍තෝරා ගැනිම වැරදි නැහැ

    ReplyDelete
  4. මේක නම් ඉතා වැරදි කතාවක් රුවන්.

    තරුණ සහ මහලු යන දේ සාපේක්ෂය. ඔබ මෙහිදී මහලු යැයි කියන්නේ අද ඒ සැමියාගේ වයස සලකා ද එසේ නොමැති නම් ඔවුන් විවාහ වූ දිනයේ සැමියාගේ වයස සලකාද?

    අනික මහළු යන්න නිර්වචනය කරන්නේ කෙසේද? වයස අවුරුදු 50 පසු කළා ය මහළු නම් අද බ්ලොග් ලියන අය අතරින් කී දෙනෙකු මහල්ලන් ද කීදෙනෙකු මැහැලියන්ද?

    ReplyDelete
  5. මගේ ගමෙත් අව්. 40 ට අඩු කාන්තවො දෙන්කෙක් සුද්දො දෙන්නෙක් බැන්දා එකෙකුට අව්.75 විතර අනිකට 60යි 75 මිනිහ බල්ටියක් ගහල ඇලට පනිද්දි ගලක ඔලුව වැදිල මැරැන.අනිත් ජෝඩුව තාම ඉන්නව. මැරැණ කෙනා ජර්මන් අනික එන්ග්ලන්ඩ්.මේ දෙන්නම තමන්ගෙ ගැනු රට අරන් ගියේ නැහ සුද්දෙ දෙන්නම ගමේම නැවතිල ඉන්නෙ.මේ ගැහනු දෙන්නටම කලින් විවාහ වල දරැවන් ඉන්නව.උන්ටත් තාත්තල උනේ මේ සුදු මිනිසුන් දෙදෙනා.ගෑනු දෙන්නත් පනවගේ ආදරෙන් සුද්දන්ව බලාගතේ

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook