Tuesday, June 11, 2019

දෙවියන්වහන්සේ යනු කවරෙක්ද ?


දෙවියන්වහන්සේ යනු කවරෙක්ද ? මාගේ අදහස අනුව දෙවියන්වහන්සේ යනු  වෘද්ධිදර්ශකයක් හෙවත් මැග්නිෆයින් ග්ලාස් එකක් අතට ගත් ළමයෙක්. ඔහු මැග්නිෆයින් ග්ලාස් එක හිරු එලියට අල්ලා කූඹියන් පුලුස්සා දමනවා. එසේ කරන විට කූඹියන් ගේ ඉරණම් පාලකයා ඔහු බව ළමයා විශ්වාස කරනවා. දෙවියන්වහන්සේ යනු කුලුණු ගුනෙන් යුත් මහා කාරුණිකයෙක්දදෙවියන්වහන්සේ ගේ බලාධිකාරය මත බිහි වූ වසූරිය රෝගය මිලියන ගනනක් මිනිසුන් බිලි ගත්තා. එහෙත් එඩ්වඩ් ජෙනර් නම් මිනිසෙක් වසූරිය රෝගයෙන් මිය යන මිනිසුන් මිලියන ගනනක් බේරා ගත්තා. එහෙත් එඩ්වඩ් ජෙනර් දේවත්වයට ඔසවා තැබුනේ නැහැසමහර විට මට හැගෙන පරිදි දෙවියන්වහන්සේ යනු පිටසක්වල ජීවියෙක් විය හැකියි. දෙවියන්වහන්සේ යනු වෙනත් චක්රවාටයක සිට පෘතුවියට බලපෑම් කරන උසස් පිටසක්වල ජීවියෙක් නම්  අපි කල යුත්තේ කුමක්ද ? අප දෙවියන්වහන්සේ සමග සම්බන්ධ විය යුතුයි.

1 comment:

  1. මිහිපිට උපන් විස්කම් කර මිනිසුන් දේවත්වයේ ලා සැලකීම කරන කොට දේව සංකල්පය බිහිවුණා යැයි මම විෂ්වාස කරමි .
    දෙවියා සහ යක්ෂයා ජීවත් වන්නේත් මිනිසා තුලම බව ඔබත් මමත් මේ වන විට වටහාගත් සත්‍යකි .

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook