Saturday, February 16, 2019

මා දැන සිටි සජිත් ප්‍රේමදාස

සජිත් ප්‍රේමදාස මා සමග කොලඹ වජිරාරාම දහම් පාසලේ ප්‍රාථමික පන්ති වලදී ඉගෙනුම ලැබුවේය. අපගේ ගුරුවරිය වූයේ ඉඳ්‍රරත්න මහත්මියයි. ඒ කාලයේ සජිත් ඉගෙන ගත්තේ ගල්කිස්සේ සාන්ත තෝමස් විදුහලේය. ඔහු නිතරම පන්තියට ඔහුගේ මුද්දර පොත ගෙනා අතර මම කොළ පැහැති ප්ලාස්ටික්  කුඩා සොල්දාදුවන් දෙදෙනෙකු ඔහුට දී මුද්දරයක් ඉල්ලාගත්තෙමි. එය අප අතර සිදුවූ මුල්ම සහ අවසාන ගනුදෙනුව විය. කෙසේ නමුත් මේ පන්තියේදී මම පළවෙනියා වී නාරද හාමුදුරුවන් අතින් ත්‍යාගයක් ලෙස ධර්ම පොතක් ලැබුවෙමි.

සජිත් ගේ සොහොයුරිය වූ දුලාංජලීද අපේ දහම් පාසලේ ඉගෙනුම ලැබුවාය. ඇය කටකාර තැනත්තියක් වූවාය. පන්තියට යාම ප්‍රමාද වීම නිසා වරක් ඇයව ශිෂ්‍ය නායකයෙක් විසින් රඳවා ගත් අතර ඇය ඔහුට මෙසේ කීවාය " දන්නවද මම කවුද  කියලා, අපේ තාත්තා තමයි යූඑන්පී එකේ දෙවන නායකයා "  ඒ කාලයේ තිබුනේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජයක් වූවද දුලාංජලීගේ පිළිතුර ඇසූ ශිෂ්‍ය නායකයා ඇයට යන්නට දුන්නේය. 

සජිත් ප්‍රේමදාස පසු කාලයක රාජකීය විද්‍යාලයට ගියේය. ඔහු ගණිතය සඳහා ටියුෂන් ගියේ රාජකීය විද්‍යාලයේ ආචාරිනියක වූ බාලසූරිය මිය වෙතටය. මමද ඇය වෙත ටියුෂන් සඳහා බාලසූරිය මියගේ නිවසට ගියෙමි. සජිත් සඳහා අරලිය ගහ මන්දිරයෙන් සතියකට වරක් බාලසූරිය මියගේ නිවසට වාහනයක් ආ අතර බාලසූරිය මිය අරලිය ගහ මන්දිරට ගොස් ඔහුට ගණිතය ටියුෂන් දුන්නාය. කෙසේ නමුත් සාමාන්‍ය පෙළින් පසු ඔහු වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තයට ගියේය.

මැද කොලඹ දේශපාලකයෙකු වූ රණසිංහ ප්‍රේමදාස ජීවිතයේ කිසි දිනෙක රැකියාවක් නොකලේය. එසේම පරම්පරාවෙන් උරුම වූ ධනයක්ද ඔහුට නොවීය. එහෙත් ඔහුට තම පුතාට එංගලන්තයේ අධ්‍යාපනය ලබා දීමට හැකි විය. එහෙත් සාමාන්‍ය දේපළ උරුමයක් තිබූ  රාජ්‍ය නිලධාරීන් ලෙස සේවය කල මගේ දෙමාපියන්ට මා හට එංගලන්තයේ අධ්‍යාපනය ලබා දීමට නොහැකි විය. තවද 2005 වසරේදී මා හට ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් මනෝ විද්‍යාව හැදෑරීම සඳහා අර්ධ  ශිෂ්‍යත්වයක් ලැබුනු නමුත් යුද හමුදා රෝහලේ පරාර්ථකාමී  නිලධාරියෙකු විසින් යුද හමුදා ස්වේච්ඡා බළකායට පෙත්සමක් ගසා මා ලැබූ අර්ධ ශිෂ්‍යත්වය බකල් කර දමනු ලැබීය. සජිත්ට තරම් පෙර පින් මට තිබුනේ නැත.

 වෛද්‍ය රුවන් එම් ජයතුංග


6 comments:

  1. දෙ ශ්පලනය තමයි ලන්කවෙ නම් හොඳම රකියව.....

    ReplyDelete
  2. ලංකාවේ දේශපාලුවන් කියන්නේ වත්කම් හෙළිදරව් කර නොසිටිය හැකි දේවතා කොට්ටාශයක්. අද පවා තත්වය එයම බව ඩේසි ආච්චි, විමල් වීරවංශගේ නිවෙස සහ නිරෝෂන් ප්‍රේමරත්නගේ ව්‍යාපාර යනාදී කේස්වලින් පෙනෙනවා.

    ReplyDelete
  3. එංගලන්තෙ ඉගෙන ගත්තට වැඩක් නෑ උස නං සිකියුරිටි මිටි නං කම්කරු..!

    ReplyDelete
  4. තාත්තලා පුතාලා ඔක්කොම එකයි...

    ReplyDelete
  5. අර මුද්දරේ ආපහු දීලා අර සොල්දාදුවෝ දෙන්න ඉල්ලගන්න ආයේ ආව වෙලාවක

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook