Thursday, January 10, 2019

ඒක සෙල්ලම් පිස්තෝලයක් - හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු




එරාජ් කොහොමද ? 
හොඳින් ඉන්නවා 

මාව මතකද  ? මම නාලන්දේ රුවන් 
මොකද මතක නැත්තේ 

මොනවද මං ගැන මතක ?
අපේ කෙඩෙටිං ප්ලැටූන් එකේ හිටියනේ. ප්ලැටූන් එකේ කතා කරලා නිතරම සාජන් නානායක්කාර ගෙන් ආර් එස් එම් රුවන් කුලතුංග ගෙන් පනිෂ්මන්ට් කාපු එක්කෙනානේ. මට මතකයි ඔයාව. 

හරි හරි අපි එහෙනම් පස්සේ ඒවා ගැන කතා කරමු. ඉස්සෙලම කියන්න මොකද දේශපාලනය වගේ මඩ ගොහොරුවකට ගියේ ?
ලංකාවේ දේශපාලනය කියන්නේ මඩ වලක් තමයි ඒත් මිනිසුන්ට ඒ හරහා යම් සේවයක් කරන්න පුලුවන් ඒ නිසා තමයි මම මගේ බිස්නස් පවා අත ඇරලා දේශපාලයට ආවේ. මගේ තාත්තා හිටපු අධ්‍යාපන නිලධාරියෙක්. තාත්තාට තිබ්බේ වාමාංශික අදහස්. අපේ මාමා තමයි ටෙනිසන් එදිරිසූරිය​. ඉතින් අපේ ඇඟ පුරා දේශපාලනය තිබ්බා. මම මුලින්ම දේශපාලනය කලේ විජය කුමාරතුංග හා චන්ද්‍රිකා එක්ක. ඒ ගමන තමයි තාමත් යන්නේ. 

එරාජ් මොකද ලඟදී දාගත්ත කේස් එක අර පිස්තෝල කේස් එක ?
ඒක මේ බොරු කේස් එකක් නේ 2014 දී එජාප මන්ත්‍රීවරු පිරිසක් හම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොටුපළ නිරීක්‍ෂණය කරන්න ආවා. එතන අපේ ආධාරකරුවන් පිරිසක් නොසන්සුන් උනා. මම ඒ අයව පාළනය කරන්න තමයි දුවගෙන ගියේ. 

එතකොට අතේ තිබ්බ පිස්තෝලය ?
ඒක සෙල්ලම් පිස්තෝලයක් . පස්සේ  HQI  හිටන් ඒක අතට අරගෙන බැළුවා. මම පස්සේ අපේ ආධාරකරුවන් සන්සුන් කරවලා යූ.එන්.පී මන්ත්‍රීවරු බස් එකට නග්ගවලා පරිස්සමට පිටත්කරා. මම කාටවත් එතන පහර දුන්නේ නෑ. මාධ්‍ය මාව මේ ෆොටෝ එකත් එක්ක දාලා මැරයෙක් වගේ තමයි පෙන්නුවේ. මේ කේස් එකෙන් පස්සේ  මහින්ද රාජපක්‍ෂ මහත්තයත් මට කෝල් කරලා ඇහුවා මොකක්ද මේ පිස්තෝලයක් අතින් අරගෙන ගිය කේස් එක කියලා. මම කිව්වා සර් එතන උනේ එහෙම දෙයක් නෙවෙයි පිරිස පාලනය කරන්න තමයි මම දුවගෙන ආවේ කියලා. 

එතකොට ඔබ සමග දුවගෙන ආපු අනිත් කෙනා, සරම උස්සගෙන දුවගෙන ආපු තැනැත්තා ? 
එයා අපේ ආධාරකාරයෙක්. 

එයාගෙ නම මොකක්ද ?
අපි කියන්නේ සුදු මල්ලී කියලා 

එතකොට එරාජ් දැන් මේ කේස් එකට නඩුවක් යනවා නේ ?
ඔව් අපි බලමු , මම හිතනවා නඩුවෙන් මට සාධාරණය ඉටු වෙයි කියලා. 

නගරාධිපතිකමට පස්සේ මොකක්ද අනාගත බලාපොරොත්තුව ? පාර්ලිමේන්තුව එහෙම ගැන බලාපොරොත්තුවක් නැද්ද ? 
අපොයි නෑ පාර්ලිමේන්තුව කියන්නේ අවුල් ජාලයක්. ඊට වඩා මට ජනතා සේවයක් කරන්න පුලුවන් නගරාධිපති ධූරය හරහා. ඒ නිසා ඒ  බලාපොරොත්තු මගේ ගාව නෑ.


සාකච්ඡා කලේ වෛද්‍ය රුවන් එම් ජයතුංග 

1 comment:

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook