Thursday, November 29, 2018

වික්ෂෝභනය



......ඔහු ඉදිරියෙන් සිසුන් ගේ උද්ඝෝෂණයකි. බෝඩ් ලෑලි ඔසවා ගත් විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් මහ පාර අහුරාගෙන සිටිති. වින්සන්ට් ලංකාතිලක කලබල විය​. එක් සිසුවෙකු විසින් ගැසූ ගලක් ඔහුගේ කන අසලින් ගියේය​. සරසවි සිසුන් පුද්ගලික විශ්ව විද්‍යාල තහනම් කරනු කියා මහ මඟ අහුරා උද්ඝෝෂණය කරති.  පොලිස් භටයන් සරසවි සිසුන්ට බැට්න් ප්‍රහාර එල්ල කරති. සිසුන් සහ පොලිසිය එක පොදියේය​. ප්‍රදේශයම ධූලි වළාවකින් වැසී තිබේ.

මහා මාර්ගය අසල වූ උස ගොඩනැගිල්ලක සිට පහත දර්ශනය දෙස ඉතා ආශාවෙන් බලා සිටින ප්‍රින්ස් ඔහුගේ දෙනෙත් වලට අසු විය​. ප්‍රින්ස්   මෙන්ම ඔහුගේ දරුවන් සහ බිරිඳද ජීවත් වන්නේ ඕස්ට්‍රේලියාවේය​.  වින්සන්ට්,  ප්‍රින්ස් දෙසත් මහා මාර්ගයේ ජීවිතය විඳවන සරසවි සිසුන් ගැනත් මොහොතක් බලා සිටියේය​. අහෝ ජීවිතය ඔහු මොහොතක් සිතුවේය​.

 සිරියාවතීගේ සහ සිරිපාලගේ ළමයි රජයේ විශ්ව විද්යාල වලට යා යුතුය. ඔවුන් පන්ති වර්ජනය කල යුතුය. දේශන අතපසු කරගෙන බෝඩ් උස්සාගෙන මහ පාරවල් වල යා යුතුයජල ප්රහාර කෑ යුතුය. බැට්න් ප්රහාර කෑ යුතුය. සමහර විට වෙඩි පහරවල් කා විරු සිසුවන් විය යුතුය. ඔවුන් ගේ පන්තිය නිසාය. ඔවුන් ගේ කරුමය නිසාය. ඔවුන් ගේ කාලකන්නිකම නිසාය.   

එහෙත්   පින්ස්ලා ඇතුළු නායකයන් ගේ   ළමුන්ට පුද්ගලික විශ්ව විද්යාල වලට ගොස් ඉගෙන ගෙන ජීවිතය ජය ගත හැකිය. ඔවුන් ගේ විශේෂ පන්තිය නිසාය. ඔවුන් ගේ පියවරුන් ගේ වාසනා ගුණ මහිමය නිසාය.    

ස්වභාව ධර්මය යම්  සතුන් කොටසක් පහතට හෙලා ඔවුන් දාස භාවයට පත් කරන අතර තවත් කොටසක් උච්ච ස්ථානයකට පත් කරයි. ස්වභාව ධර්මයේ රීතිය අනුව සිරියාවතීගේ සහ සිරිපාලගේ ළමයි දාස භාවයට පත් විය යුතු අතර පින්ස්ලා ඇතුළු නායකයන් ගේ   ළමුන් මේ දාසයන් පාළනය කිරිම සඳහා අනාගත නායකයන් විය යුතුය .  

මහජන දේපළ මහ දවල් හොරකම් කරන ධනපති පක් වල  නායකයන් තමන් ගේ දරුවන් අදාල පක් වල නායකයන් බවට අනාගතයේ පත් කරන්නාක් මෙන් ප්රින්ස්ලාද තමන් ගේ දරුවන්ට දාසයන් පාලනය කිරීමේ සුක්කානම අතට දෙති.

“ ලංකාවේ විශ්වවිද්යාල දේශපාලනය පසුගාමී ආන්තික දේශපාලනයක් උනේ කොහොමද ? පරපීඩකත්වය , ග්රාමීය පසුගාමීත්වය , අනෙකා කෙරෙහි ආධිපත් පැතිරවීම , දැණුම සොයාගෙන යාම නැවතීම.. මේ සියළුමදේ වල සංකලනයක්   ඇති වූයේ කෙසේද ? වින්සන්ට් මොහොතකට සිතුවේය​. ඔහු වහාම සෙනඟ සිටි ස්ථානයෙන් මිදී ප්‍රින්ස් සිටි බිල්ඩිම වෙත දිව ගියේය​. ප්‍රින්ස් සිටියේ හතරවන මාලයේය​. වින්සන්ට් ගොඩනැගිල්ලේ තරප්පු පෙල දිගේ හතරවන තට්ටුව දක්වා දිව ගියේය​. හතරවන තට්ටුව සම්පූර්නයෙන්ම පීරා බැළුවද ප්‍රින්ස් එතැන නොවීය​. ඔහු අන්තර්ධානවී ඇත​. 

පරිකල්පනික අතික්‍රමණය - වෛද්‍ය රුවන් එම් ජයතුංග 

1 comment:

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook